පසුගිය පුවත්



පසුගිය පුවත් | පසුගිය පුවත්

රක්නා ආරක්ෂක ලංකා සමාගම විසින් COVID-19 ට එරෙහිව සටන් කිරීමට රු. මිලියන 3 ක්

ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක  රජය සතු ව්‍යාපාරයක් වන ප්‍රමුඛතම ආරක්ෂක සේවා සැපයුම්කරුවෙකු වන රක්නා අරක්ෂක ලංකා ලිමිටඩ් සමාගම විසින් රු. මිලියන තුනක් COVID-19 ට එරෙහිව සටන් කිරීමට රජය ගන්නා උත්සාහයන් ශක්තිමත් කිරීම සඳහා ලබා දී ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

COVID-19 ට එරෙහිව සටන් කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට ඩිජිටල් විසඳුම් ලබා දීමට Huawei සමාගම ඉදිරිපත් වෙයි

COVID-19 වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා ප්‍රමුඛ පෙළේ ගෝලීය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සැපයුම්කරු වන Huawei සමාගම ආරක්ෂක අමාත්‍යාංශයට ඩිජිටල් විසඳුම් රාශියක් ලබා දීම සඳහා සහතික වී  තිබේ.

 


පසුගිය පුවත් | පසුගිය පුවත්

LOLC සමාගම විසින් පුද්ගල ආරක්‍ෂක උපකරණ, මුහුණු ආවරණ සහ සනීපාරක්ෂක උපකරණ පරිත්‍යාග කරයි

LOLC සමාගම් සමූහය ‘මනූසත් දෙරණ’ සමඟ එක්ව පුද්ගල ආරක්‍ෂක  උපකරණ 75 ක්, මුහුණු ආවරණ 06 ක් සහ සනීපාරක්ෂක දියර කෑන් 06 ක් ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න  වෙත අප්‍රේල් 10 වන දා පරිත්‍යාග කළේය.

 

 


පසුගිය පුවත් | පසුගිය පුවත්

අලුත් අවුරුදු සැමරුම් සදහා ඒකරාශී වීම සපුරා තහනම් - ශ්‍රී ලංකා පොලිසිය

COVID-19 පැතිරීම වැළැක්වීම පිණිස ජනතාවගේ ගමනාගමනයන් සීමා කිරීම සඳහා ඇඳිරි නීතිය පනවා ඇති බැවින් ඇඳිරි නීති කාලසීමාව තුල  අලුත් අවුරුදු සැමරුම් සිදු කිරීම තහනම් බව පොලිසිය පවසයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

COVID-19 ආසාදිත මළ සිරුරු ආදාහනය කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය නව රෙගුලාසි නිකුත් කරයි

COVID- 19 ආසාධිතව මියයන පුද්ගලයින්ගේ මෘත දේහය සෙල්සියස් අංශක 800 සිට 1200ක් දක්වා වු උෂ්ණත්වයක් සහිතව විනාඩි 45 සිට පැයක් දක්වා කාලයක් දේහය ආදාහනය කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

රාගම සහ වැලිසර රෝහල්හි සෞඛ්‍ය සේවක කාර්ය මණ්ඩලයේ 27ක්, මුලන්කාවිල් ප්‍රදේශයේ පිහිටි නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කෙරේ.

  • රෝහල් සේවකයින් දෙදෙනෙකු සුදුවැල්ලෙහි COVID-19 ආසාදිත පදිංචිකරුවෙකු සමඟ සමීපව සම්බන්ධතා  පවත්වා ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ජා-ඇල COVID-19 ආසාදිත රෝගීන් සමඟ සමීපව සම්බන්ධ වූ තවත් නිවැසියන් 52 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කරන ලදී

ජා-ඇල , සුදුවැල්ලෙහි COVID-19 ආසාදිත රෝගීන් සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූ අය පිළිබඳ බුද්ධි තොරතුරු ලබා  ගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ලබා දුන් නිරෝධායන නියෝග වලින් වැළකී සිටි බැවින් ඔවුන්ව නිරෝධායනය කිරීමට උපදෙස් දී තිබේ.

