“රට වෙනුවෙන් එකට සිටිමු” ජාතික වැඩසටහන මේ දිනවල යාපනය දිස්ති‍්‍රක්කය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන අතර, ඒ හා සමගාමීව සංවිධානය කළ විශේෂ වැඩසටහනක් ඊයේ (27) දිනය පුරා ඩෙල්ෆ් දූපතේ දී පැවැත්විණි.
ජනපති පුවත්
ජපාන අධිරාජ්‍යයාගේ රාජභිෂේක මංගල්‍යයට සහභාගීවීමට ජනපති ජපානය බලා පිටත්ව යයි
ජපානයේ අධිරාජ්‍යයා ලෙස අලුතින් පත් වූ නරුහිතෝ අධිරාජ්‍යයාගේ අභිෂේක මංගල්‍යයට සහභාගීවිම සඳහා ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (21) උදෑසන ජපානය බලා පිටත්ව ගියේය.
ජනාධිපති අපේක්‍ෂකයන්ට උපරිම ආරක්‍ෂාව සැලසීමට ජනපතිගෙන් උපදෙස්
එළැඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින ජනාධිපති අපේක්‍ෂකයන් සඳහා උපරිම ආරක්‍ෂාවක් සැපයීමට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (15) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති ජාතික ආරක්‍ෂක මණ්ඩල රැස්වීමේ දී තීරණය කෙරිණි.
පොලිස් විශේෂ කාර්ය බළකායේ 76 වන මූලික පුහුණු පාඨමාලා විසිර යාමේ පෙළපාලිය ජනපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්
කටුකුරුන්ද විශේෂ කාර්ය බලකා පුහුණු පාසලේදී අද දින (ඔක්තෝබර් 05) පැවති 76 වන මුලික වන සටන් පාඨමාලාවේ විසිර යාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් සහභාගී විය.
ශ්‍රී ලංකාවේ සහජීවන වැඩපිළිවෙළට බ්‍රිතාන්‍ය රාජ්‍ය අමාත්‍ය අහ්මඩ් සාමිගේ පැසසුම්
පාස්කු ඉරිදා කුරිරු ත්‍රස්තවාදී ප්‍රහාරය විසින් මතු කළ දැඩි අභියෝග මධ්‍යයේ සහජීවන ක්‍රියාදාමය ශක්තිමත් කිරීමට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ප්‍රමුඛ රජය ගෙන යන ලද වැඩපිළිවෙළ පොදු රාජ්‍ය මණ්ඩල, එක්සත් ජාතීන්ගේ හා දකුණු ආසියාව පිළිබඳ බ්‍රිතාන්‍ය රාජ්‍ය අමාත්‍ය බ්‍රිතාන්‍ය විම්බල්න්ඩන් හි තරික් අහ්මඩ් සාමිවරයාගේ (Lord Tariq Ahmed of wimblendon) පැසසුමට ලක් වෙයි.
ප‍්‍රථම පොපි මල ජනපතිට පළඳවයි …
පොපි මල් දිනය නිමිතිකොට ගනිමින් පළමු පොපි මල ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත පැළඳවීම අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
ළමා දින පණිවුඩය
ඔනෑ ම රටක අනාගත අභිවෘද්ධිය හා ප්‍රෞඪතිවය රඳා පවතින්නේ වත්මන් ළමා පරපුර ලෙස හැදී වැඩෙන අනාගත වැඩිහිටි ප්‍රජාව මතය.
ජනපති මැදිහත් වීමෙන් ආබාධිත රණවිරුවන්ට දිවි ඇති තෙක් වැටුප්
යුද තත්ත්වය හේතුවෙන් ආබාධිත වූ රණවිරුවන්ට දිවි ඇති තෙක් වැටුප් ගෙවීමට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ කැබිනට් සංදේශයට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි ව තිබේ.
රුපියල් මිලියන 750ක් වටිනා මත්ද්‍රව්‍ය සහ පුපුරණ ද්‍රව්‍ය හඳුනාගැනීමේ අති නවීන උපකරණ චීන රජයේ පරිත්‍යාගයක් ලෙස ශ්‍රී ලංකාවට.
රුපියල් මිලියන 750ක් වටිනා මත්ද්‍රව්‍ය සහ පුපුරණ ද්‍රව්‍ය හඳුනාගැනීමේ අති නවීන යන්ත්‍ර ඇතුළු සෝදිසි කිරීමේ උපකරණ චීන රජයෙන් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබෙන අතර එම උපකරණ චීන තානාපති Chang Xueyuan මහතා විසින් අද (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත නිල වශයෙන් භාර දෙනු ලැබීය.
