ජනපති පුවත්
සාමය, සමගිය සහ සහජීවනය සඳහා වූ ජාතික සමුළුව ජනපති ප්‍රධානත්වයෙන්
අප්‍රේල් 21 වනදා සිදුවීමෙන් බිඳුණු හදවත් යළි එක් කිරීමට ආගමික නායකයන් නායකත්වය ගත යුතු අතර පටු දේශපාලන න්‍යාය පත්‍ර පසෙකලා දේශපාලනඥයන් ද ඒ සඳහා ජාතියේ වගකීම ඉටුකළ යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.
ජපාන ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ජනපති හමුවෙයි
ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ජපානයේ ආරක්ෂාව පිළිබඳ රාජ්‍ය අමාත්‍ය කෙන්ජි හරදා (Kenji Harada) මහතා අතර හමුවක් අද (26) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී සිදු විය.
“මහවැලිය – සංහිඳියාවේ ගංගාව” සහ “95න් පසු මහවැලි” ග්‍රන්ථ ද්විත්වය ජනපතිට පිළිගන්වයි
මොරගහකන්ද මහා වාරි ව්‍යාපෘතියට අයත් අනෙක් මහා ජලාශය වූ කළු ගඟ ජලාශයේ කටයුතු සම්පූර්ණයෙන් අවසන් කර ලබන මාසය වන විට එහි පූර්ණ ප්‍රතිලාභ ගොවි ජනතාවට ලබාදිය හැකි බව ජනාධිපතිතුමා පවසයි.
‘සත්විරු අභිමන්’ උත්සවය ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සුගතදාස ක්‍රීඩාංගණයේදී
ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රණවිරුවන් වෙනුවෙන් වූ ‘සත්විරු අභිමන්’ සුභසාධන ව්‍යාපෘතිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අනුග්‍රහයෙන් අද (ජූලි 22) දින කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
ලෝක බැංකුව ශ්‍රී ලංකාවට ලබාදෙන සහය තවදුරටත් පුළුල් කෙරේ
නව මෙහෙයුම් ත්‍රිත්වයක් යටතේ ශ්‍රී ලංකාවට ලබාදෙන ආධාර තවදුරටත් ඉහළ නංවන බව ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපීය උප සභාපති හාර්ට්විග් ශේෆර් (Hartwig Schafer) මහතා පවසයි.
ජාතික ආරක්‍ෂාව පිළිබඳ වෘත්තික උපදේශක මණ්ඩලයක්
ජාතික ආරක්‍ෂාව පිළිබඳ වෘත්තික උපදේශක මණ්ඩලයක් පිහිටුවීමට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පියවර ගෙන තිබේ.
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අකර්මණ්‍ය වු ව්‍යාපාරිකයන්ට සහන සැලසීම විධිමත් සහ කඩිනම් කරන්න – ජනපතිගෙන් අදාළ ආයතනවලට උපදෙස්
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අකර්මණ්‍ය වූ සංචාරක හා ඊට අනුබද්ධ ක්‍ෂේත්‍රවල ව්‍යාපාරිකයන්ට අවශ්‍ය සහන වැඩපිළිවෙළ විධිමත්ව සහ කාර්යක්‍ෂමව ක්‍රියාවට නංවමින් එම ව්‍යාපාරික ප්‍රජාව නැවත ගොඩනැංවීමට කටයුතු කිරීම සියලුදෙනාගේ වගකීම බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.
“රට වෙනුවෙන් එකට සිටිමු” මොණරාගල දිස්ත්‍රික් වැඩසටහන හතරවන දිනටත් සාර්ථකව
දුෂ්කර පළාත්වල ජීවත්වන ජනතාවගේ මෙතෙක් නොවිසඳුණු ගැටලු හඳුනාගෙන එම ගැටලු විසඳීම සඳහා ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මඟපෙන්වීමෙන් ජනාධිපති කාර්යාලය විසින් දීප ව්‍යාප්තව ක්‍රියාවට නංවා තිබෙන රට වෙනුවෙන් එකට සිටිමු ජාතික වැඩසටහනේ පස්වැන්න පසුගිය පළමු වැනිදා මොණරාගල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කෙරිණි.
තමා මේ රටේ ජනාධිපති ධුරයට පත්වූයේ කිසිදු අයෙකු ආරක්ෂා කිරීමට නොව රටත්, ජනතාවත් ආරක්ෂා කිරීමට බව ජනපති පවසයි.
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ වංචා සහ දූෂණ පිළිබඳ සොයා බැලීමට තමා පත් කළ ජනාධිපති පරික්ෂණ කොමිසමේ වාර්තාව අද ලැබුණු බවත්, පසුගිය යුගය තුළ එහි සිදුව ඇති වංචා සහ අක්‍රමිකතා පිළිබඳ එමඟින් අනාවරණය කර ඇති සියලු කරුණු තමා ඉදිරියේ දී පාර්ලිමේන්තුවටත්, ජනතාවටත් හෙළි කරන බවත් ජනාධිපතිතුමා පවසයි.