 


පසුගිය පුවත් | පසුගිය පුවත්

නාවික හමුදාව කොළඹ ජාතික රෝහල සඳහා අඩු පීඩන හුදකලා කාමර (Negative Pressure Isolation) නිෂ්පාදනය කරයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ඉංජිනේරුවන් විසින් නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ උපදෙස් පරිදි කොළඹ ජාතික රෝහල සඳහා අඩු පීඩන  හුදකලා කාමර දෙකක් (NPIR) නිර්මාණය කර තිබේ.



පසුගිය පුවත් | පසුගිය පුවත්

අසනීපව සිටි විදේශීය නාවිකයෙකුට වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට නාවික හමුදාවේ සහාය

ඉන්දියානු සමාගමකට අයත් වෙළඳ නෞකාවක අසනීපව සිටි නාවිකයෙකුට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට ගොඩබිමට පැමිණීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සහය විය. එම නෞකාව වෙත සේවාවන් සපයන ශ්‍රී ලංකාවේ තිබෙන දේශීය සමාගම විසින් සිදු කරන ලද ඉල්ලීමකට අනුව 38 හැවිරිදි මෙම රෝගියා ගොඩබිම වෙත ගෙන එන ලදී.

 



පසුගිය පුවත් | පසුගිය පුවත්

යාපනයේ විශ්‍රාමික සහ ආබාධිත පුද්ගලයින් සදහා හමුදා සාමාජිකයින්ගේ සහාය

යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය විශ්‍රාමිකයින්ට සහ ප්‍රතිලාභීන්ට තම විශ්‍රාම වැටුප්, ගෙවීම් සහ මුල්‍යාධාර බැංකුවට ගොස් ලබා ගැනීමට සහ නැවත සිය නිවෙස් කරා පැමිණීමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් ලබා දී තිබේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

7 ගැහේබ සහ 9 වන ශ්‍රීලජාආබ වේ භට පිරිස් අවශ්‍යතා සහිත පුද්ගලයින් සදහා ආහාර සලාක බෙදා දෙයි

7 වන ගැමුණු හේවා බලකායේ සහ 9 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ සෙබළුන් විසින් උදයාර්කට්ටු ගම්වැසියන් අතර ආහාර හා අත්‍යවශ්‍ය සලාක බෙදා හැරීමට රජයේ නිලධාරීන් හට සහාය දැක්වීය.

 


පසුගිය පුවත් | පසුගිය පුවත්

COVID-19 ට එරෙහි සංග්‍රාමයේ පෙරමුණගෙන සේවය කරන සියළු දෙනා හට උපහාර පිණිස නෙළුම් කුළුණ ආලෝකමත් කෙරේ

COVID -19 ට එරෙහි සටනට නායකත්වය දෙන සියලුම පුද්ගලයින්ට උපහාර දැක්වීම සඳහා කොළඹ නෙළුම් කුළුණ අද (අප්‍රේල් 11) දින සවස 06.45 ට ආලෝකමත් කිරීමට  නියමිතය.

 


පසුගිය පුවත් | පසුගිය පුවත්

COVID-19 ට එරෙහිව දැඩි කැපවීමෙන් රාජකාරී කරන පොලිස් සාමාජිකයින් වෙත රු. 5,000 බැගින් මුදල් ත්‍යාග

ප්‍රධාන පොලිස් පරීක්ෂක සහ එයට පහළ තනතුරුවල සියලුම පොලිස් නිලයින්ට COVID-19 වසංගතයට එරෙහිව සටන් කිරීම වෙනුවෙන් ඔවුන් විසින් සිදු කරන ලද පරාර්ථකාමී සේවය අගයමින් රු. 5,000 බැගින් මුදල් ත්‍යාග පිරිනැමේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

