පසුගිය පුවත්
දිස්ත්‍රික්ක පහක් සඳහා නායයාම් පුර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ
පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කොළඹ, කළුතර, රත්නපුර, ගාල්ල සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක පහ සදහා නායයෑම් පිළිබද පුර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
ශ්‍රී ලංකා පොලිසිය මගින් නුදුරේදීම ස්ථාපිත කිරීමට නියමිත ‘නීති විරෝධී වත්කම් හා බුද්ධිමය දේපළ වැරදි සම්බන්ධ නව විමර්ශන ඒකකය’
අපරාධකරුවන් විසින් නීතිවිරෝධී ලෙස උපයාගෙන ඇති වත්කම් පිළිබඳව විමර්ශනය කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය විසින් කොළඹ 01, චැතම් වීදියේ සෙන්ට්‍රල් පොයින්ට් හි ‘නීති විරෝධී වත්කම් හා බුද්ධිමය දේපළ වැරදි සම්බන්ධ නව විමර්ශන ඒකකය’ පිහිටුවීමට නියමිතය.
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධ සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට
මහා පරිමාණ හෙරොයින් ජාවාරම් වලට සම්බන්ධ 34 හැවිරිදි සැකකරුවෙකු සහ හෙරොයින් ග්‍රෑම් 1 මිලි ග්‍රෑම් 170 ක් සමඟ පෑලියගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
නාවික හමුදා සෙබළුන් තිදෙනෙකු තවදුරටත් ප්‍රථිකාර ලබමින් සිටී
ඉරිදා දින (ජූලි 19) වන විට කොරෝනා වෛරසය ආසාදිතව සිටි තවත් නාවිකයින් දෙදෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර, තවත් නැවියන් තිදෙනෙකු තවදුරටත් වෛද්‍ය ප්‍රතිකාර ලබාගනිමින් සිටී.
සෙනසුරාදා සිදුකල පැය 12 ක මෙහෙයුමකදී 1,563 දෙනෙකු පොලිස් අත්අඩංගුවට
පොලීසිය විසින් සෙනසුරාදා (ජූලි 18) පෙ.ව. 6.00 සිට ප.ව 6.00 දක්වා බස්නාහිර පළාතේ සිදුකල විශේෂ මෙහෙයුමක් අතරතුර පුද්ගලයින් 1,563 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
දිවයින පුරා සිදුකළ මෙහෙයුම් වලදී සැකකරුවන් 1,824 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ
අද දින උදෑසන වන විට දිවයින පුරා සිදුකළ මෙහෙයුම් වලදී සැකකරුවන් 1,824 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
හමුදා නිල ඇඳුම් සහ පතොරම් සමඟ සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට
හමුදා නිල ඇඳුම්, හෙරොයින් ග්‍රෑම් 5 ක්, ජීව උණ්ඩ 2ක්, හිස් මැගසින් හතරක්, නීති විරෝධී කිනිසි තියුණු දෙකක් සහ ත්‍රිරෝද රථයක් සමඟ සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අවුරුදු 12 ක ආසාදිතයෙක් රාජාංගණයෙන්
ඊයේ (17) සිදුකරන ලද පරීක්ෂණ 139 න්, රාජාංගණය ප්‍රදේශයේ 12 හැවිරිදි දරුවෙකුට පමණක් කොරෝනා වෛරසය ආසාදිත වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කළේය.
පොලිසිය, අනවසරයෙන් වාහන නැවැත්වීම සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කරයි
සිකුරාදා (ජූලි 17) සිට අනවසරයෙන් වාහන නැවැත්වීමට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසයි.
ජංගම දුරකථන 53 ක් බන්ධනාගාර නිලධාරීන් විසින් අත්අඩංගුවට
බන්ධනාගාර නිලධාරීන් විසින් බදාදා (ජූලි 15) දින වැලිකඩ කාන්තා බන්ධනාගාරය, කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය සහ කළුතර බන්ධනාගාර වල සිදුකරන ලද මෙහෙයුම් වලින් අනතුරුව ජංගම දුරකථන 53 ක් සමග දුරකථන බැටරි සහ සිම් කාඩ්පත් ඇතුළු උපාංග අත්අඩංගුවට ගෙන තිබේ.
