පසුගිය පුවත්
අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ CCTV 79ම වැඩ නෑ
නවීන ආකාරයට මෑතකදී ඉදිකරන ලද අඟුණකොළපැලැස්සේ බන්ධානාගාරයේ සවිකර ඇති සී.සී.ටී.වී කැමරා 79න් එක් සී.සී.ටී.වී. කැමරාවක්වත් මේ වන විට ක්‍රියාත්මක නොවන බව ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා හෙළිදරව් කළේය.
කොරෝනා වෛරසයට එරෙහිව ශ්‍රී ලංකාව දරණ උත්සාහයන් පිළිබඳව NOCPCO ප්‍රධානියා විදේශ තානාපති කාර්යාල නිලධාරීන් දැනුවත් කරයි
COVID-19 පැතිරීම වැළක්වීම සඳහා ත්‍රිවිධ හමුදාවේ සහ සෞඛ්‍ය අංශ නිලධාරීන්ගේ කාර්යභාරය පිළිබඳව අඟහරුවාදා (ජූනි 16) දින විදේශ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් රැසක් සමඟ පැවති සාකච්ඡාවකදී, කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් සවිස්තරාත්මකව දැනුවත් කරන ලදි.
කේරළ ගංජා කිලෝ 6 කට වඩා වැඩි ප්‍රමාණයක් සමග සැකකරුවකු ඕමන්තේදී අත්අඩංගුවට
ඕමන්තෙ පොලිස් බල ප්‍රදේශයේ තුවරන්කුලම්හිදී කේරළ ගංජා කිලෝ 06 කට වඩා වැඩි ප්‍රමාණයක් සමග සැකකරුවකු විශේෂ කාර්ය බලකාය සහ ඕමන්තෙ පොලිසිය ඒකාබද්ධව සිදු කල මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන ඇත.
හෙරොයින් කිලෝ 6 කට වඩා වැඩි ප්‍රමාණයක් සමග සැකකරුවකු කුරණදී අත්අඩංගුවට
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් සදුදා (ජුනි 15) දින කටුනායක, කුරණ හිදී හෙරොයින් කිලෝ 6 කට වඩා වැඩි ප්‍රමාණයක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇත.
වෛරසය ආසාදිත රටවලින් සරණාගතයින් පැමිණීම වැළැක්වීම සඳහා නාවික හමුදාව දැඩි අවධානයෙන්
නව කොරෝනා වෛරස් වසංගතය ආරම්භයේ සිටම වෛරසය බලපෑ රටවලින් සරණාගතයින් පැමිණීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව රට පුරා විශේෂ මුහුදු මෙහෙයුම් ගණනාවක් දියත් කළ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර අද (16) දින පැවසීය.
ශ්‍රී ලංකාව සියලු ජාතීන්ට ජීවත්වීමට සුදුසු සාධාරණ හා ආරක්ෂිත රටක් වනු ඇත - ආරක්ෂක ලේකම්
අනාගතයේ දී සියලු ප්‍රජාවන්ට සාධාරණ හා ආරක්ෂිත රටක ජීවත්වීම සඳහා මත්ද්‍රව්‍ය උවදුර, පාතාල ක්‍රියාකාරකම්, සංවිධානාත්මක අපරාධ සහ කප්පම් ගැනීම් ආදියෙන් තොර සමාජයක් ඇතිකරන බවට ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න සහතික විය.
නේපාලයෙන් ,ශ්‍රී ලාංකිකයින් 34 ක් මෙරටට
කොරෝනා වසංගතය හේතුවෙන් නේපාලයේ අතරමංව සිටින ශ්‍රී ලාංකිකයින් පිරිසක් අද (ජූනි 16) දින උදෑසන හිමාලයා ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් ශ්‍රී ලංකාවට පැමිණියහ.
මන්නාරම සහ අනුරාධපුර රෝහල් සදහා යුද්ධ හමුදා සාමාජිකයින් 180 දෙනෙකු ලේ පරිත්‍යාග කරයි
අනුරාධපුර ශික්ෂණ රෝහල සහ මන්නාරම මහ රෝහල විසින් සිදු කරන ලද ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ඉරිදා (ජුනි 14) දින ලේ දන් දීමේ වැඩසටහනක් සිදු කර තිබේ.
කොරෝනා වෛරස් අසාදිත වූ නැවියන් 740 ක් සුවය ලබයි
කොරෝනා වෛරස් අසාදිත වූ ශ්‍රී ලංකා නාවික හමුදාවේ සෙබළුන් 740 දෙනෙකු සුවය ලබා සඳුදා (ජූනි 15) දින රෝහල්වලින් පිටව ගොස් ඇත.
