පසුගිය පුවත්
ත්‍රිකුණාමලය,කින්නියා ප්‍රදේශයේදී ඩයිනමයිට් පුපුරා යාමෙන් දෙදෙනෙකු මියයයි
කින්නියා පෙරියාතමුන ප්‍රදේශයේ අඟහරුවාදා (ජූනි 9) දින ඇතිවූ හදිසි ඩයිනමයිට් පිපිරීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇත.
කොරෝනා වෛරසය ආසාදිතව සිටි නැවියන් 637 දෙනෙකු සුවය ලබයි
කොරෝනා වෛරසය ආසාදිත බවට තහවුරු වූ ශ්‍රී ලංකා නාවික හමුදා සාමාජිකයින් 637 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇත.
නිරෝධායන ක්‍රියාවලිය අවසන් කල පුද්ගලයින් සංඛ්‍යාව 12,533 දක්වා ඉහලට
ත්‍රිවිධ හමුදාව මගින් පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානවලින් පුද්ගලයින් 12,533 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය සම්පූර්ණ කර ඇති බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් නැගෙනහිර පිහිටි සියලුම පුරාවිද්‍යාත්මක උරුමයන් සංරක්‍ෂණය කෙරේ - ආරක්‍ෂක ලේකම්
නැගෙනහිර පළාතේ පුරාවිද්‍යා උරුමයන් කළමනාකරණය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය වෙත ආගමික වෙනස්කම් නොසලකා නැගෙනහිර පළාතේ සියලුම පුරාවිද්‍යාත්මක උරුමයන් සංරක්‍ෂණය කිරීමේ කාර්ය පැවරී ඇති බව ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න පැවසීය.
පසුගිය පැය 24 තුල වාර්තා වුයේ කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් දෙදෙනෙකු පමණි
අද (10) දින උදෑසන 6.00 න් අවසන් වූ පැය 24 තුළ තහවුරු වී ඇත්තේ කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් දෙදෙනෙකු පමණක් වන බවත් ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙකු විදෙස්ගතව සිට මෙරටට පැමිණි අයෙකු වන බවත් අනෙක් පුද්ගලයා නාවික හමුදා සාමාජිකයෙකු වන බවත් හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ පැවසීය.
සොයිසාපුර වෙඩි තැබීමේ සිද්ධිය සඳහා භාවිතා කළ වාහනය තවත් සැකකරුවෙකු සමඟ අත්අඩංගුවට ගෙන තිබේ
මොරටුව සොයිසාපුර වෙඩි තැබීම සඳහා භාවිතා කළ වාහනය සමඟ තවත් සැකකරුවෙකු ඊයේ (ජූනි 9) දින සවස පිලියන්දල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ජාතික රෝහල් මුදල් මංකොල්ලකරු අත්අඩංගුවට
කොළඹ ජාතික රෝහලේ මුදල් මංකොල්ලයේ සැකකරු ඊයේ (9) දින සිදුවීමෙන් පසු බොරැල්ල ප්‍රදේශයේදී කුලී රථයකින් පලා යමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.
නාවික හමුදාව ගාලුමුවදොර පිරිසිදු කරයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ තවත් වෙරල පිරිසිදු කිරිමේ වැඩසටහනක් ලෙස ගාලුමුවදොර ඊයේ (ජුනි 9). දින පිරිසිදු කළේය.
‘ඉටුකම ’ COVID-19 අරමුදල් ශේෂය රු. මිලියන 1,374 ඉක්මවයි
ආයතනික හා තනි පරිත්‍යාග සහ සෘජු තැන්පතු හේතුවෙන්‘ඉටුකම ’ COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රු. මිලියන 1,374 ඉක්මවා ගොස් ඇත.
