පසුගිය පුවත්
ආපදාවට පත් කෙන්යානු යාත්‍රාවකට නාවික හමුදා සහාය
ගොඩබිමෙන් නාවික සැතපුම් 170 ක් (කිලෝමීටර් 306) ඈතින් වු මුහුදේදී ආපදාවට පත්වූ කෙන්යානු නෞකාවක් ශ්‍රී ලංකා නාවික සිඳුරල නෞකාව විසින් අළුත්වැඩියා කිරීම සඳහා ඇදගෙන එනු ලැබූ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික දී සිල්වා අද දින පැවසීය.
කොරොනා අසාදිතයින් 2,094 ක් සුවය ලබා රෝහල්වලින් පිටවේ
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය විසින් නිකුත් කරන ලද වාර්තාවට අනුව, කොරොනා අසාදිතයින් 17 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමග සුවය ලැබූ සමස්ත කොරෝනා අසාදිතයින් සංඛ්‍යාව අද දින වන විට 2094 දක්වා ඉහළ ගොස් තිබේ.
‘ඉටුකම’ COVID-19 අරමුදලේ ශේෂය රු. මිලියන 1,511 ඉක්මවයි
ආයතනික හා තනි පරිත්‍යාග සහ සෘජු තැන්පතු හේතුවෙන්‘ඉටුකම ’ COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රු. මිලියන 1,511 ඉක්මවා ගොස් ඇත.
කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා ත්‍රිවිධ හමුදා වෛද්‍ය වෘත්තිකයින් දක්වන සහයෝගය ආරක්‍ෂක ලේකම්ගේ පැසසුමට ලක්වේ
නිර්භීතව හා කැපවීමෙන් සිය රාජකාරීන් ඉටුකරන හමුදා වෛද්‍ය කණ්ඩායම් රට තුළ කොරෝනා වෛරසය පැතිරීම අවම කිරීම සඳහා නිරෝධායන වැඩසටහන් ක්‍රියාත්මක කරමින් රජයට සහාය වී ඇති බව ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න පැවසීය.
සුරාබදු නිලධාරියකු ඇතුළු පුද්ගලයින් 8 දෙනෙක් ‘අයිස්’ සමඟ අත්අඩංගුවට
අයිස් ග්‍රෑම් 200 ක් සමග සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු කාන්තාවන් 04 දෙනෙකු ඇතුළු සැකකරුවන් 8 දෙනෙකු බදාදා (ජූලි 22) පුත්තලමේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර ආරක්ෂක රාජ්‍ය තාන්ත්‍රිකභාවය සහ සහයෝගිතාව ශක්තිමත් වෙමින් පවතී - ආරක්ෂක ලේකම්
ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න පැවසුවේ දෙරට අතර දේශපාලන, ආර්ථික, සංස්කෘතික හා අධ්‍යාපනික සබඳතා මත ගොඩනැඟුණු අන්‍යොන්‍ය විශ්වාසය තුළින් ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර ආරක්ෂක රාජ්‍ය තාන්ත්‍රිකභාවය හා සහයෝගීතාව ශක්තිමත්ව වර්ධනය වන බවයි.
ඉතාලියේ ශ්‍රී ලංකා කම්කරුවන් සඳහා සහන
2020 ජුනි 01 වැනි දින සිට අගෝස්තු 15 වැනි දින දක්වා ක්‍රියාත්මක වන ‘සැනටෝරියා 2020’ වැඩසටහන යටතේ ඉතාලි බලධාරීන් විසින් ලබා දී ඇති පොදු සමා කාලය තුලින් ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා ඉතාලියේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 20,000 කට අධික පිරිසකට සහන සැලසීමට විදේශ අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ධීවරයින්ට අනතුරු ඇඟවීම්
ඉදිරි පැය 24 ක කාලය තුල මන්නාරම සිට පුත්තලම දක්වා කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි අතර සුළගේ වේගය (පැ.කී.මී. (40-50) දක්වා) ද වැඩි විය හැකි බැවින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවුක ප්‍රජාවගෙන් සහ ආසන්න වෙරළ බඩ ජනතාවගෙන් මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටී.
