ජනපති පුවත්
ජනපති පාර්ලිමේන්තුවට
ආරක්ෂක අමාත්‍යාංශය සහ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය යන අමාත්‍යාංශවල වැය ශීර්ෂ අද (04) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනුණු අතර ඒ වෙනුවෙන් පාර්ලිමේන්තු සභා ගර්භය වෙත ගිය ජනාධිපතිතුමා විශේෂ අදහස් දැක්වීමක් සිදු කළේය.
'බක්මහ දිවුරුම' අතිගරු ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වෙයෙන්
‘බක්මහ දිවුරුම’ (මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම සඳහා වූ ජාතික ප්‍රතිඥාව) අද (අප්‍රේල් 03) දින නිදහස් චතුරශ්‍රයේ දී පැවැත්විණි. මෙය අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මතිතුමන්හේ සංකල්පයක් වන මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම සඳහා ජාතික වැඩපිළිවෙලට සමගාමිව සිදුකරන ලදී.
කුමන අභියෝග මධ්‍යයේ වුව ද නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි සටන සාර්ථක අවසානයක් කරා මෙහෙයවන බව ජනපති අවධාරණය කරයි.
ජීවිත අවධානම ද නොතකමින් තමා මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි සටන අතට ගත්තේ මතු පරපුර වෙනුවෙන් යහපත් දේශයක් ගොඩනැඟීමට බව පවසන ජනාධිපතිතුමා කුමන අභියෝග මධ්‍යයේ වුව ද එම සටන සාර්ථක අවසානයක් කරා මෙහෙයවන බව අවධාරණය කරයි.
මත්ද්‍රව්‍යවලට එරෙහිව ජනපතිතුමන්ගේ සටන යටතේ කොකේන් කිලෝ 769 කට අධික ප්‍රමාණයක් විනාශ කෙරේ
කොකේන් කිලෝග්‍රෑම් 769 ක් ප්‍රසිද්ධියේ විනාශ කිරීම අද (අප්‍රේල් 01) පෙරවරුවේ කැලණියේ පිහිටි ගබඩා සංකීර්ණයේ දී සිදු කෙරිණි.
ථෙරවාද ත්‍රිපිටකය යුනෙස්කෝ ලෝක මතක ලේඛනයට ඇතුළත් කිරීමේ යෝජනාව ඉදිරිපත් කෙරේ.
උතුම් වූ සද්ධර්ම කෝෂ්ඨාගාරය වන ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස නම් කිරීමේ යෝජනාව, අතිපූජනීය ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ එක්සත් ජාතින්ගේ සංවිධානයේ නියෝජිතවරිය වෙත භාරදීමේ භාග්‍යවත් අවස්ථාව අද (23) පස්වරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ මහමළුවේ දී සිදු විය.
අනුරාධපුර “මෙත්සිරි සෙවණ” වකුගඩු රෝගී සහන සත්කාර, සුබසාධන හා පර්යේෂණ මධ්‍යස්ථානය ජනපති අතින් විවෘත කෙරේ.
රටේ අහිංසක ජනතාව වෙනුවෙන් ගෙන යන සුබසාධන සේවාවන් තවදුරටත් ශක්තිමත් කරන බව ජනපති පවසයි.
ථෙරවාදි පාලි ති‍්‍රපිටකය යුනෙස්කෝ ලෝක මතක උරුම ලේඛනයට ඇතුළත් කිරීමේ තාක්ෂණික ක‍්‍රියාවලිය වෙනුවෙන් කමිටුවක්
ථෙරවාදි පාලි ති‍්‍රපිටකය යුනෙස්කෝ ලෝක මතක උරුම ලේඛනයට ඇතුළත් කිරීම සඳහා වන තාක්ෂණික ක‍්‍රියාවලිය වෙනුවෙන් ජනාධිපති ගරු මෛත්රීපාල සිරිසේන මැතිතුමා විසින් විද්වත් කමිටුවක් පත් කිරීමට පියවර ගෙන තිබේ.
උතුම් බෞද්ධ දර්ශනය මතු පරපුර වෙනුවෙන් සුරක්ෂිත කිරීමේ වගකීම නිසි ලෙස ඉටුකරන බව ජනපති අවධාරණය කරයි.
ථෙරවාද ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කිරීමේ යෝජනාවට පූර්වගාමීව ‘ත්‍රිපිටකාභිවන්දනා’ සතියක් ප්‍රකාශයට පත් කළේ රට තුළ බෞද්ධාගමික ප්‍රබෝධයක් ඇති කිරීමට මෙන්ම රටේ තරුණ පරපුරට ත්‍රිපිටක ධර්ම දායාදය පිළිබඳ අවබෝධයක් ලබාදීමට බව ජනාධිපතිතුමා පවසයි.
එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ විශේෂ ආරාධිතයකු ලෙස සහභාගි වීමට ජනපති කෙන්යාවට
කෙන්යාවේ නයිරෝබි නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ විශේෂ ආරාධිතයකු ලෙස සහභාගිවීම සඳහා ජනාධිපති ගරු මෛත්රීපාල සිරිසේන මැතිතුමා අද (13) පෙරවරුවේ දිවයිනෙන් පිටත්ව ගියේය.
මත් උවදුර මැඩලීමට අප්‍රේල් 03 වන දායින් පසු ත්‍රිවිධ හමුදාවේ වැඩි දායකත්වයක් – ජනපති කියයි.
මත්ද්‍රව්‍ය මර්දනය, නිවාරණය සහ පාලනය වෙනුවෙන් ගෙන යන වැඩසටහනට මෙම අප්‍රේල් 03 වන දායින් පසු පොලීසිය සමඟ ත්‍රිවිධ හමුදාව වඩා ශක්තිමත් ලෙස දායක කර ගන්නා බව ජනාධිපතිතුමා පවසයි.
රණවිරු සැමරුම් කොඩිය ජනාධිපතිතුමන්ට පළඳවයි
රණවිරු සැමරුම් මාසය - 2019 ප්‍රකාශයට පත්කරමින් එහි පළමු රණවිරු සැමරුම් කොඩිය අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් හට පැළඳවීමේ උත්සවය අඟහරුවාදා (මාර්තු 05) දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී පවත්වන ලදී.
ගුවන් හමුදා බලඝණ දෙකක් ජනාධිපති වර්ණයෙන් පිදුම් ලබයි
සන්නද්ධ හමුදා සේනාධිනායක, අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් විසින් පසුගිය සෙනසුරාදා (මාර්තු 02) දින හිඟුරක්ගොඩ ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේ පැවතී උත්සවයකදී ගුවන් හමුදාවේ අංක 7 බලඝණය හා අංක 8 බලඝණය වෙත ජනාධිපති වර්ණ පිරිනමන ලදී.
මෙරට නිෂ්පාදිත මුල්ම මල්ටි බැරල් රොකට් විදිනයේ සහ මිසයිලයේ අනුරුවක් ජනපතිට පිළිගන්වයි
ශ්‍රී ලංකාව පළමු වරට පසුගියදා නිෂ්පාදනය කරන ලද මල්ටි බැරල් රොකට් විදිනයේ සහ මිසයිලයේ අනුරුවක් ජනාධිපති ගරු මෛත්රීපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වීම ඊයේ (26) ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
ප්‍රතිකාර සහ නිවාරණ අංශ ශක්තිමත් කිරීම හේතුවෙන් පසුගිය වසර දෙක තුළ වකගුඩු රෝගීන්ගේ ව්‍යාප්තියේ අඩුවක් සිදුව ඇති බව ජනපති පවසයි.
පසුගිය යුගයේ ජාතික ඛේදවාචකයක් බවට පත්ව තිබූ වකුගඩු රෝගය නිවාරණය වෙනුවෙන් ගෙන ගිය පුළුල් වැඩපිළිවෙළ හේතුවෙන් පසුගිය වසර දෙක තුළ වකුගඩු රෝගින්ගේ ව්‍යාප්තියේ අඩුවක් දක්නට ලැබෙන බව ජනාධිපතිතුමා පවසයි.
ජනපති සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ නිරික්ෂණ චාරිකාවක
ජනාධිපති ගරු මෛත්රීපාල සිරිසේන මැතිතුමා අද (25) පෙරවරුවේ අනුරාධපුර, සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
මත්ද්‍රව්‍යවලට එරෙහි වැඩපිළිවෙළේ වඩා යහපත් තත්ත්වයක් මෙම වසර මැද භාගයේ දී අත්විඳීමට හැකි වනු ඇති බව ජනපති පවසයි.
මත්ද්‍රව්‍ය ජාවාරම මුලිනුපුටා දැමීමේ රජයේ ක්‍රියාන්විතයේ වඩා යහපත් තත්ත්වයක් මෙම වසර මැද භාගය වන විට රටටත්, ජනතාවටත් අත්විඳීමට හැකිවනු ඇති බව ජනාධිපතිතුමා පවසයි.
SInhala.
තාරුණ්‍යයට යහපත් හෙටක් ගොඩනැඟීමේ දී මතුව ඇති සියලු අභියෝග ජය ගැනීමට ක‍්‍රමානුකූලව කටයුතු කරන බව ජනපති පවසයි.
