පුවත් කෙටියෙන්
මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කර්මාන්තයේ යෙදුනු ධීවරයින් 36 ක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව එක්ව දිවයිනේ මුහුදු ප්‍රදේශ කිහිපයක් ආවරණය වන පරිදි දෙසැම්බර් 15 දින සිදුකළ විශේෂ මෙහෙයුමක් මගින් නීති විරෝධී ලෙස මෙරට මුහුදු සීමාවට ඇතුළුවී ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා පහක් (05), ඉන්දීය ජාතිකයින් 36 ක් සහ ධීවර ආම්පන්න අද නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
ගුවන් හමුදාවට අයත් පුහුණු කිරීම සඳහා භාවිතා කරන ගුවන් යානයක් අනතුරට
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් පුහුණු කිරීම සඳහා භාවිතා කරන ගුවන් යානයක් අද (දෙසැම්බර් 15) කන්තලේ, සුරියපුර ප්‍රදේශයේ පිහිටි වගුරුබිමකට කඩා වැටී තිබේ.
හමුදා මෝටර් රථ නිෂ්පාදනය සඳහා යුද හමුදාවේ අවධානය
නව යුගයක සමාරම්භය සනිටුහන් කරමින් ශ්‍රී ලංකා යුද හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව මෑතකදී කොස්ගම පිහිටි ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බළකා මූලික වැඩපලේ දී මෝටර් රථ නිෂ්පාදනය සඳහා වැඩ කටයුතු අරඹන ලදි .
වියළි කහ කිලෝ 3,538 ක් මුහුදෙන් ගෙන ඒමට ගත් උත්සාහයක් නාවික හමුදාව ව්‍යර්ථ කරයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ වයඹ නාවික විධානය හා උතුරු මැද නාවික විධානය මගින් සිදුකළ විශේෂ මෙහෙයුම්වලදී වියලි කහ කිලෝග්‍රෑම් 3,538 ක් සහ ඉන්දීය ජාතිකයන් තිදෙනකු ඇතුළුව සැකකරුවන් 07 දෙනෙක් පසුගිය සති දෙක තුල නාවික හමුදා භාරයට ගැනීමට සමත්ව ඇත.
යුද හමුදාව විසින් කහ සහ එනසාල් තොගයක් අත්අඩංගුවට ගනී
නීති විරෝධී කහ කිලෝග්‍රෑම් 4300 ක් සහ එනසාල් කිලෝග්‍රෑම් 80 ක් සහ සැකකරුවෙකු සමඟ මන්නාරම පිහිටි 54 වන සේනාංකයේ 11වන ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ භටපිරිස් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
රණවිරු සේවා අධිකාරියට රණවිරු දරුවන්ගේ අධ්‍යාපනය සඳහා මූල්‍යාධාර ලැබේ
ශ්‍රී ලංකා යුද හමුදාවේ හිටපු හමුදාපති සහ වර්තමාන ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් (විශ්‍රාමික) දයා රත්නායකගේ මැදිහත්වීම මත රණවිරු සේවා අධිකාරියට මූල්‍ය පරිත්‍යාග ලැබිණි.
නීති විරෝධී කහ තොගයක් යුද හමුදාව විසින් අත්අඩංගුවට ගනී
ආරක්‍ෂක සේනා මුලස්ථානය වන්නි යටතේ ඇති 54 වන සේනාංකයේ භට පිරිස් විසින් සෙනසුරාදා (12) මන්නාරම පල්ලිමුනේ ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ කහ කිලෝග්‍රෑම් 1560 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඉරිදා දින තවත් PCR පරීක්‍ෂණ 15,239 ක්
පසුගිය පැය 24 තුළ කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් 655ක් හඳුනා ගැනීමත් සමඟ මෙරට කොවිඩ් ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 32,789 ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය අද (දෙසැම්බර් 14 ) ප්‍රකාශ කරන ලදි.