නෙළුම් කුලුන ජනපතිතුමන් අතින් විවෘත කෙරේ.
ශ්‍රී ලාංකීය ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ‘නෙළුම් කුළුණ’ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද දින (2019 සැප්තැම්බර් 16) විවෘත කරන ලදී.
උදාරයි ඔබ සංගීත ප්‍රසංගය අති සාර්ථකව නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්විනි
සංගීතයට පෙම්බැඳි සුවහසක් සංගීත ලෝලී රසික රසිකාවියන් වෙත මෙතෙක් නොලද නව සංගීතමය අත්දැකීමක් තිලිණ කරමින් උදාරයි ඔබ සංගීත ප්‍රසංගය අද (සැප්තැම්බර් 14) දින සවස නෙලුම් පොකුණ රඟහලේදී සාර්ථකව පවත්වන ලදී.
ත්‍රස්තවාදය වැළැක්වීමට අවශ්‍ය නීති සංශෝධනය සහ නව නීති පැනවීම කඩිනම් කිරීමට ජනපතිගෙන් උපදෙස්
ත්‍රස්තවාදය වැළැක්වීමට අවශ්‍ය නීති සංශෝධනය සහ නව නීති පැනවීම කඩිනම් කිරීමට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා උපදෙස් දෙයි.
ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන පරිදි තවදුරටත් නිදහස් කළ හැකි උතුරේ ඉඩම් කඩිනමින් නිදහස් කිරීමට ජනපතිගෙන් උපදෙස්
ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන පරිදි, තවදුරටත් නිදහස් කළ හැකි උතුරේ ඉඩම් ප්‍රමාණය හඳුනාගෙන කඩිනමින් එම ඉඩම් නිදහස් කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමා අදළ අංශවලට උපදෙස් දෙයි.
රුසියාවේ නිර්මාණය කරන ලද පුපුරණ ද්‍රව්‍ය, විකිරණ සහ රසායනික ද්‍රව්‍ය සොයා ගැනීමේ විශේෂ යන්ත්‍රයක් ජනපතිට පිළිගන්වයි
රුසියාවේ විද්‍යාඥයෙකු විසින් නිර්මාණය කරන ලද පුපුරණ ද්‍රව්‍ය, විකිරණ සහ රසායනික ද්‍රව්‍ය සොයා ගැනීමේ විශේෂ යන්ත්‍රයක් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වීම අද (27) දහවල් ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
ජනපතිට ඉන්ටර්පෝල් සම්මානයක්
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ අපරාධකරුවන් කඩිනමින් අත්අඩංගුවට ගැනීම ඇතුළු එම සිදුවීම හමුවේ ගත් සාර්ථක පියවර පිළිබඳ ඉන්ටර්පෝල් හි මහලේකම් ජර්ගන් ස්ටොක් මහතා Jürgen Stock ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, ආරක්ෂක අමාත්‍යාංශය, ත්‍රිවිධ හමුදාව සහ බුද්ධි සේවාවලට මෙන්ම ශ්‍රී ලංකා පොලිසිය වෙත සිය ප්‍රශංසාව පළ කර සිටී.
නාවික හමුදාවට එක්වූ නවතම නෞකාව පරාක්‍රමබාහු ලෙස ජනපති අතින් අධිකාරියට පත්වේ
ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත චීනය වෙතින් ලද ගැඹුරු මුහුදු නිරීක්‍ෂණ නෞකාව (Offshore Patrol Vessel) ත්‍රිවිධ හමුදා සේනාධිනායක සහ අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් විසින් “ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රමබාහු” ලෙස අද (අගෝස්තු 22 වන බ්‍රහස්පතින්දා) සවස කොළඹ වරායේදී අධිකාරියට පත් කෙරිණි.
පුපුරණ ද්‍රව්‍ය බෙදාහැරීමේ විධිමත් ක්‍රමවේදයක් සැකසීම පිළිබද සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්
පුපුරණ ද්‍රව්‍ය නිකුත් කිරීමේ දී සිදුවන අක්‍රමිකතා අවම කර ගනිමින්, විධිමත් අයුරින් පුපුරණ ද්‍රව්‍ය බෙදාහැරීමේ ක්‍රමවේදයක් සැකසීම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (20) දහවල් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
පාස්කු ඉරිදා ප්‍රහාරය හමුවේ ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරිත්වය ලෝකයටම ආදර්ශයක් බව යසුෂි අකාෂි මහතා පවසයි.
