ජනපති පුවත්
ශ්‍රී ලංකාව COVID - 19 ට එරෙහි සටන වැඩ කරන ජනතාවගේ සහාය ඇතිව ජය ගනු ඇත - ජනාධිපති
අතීතයේ ඇති වූ දුෂ්කර හා අභියෝගාත්මක කාලයන් ජයගත් අත්දැකීම් සහිත ශ්‍රී ලංකාව නිසැකවම COVID - 19 ට එරෙහි සටන ජය ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පැවසීය.
සමස්තයක් ලෙස COVID-19 පැතිරීම පාලනය වෙමින් පවතින බව ජනාධිපති පවසයි
සමස්තයක් ලෙස COVID-19 පැතිරීම පාලනය කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වී තිබෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පැවසීය.
COVID-19 පැතිරීම පාලනය කිරීම සඳහා තම නිවසේ සිට පවුලේ සාමාජිකයන් සමඟ නව වසර සමරන ලෙස ජනාධිපති රාජපක්ෂ ජනතාවගෙන් ඉල්ලා සිටී
ජනතාවට සහ රටට තර්ජනයක් වී තිබෙන COVID-19 වසංගතය පරාජය කිරීම සඳහා දැඩි අධිෂ්ඨානයෙන් රජය සමඟ කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය සිංහල හා දෙමළ අලුත් අවුරුදු පණිවුඩයෙන් ජනතාවගෙන් ඉල්ලා තිබේ.
රට තුළ අන්තවාදය වර්ධනය වීමට ඉඩක් නොමැත - ජනාධිපති
ත්‍රස්තවාදය පතුරවන කිසිදු අන්තවාදී සංවිධානයකට රට තුල ක්‍රියාත්මක වීමට රජය ඉඩ නොදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සහතික විය.
අතුරුදන්වූ පුද්ගලයින් 20,000 ක් මියගොස් ඇති බවට පලවන වාර්ථා ජනාධිපති රාජපක්‍ෂ ප්‍රතික්‍ෂේප කරයි
අතුරුදන්වූවන් ලෙස ලේඛණගත කර ඇති පුද්ගලයින් 20,000 ක් මේ වන විට මියගොස් ඇති බවට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා උපුටා දක්වමින් පලවන මාධ්‍ය වාර්ථා ජනාධිපති කාර්යාලය ප්‍රතික්‍ෂේප කරයි.
ජනාධිපතිතුමන්ගේ තෛයිපොංගල් පණිවුඩය
ලෝකවාසී දෙමළ ජනතාව මහත් හරසරින් පිළිගන්නා තෛයිපොංගල් මංගල්‍යය සමරන ශ්‍රී ලාංකේය දෙමළ සහෝදරත්වය සමඟ මම ද සතුටින් එක්වෙමි.
ජනාධිපතිතුමන්ගේ නව අවුරුදු සුබ පැතුම් පණිවුඩය
විනයගරුක සමාජයක් තුළ සකලවිධ අනන්‍යතා සහ නිපුනතා, නූතනත්වය සමඟ මුුසුකොට සෞභාග්‍ය සාක්ෂාත් වන නව වසරක් ප්‍රාර්ථනා කරමි.
- ගෝඨාභය රාජපක්‍ෂ
ජනපති මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වේරහැර කාර්යාලය, කොතලාවල ආරක්‍ෂක විද්‍යා පීඨ රෝහල සහ ආරක්‍ෂක අමාත්‍යාංශයේ හදිසි නිරීක්ෂණ චාරිකාව
සේවා ලබාගැනීමට රාජ්‍ය ආයතනයකට පැමිණෙන කිසිවකු අපහසුතාවකට පත් නොකර කඩිනම් නිවැරදි සහ ප්‍රශස්ත සේවාවක් ලබාදීමට කැපවීම සමස්ත රාජ්‍ය සේවකයන්ගේ වගකීම බව ජනපති අවධාරණය කරයි.
අතිගරු ජනාධිපතිතුමාගේ නත්තල් පණිවුඩය
ලෝකයට සාමයේත්, සහජිවනයේත් පණිවිඩය රැගෙන ආ ජේසු සමිදාණන්ගේ උතුම් දහමෙන් බැතිමත් සිත් සතන් පුබුදුවාලන අසිරිමත් නත්තලේ උදාව ලොකු කුඩා සැමට අපරිමිත ප්‍රීතියක් දනවයි.
ජනාධිපතිතුමා පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ කොමිසමේ සාමාජිකයන් හමු වේ
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (02) සවස ජනාධිපති කාර්යාලයේ දී අප්‍රේල් 21 පාස්කු ඉරිදා ප්‍රහාරය විමර්ශනය කරනු පිණිස පත් කර ඇති ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ සාමාජිකයන් හමු වී අදහස් හුවමාරු කර ගත්තේ ය.
ජනාධිපතිතුමා ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරින් හමුවෙයි
අද (30) දහවල් ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයට ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සිය ඉන්දීය චාරිකාව සනිටුහන් කරමින් කොමසාරිස් කාර්යාල පරිශ්‍රයේ අඹ පැළයක් රෝපණය කළේය.
එකම කඳවුරක පුහුණුව ලැබූ මිතුරන්ගේ දේශපාලන භූමිකාවේ හමුව
හමුදාවේ මාණ්ඩලික නිලධාරියෙකු ලෙස ඉන්දියාවේ පුහුණුව ලබන අවස්ථාවේ එකම කඳවුරේ පුහුණුව ලැබූ මිතුරන් දෙදෙනෙකු දේශපාලන මිතුරන් ලෙස අද යළි හමු වුණා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ඉන්දීය රාජ්‍ය සංචාරය දෙරට අතර ඓතිහාසික සබඳතාවල නව ප්‍රවේශයක් – ඉන්දීය ජනපති කියයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සිය ප්‍රථම විදේශ චාරිකාව ලෙස ඉන්දියාවට පැමිණීම දෙරට අතර ඇති ඓතිහාසික සබඳතාවයේ නව ප්‍රවේශයක් සනිටුහන් කරන බව ඉන්දීය ජනාධිපතිවරයා ප්‍රකාශ කරයි.
