ජනපති පුවත්
කිසිදු රටක විදේශීය හමුදාවක් කිසිදු අවස්ථාවක මෙරටට ගෙන්වීමට ඉඩ නොතබන බව ජනපති අවධාරණය කරයි.
කිසිදු රටක විදේශීය හමුදාවක් කිසිදු අවස්ථාවක කිසිදු අයුරකින් මෙරටට ගෙන්වීමට තමා ජනාධිපති ධූරයේ සිටින තුරු කටයුතු නොකරන අතර, ඊට ඉඩ ලබා නොදෙන බව ද ජනාධිපතිතුමා අවධාරණය කරයි.
SInhala.
ජනපති සහ ඉන්දීය අගමැති හමු වෙති.
ශ‍්‍රී ලංකාවට අවශ්‍ය ඕනෑම සහායක් ලබාදීමට ඉදිරියේ දී ද සූදානම් බව දෙවන වරටත් ඉන්දීය අග‍්‍රාමාත්‍ය ධුරයට පත් වූ නරේන්ද්‍ර මෝදි මහතා පවසයි.
නව ගුවන් හමුදාපතිවරයෙකු පත් කෙරේ
අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නව ගුවන් හමුදාධිපති ලෙස එයාර් මාර්ෂල් ඩී එල් සුමංගල ඩයස් මහතා පත්කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කරයි. නව ගුවන් හමුදාපතිතුමන් අද උදෑසන (මැයි 29) ජනාධිපති නිල නිවසේදී එතුමන් අතින් සිය පත්වීම ලිපිය ලබා ගන්නා ලදී.
ජනපති විදෙස් තානාපතිවරු හමුවෙයි - රටේ යහපත් ආරක්ෂක තත්ත්වය පිළිබඳ ජනපතිගෙන් සහතිකයක්
ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ විදෙස් තානාපතිවරුන් අතර හමුවක් අද (27) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී පැවැත්විණි.
ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාට ජනපතිගෙන් සුබපැතුම්
ඉන්දීය මහ මැතිවරණයෙන් විශිෂ්ට ජයග‍්‍රහණයක් ලබාගත් අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා වෙත ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සිය උණුසුම් සුබ පැතුම් පිරිනමයි.
තිස් වසරක යුද ජයග‍්‍රහණයේ සත්‍ය මෙන්ම අභිමානවත් කතාව මතු පරපුරට මෙන්ම ලෝකයට ද කියැවීමට ඉඩ සැලසිය යුතු බව ජනපති පවසයි
වීරෝදාර රණවිරුවන්ගේ විශිෂ්ට රණ ශූරත්වය, දේශාභිමානය සහ උත්තම මානුෂීය ගුණාංග පිළිබඳ මතු පරපුරට ද කියැවිය හැකි අන්දමින් තිස් අවුරුදු යුද ජයග‍්‍රහණයේ ශ්‍රේෂ්ඨ වීර කතාව කෘතියකට නැංවීම කාලීන අවශ්‍යතාවයක් බව ජනාධිපතිතුමා පවසයි.
විශිෂ්ට සේවා විභූෂණ පදක්කම් ප්‍රදානය ජනපති ප්‍රධානත්වයෙන්
යුද, නාවික හා ගුවන් හමුදාවලට අයත් නිත්‍ය බල සේනාවන්හි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් ඉටු කරන ලද සුවිශේෂී වූ සේවාව වෙනුවෙන් උපහාර වශයෙන් පිරිනැමෙන විශිෂ්ට සේවා විභූෂණ පදක්කම් ප්‍රදානය, ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
වීරෝදාර රණවිරුවන්ගේ විශිෂ්ටත්වය සහ කැපවීම මත මව්බිම සෑමවිටම සුරක්ෂිත වූ බව ජනපති පවසයි
වීරෝදාර රණවිරුවන්ගේ විශිෂ්ටත්වය, කැපවීම සහ ජීවිත පරිත්‍යාගය තුළ මව්බිම සෑමවිටම සුරක්ෂිත වූ බව ජනාධිපතිතුමා පවසයි.
