පසුගිය පුවත්
එංගලන්තයේ සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 234 ක් මෙරටට
එංගලන්තයේ සිටි ශ්‍රී ලාංකිකයින් 234 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අද උදෑසන (ජුලි 11) ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
මොස්කව් සහ ඩුබායි හි සිටි ශ්‍රී ලාංකිකයින් අද මෙරටට
රුසියාවේ සිටි ශ්‍රී ලාංකිකයින් 234 දෙනෙකු සහ ඩුබායිහි සිටි ශ්‍රී ලාංකිකයින් 296 දෙනෙකු රැගත් ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL 1206 සහ UL 226 ගුවන් යානයන් අද (ජුලි 10) බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණි බව ගුවන් තොටුපල රාජකාරි කළමනාකරු ජනිත් විදානපතිරණ පැවසීය.
තොප්පිගල නිදහස් කරගෙන අදට (ජූලි 10) වසර 13 යි
ශ්‍රී ලංකා යුද්ධ හමුදා සොල්දාදුවන් විසින් නැගෙනහිර ප්‍රදේශයේ එල්ටීටීඊ බලයේ අවසානය සනිටුහන් කරමින් මුහුදු මට්ටමේ සිට අඩි 1,753 (මීටර 534) ක් උසින් පිහිටි විශාල පර්වතයක් වන බැරන්ස්කැප් සහ කුඩුම්බිමලෙයි ලෙසින් හැඳින්වෙන තොප්පිගල අල්ලා ගනු ලැබීය.
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයන් COVID-19 අසාදිත රෝගීන් 196 ක් තහවුරු වේ
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් සහ කාර්ය මණ්ඩලය ඇතුළු පුද්ගලයින් 338 දෙනෙකු සඳහා ඊයේ (ජූලි 09) දින සිදු කරන ලද PCR පරීක්ෂණ වලට අනුව 196 දෙනෙකුට කොරෝනා වෛරසය අසාදිත බව අද (10) දින තහවුරු වී තිබේ.
ප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කොස්ගොඩ තාරකගේ සමීපතමයෙකු පොලිස් අත්අඩංගුවට
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ පාතාල අපරාධකරුවෙකු වන රොහාන් ප්‍රදීප් නොහොත් ‘කළු මල්ලී’ ඊයේ දින (ජූලි 09) රාත්‍රියේ අංගොඩදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
වැලිසර නාවික හමුදා රෝහලේ කටයුතු අද සිට පෙර පරිදි
දින 77 ක් වසා දමා තිබු වැලිසර නාවික හමුදා රෝහල අද දින (ජූලි 10) සිට නැවත බාහිර රෝගීන් සඳහා විවෘත කර ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කොමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර පැවසීය.
රාජකාරියෙන් ඔබ්බට යමින් සිදුකල විශිෂ්ඨ සේවය
පුද්ගලයින් සිව්දෙනෙකු විසින් ජුනි 26 වන දින ඔවුන් රාජකාරියේ යෙදී නොසිටි අවස්ථාවකදී සිදුකල මෙහෙවර අගය කරමින් ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න විසින් උපහාර හා මුදල් ත්‍යාග පිරිනමා ඇත.
නාවික හමුදාව විසින් පළමු සමුද්‍රීය මූලධර්ම සංග්‍රහය ආරක්ෂක ලේකම් වෙත භාර දෙයි
ශ්‍රී ලංකා නාවික හමුදාව පළමු සමුද්‍රීය මූලධර්ම සංග්‍රහය (Maritime Doctrine) ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න වෙත මීට සුළු වේලාවකට පෙර ආරක්ෂක අමාත්‍යාංශයේ දී භාර දුන්නේය.
වැල්ලවාය ප්‍රදේශයේ අලි මිනිස් ගැටුම අවම කිරීම සඳහා දෙහි පැළ සිටුවීමට පියවර
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව අලි මිනිස් ගැටුම් නිසා හානියට පත් ප්‍රදේශවල වන අලි තර්ජන අවම කිරීම සඳහා නව සංකල්පයක් ලෙස දෙහි පැළ සිටුවීම ආරම්භ කරයි. වන අලි ගමන් ගන්නා මාර්ගවල රෝපණය කිරීම සඳහා හඳපානාගල වෙසෙන කාර්ය මණ්ඩල සාමාජිකයින් අතර දෙහි පැළ 100,000 කට අධික ප්‍රමාණයක් බෙදා දී ඇත.
මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් කටයුතු කිරීමට විශේෂ මෙහෙයුම් මධ්‍යස්ථානයක්
එළඹෙන මහ මැතිවරණය සම්බන්ධ ගැටළු විසඳීම සඳහා පොලිස් මූලස්ථානය මගින් විශේෂ මෙහෙයුම් මධ්‍යස්ථානයක් පිහිටුවා ඇති බව පොලිසිය පවසයි.
පසුගිය පැය 24 තුළ පුද්ගලයන් 1,885 ක් පොලිස් අත්අඩංගුවට
අඟහරුවාදා (ජූලි 07) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වූ පැය 24 තුළ සිදු කල විවිධ වැරදි සම්බන්ධයෙන් රට පුරා පුද්ගලයින් 1,885 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කොරෝනා වෛරසය පැතිරීම වළක්වා ගැනීම සඳහා සියලුම බන්ධනාගාර අමුත්තන් සදහා වසා ඇත
එක් රැඳවියෙකුට කොරෝනා වෛරසය ආසාදිත බව ඊයේ (ජුලි 07) තහවුරු වීමත් සමඟ වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් සහ නිලධාරීන් 316 දෙනෙකු PCR පරීක්ෂණවලට භාජනය කර තිබේ.
කොත්මලේ ඔය අසල තිබී අධි බලැති පුපුරණ ද්‍රව්‍ය සහ ඩෙටනේටර් සොයාගනී
ලද තොරතුරකට අනුව අඟහරුවාදා (ජූලි 07) සවස නාවලපිටිය කොත්මලේ ඔය අසල තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් නාවලපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා ලත් තවත් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ නිලධාරියෙක් අත්අඩංගුවට
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධතා පැවැත්වූ බවට චෝදනා ලද පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට අනුයුක්ත තවත් පොලිස් කොස්තාපල්වරයකු අඟහරුවාදා (ජූලි 07) අත්අඩංගුවට ගෙන තිබේ.
මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධව අවශ්‍යව සිටි පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ පොලිස් පරීක්ෂක පොලිසියට භාර වෙයි
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට අනුයුක්තකර සිටි නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධව අවශ්‍යව සිටි පොලිස් පරීක්ෂක වෙහෙරවත්ත කංකානමලාගේ සමන් වසන්ත කුමාර අද (ජූලි 07) උදෑසන කඩවත පොලිසියට භාර වී තිබේ.
වෙරළට ගොඩගසා සිටි මිණිමුතු මෝරෙකු නාවික හමුදාව ගැඹුරු මුහුදට මුදාහරී
කල්මුණේ, නින්දවූර් වෙරළ තීරයේ ගොඩගසා සිටි මිණිමුතු මෝරෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ (ජුලි 06) නැවත ගැඹුරු මුහුදට මුදා හැර ඇත.
මුල්ලේරියාවේදී ගංජා කිලෝග්‍රෑම් 56.46 ක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට
බෙදාහැරීමට සූදානම් කර තිබූ කිලෝග්‍රෑම් 56 කට වඩා බරින් යුත් ගංජා තොගයක් සැකකරුවෙකු සමඟ මුල්ලේරියාව කැළණි නදී මාවතේදී සඳුදා (ජූලි 06) දින පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.