දිවයින පුරා සිදුකළ මෙහෙයුම් වලදී සැකකරුවන් 1630 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ
අද දින (21) උදෑසන වන විට දිවයින පුරා සිදුකළ මෙහෙයුම් වලදී සැකකරුවන් 1630 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
උතුරු නාවික විධානය කජු වගාව ආරම්භ කරයි
ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා කජු සංස්ථාව සමග එක්ව කජු වගා කිරීමේ ව්‍යාපාරයක් දියත් කරමින් එහි පළමු අදියර ලෙස උතුරු නාවික විධානයේ කනක්සන්තුර වරායේ පැළ 100 ක් රෝපණය කළේය.
විශේෂ කාර්ය බලකාය වලස්මුල්ල ප්‍රදේශයේදී හමුදා නිල ඇඳුම්, ආයුධ සහ පතොරම් තොගයක් සොයා ගනී
පොලිස් විශේෂ කාර්ය බලකාය සඳුදා දින (ජූලි 20) වලස්මුල්ල ප්‍රදේශයේදී සිදුකරන ලද මෙහෙයුමකදී හමුදා නිල ඇඳුම්, ආයුධ සහ ජීව පතොරම් තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
නාවික පොකුරේ ‘තවදුරටත් කොරෝනා වෛරසය ආසාදිතයින් නොමැත’ ශ්‍රී ලංකා නාවික හමුදාව තහවුරු කරයි
වැලිසර කදවුරු පොකුරේ සිටි අවසන් කොරෝනා වෛරසය ආසාදිත නැවියන් තිදෙනා සුව වීමත් සමඟ නාවික කොරෝනා වෛරස් පොකුර සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බවට ශ්‍රී ලංකා නාවික හමුදාව සනාථ කරන ලදි.
කටුනායක හා රත්මලාන ගුවන්තොටුපලවල ගමන් මලු පරික්ෂා කිරීම නවතම තාක්ෂණයෙන්
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ සහ රත්මලාන ගුවන්තොටුපලේ ගමන් මලු පිරික්සීමේ පහසුකම්, නවීන තාක්‍ෂණය යොදා ගනිමින් වැඩි දියුණු කළ යුතු බව ශ්‍රී ලංකාවේ සිවිල් ගුවන් සේවා අධිකාරිය (CAASL) පවසයි.
පසුගිය පැය 48 තුළ පාතාල අපරාධකරුවන් හතර දෙනෙකු පොලිස් අත්අඩංගුවට
දිවයින පුරා අපරාධ මැඩලීම් සහ මත්ද්‍රව්‍ය නාශක මෙහෙයුම් පොලීසිය විසින් තවදුරටත් තීව්‍ර කිරීමත් සමඟ, මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු අපරාධ හා සම්බන්ධ අවශ්‍යව සිටි ප්‍රධාන සැකකරුවන් සිව්දෙනෙකු සඳුදා (ජූලි 20) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වූ පැය 48 තුළ අත්අඩංගුවට ගෙන තිබේ.
පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය පුහුණුව සඳහා භාවිතා කරන අවි ආකෘති නිපදවයි
තවත් සාර්ථක පර්යේෂණ ව්‍යාපෘතියක් සම්පූර්ණ කරමින් ආරක්ෂක අමාත්‍යාංශයේ පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය පුහුණුව සඳහා භාවිතා කරන අවි ආකෘති ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විශේෂ බලකාය වෙත හඳුන්වා දුන්නේය.
තද වැසි සහ මුහුදු රළ පිළිබඳ රතු අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ
වායුගෝලීය අව පීඩන කැළඹීම් හේතුවෙන් ශ්‍රී ලංකාවේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල පවතින වැසි තත්ත්වය ඉදිරි පැය 24 තුළ අඛණ්ඩව පවතිනු ඇති බවට අපේක්ෂා කරන බව අද දින (ජුලි 20) මීට සුළු මොහොතකට පෙර රතු නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බාධාවකින් තොරව සන්නිවේදන කටයුතු සිදු කිරීම සඳහා Huawei වීඩියෝ සම්මන්ත්‍රණ පද්ධතියක්
Huawei Technologies Lanka Co. (Pvt) Ltd විසින් අද දින (ජූලි 19) ආරක්ෂක අමාත්‍යාංශයට වීඩියෝ සම්මන්ත්‍රණ පද්ධතියක් පරිත්‍යාග කරන ලදී.