පසුගිය පුවත්
තනි පුද්ගලයකුගේ කැමැත්තකට අනුව රටේ නීති වෙනස් කළ නොහැකියි - ආරක්ෂක ලේකම්
“රටේ පවත්නා නීතියට පටහැනිව හෝ වෙනත් නීතියකට අනුව කටයුතු කිරීමට මහජනතාව පෙළඹවීමට හෝ වෛරී දේශපාලනය වපුරා ජාතින් බේද භින්න කිරීමට උත්සහ කලොත් එසේ කරන පිරිස් අත්අඩංගුවට ගැනීමට ජාතික ආරක්ෂාව සදහා වගකියන ආයතනය ලෙස අපි කිසිවිටෙක පැකිලෙන්නේ නැහැ”, යනුවෙන් ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) පැවසීය.
යුද හමුදාව ගිරිබාව මධ්‍ය මහා විද්‍යාල ක්‍රීඩාපිටියේ ප්‍රතිසංස්කරණ කටයුතු අරඹයි
දීර්ඝකාලීන අවශ්‍යතාවක් බවට පත්ව තිබූ ගිරිබාව මධ්‍ය මහා විද්‍යාල ක්‍රීඩාපිටියේ ප්‍රතිසංස්කරණ කටයුතු ශ්‍රී ලංකා යුද හමුදාව විසින් පසුගියදා අරඹන ලදි.
ඇල්ල කන්තලේ ප්‍රදේශයේ නීතිවිරෝධී ලෙස වැලි ගොඩදැමු ස්ථානයක් යුද හමුදාවෙන් වටලයි
නැගෙනහිර ආරක්‍ෂක සේනා බලප්‍රදේශයේ ස්ථානගත 4 වන විශේෂ බළකායේ භටපිරිස් විසින් ඊයේ (මාර්තු 12) දින ඇල්ල කන්තලේ ප්‍රදේශයේ නීතිවිරෝධි ලෙස වැලි ගොඩදැමීම සඳහා යොදාගත් වාහන සහ අනෙකුත් මෙවලම් තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ.
යුද හමුදාව, යාපනය කතෝලික දේවස්ථානය සමගින් එලදුමඩ්ඩුවාල්හි රුක් රෝපණ වැඩසටහනක්
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය, යාපනය කතෝලික දේවස්ථානයන්ට අනුබද්ධිත මානව, සමාජ හා ආර්ථික සංවර්ධන මධ්‍යස්ථාන ඒකාබද්ධව එලදුමඩ්ඩුවාල් ප්‍රදේශයේ රුක් රෝපණ වැඩසටහනක් පැවැත්විය.
නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සාහ කල පිරිසක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව ඊයේ (මාර්තු 11) දින කල්පිටිය කුරක්කන්හේන ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට සූදානම් වූ පුද්ගලයින් 24 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.
ජනාධිපතිතුමන්ගේ මහ ශිවරාත්‍රී දින පණිවිඩය
ශිව දෙවිඳුන්ගේ ආලෝක කදම්භයෙන් මෝහාන්ධකාරය දුරුකොට, ප්‍රඥා මහිමය අත්කර ගැනීමේ ප්‍රාර්ථනය පෙරදැරිව, ශ්‍රී ලාංකේය සහ ලොව පුරා හින්දු බැතිමත්හු, අනාදිමත් කාලයක සිට මහ ශිවරාත්‍රී දින මහත් භක්තියෙන් යුතුව ස්වකීය ආගමික වතාවත්හි නිරත වෙති.
සිවිල් අංශ හා හමුදාවන් අතර සබැඳියාව අධ්‍යාපනය තුලින් වර්ධනය කිරීමෙන් රට තුළ සහයෝගීතාව ඉහළ යනු ඇත - ආරක්ෂක ලේකම්
මානව ගරුත්වය, අවංකභාවය, ප්‍රජාතන්ත්‍රවාදී සහභාගීත්වය, තිරසාර සංවර්ධනය, ආර්ථික සමානාත්මතාවය, අන්‍යෝන්‍ය අවබෝධය සහ සමාන අවස්ථාවන් ලබාදීම යන ආරක්ෂාව සහ සංවර්ධනයේ මූලික සාරධර්ම විශ්ව විද්‍යාල අධ්‍යාපනය තුළින් උගත හැකි බව අප සැමවිටම මතක තබා ගත යුතු බව ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) අද (මාර්තු 10) දින ප්‍රකාශ කළේය.
ගුවන් හමුදා නව මාණ්ඩලික ප්‍රධානී පත් කෙරේ
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ලෙස එයාර් වයිස් මාෂල් ප්‍රසන්න පායෝ මහතා , ඊයේ (මාර්තු 09) දින පත් කර තිබේ.