සෙනසුරාදා දිනට පීසීආර් පරීක්ෂණ 17,425 ක්
පසුගිය පැය 24 තුළ කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් 760 ක් හඳුනා ගැනීමත් සමඟ මෙරට කොවිඩ් ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 32,134ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය අද (දෙසැම්බර් 13 ) ප්‍රකාශ කරන ලදී.
සින්න සිප්පිකුලම් ප්‍රදේශයේ පැළ 300ක් සිටුවීමේ ව්‍යාපෘතියක්
යුද හමුදාවේ 213 වන බලසේනාවේ භටපිරිස් විසින් සින්න සිප්පිකුලම් ප්‍රදේශයේ කුඹුක්, නා, අඹ ආදී පැළ 300 කට අධික ප්‍රමාණයක් රෝපණය කරනු ලැබීය.
අසරණ පවුලක් සඳහා යුධ හමුදාව නිවසක් ඉදිකරයි
තවත් ප්‍රජා සුභසාධන වැඩසටහනක් සම්පූර්ණ කරමින් ශ්‍රී ලංකා යුධ හමුදාව සීගිරිය කිඹිස්ස ප්‍රදේශයේහි අගහිඟකම් ඇති පවුලක් සඳහා නව නිවසක් ඉදිකරන ලද අතර මෑතකදී චාම් උත්සවයක් සංවිධානය කර එම නිවස ප්‍රදානය කරන ලදී.
සම්පූර්ණ සුවය ලැබූ කොරෝනා ආසාදිත පුද්ගලයින් 570 දෙනෙකු ඊයේ රෝහල්වලින් පිටව ගියහ
පසුගිය පැය 24 තුළ කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් 762 ක් හඳුනා ගැනීමත් සමඟ මෙරට කොවිඩ් ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 31,374 ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය අද (දෙසැම්බර් 12 ) ප්‍රකාශ කරන ලදී.
ශ්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් සේවා කණ්ඩායමට මධ්‍යම අප්‍රිකානු ජනරජයේ එක්සත් ජාතීන්ගේ සාමසාධක නිලධාරීන්ගෙන් පැසසුම්
ශ්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් සේවා කණ්ඩායම අවශ්‍ය වෙලාවේදී, වෘත්තීයමය සුදානම මත ක්‍රියාත්මක වෙමින් මෑතකදී දැක්වූ දායකත්වය වෙනුවෙන් මධ්‍යම අප්‍රිකානු ජනරජයේ එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුමේ (MINUSCA) නිලධාරීන්ගේ පැසසුමට ලක්කරන ලදී.
සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් ගණන 22,260 දක්වා ඉහළට
පසුගිය පැය 24 තුළ කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් 538 ක් හඳුනා ගැනීමත් සමඟ මෙරට කොවිඩ් ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 30,612 ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය අද (දෙසැම්බර් 11) ප්‍රකාශ කරන ලදී.
බදාදා දින පීසීආර් පරීක්ෂණ 14,336 ක්
පසුගිය පැය 24 තුළ කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් 697 ක් හඳුනා ගැනීමත් සමඟ මෙරට කොවිඩ් ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 30,074 ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය අද (දෙසැම්බර් 10) ප්‍රකාශ කරයි.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ නෞකා දැක්ම ගාලු මුවදොර ඉදිරිපස මුහුදු තීරයේදී
නාවික හමුදාවේ 70 වන සංවත්සර සැමරුම නිමිත්තෙන් ‘මෙය ඔබේ නාවික හමුදාව’ සහ ‘ඔබේ නාවික හමුදාව දැනගන්න’ යන තේමාව යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රධාන නෞකා ගාලු මුවදොර ඉදිරිපස මුහුදු තීරයේ නැංගුරම් ලා ඇත.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ දෙවන කණ්ඩායම දකුණු සුඩාන් ජනරජයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සදහා පිටත්ව යනලදී.