රුපියල් මිලියන 3,270 ක පමණ වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් නාවික හමුදා අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව ශ්‍රී ලංකාවට නිරිත දෙසින් ගැඹුරු මුහුදේ සිදුකරන ලද මෙහෙයුමකදී ඊයේ උදෑසන වටිනාකම රුපියල් මිලියන 3,270 ක් වන හෙරොයින් සහ crystal methamphetamine (අයිස්) තොගයක් අත්අඩංගුවට ගෙන ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

150,000 කට අධික පිරිසකගේ සහන දීමනා බෙදා හැරීමට යාපනය හමුදා සාමාජිකයින්ගේ සහාය

COVID-19 පැතිරීම සීමා කිරීම සදහා පනවා තිබෙන ඇදිරි නීතිය හේතුවෙන් යාපනය  අර්ධද්වීපය තුල පීඩාවට පත්ව සිටින 150,000 කට අධික පිරිසකට සහනාධාර බෙදා හැරීම සදහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්  දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිලධාරීන්ට සහාය ලබා දී ඇත.

 

 


පසුගිය පුවත් | පසුගිය පුවත්

COVID-19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් හෝමගම මූලික රෝහල් වාට්ටුව නවීකරණය කරයි

හෝමගම මූලික රෝහලෙන් ලැබුණු ඉල්ලීමකට අනුව, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කටුනායක  කඳවුරේ සිවිල් ඉංජිනේරු අංශයේ  කණ්ඩායමක් විසින් COVID-19 සැක සහිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා  එම රෝහලේවෙන්කර ඇති  අංක 1 වාට්ටුව   නවීකරණය කරන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ගමනාගමනයේදී මුහුණු ආවරණ පැළඳීම අනිවාර්යයි - පොලිසිය

අද (අප්‍රේල් 11) දින සිට මාර්ගයේ ගමන් කරන සියලුම අවසරලත්  පුද්ගලයින් මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි.



පසුගිය පුවත් | පසුගිය පුවත්

COVID-19 ආසාධිත සරණාගතයින්ට මෙරටට අනවසරයෙන් ඇතුළු වීමට ඉඩක් නැත - ශ්‍රී ලංකා නාවික හමුදාපති

COVID-19 පිළිබද බිය නිසා ඉන්දියාව ඇතුළු අසල්වැසි රටවලින් පලා යන පුද්ගලයින් ශ්‍රී ලංකාවට ඇතුළුවීම වැළැක්වීම සඳහා මෙරට  මුහුදු තීරයේ සහ වෙරළ තීරයේ සිය නිරීක්ෂණ කටයුතු ශක්තිමත් කර ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

COVID-19 ට එරෙහිව සටන් කිරීම සඳහා ඔවුන්ගේ දැනුම බෙදාහදා ගැනීමට සුප්‍රසිද්ධ ශ්‍රී ලංකා විශේෂඥයින් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වේ

ශ්‍රි ලංකාවේ COVID-19 වසංගතයට  එරෙහිව සටන් කිරීම සඳහා යාන්ත්‍රණයක් සොයා ගැනීමට රජය ගන්නා උත්සාහයන්ට සහාය වීම සඳහා විද්වතුන් සහ විශ්ව විද්‍යාල ශාස්ත්‍රාලකයින් ඇතුළු වෘත්තිකයින් පිරිසක් ඔවුන්ගේ ක්ෂේත්‍රයට අදාල, වෘත්තීය දැනුම හා තාක්ෂණික යෙදවුම් බෙදා ගැනීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූහ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නාවික හමුදාව විසින් ස්වයං නිරෝධායනය වෙමින් සිටි සීදුව ප්‍රදේශවාසීන් 28 දෙනෙකු ඔලුවිල් නිරෝධායන මධ්‍යස්ථානයට පිටත් කර යවයි

ප්‍රදේශයේ COVID-19 පැතිරීමේ අවදානමක් ඇති බව සොයා ගැනීමෙන් පසු ස්වයං නිරෝධායනය වන ලෙස උපදෙස් ලබා දී තිබියදී එම ක්‍රියාවලිය මගහරිමින් සිටි සීදුව ප්‍රදේශවාසීන් 28 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.