පසුගිය පුවත්
පොදු ස්ථාන වල මුහුණු ආවරණ පැළද නොසිටි පුද්ගලයින් 1,214 දෙනෙකු නිරෝධායනයට
මුහුණු ආවරණ නොපැලද පොදු ස්ථාන වල රැදී සිටි පුද්ගලයින් 1,214 දෙනෙකු පොලිසිය විසින් සති දෙකක නිරෝධායනය සදහා යොමු කර ඇත.
ඕමානයේ සිටි ශ්‍රී ලාංකිකයින් 288 දෙනෙකු මෙරටට
ඕමානයේ සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 288 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අද දින (ජුනි 29) බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට වෙත පැමිණ ඇත.
ඇඳිරි නීතිය අද සිට සම්පූර්ණයෙන්ම ඉවතට
කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා රට පුරා පැනවූ ඇඳිරි නීතිය අද (ජුනි 28) දින සිට සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
බෙලරූස් හා ඩුබායි සිට ශ්‍රී ලාංකිකයින් පිරිසක් අද දිවයිනට
බෙලරූස් සිට ශ්‍රී ලාංකිකයින් 290 ක් හා ඩුබායි සිට ශ්‍රී ලාංකිකයින් 51 දෙනෙකු අද(28) දින ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL 1206 හා UL 226 ගුවන් යානා මගින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණි බව ගුවන් තොටුපල රාජකාරි කළමණාකරු ජනිත් විදානපතිරණ පැවසීය .
ගංජා කිලෝග්‍රෑම් 10 ක් සමඟ පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට
ගංජා කිලෝග්‍රෑම් 10 ක් ප්‍රවාහනය කරමින් සිටියදී අනුරාධපුර පොලිසියේ පොලිස් කොස්තාපල්වරයෙකු බ්‍රහස්පතින්දා (ජූනි 26) දින අත්අඩංගුවට ගෙන තිබේ.
කොරෝනා වෛරසයෙන් සුව වූ පුද්ගලයින් 1,619 දක්වා ඉහළට
රෝහල්වලින් සුවය ලබා පිටව යන ලද කොරෝනා වෛරස් රෝගීන් සංඛ්‍යාව 1,619 දක්වා ඉහළ ගොස් තිබේ.
ශ්‍රී ලාංකිකයින් 230 ක් බංග්ලාදේශයේ සිට මෙරටට
බංග්ලාදේශයේ සිට ශ්‍රී ලාංකිකයින් 230 දෙනෙකු බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ඊයේ සවස (ජුනි 26) පැමිණියහ.
රාජකාරියෙන් ඔබ්බට ගිය ආදර්ශවත් හැසිරීම වෙනුවෙන් පොලිස් නිලධාරීන් සිව් දෙනෙකුට මුදල් ත්‍යාග
ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න, පොලිස් නිලධාරීන් සිව්දෙනෙකුට සහ සිවිල් වැසියෙකුට අද දින (ජූනි 25) මුදල් ත්‍යාග හා සහතිකපත් ප්‍රදානය කළේ ඔවුන්ගේ රාජකාරියේ විශිෂ්ඨභාවය අගය කරමිනි.
ශ්‍රී ලංකාවෙන් මත්ද්‍රව්‍ය උවදුර තුරන් කරන බවට ආරක්‍ෂක ලේකම්වරයා සහතික වෙයි
ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න අවධාරණය කළේ දුෂිත ක්‍රියාකාරකම්, පාතාල අපරාධකරුවන් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම වැනි අකටයුතුකම් සඳහා බන්ධනගාර නිලධාරීන්, නිතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් හා වෙනත් නිලධාරීන් තමන්ට පැවරී ඇති බලතල අනිසි ලෙස යොදාගන්නේ නම් ඔවුන්ට එරෙහිව දඩුවම් ලබාදීම ප්‍රමාදයකින් තොරව සිදුකරන බවයි.
ශ්‍රී ලාංකිකයින් 171 ක් ලෙබනනයේ සිට මෙරටට
ලෙබනනයේ, බේරුට් සිට ශ්‍රී ලාංකිකයින් 171 දෙනෙකු රැගත් ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL 1506 ගුවන් යානය කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණි ඇත.
කොළඹ අපරාධ අංශය විසින් කොළඹ දී කප්පම්කරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගනී
කොළඹ, බැස්ටියන් මාවතේදී සිදු වූ කප්පම් සිද්ධියට සම්බන්ධ සැකකරුවන් පස් දෙනෙක් කොළඹ අපරාධ අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. නීතිමය කටයුතු සඳහා ඔවුන් අද (26) අලුත්කඩේ අංක 02 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ඇත.