ඉන්දීය රජයෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 400ක සහන ණය ප්‍රදානයක්.
සාර්ථක දැක්මක් සහිත ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙල සාර්ථක කර ගැනීමට තම රජයේ පූර්ණ සහාය ලබාදෙන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා පවසයි.
තම ධූර කාලයේ දී ඉන්දු – ශ්‍රී ලංකා සබඳතා ඉහළම තලයට රැගෙන ඒමට ක්‍රියාකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි
ඉන්දියාවේ දෙදින රාජ්‍ය චාරිකාවක නිරත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද් මැතිතුමා අතර නිල හමුව අද (29) පෙරවරුවේ පැවැත්වුණු අතර එහිදී ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේය.
ඉන්දීය විදේශ ඇමති ජනපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු වෙයි.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශන්කර් (S.Jaishankar) මහතා නවදිල්ලි නුවරට ගොස් සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (29) උදේ හමු විය.
ජනපති නවදිල්ලි නුවරට ළගා වෙයි
ඉන්දියාවේ දෙදින රාජ්‍ය චාරිකාවක් සඳහා පිටත්ව ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (28) පස්වරුවේ නවදිල්ලි නුවරට ළගා විය.
අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජාතිය අමතා සිදුකළ කතාව
අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ හත් වන විධායක ජනාධිපතිවරයා වශයෙන් දිවුරුම් දීමෙන් අනතුරුව ජාතිය අමතා සිදුකළ කතාව
ත්‍රිවිධ හමුදාවෙන්, පොලිස් දෙපාර්තමේන්තුවෙන් සහ විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්ගෙන් ජනපතිට උපහාර
ඉතිහාසයේ පළමු වතාවට රාජ්‍ය නායකයා නිර්පාක්ෂික වීම හේතුවෙන් මෙවර සාධාරණ හා සාමකාමී මැතිවරණයක් රට තුළ පැවැත්වීමට හැකි ව තිබෙන බවත්, එය ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වූ රටක මූලික ලක්ෂණයක් බවත් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.
ජනාධිපති තුමාගේ පණිවිඩය – මිලාඩ්-උන්-නබි
මිලාද් උන් නබි හෙවත් මුහම්මද් නබිතුමාගේ ජන්ම සංවත්සරය, ලෝකය වඩාත් යහපත් කිරීම සඳහා එතුමාගේ ඉගැන්වීම් ගැන සිහිපත් කිරීමට උචිත අවස්ථාවකි
ශ්‍රී ජයවර්ධනපුර ඉදිකළ නව යුද්ධ හමුදා මූලස්ථානය අතිගරු ජනාධිපතිතුමන්ගේ සුරතින් යුද්ධ හමුදා අයිතියට පත් කෙරේ
බත්තරමුල්ල ශ්‍රී ජයවර්ධනපුර ඉදිකළ නව යුද්ධ හමුදා මූලස්ථානය අද උදෑසන (නොවැම්බර් 08) පැවති උත්සවයක දී අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් විසින් විවෘත කරන ලදී.
රටක් ජයග්‍රහණය කරා මිස කිසිඳු අවස්ථාවක පරාජය කරා ගමන් නොකළ යුතු බව ජනපති අවධාරණය කරයි.
රටක් ජයග්‍රහණය කරා මිස කිසිඳු අවස්ථාවක පරාජය කරා ගමන් නොකළ යුතු බව අවධාරණය කරන ජනාධිපතිතුමා අද දවසේ ඉටුකිරීමට නොහැකි වූ දේ හෙට දවසේ රට සහ ජනතාව වෙනුවෙන් ඉටුවිය යුතු බව අවධාරණය කරයි.
වකුගඩු රෝග නිවාරණය හා රෝගීන්ගේ සුබසාධනය උදෙසා ක්‍රියාත්මක කළ ව්‍යාපෘති කිහිපයක් ජනපති අතින් ජනතා අයිතියට
වකුගඩු රෝග නිවාරණය හා රෝගීන්ගේ සුබසාධනය උදෙසා ක්‍රියාත්මක කළ ව්‍යාපෘති කිහිපයක් ජනතා අයිතියට පවරාදීම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් අද (29) පෙරවරුවේ සිදු විය.
ජනාධිපති දීපවාලි සුබ පැතුම් පණිව්ඩය
දහසකුත් දුක්ඛදෝමනස්සයන් ස්වකීය අදිටනින් මැඩපවත්වා මානව සමාජය හිමිකරගත්තා වූ සතුට, ජයග්‍රහණය සහ නිදහස සමරනු වස් ලෝකවාසී ජනතාව නොඒක සැමරුම් පවත්වා තමන් දිනූ ජයග්‍රහණය සමරති.
ජපාන නව අධිරාජ්‍යයාගේ අභිෂේක මංගල්‍යයට ජනපති එක් වෙයි.
ජපාන නරුහිතෝ අධිරාජ්‍යයාගේ අභිෂේක මංගල්‍යය ලොව රටවල් 180කට අධික රාජ්‍ය නායකයන් හා ප‍්‍රභූවරුන් ඉදිරියේ අද (22* ටෝකියෝ නුවර ඉම්පීරියල් මාලිගයේ දී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.