සම්පූර්ණ සුවය ලැබු කොරෝනා ආසාදිතයින් ගණන 82,752 දක්වා ඉහළට
අද (මාර්තු 10) වන දින පෙරවරු 06.00 න් අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 304 ක් වන අතර රටේ මුළු රෝගීන් සංඛ්‍යාව 86,342 දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදී.
ගංජා කිලෝ 107 ක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කේරළ ගංජා කිලෝ 107 ක් කල්පිටිය සෝමතිව් දූපතෙහි සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ඊයේ ( මාර්තු 8) අත්අඩංගුවට ගෙන ඇත.
යාපනයේ කාන්තා දින සැමරුමට රණවිරු සහාය
ශ්‍රී ලංකා යුද හමුදාව විසින් යාපනය ප්‍රදේශයේ ගර්භනී සහ වැන්දඹු කාන්තාවන් වෙත වියළි සලාක පාර්සල් 1,000 ක් බෙදා දිමේ වැඩසටහනක් පසුගියදා චුන්නාකම් දකුණ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි
ඊයේ (08) තවත් PCR පරීක්ෂණ 7,194 ක්
අද (මාර්තු 09) දින පෙරවරු 06.00 න් අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 344 ක් වන අතර රටේ මුළුරෝගීන් සංඛ්‍යාව 86,038 දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදි.
කාන්තා දිනයට සමගාමීව නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ‘සිඳුලිය’ සඟරාව එළිදැක්වේ
නාවික හමුදා සේවා වනිතා ඒකකය විසින් අද (මාර්තු 8) දින නාවික හමුදා මූලස්ථාන ශ්‍රවණාගාරයේදී ආරක්ෂක අමාත්‍යාංශ සේවා වනිතා ඒකකයේ සභාපතිනි චිත්‍රානි ගුණරත්න මැතිණියගේ ප්‍රධානත්වයෙන් ‘සිඳුලිය’ සඟරාව එළිදැක්වීම සිදුකරන ලදි.
ආනන්ද විද්‍යාලීය ලියෝ සංගමයෙන් මුව ආවරණ 10,000 ක්
කොළඹ ආනන්ද විද්‍යාලයේ ලියෝ සංගමය විසින් මුව ආවරණ තොගයක් ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) වෙත අද (මාර්තු 8) දින ආරක්ෂක අමාත්‍යාංශයේදී පරිත්‍යාග කරන ලදි.
නීති විරෝධී වියළි කහ කිලෝග්‍රෑම් 670 ක් නාවික හමුදා අත්අඩංගුවට
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පසුගිය සෙනසුරාදා (6) දින පුත්තලම සෙරක්කුලිය වෙරළ තීරයේදී වියළි කහ කිලෝ ග්‍රෑම් 670 ක් අත්අඩංගුවට ගෙන තිබේ.
සම්පූර්ණ සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් 290 ක් ඊයේ දින රෝහල්වලින් පිටව යයි
අද (මාර්තු 08) දින පෙරවරු 06.00 න් අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 359 ක් වන අතර රටේ මුළුරෝගීන් සංඛ්‍යාව 85,694 දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදි.
සමාජ මාධ්‍ය තුලින් කාන්තා ප්‍රතිරූපයට හානිකරන අය සඳහා ක්‍රියාමාර්ග - ආරක්ෂක ලේකම්
"අභිමන්ලිය" ගීතය එළිදැක්වේ
මිහිඳු මහා සෑයෙහි පෙර පැවති ශ්‍රී විභූතිය ළඟදීම යලිත් වරක් දැකගත හැකිය - ආරක්ෂක ලේකම්
වසර අවසන් වනවිට සඳහිරු සෑය වන්දනා කිරීම සඳහා බැතිමතුන්ට අවස්ථාව.
සමාජ විරෝධී ක්‍රියා මැඩපැවැත්වීමට යුද හමුදා සහාය
අතිගරු ජනාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් පරිදි සාධාරණ සමාජයක් නිර්මාණය කිරීමේ අරමුණින් රටේ සමාජ විරෝධී ක්‍රියාකාරකම් මැඩපැවැත්වීම සඳහා දිවයින පුරා රාජකාරින්හී නිරතව සිටින යුද හමුදා භටපිරිස් විසින් සහාය ලබාදේ.
යුද හමුදාව කපුවත්ත ප්‍රදේශයේ ඇතිවූ ගින්නක් මැඩපවත්වයි
යුද හමුදා බටහිර ආරක්‍ෂක සේනා මුලස්ථානයට අයත් 12 වන ශ්‍රී ලංකා ක්‍ෂේත්‍ර ඉංජිනේරු බලකායේ භටපිරිස් විසින් පසුගිය දිනක කපුවත්ත, වල්ලාවිට රක්ෂිතයේ ඇතිවූ ගින්නක් සාර්ථකව මැඩපැවැත්විය.