නීතිවිරෝධී ගිනි අවි ළග තබාගෙන සිටින සැකකරුවන් සොයා මෙහෙයුම්
පූගොඩ පොලිසිය විසින් නීතිවිරෝධී ගිනි අවියක් සමඟ 41 හැවිරිදි පුද්ගලයෙකු පූගොඩ දී අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු අද දින (ජුනි 26) අධිකරණ කටයුතු සදහා පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිස් මාධ්‍ය අංශය පවසයි.
පොලිසිය සමඟ ඇති වූ වෙඩි හුවමාරුවකින් පාතාල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මිය යයි - ගම්පහ
ගම්පහ දී පොලීසිය සමග සිදු වූ වෙඩි හුවමාරුවක දී පාතාල අපරාධ කල්ලි සාමාජිකයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන රන්කොත් පේඩිගේ සංජීව සම්පත් නොහොත් ‘කැටවලපිටිගේ සම්පත්’ නම් පුද්ගලයා අද දින (ජූනි 26) අලුයම මියගොස් ඇත.
නාවික හමුදාවෙන් ජංගම දන්ත වෛද්‍ය ඒකකයක්
නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ මඟපෙන්වීම යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද (ජුනි 25) දින තාක්ෂණයෙන් උසස් ‘ජංගම දන්ත ශල්‍ය ඒකකයක්’ හදුන්වා දී ඇත.
සිවිල් ආරක්ෂක බලකාය දිඝවාපියෙහි නිවාස 500 ක් නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පත් කරයි
අම්පාර, දිඝවාපිය ප්‍රදේශයේ අතහැර දමා ඇති ගම්මාන වල නිවාස 500 ක් නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පත් කිරීමේ ව්‍යාපෘතියක් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර ඇති බව එහි මාධ්‍ය අධ්‍යක්ෂ කර්නල් නිලන්ත රත්නසිංහ අද (25) දින පැවසීය.
රණවිරු සේවා අධිකාරිය, රණවිරුවකුගේ පුතෙකුට ක්‍රිකට් උපකරණ පරිත්‍යාග කරයි
ක්‍රීඩා කටයුතු වලට දිරිදීමක් ලෙස රණවිරු සේවා අධිකාරිය විසින් රණවිරු පුතෙකු වෙත ඊයේ (ජූනි 24) දින ක්‍රිකට් උපකරණ කට්ටලයක් පරිත්‍යාග කළේය.
නව ප්‍රධාන බන්ධනාගාර නියාමකවරුන් හය දෙනෙකු පත් කර ඇති අතර 19 දෙනෙකුට ස්ථාන මාරු විම්
නව ප්‍රධාන බන්ධනාගාර නියාමකවරුන් හය දෙනෙකු අලුතින් පත් කර ඇති අතර තවත් 19 දෙනෙකු සේවා අවශ්‍යතා මත වහාම ක්‍රියාත්මක වන පරිදි මාරු කර යවා ඇත.
මත්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධ සම්බන්ධයෙන් සැකකරුවන් 8,400 කට වැඩි පිරිසක් අත්අඩංගුවට
ජුනි 06 සිට ජුනි 24 දක්වා කාලය තුළ හෙරොයින්, ගංජා සහ අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීම සහ ගනුදෙනු කිරීම ඇතුළු මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදිවලට චෝදනා ලැබූ සැකකරුවන් 8,461 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
වාලච්චේන කඩදාසි කම්හල යථා තත්වයට පත් කිරීම සඳහා නාවික හමුදා සහාය
මඩකලපුවේ වාලච්චේන කඩදාසි කම්හල පෙර තිබූ කීර්තිමත් තත්වයට ගෙන ඒම සඳහා රජය ගනු ලබන ක්‍රියාමාර්ග සඳහා මෙන්ම එහි අඛණ්ඩ කඩදාසි නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ පුර්ණ සහාය ලබා දෙන බව ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර පැවසීය
ත්‍රිවිධ හමුදා ශ්‍රමයෙන් ගොඩනැගෙන සඳහිරු සෑය
ත්‍රිවිධ හමුදාව පොලීසිය හා සිවිල් ආරක්‍ෂක බලකා සාමාජිකයින්ගේ ශ්‍රමයෙන් අනුරාධපුරයේ ඉදිකෙරෙන සඳහිරු සෑයේ ඉදිකිරීම් කටයුතු මේ වන විට 68% ක් පමණ නිම කොට ඇත.