දකුණු සුඩාන් ජනරජයේ එක්සත් ජාතීන්ගේ මෙහෙයුම් (UNMISS) යටතේ ඇති ගුවන් ඒකකයේ 5 වන බලකාය සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ දෙවන කණ්ඩායම අද (දෙසැම්බර් 10) උදෑසන රටින් පිටත්ව ගියහ.
විකිරණශීලී ද්‍රව්‍ය උපකරණ කට්ටලයක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ලැබේ
සූර්ය බලශක්ති, සුළං හා ජල විදුලි උත්පාදන ව්‍යාපෘති සංවර්ධන අමාත්‍ය ගරු. දුමින්ද දිසනායක මහතා විශේෂ විකිරණශීලී ද්‍රව්‍ය හඳුනාගැනීමේ සහ විකිරණශීලී මිනුම් උපකරණ කට්ටලයක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට පරිත්‍යාග කරණ ලදී.
යුධ හමුදාව කිරි නිෂ්පාදනය ආරම්භ කරන ලදී
යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ උපදෙස් මත ශ්‍රී ලංකා යුධ හමුදා කන්දකාඩු ගොවිපොළේ නැවුම් කිරි බෝතල් 1,000 ක් නිෂ්පාදනය කර තිබේ.
කොරෝනා වෛරසයෙන් සුවය ලැබූවන්ගේ මුළු ගණන 21,257 ක් දක්වා ඉහළට - කොවිඩ් - 19 පැතිරීම වැලැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය
අද (දෙසැම්බර් 09) පෙරවරු 06.00 න් අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් 798 ත් සමඟ මෙරටින් වාර්තා වන කොවිඩ් -19 ආසාදිත මුලු රෝගීන් සංඛ්‍යාව 29,377 දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ් - 19 පැතිරීම වැලැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි.
ස්ථාන කිහිපයකට මිලිමීටර් 100 ක පමණ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරයි
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සිය කාලගුණ වාර්තාව (දෙසැම්බර් 9) නිකුත් කරමින් උතුර හා නැගෙනහිර පළාත්වල සහ අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව සඳහන් කරයි.
දීඝවාපී ස්ථූප ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ ප්‍රගතිය සමාලෝචනයට
දීඝවාපී ස්ථූප ප්‍රතිසංස්කරණ ව ව්‍යාපෘතිය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ප්‍රගති සමාලෝචන රැස්වීමක් ඊයේ (දෙසැම්බර් 8) සවස ආරක්ෂක අමාත්‍යාංශයේ දී පැවැත්විය.
පලාලි ශ්‍රී ලංකා ගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානයෙන් සිවිල් වැසියන් 89 දෙනෙකු සිය නිවෙස් වෙතට
ඉතාලියේ සිට නැවත මෙරටට පැමිණි 89 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පලාලිහි ශ්‍රී ලංකා ගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වී, නියමිත නිරෝධායන කාලය අවසන් වීමෙන් පසු ඊයේ (දෙසැම්බර් 7) දින සිය නිවෙස් බලා පිටත්ව ගියහ.
සඳුදා දින පීසීආර් පරීක්ෂණ 13,831 ක් සිදුකරන ලදී
අද (දෙසැම්බර් 08) පෙරවරු 06.00 න් අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් කොරෝනා වයිරස් ආසාදිත පුද්ගලයින් 703ත් සමඟ මෙරටින් වාර්තා වන කොවිඩ් -19 ආසාදිත මුලු රෝගීන් සංඛ්‍යාව 28,579 දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ් - 19 පැතිරීම වැලැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි.
යුද හමුදාව විසින් අක්කර 30 ක පොල් පැළ සිටුවයි
‘තුරු මිතුරු - නව රටක්’ ව්‍යාපෘතියට සමගාමීව කුට්ටිගල හමුදා කඳවුර තුළ අක්කර 30 ක භූමි භාගයක පොල් පැළ සිටුවීම ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ආරම්භ කරන ලදී.