පුද්ගලයින් 14,097 ක් ත්‍රිවිධ හමුදාවේ නිරෝධායන මධ්‍යස්ථාන වලින් පිට වී ඇත
නිරෝධායනය වූ පුද්ගලයින් 14,097 ක් ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන් යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වලින් පිටව ගොස් ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
උමා ඔය ව්‍යාපෘතියේ වැඩ කිරීම සදහා පැමිණෙන ඉරාන වැසියන් නිරෝධායනයට - NOCPCO
දැනට ක්‍රියාත්මක උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ නියුක්ත වීම සදහා අද දින පැමිණෙන ඉරාන ජාතිකයින් පිරිස, එම ස්ථානයේ වැඩ ආරම්භ කිරීමට පෙර නිරෝධායන ක්‍රියාවලියකට භාජනය කෙරෙනු ඇත.
ඩෙංගු මර්දන වැඩසටහන් සඳහා යුද්ධ හමුදාව දායක වෙයි
මහනුවර 11 වන සේනාංකය යටතේ වන 111 බලසේනාවේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින් විසින් සෙනසුරාදා (ජූනි 13) දින දොඩම්වල, මුරුතලාව, මහකන්ද සහ කෙන්ගල්ල යන ප්‍රදේශවල මදුරුවන් බෝවන ස්ථාන පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වන ලදි.
මියගිය පොලිස් කොස්තාපල් සැරයන් නිලයට උසස් කෙරේ
බම්බලපිටියේදී ජුනි 11 වන දින හදිසි අනතුරකට ලක්වූ මියගිය රාජ්‍ය බුද්ධි සේවාවට අනුයුක්ත පොලිස් කොස්තාපල් සිතුම් අලහප්පෙරුම (22) අද දින සිට සැරයන් නිලයට උසස් කර ඇත.
යස්මින් සූකා සහ ITJP ට එරෙහිව මේජර් ජෙනරාල් සුරේෂ් සලේ නීතිමය පියවර ගනී
ශ්‍රී ලංකාවේ රාජ්‍ය බුද්ධි සේවා වත්මන් අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් සුරේෂ් තුවාන් සලේ, යස්මින් සූකා මහත්මිය සහ සත්‍ය හා යුක්තිය සදහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය වෙත එන්තරවාසියක් යැවීමට පියවර ගෙන තිබේ.
ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේ ‘එක් දින සේවාව’ ජුනි 22 දින සිට නැවත ආරම්භ කෙරේ
කොරෝනා වසංගත තත්වය හේතුවෙන් තාවකාලිකව අත්හිටවා තිබු ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේ ‘එක් දින සේවාව’ 2020 ජුනි 22 වන දින සිට නැවත ආරම්භ කිරීමට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ කොරෝනා වෛරසය ආසාදිතව සිට සුවය ලැබුවන් 712 දක්වා ඉහල යයි
කොරෝනා වෛරසය ආසාදිතව සිට ප්‍රතිකාර ලබා සුවය ලැබූ රෝගීන් 33 දෙනෙකු ඊයේ (ජුනි 14) දින රෝහල් වලින් පිටව යාමත් සමග සුවය ලැබූ මුළු සංඛ්‍යාව 712 දක්වා ඉහල ගොස් ඇත.
කැබිතිගොල්ලෑව සමූලඝාතනය සිදුවී අදට වසර 15 යි
කැබිතිගොල්ලෑවේදී සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් බස් රථයක් වෙත එල්ල කරන ලද ත්‍රස්ත ප්‍රහාරය එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් විසින් සිදුකරන ලද ම්ලේච්ඡ සංහාරයන්ගෙන් එකකි.
නව විශේෂ කාර්ය බලකා අණදෙන නිලධාරි ආරක්ෂක ලේකම් හමුවෙයි
විශේෂ කාර්ය බලකායේ නව අණදෙන නිලධාරි ලෙස රාජකාරී භාරගත් නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අද (ජුනි 15) දින උදෑසන ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න ආරක්ෂක අමාත්‍යංශයේදී හමුවිය.
කොරෝනා වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ නාවිකයින් 708 දෙනෙකු රෝහල් වලින් පිටව යයි
කොරෝනා වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ නාවිකයින් 708 දෙනෙකු මේ වන විට රෝහල් වලින් පිටව ගොස් ඇති බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වාර්තා කරයි.
ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරන නිරෝධායන මධ්‍යස්ථාන වලින් තවත් පුද්ගලයින් 222 දෙනෙකු අද දින (15) පිටත්ව යාමට නියමිතය
ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරන නිරෝධායන මධ්‍යස්ථාන වලදී සති තුනක නිරෝධායන ක්‍රියාවලිය අවාන්කළ පුද්ගලයින් 222 දෙනෙකු පිටත්ව යාමට නියමිතය.
සොයිසාපුර වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ වාහනය පැදවූ රියදුරු අත්අඩංගුවට
සොයිසාපුර වෙඩි තැබීම සඳහා භාවිතා කළ වාහනයේ රියදුරු යැයි විශ්වාස කරන තවත් සැකකරුවෙකු ත්‍රිරෝද රථයක්ද සමඟ ඊයේ (14) අත්අඩංගුවට ගෙන තිබේ.