පසුගිය පුවත්

පසුගිය පුවත් | පසුගිය පුවත්

‘දීඝවාපිය ස්ථූප’ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය අරඹයි.

අග්‍රාමාත්‍ය සහ බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ගරු. මහින්ද රාජපක්‍ෂ මහතා විසින් අද (නොවැ. 11) අම්පාර, දීඝවාපිය පරිශ්‍රයේදී ‘දීඝවාපි ස්ථූප’ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියට සමාරම්භක මුල්ගල් තැබීය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

මඩකලපුවට ප්‍රාදේශිය 'කොවිඩ්-19' මෙහෙයුම් මධ්‍යස්ථානයක්

නැගෙනහිර ආරක්ෂක සේනා  මූලස්ථානයේ 23 වන සේනාංකයේ 231 වන බලසේනාව, කොවිඩ්-19 හා සම්බන්ධ ඕනෑම හදිසි අවස්ථාවක් සපුරාලීම සඳහා පළමු කොවිඩ්-19 මෙහෙයුම් මධ්‍යස්ථානය මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පිහිටුවීම සඳහා සිය සහාය ලබා දිය .


පසුගිය පුවත් | පසුගිය පුවත්

ගුවන් හමුදා 6 වන කණ්ඩායම MINUSCA සඳහා පිටත් විය

මධ්‍යම අප්‍රිකානු ජනරජයේ (MINUSCA) එක්සත් ජාතීන්ගේ හෙලිකොප්ටර් යානා ඒකකය  යටතේ ක්‍රියාත්මක වන ගුවන් ඒකකයේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ  නිලධාරීන්ගේ වාර්ෂික හුවමාරුව ආරම්භ කරමින් අන්තර් හුවමාරු කණ්ඩායම ඊයේ (නොවැ.10) දින පිටත් විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 100 ඉක්මවා වැසි - කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාලගුණ වාර්තාව අද (නොවැ. 11) නිකුත් කරමින් කියා සිටියේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල දහවල් හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර උතුරු හා නැගෙනහිර පළාත්වල සහ  දකුණු පළාතේ වෙරළබඩ ප්‍රදේශවල ස්ථාන කිහිපයක උදේ වරුවේ  වැසි ඇතිවිය හැකි බවයි.  


පසුගිය පුවත් | පසුගිය පුවත්

නිරෝධායන මධ්‍යස්ථාන 28 ක පුද්ගලයින් 2,277 ක් හුදෙකලා කෙරේ

අද (11) වන විට ශ්‍රි ලංකා යුද්ධ හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 28ක පුද්ගලයින් 2,277 ක් හුදෙකලා කර ඇති බව කොවිඩ්-19 වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.



පසුගිය පුවත් | පසුගිය පුවත්

යුධ හමුදාව ග්‍රාමීය ප්‍රජාවට වසංගත වැළැක්වීමේ ක්‍රමවේද දැනුවත් කරයි

අනවිලන්දන්කුලම් හි ප්‍රදේශයේ ප්‍රජාව වසංගත වැළැක්වීමේ ක්‍රියාමාර්ග පිළිබඳ දැනුවත් කිරීමේ පෝස්ටර් වැඩසටහනක් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 652 බලසේනාව විසින් මෑතකදී දියත් කරන ලදී.
 


පසුගිය පුවත් | පසුගිය පුවත්

පුද්ගලයන් 64,075 ක් මේ වන විට නිරෝධායනය සම්පූර්ණ කර ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයට අනුව ඊයේ (09) හඳුනාගෙන ඇති කොරොන වයිරස් ආසාධිත සංඛ්‍යාව 356 ක් සමඟ ශ්‍රී ලංකාවේ තහවුරු වී ඇති රෝගීන් සංඛ්‍යාව 14,285 දක්වා ඉහළ ගොස් තිබේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

මෙරටින් නික්ම යන ඉන්දීය සහකාර ආරක්‍ෂක උපදේශක ආරක්‍ෂක ලේකම් හමුවෙයි

මෙරටින් නික්ම යන ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ සහකාර ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් රවී ශෙඛර් මිශ්‍රා මහතා අද (නොවැම්බර් 10) ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා හමුවී තම සමුගැනීම සටහන් කළේය.