ජීවිත අවදානම නොතකා තමා මත්ද්‍රව්‍ය මර්දන වැඩපිළිවෙළට නායකත්වය ලබා දෙන්නේ ජාතිය සහ මතු පරපුර වෙනුවෙන් බව ජනපති පවසයි
රටත්, ජාතියත් විනාශ කරමින් තිබෙන නීති විරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට ඉකුත් සිව් වසර පුරා තමා ගෙන ගිය දැවැන්ත වැඩපිළිවෙළට අබපියල්ලක සහයක් ලබා නොදුන් පිරිස් අද මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට දැඩී නිති ක්‍රියාත්මක කිරීමට ගත් පියවර හමුවේ තමා වැරදිකරුවෙකු ලෙස රටට පෙන්වීමට උත්සාහ දරමින් සිටින බව ජනාධිපතිතුමා පවසයි.
ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ අවසන් දින මහා සමුළුව හෙට ජනපති ප්‍රධානත්වයෙන්
මතින් නිදහස් රටක් ගොඩනැඟීම සඳහා ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මඟපෙන්වීමෙන් ක්‍රියාත්මක කර ඇති මත්ද්‍රව්‍ය මර්දන වැඩසටහන තවදුරටත් ශක්තිමත් කරමින් පසුගිය 23 වන දා ආරම්භ කළ ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ අවසන් දිනය අදයි.
රටේ සෑම පුරවැසියෙකුගේම ගරුත්වය සහ ආරක්ෂාව තහවුරු කෙරෙන වැඩපිළිවෙළ රාජ්‍ය නායකයා ලෙස තමා කි‍්‍රයාත්මක කර තිබෙන බව ජනපති පවසයි.
මැතිවරණ ඉලක්ක කර ගනිමින් රටේ ජන කොටස් අතර නොසන්සුන්තාවයන් ඇතිවන වෛරී ප‍්‍රකාශයන් ඇතැම් දේශපාලනඥයන් විසින් සිදු කළ ද රටේ සෑම පුරවැසියෙකුගේම ගරුත්වය සහ ආරක්ෂාව තහවුරු කෙරෙන වැඩපිළිවෙළ රාජ්‍ය නායකයා ලෙස තමා කි‍්‍රයාත්මක කර තිබෙන බව ජනාධිපතිතුමා පවසයි.
ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ දෙවන දිනය අදයි ..
මතින් නිදහස් රටක් ගොඩනැඟීම සඳහා ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ මඟපෙන්වීමෙන් කි‍්‍රයාත්මක කර ඇති මත්ද්‍රව්‍ය මර්දන වැඩසටහන තවදුරටත් ශක්තිමත් කරමින් ජූනි 23 වන දා සිට ජූලි 01 වන දා දක්වා සතිය ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය ලෙස නම් කර තිබේ.
ත්‍රිකුණාමලයේදී පැවති නාවික හමුදා නිලධාරීන් විසිරයාමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ජනපතිතුමන් සහභාගි වේ
ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ (NMA) සෙනසුරාදා (2019 ජූනි 22) දින පැවති නාවික හමුදා විසිරයාමේ උත්සවය සදහා අතිගරු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමන් සහභාගී විය.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 4 වන වේග ප්‍රහාරක යාත්‍රා බළඝනය ජනපති විසින් අධිකාරියට පත් කෙරේ
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ 4 වන වේග ප්‍රහාරක යාත්‍රා බළඝනය අද (ජූනි 22) දින “4 වන වේග ප්‍රහාරක යාත්‍රා සමුහය’’ ලෙස අධිකාරියට පත් කීරීම ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේදී සිදුකරන ලදී.
එක්සත් ජාතීන්ගේ සාමසාධක බලඇණිවල ගැටලු ජනපතිගේ අවධානයට
එක්සත් ජාතීන්ගේ සාම සාධක සේවාවන් සඳහා පොලිසියේ සහ ත්‍රිවිධ හමුදාවේ නිලධාරින් මුදා හැරීමේ දී මානව හිමිකම් කොමිෂන් සභාව මගින් සිදුකරන නිෂ්කාශන ක්‍රියාවලිය ප්‍රමාදවීම හේතුවෙන් මතුව ඇති ගැටලුව පිළිබඳ ජනාධිපතිතුමාගේ අවධානය යොමු වෙයි.