චීන සංචාරය සාර්ථක ව නිම කළ ජනපති යළි දිවයිනට
ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවට සහ සංවර්ධනයට අදාළ සහයෝගිතාව ඉහළ නංවා ගනිමින් රටට ප්‍රතිලාභ රැසක් උදාකර ගැනීම වෙනුවෙන් චීනයේ කෙටි නිල සංචාරයක නිරත වූ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සිය සංචාරය සාර්ථකව නිමවා අද උදෑසන (16) යළි දිවයිනට පැමිණියේ ය.
ජනපති සහ චීන අගමැති හමු වෙයි.
ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ චීන අග‍්‍රාමාත්‍ය ලී ක්වැන්ග් (Li Keqiang) මහතා අතර හමුවක් අද (15) පස්වරුවේ බීජිං නුවර දී පැවැත්විණි.
ත්රස්තවාදය ශ‍්‍රී ලංකාවෙන් මුලිනුපුටා දැමීමට ඕනෑම සහයක් ලබාදෙන බවට චීන ජනපති ෂී ජින්පින් මහතා ජනපතිට සහතික වෙයි.
ත‍්‍රස්තවාදය ශ‍්‍රී ලංකාවෙන් මුලිනුපුටා දමා ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට ශ‍්‍රී ලංකාවට ලබාදිය හැකි සෑම සහයක්ම ලබාදෙන බව චීන ජනාධිපති ෂි ජින්පින් මහතා ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත සහතික වෙයි.
රට නොසන්සුන් කිරීමේ උත්සාහයන්ට හසු නොවන ලෙස ජනපති සියලු දෙනාගෙන් ඉල්ලයි
රටේ වත්මන් ආරක්‍ෂක තත්ත්වය පිළිබඳ සෑහීමකට පත්විය හැකි අතර අසත්‍ය සහ ජනතාව නොමඟ යවන ප්‍රකාශවලට නොරැවටි ජන ජීවිතය සාමාන්‍ය පරිදි පවත්වාගෙන ගෙන යන ලෙස ජනාධිපතිතුමා සියලු දෙනාගෙන් ඉල්ලයි.
ත්රස්තවාදය විනාශ කර යහපත් සාමකාමී රටක් ගොඩනැඟීමේ වගකීම අවංකව ඉටුකරනවා – ජනපති
ත‍්‍රස්තවාදය හේතුවෙන් තමා කිසිඳු පසුබෑමකට ලක් නොවන අතර ත‍්‍රස්තවාදය අවසන් කර, යහපත් සාමකාමී රටක් ගොඩනැඟීමේ වගකීම අවංකව ඉටුකරන බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.
ත්රස්තවාදය විනාශ කර යහපත් සාමකාමී රටක් ගොඩනැඟීමේ වගකීම අවංකව ඉටුකරනවා – ජනපති
ත‍්‍රස්තවාදය හේතුවෙන් තමා කිසිඳු පසුබෑමකට ලක් නොවන අතර ත‍්‍රස්තවාදය අවසන් කර, යහපත් සාමකාමී රටක් ගොඩනැඟීමේ වගකීම අවංකව ඉටුකරන බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.
ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පාර්ලිමේන්තුවේ දී සිදු කළ කථාව
මේ සිදුවීම සිදු වූ අප්‍රේල් 21 දා, කවුරුත් දන්නා පරිදි එය මා දැඩි විවේචනයට ලක් වූ කරුණක් බවට පත්වුනා. අප්‍රේල් 21 මා සිංගප්පූරුවේ සිටින විටයි උදේ 10 ට පමණ මේ සිදුවීම පිළිබඳව මට වාර්තා වුනේ. ඒ අවස්ථාවේදීම මා කල්පනා කළේ මට ඇතිවෙච්ච දැඩි තැති ගැන්ම සමඟ දැඩි වේදනාවක් සමඟ මේ සිදුවීම කෙසේ සිදුවුනා ද කියන කාරණය.
අන්තවාදී ත්‍රස්තවාදය විනාශ කිරීම ආරක්ෂක හමුදාව සිදු කරද්දී බහුජන සමාජයක සංහිඳියාව සුරැකීමේ වගකීම ආගමික නායකයන්ට පැවරෙන බව ජනපති පවසයි.