කන්දකාඩු රැඳවියන් බැලීමට පැමිණි පුද්ගලයින් 114 දෙනෙකු PCR පරීක්ෂණ වලින් පසු අසාදිතයන් නොවන බවට තහවුරු වේ
කන්දකාඩු මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් බැලීමට ගිය ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් 114 දෙනෙකු කොරොනා වෛරසයට රෝගයට ගොදුරු වී නැති බව වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ෂවේන්ද්‍ර සිල්වා පවසයි.
දිවයින පුරා සිදුකළ මෙහෙයුම් වලදී සැකකරුවන් 1,642 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ
ඊයේ මධ්‍යම රාත්‍රියෙන් අවසන් වූ කාලය තුල දිවයින පුරා සිදුකළ මෙහෙයුම් වලදී සැකකරුවන් 1,642 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
නාවික හමුදාව, උතුරු මුහුදෙන් කේරළ ගංජා කිලෝ 164 ක් අල්ලා ගනී
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ (16) දින යාපනයේ මන්ඩතිව් දූපතට ඔබ්බෙන් වූ මුහුදේ දී සිදු කළ විශේෂ මෙහෙයුමකදී රු. 180,000 වටිනා කේරළ ගංජා කිලෝග්‍රෑම් 164 ක් පුද්ගලයින් දෙදෙනෙකු සමග අත්අඩංගුවට ගත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා පැවසීය.
ප්‍රාණ ඇපකරුවන් මුදවා ගැනීම සඳහා මැදිහත්කරුවන් ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් 9 දෙනෙකු පත් කෙරේ
ගුවන් යානා පැහැර ගැනීම් හෝ ප්‍රාණ ඇපකරුවන් රඳවාගැනීම් වැනි අවස්ථා කළමනාකරණයේ කොටසක් ලෙස ජාත්‍යන්තර ගුවන් සේවා සම්මුතීන් වලට අනුකූලව ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ මැදිහත්කරුවන් ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් 9 දෙනෙකු පත් කර ඇති අතර, ශ්‍රී ලංකාවේ මෙවැනි පියවරක් ගත් පළමු අවස්ථාව ලෙස සැලකේ.
නව නාවික හමුදාපති ආරක්‍ෂක ලේකම් හමුවෙයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිනව හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න අද (ජූලි 16) අමාත්‍යාංශ පරිශ්‍රයේදී ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න හමුවිය.
මැතිවරණ කොමිසම, නිරෝධායන වන පුද්ගලයින් සඳහා විශේෂ ඡන්ද මධ්‍යස්ථාන පිහිටුවීම පිළිබද සලකා බලයි
නිරෝධායන මධ්‍යස්ථානවල හෝ ස්වයං නිරෝධායනයක යෙදී සිටින පුද්ගලයින්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ජංගම ඡන්ද මධ්‍යස්ථාන හෝ විශේෂ ඡන්ද මධ්‍යස්ථාන පිහිටුවීමේ හැකියාව පිළිබද මැතිවරණ කොමිසම සලකා බලයි.
කොවිඩ් වසංගතයෙන් ජනතාව රැක ගැනීමේ අභියෝගය ජයගන්නා බවට ජනපතිගෙන් සහතිකයක්
කොවිඩ් 19 වසංගතය ලෝකයෙන් තුරන් කරන තෙක් විටින් විට රට තුළ මතු විය හැකි වෛරසය පැතිර යාමේ අවදානම පාලනය කර, ජනතාව රැක ගැනීමේ අභියෝගය ජය ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අවධාරණය කරයි.
රියදුරු බලපත්‍ර මුද්‍රණය : යුද හමුදාවට
ලබන වසරේ සිට රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම, ශ්‍රී ලංකා යුද හමුදාව විසින් භාර ගැනීමට නියමිතය.
කළුතර බන්ධනාගාරය තුල හෙරොයින් ජාවාරම් කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ
කළුතර බන්ධනාගාරයේ තාප්පයට ඉහළින් හෙරොයින් විසි කිරීමට උත්සාහ කළ පුද්ගලයින් දෙදෙනෙකු අඟහරුවාදා (ජූලි 15) කළුතර උතුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.