පසුගිය පුවත් | පසුගිය පුවත්

හුදකලා ප්‍රදේශවල නිරෝධායන ඇඳිරි නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කෙරේ

කෙසේ වෙතත්, කුරුණෑගල මහනගර සභා බල ප්‍රදේශය සහ පානදුර වෑකඩ බටහිර ග්‍රාම සේවා වසමට අමතරව කොළඹ, ගම්පහ, කළුතර, කෑගල්ල සහ කුරුණගල දිස්ත්‍රික්කවල පොලිස් බල ප්‍රදේශ 25 ක් හුදකලා කිරීමට බලධාරීන් තීරණය කර තිබේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

මනිපායි ප්‍රදේශයේ අත්හැර දමා තිබු දේව ප්‍රතිමාවක් මනිපායි පොලිසිය විසින් සොයා ගැනේ

අත්හැර දමා තිබු අඟල් 7 ක් උස දේව ප්‍රතිමාවක් , පීෆෝල් පිළිම තුනක් සහ හඳුනා නොගත් ලෝහ උපකරණ යාපනයේ මනිපායි හි චන්කානායි කෝවිල අසල මල්ලක දමා තිබිය දි මනිපායි පොලිසිය විසින් ඊයේ (8) සොයාගෙන තිබේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

SInhala.



පසුගිය පුවත් | පසුගිය පුවත්

නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානය පවත්වාගෙන යාමට සිවිල් ආරක්‍ෂක බළකා‍ය මැදිහත් වේ

සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව මැදිහත්ව නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ තොග වෙළඳාම නැවත විවෘත කිරීමේ ක්‍රියාවලිය හා සිවිල් ජනතාවට ආරක්‍ෂාව සැලසීම හා සම්බන්ධවී ආර්ථික මධ්‍යස්ථාන නැවත විවෘත කිරීමේ ක්‍රියාවලිය සඳහා දායකවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ධීවර යාත්‍රාවක හට ගත් ගින්න නාවික හමුදාව විසින් නිවීමෙන් අනතුරුව ආරක්ෂිතව වෙරළට ගෙන එයි

ශ්‍රී ලංකා නාවික හමුදාව ඊයේ (නොවැ. 07) දකුණු මුහුදෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය යාත්‍රාවක ඇතිවූ ගින්න නිවා දමා ආරක්ෂිතව වෙරළට ගෙන එන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නාවික හමුදාව විසින් වියළි කහ කිලෝ 5711ක් අත්අඩංගුවට ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නීති විරෝධීව මුහුදු මාර්ග ඔස්සේ මෙරටට ගෙන ඒමට තැත්කල වියලි කහ කිලෝ 5711 ක් සමග සැකකරුවන් 6 දෙනෙකු නොවැම්බර් 06 වන දින අත්අඩංගුවට ගැනීමට කටයුතු තිබේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

රෝහල් ගත කර සිටි 537 දෙනෙකු පිටත්ව යයි

පසුගිය පැය 24 තුළ වෛරසය ආසාධිත 449 ක් හඳුනාගෙන ඇති බවට කොවිඩ්-19  පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය තහවුරු කළේය. ඔවුන් අතරින් 445 දෙනෙකු මෙරට පුද්ගලයින් වන අතර, 04 දෙනෙකු විදේශගතව  සිට මෙරටට පැමිණි අය වේ.



පසුගිය පුවත් | පසුගිය පුවත්

නීති විරෝධී ලෙස අල්ලන ලද මුහුදු කූඩැල්ලන් සමඟ පුද්ගලයින් 40ක පිරිසක් නාවික හමුදා භාරයට

උතුරු මැද සහ වයඹ නාවික විධානයන් මගින් සිදුකල මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස අල්ලන ලද මුහුදු කූඩැල්ලන් 2186 ක ප්‍රමාණයක් සමඟ සැකකරුවන් 40ක් අත්අඩංගුවට ගෙන ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ප්‍රදේශ කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනතුරු ඇඟවීම්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අද (නොවැ. 07) නිකුත් කළ කාලගුණ වාර්තාවට  අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම හා වයඹ පළාත්වල ස්ථාන කිහිපයක සහ සවස හෝ රාත්‍රී කාලයේදී ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව සඳහන් වේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

රාජ්‍ය සහාය ඇතිව යුද හමුදාව කහ වගා කිරීමේ ව්‍යාපෘතිය දියත් කරයි

COVID-19 වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවේ කහ සැපයුම හිඟවීම පිළිබඳව සලකා බලමින් යුධ හමුදාවේ කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්‍ෂ මණ්ඩලය මෑතකදී අම්බලන්ගොඩ යුද හමුදා ගොවිපලෙහි කහ වගාව ආරම්භ කළේය.

 



පසුගිය පුවත් | පසුගිය පුවත්

රවිනාථ ආර්යසිංහ මහතා ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ඇමරිකා එක්සත් ජනපදයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නව තානාපතිවරයා ලෙස පත්කර ඇති රවිනාථ ආර්යසිංහ මහතා අද දින (නොවැම්බර් 06) ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා හමුවිය.