ආසියාවේ අන්තර් ක්‍රියා හා විශ්වාසය ගොඩනැංවීමේ පියවර පිළිබඳ සමුළුවට සහභාගිවීමට ජනපති තජිකිස්ථානයේ තෙදින නිල සංචාරයක් අරඹයි.
ආසියාවේ අන්තර් ක්‍රියා හා විශ්වාසය ගොඩනැංවීමේ පියවර පිළිබඳ 05 වන සමුළුව (Conference on Interaction and Confidence Building Measures in Asia – CICA) සදහා සහභාගීවීමට ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අද (13) පෙරවරුවේ තජිකිස්ථානය බලා පිටත්ව ගියේය.
අප්‍රේල් 21 පිපිරීම් ආශ්‍රිත සිදුවීම් මාලාව සම්බන්ධයෙන් සොයා බැලීමට ජනපති පත් කළ විශේෂ පරීක්ෂණ මණ්ඩලයේ අවසන් වාර්තාව ජනපතිට භාර දෙයි.
2019 අප්‍රේල් මස 21 වන දින දිවයිනේ ස්ථාන කිහිපයක සිදු වූ පිපිරීම් ආශ්‍රිත සිදුවීම් මාලාව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් පත් කළ විශේෂ ත්‍රිපුද්ගල පරික්ෂණ මණ්ඩලයේ අවසන් වාර්තාව අද (10) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත භාර දෙන ලදී.
ජනපති සහ ඉන්දීය අගමැති හමු වෙති
අන්‍යෝන්‍ය විශ්වාසය සහ ගරුත්වය මත දෙරටේ සබඳතා ශක්තිමත් කර ගැනීමට නායකයෝ එකඟ වෙති.
ජනපතිගේ ආරාධනයෙන් ඉන්දීය අගමැති හෙට දිවයිනට
ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ආරාධනය අනුව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හෙට (09) දිවයිනට පැමිණීමට නියමිතය.
නාවික හමුදාවට එක්වූ නවතම නෞකාව ගජබාහු ලෙස ජනපති අතින් අධිකාරියට පත්වේ
ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ඇමෙරිකා එක්සත් ජනපදය වෙතින් ලද පී 626 දරන විශාලතම ගැඹුරු මුහුදු නිරීක්‍ෂණ නෞකාව, ත්‍රිවිධ හමුදා සේනාධිනායක සහ අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් සුරතින් ‘ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු’ ලෙස ඊයේ (ජූනි 06) දින කොළඹ වරායේදී අධිකාරියට පත්කෙරිණි.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නව මූලස්ථානය ජනපති අතින් විවෘත කෙරේ
මොරටුව, කටුබැද්ද ප්‍රදේශයේ නවතමයෙන් ඉදිකරන ලද සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු මූලස්ථාන ගොඩනැගිල්ල අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් විසින් පසුගිය අඟහරුවාදා (ජූනි 04) දින විවෘත කරන ලදී.
සියලුදෙනා අන්‍යෝන්‍ය අවබෝධයෙන් කටයුතු කරමින් රටේ සාමය ආරක්ෂා කර ගැනීමට කැපවිය යුතු බව ජනපති පවසයි.
ජාතීන් වශයෙන් ගැටුම් ඇතිකරගත හොත් රට විනාශයට පත්වන අතර සියලුදෙනා සහෝදරත්වයෙන් සහ අන්‍යෝන්‍ය අවබෝධයෙන් යුතු ව කටයුතු කරමින් රටේ සාමය ආරක්ෂා කර ගැනීමට කැපවිය යුතු බව ජනාධිපතිතුමා පවසයි.
සිවිල් ආරක්ෂක බළකා සාමාජිකයන්ගේ සුබසාධනය වෙනුවෙන් වූ ඉල්ලීම් ජනපතිගේ අවධානයට
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවා කාලය වසර 20 සම්පූර්ණ වූ හෝ සාමාජිකාවන්ගේ වයස අවුරුදු 50 සම්පූර්ණ වීම සහ සේවා කාලය අවුරුදු 22 සම්පූර්ණ වූ හෝ වයස අවුරුදු 50 සම්පූර්ණ වූ හෝ සිවිල් ආරක්ෂක සාමාජිකයන්ට විශ්‍රාම වැටුප් සහිතව විශ්‍රාම යාමට අවසර ලබා දීම පිළිබඳ මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර ඉදිරි පියවර ගන්නා බව ජනාධිපතිතුමා පවසයි.
රට වෙනුවෙන් එකට සිටිමු වැඩසටහනේ සිව්වැන්න හෙට මුලතිව් දිස්ති‍්‍රක්කයේ දී ඇරඹේ
“රට වෙනුවෙන් එකට සිටිමු” වැඩසටහනේ සිව්වැන්න හෙට (03) මුලතිව් දිස්ති‍්‍රක්කය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කෙරේ.