තාරුණ්‍යයට යහපත් හෙටක් ගොඩනැඟීමේ දී මතුව ඇති සියලු අභියෝග ජය ගැනීමට ක‍්‍රමානුකූලව කටයුතු කරන බව ජනාධිපතිතුමා පවසයි.
ශ්‍රී ලංකාව සිය 71 වන නිදහස් දිනය අභිමානවත්ව සමරයි
ශ්‍රී ලංකාවේ 71 වන නිදහස් දිනය අදයි. ප්‍රධාන නිදහස් දින සැමරුම් උත්සවය කොළඹ ගාලු මුවදොර පිටියේ දී අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පැවැත්විණි.
ජනපති මේජර් වසන්ත දිනේෂ් ජයවික්‍රම මහතාගේ නිවසට
එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට අනුයුක්තව මාලි රාජ්‍යයේ ක්‍රියාන්විතයේ යෙදී සිටිය දී දිවිපිදූ මේජර් වසන්ත දිනේෂ් ජයවික්‍රම මහතාගේ දෙමාපියන් ඇතුළු පවුලේ ඥාතීන් වෙත ජනාධිපති ගරු මෛත්රීපාල සිරිසේන මැතිතුමා සිය සාතිශය සංවේගය පළ කරයි.
ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් නිෂ්පාදනය කරන ලද වේව් රයිඩර් වර්ගයේ යාත්‍රා දෙකක් සීෂෙල්ස් රාජ්‍යයට
වැලිසර නාවික කඳවුරේ පිහිටුවා ඇති වෙරළ මුර යාත්‍රා තැනීමේ ව්‍යාපෘති වැඩපලෙහි (Inshore Patrol Craft Construction Project) නිෂ්පාදනය කරන ලද වේව් රයිඩර් වර්ගයේ යාත්‍රා දෙකක් (02) සීෂෙල්ස් රාජ්‍යය වෙත භාර දීමේ උත්සවය අද (පෙබරවාරි 01) කොළඹ, වරාය පරිශ්‍රයේ පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා රංගල ආයතනයේදී සිදු කෙරිණි
SInhala.
පොලිස් දෙපාර්තමේන්තුව උගතුන්ගෙන් පිරි වෘත්තිකයන්ගේ සේවාවක් බවට පත්කරන බව ජනාධිපතිතුමා පවසයි.
පොලිස් දෙපාර්තමේන්තුව උගතුන්ගෙන් පිරි වෘත්තිකයන්ගේ සේවාවක් බවට පත්කරන බව ජනාධිපතිතුමා පවසයි.පොලිස් දෙපාර්තමේන්තුව උගතුන්ගෙන් පිරි වෘත්තිකයන්ගේ සේවාවක් බවට පත් කිරිමට විෂය භාර අමාත්‍යවරයා ලෙස අවශ්‍ය ඉදිරි පියවර ගන්නා බව ජනාධිපති ගරු මෛත්රීපාල සිරිසේන මැතිතුමා පවසයි.
“Earth Watchmen” ව්‍යාපෘතිය ජනපති ප්‍රධානත්වයෙන් කිලිනොච්චියෙන් ඇරඹෙයි
2019 ක්‍රිකට් ලෝක කුසලානයට සමගාමී ව දිවයින පුරා පැළ මිලියන 2 ක් රෝපණය කිරීමේ “Earth Watchmen” ව්‍යාපෘතිය ජනාධිපති ගරු මෛත්රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ යාපනය විශ්වවිද්‍යාලයේ කිලිනොච්චිය කෘෂි තාක්ෂණ පීඨ භූමියේ දී ආරම්භ කෙරිණි.
ආරක්ෂක කටයුතු සඳහා යුද්ධ හමුදාව භාවිතාකල තවත් උතුරේ ඉඩම් අක්කර 1200 කට වැඩි ප්‍රමාණයක් නිදහස් කෙරේ
යුද්ධ හමුදාව විසින් ආරක්‍ෂක කටයුතු සඳහා භාවිතා කල උදයාරකට්ටු සහ තවත් ගොවිපොලවල් තුනක් ඇතුළු මූලතිව්, කිලිනොච්චි, යාපනය සහ වවුනියාව දිස්ත්‍රික්කයන්හි රාජ්‍ය සහ පෞද්ගලික ඉඩම් අක්කර 1201.88 ක් සඳුදා (ජනවාරි 21) දින නිදහස් කල බව යුද්ධ හමුදා නිල වෙබ් අඩවිය පවසයි.