කෲර අන්තවාදය පරාජය කිරීමට අවශ්‍යය පියවර ගන්නා අතරම, රටේ වාර්ගික සාමය සහ සන්හිඳියාව ස්ථාපිත කිරීමට ශ්‍රී ලංකාව සමත් වීම ලෝකයේ අනෙක් රටවලටත් සැබෑ පාඩමක් බව ශ්‍රී ලංකාවේ හිටපු ජපාන විශේෂ නියෝජිත යසුෂි අකාෂි මහතා පවසයි.
රණවිරුවන් දෙදෙනෙකු වෙනුවෙන් ජනපති අතින් විරෝදාර විභූෂණ පදක්කම් ප්‍රදානය කෙරේ.
රණවිරුවන් දෙදෙනෙකු වෙනුවෙන් විරෝදාර විභූෂණ පදක්කම් ප්‍රදානය කිරීම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
පොලිස් නිලධාරින් ඇතුළු සියලු රජයේ සේවකයන් වෙත යහපත් මානසිකත්වයකින් යුතුව තෘප්තිමත් සේවාවක නිරතවීමට අවස්ථාව සලසා දෙන බව ජනපති පවසයි.
පොලිස් නිලධාරින් ඇතුළු සියලු රජයේ සේවකයන් වෙත යහපත් මානසිකත්වයකින් යුතුව තෘප්තිමත් සේවාවක නිරතවීමට අවස්ථාව සලසාදීම තම අපේක්ෂාව බව ජනාධිපතිතුමා පවසයි.
ජනාධිපතිතුමාගේ හජ් සුබ පැතුම් පණිවිඩය
ඉස්ලාම් දහමේ අනිවාර්ය ආගමික වතාවත් අතුරෙහි අවසාන අංගය වනුයේ හජ් වන්දනාවයි. ශුද්ධ ස්ථානයක් වෙත ගමන් කිරීම හජ් යන වදනෙහි සිංහල අරුතයි.
ජනපති හා කාම්බෝජ අගමැති හමුවෙයි
කාම්බෝජයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ කාම්බෝජ අග‍්‍රාමාත්‍ය Samdech Akka Moha Sena Pakdei Techo HUN SEN මහතා අතර හමුව අද (08) පස්වරුවේ සිදුවිය.
කාම්බෝජ රජමාලිගයේ දී ජනපතිට උණුසුම් පිළිගැනීමක්
ආර්ථික, වෙළෙඳ, සාමාජයීය වශයෙන් මෙන්ම බෞද්ධ ආගමික පුනර්ජීවනය වෙනුවෙන් වූ සියලු කටයුතුවල දී කාම්බෝජය, ශ්‍රී ලංකාව සමඟ ශක්තිමත් ලෙස අත්වැල් බැඳගෙන සිටින බව කාම්බෝජ රජතුමා Preah Bat Samdech Preah Boromneath Norodom Sihamoni ප්‍රකාශ කළේය.
ජනපති කාම්බෝජයේ සිව්දින රාජ්‍ය සංචාරයක් අරඹයි
ශ්‍රී ලංකාව සහ කාම්බෝජය අතර පවතින දිගුකාලීන සබඳතා නව ක්ෂේත්‍රයන් කරා ව්‍යාප්ත කරමින් අන්‍යෝන්‍ය ප්‍රතිලාභ තවදුරටත් වර්ධනය කරගැනීමේ අරමුණින් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කාම්බෝජියාවේ රාජ්‍ය සංචාරයකට එක් ව සිටී.
ත්‍රස්තවාදය වැළැක්වීමේ නීති සම්පාදනය කිරීමට උත්සුක නොවුණු ඇතැමුන් මරණීය දණ්ඩනය වැළැක්වීමේ නීති පාර්ලිමේන්තුවට ගෙන ඒමට උත්සාහ කරනවා – ජනපති අවධාරණය කරයි.
අප්‍රේල් 21දා සිදු වූ අවාසනාවන්ත සිදුවීමෙන් පසුව ත්‍රස්තවාදී ව්‍යාපාර මුලිනුපුටා දැමීමට නව නීති සැකසිය යුතු බවට ජාති ආගම් භේදයෙන් තොරව සමාජය තුළින් මතයක් පැමිණිය ද මාස තුනක් ඉක්මවූවත් එම නීති ගෙන ඒමට කටයුතු නොකළ ඇතැම් පිරිස් මරණීය දණ්ඩනය වැළැක්වීමේ නීති කඩිනමින් පාර්ලිමේන්තුවට ගෙන ඒමට උත්සාහ කරන බව ජනපති පවසයි.