ජංගම දුරකථන ඇතුළු උපාංග තොගයක් බන්ධනාගාර වලින් අත් අඩංගුවට
මීගමුව, කොළඹ, බෝගම්බර සහ බුස්ස බන්ධනාගාර වලින් ජංගම දුරකථන 82 ක්, සිම් කාඩ්පත් 55 ක්, බැටරි සහ චාජර් අත්අඩංගුවට ගෙන තිබේ.
මුහුදු යන ධීවරයින්ට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇගවීම්
බලපිටියේ සිට කොළඹ සහ කන්කසතුරෙයි හරහා ත්‍රිකුණාමලය දක්වාද, මාතර සිට හම්බන්තොට හරහා මඩකලපුව දක්වාද, ගැඹුරු හා නොගැඹුරු මුහුද වරින් වර රළු විය හැකි බැවින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නාවික හා ධීවර ප්‍රජාවන්ගෙන් විමසිලිමත් වන ලෙස ඉල්ලා සිටී.
කොරෝනා වෛරසය ආසාදිතව සිට සුවය ලැබුවන් 1055 දක්වා ඉහල යයි
මේ වන විට කොරෝනා වෛරසය ආසාදිතව සිට සුවය ලැබුවන් 1055 දෙනෙකු රෝහල් වලින් පිටව ගොස් ඇත.
හෙරොයින් සමග පුද්ගලයින් තිදෙනෙක් පොලිස් අත්අඩංගුවට
පසුගිය පැය 24 තුළ ගාල්ල, නුගේගොඩ සහ ගල්කිස්ස යන ප්‍රදේශවලදී හෙරොයින් ළඟ තබා ගැනීමේ චෝදනාව මත සැකකරුවන් තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
තවත් පුද්ගලයින් සුව වී නිවෙස් බලා පිටත් වේ - COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය
අද (8) දින උදෑසන නිරෝධායන ක්‍රියාවලිය අවසන් වීමෙන් පසු පුද්ගලයින් 54 දෙනෙකු සිය නිවෙස් බලා පිටත්ව ගිය බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
නාවික හමුදාව විශ්වමඩු ප්‍රදේශයේදී ටීඑන්ටී වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කිලෝ 40 ක් සොයා ගනී.
ශ්‍රී ලංකා නාවික හමුදාව සෙනසුරාදා (ජුනි 6) දින විශ්වමඩු, උදයාර්කට්ටු ප්‍රදේශයේදී ටීඑන්ටී වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කිලෝ 40 ක් සොයාගෙන ඇත.
කොරෝනා ආසාදිතයින් 13 දෙනා අතර නාවිකයින් 9 දෙනෙක්
ඊයේ (ජුනි 6) දින වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 13 දෙනා අතර ශ්‍රී ලංකා නාවික හමුදා නාවිකයින් 9 දෙනෙකු වන බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
ත්‍රිවිධ හමුදාව විසින් මෙහෙයවනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වලදී පුද්ගලයින් 12,090 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර ඇත.
මේ වන විට ත්‍රිවිධ හමුදාව විසින් මෙහෙයවනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වලදී නිරෝධායන ක්‍රියාවලිය අවසන් කල පුද්ගලයින් 12,090 දෙනෙකු සිය නිවෙස් බලා පිටත්ව ගොස් ඇති බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කරයි.
එක්සත් රාජධානියේ සිටි ශ්‍රී ලාංකිකයින් 278 දෙනෙකු දිවයිනට පැමිණෙයි
එක්සත් රාජධානියේ අතරමංව සිටි ශ්‍රී ලාංකිකයින් 278 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අද උදෑසන (ජුනි 07) බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල වෙත පැමිණ ඇත.
පොලිසිය සමග ඇතිවූ වෙඩි හුවමාරුවකදී සොයිසාපුර වෙඩිතැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු මිය යයි
මොරටුව සොයිසාපුර අවන්හලකට මැයි 28 වන දින සිදු කල වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු පොලීසිය සමඟ ඇති වූ වෙඩි හුවමාරුවක් අතරතුර අද (ජූනි 7) දින උදෑසන මිය ගොස් ඇත.