අන්තවාදී ම්ලේච්ඡ ත්‍රස්තවාදය ශ්‍රී ලංකා මාතෘභූමියෙන් මුලිනුපුටා දැමීම ස්ථීර වශයෙන්ම අපගේ ආරක්ෂක හමුදාව ඉතා කෙටි කලකින් ඉටුකරනු ඇති බව සඳහන් කරන ජනාධිපතිතුමා රටේ ජනතාව අතර විශ්වාසය පළුදුවීමට ඉඩ නොතබා සියලු ජන කොටස් අතර අවබෝධය සහ සහෝදරත්වය ගොඩනැංවීමේ වැඩපිළිවෙළ ආගමික නායකයන්ට පැවරෙන බව සඳහන් කරයි.
දිවයිනේ ස්ථාන කිහිපයක දී සිදු වූ පිපිරීම් සිද්ධි මාලාව පිළිබඳ සොයා බැලීමට ජනපති විශේෂ ත්‍රිපුද්ගල පරික්‍ෂණ මණ්ඩලයක් පත් කරයි
ඊයේ දින (2019 අප්‍රේල් 21) දිවයිනේ ස්ථාන කිහිපයක දී සිදු වූ පිපිරීම් සිද්ධි මාලාව පිළිබඳ සොයා බැලීමට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විශේෂ ත්‍රිපුද්ගල පරික්‍ෂණ මණ්ඩලයක් පත් කර තිබේ.
ජනපති – අගරදගුරු හිමිපාණන් බැහැ දකී. ඉදිරියේ දී රට තුළ මෙවන් ම්ලේච්ඡ කි‍්‍රයාවන්ට ඉඩක් නොමැති බව ජනපති පවසයි.
අද (22) දහවල් කොළඹ අගරදගුරු නිල නිවස වෙත ගිය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් බැහැ දැකීය.
ජනපති – කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ නිරීක්‍ෂණ චාරිකාවක
පසුගියදා බෝම්බ ප‍්‍රහාරයට ලක් වූ මීගමුව, කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ කටයුතු සොයා බැලීමට ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අද (23) උදෑසන එම දේවස්ථානය වෙත ගියේය.
ත්රස්තවාදය මුලිනුපුටා දමා හැකි ඉක්මනින් රට සාමාන්‍ය තත්ත්වයට පත්කිරීමට හැකිවනු ඇති බවට ජනපති විශ්වාසය පළ කරයි.
ශ‍්‍රී ලංකාවේ ත‍්‍රස්තවාදය මැඬලීමට තම පූර්ණ සහය ලබාදෙන බවට විදෙස් තානාපතිවරු ජනපති හමුවේ සහතික වෙති.
SInhala.
ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල ජනපති ප්‍රධානත්වයෙන්
ජනාධිපති මාධ්‍ය සම්මාන උලෙළ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රදානත්වයෙන් බදාදා (අප්‍රේල් 10) දින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි. ගරු ජනමාධ්‍ය අමාත්‍ය සහ ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.
ශ්රී ලංකා පොලීසිය ජාතික මෙන් ම අන්තර්ජාතික වශයෙන් ද පිළිගැනීමක් සහිත පොලිස් සේවාවක් බවට පත් කිරීම අරමුණ බව ජනපති පවසයි.
ශ්‍රී ලංකා පොලිස් සේවාව ජාතික වශයෙන් පමණක් නොව අන්තර්ජාතික වශයෙන් ද ඉහළ පිළිගැනීමක් ඇති සේවාවක් බවට පත් කිරීමට පොලිස් දෙපාර්තමේන්තුව තමා යටතේ පවතින කාලසීමාව තුළ අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව ජනාධිපතිතුමා පවසයි.
උතුරු නැගෙනහිර පළාත් සංවර්ධනය සඳහා වූ ජනාධිපති කාර්ය සාධන බලකාය රැස් වේ.
උතුරු නැගෙනහිර පළාත් සංවර්ධනය සඳහා වූ විශේෂ ජනාධිපති කාර්ය සාධන බලකාය ස්ථාපිත කිරීමෙන් අනතුරු ව උතුරු නැගෙනහිර ඉඩම් නිදහස් කිරීමේ වැඩපිළිවෙළ වඩා වේගවත් වූ බව ආරක්ෂක අංශ පෙන්වා දෙයි.