නවතම පුවත්

පසුගිය පුවත් | පසුගිය පුවත්

යුද්ධ හමුදා ඉංජිනේරු සේවා බලකායේ භටපිරිස්
ජාතිය ගොඩනැගීමේ රාජ්‍ය ව්‍යාපෘතීන් කිහිපයක වැඩ නිමකරයි

රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ජාතිය ගොඩනැඟීමේ ව්‍යාපෘතීන්වලට දායකත්වය දක්වමින් 12 වන (ස්වෙච්ඡා) ඉංජිනේරු සේවා බලකායේ භටපිරිස් විසින් මාස 8 ක කාලයක් පුරා ක්‍රියාත්මක කරනු ලැබු අනුරාධපුර, කෑගල්ල සහ කළුතර දිස්ත්‍රික්කවල ව්‍යාපෘතීන් කිහිපයක වැඩ සාර්ථකව අවසන් කරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම සම්බන්ධයෙන් අසාධු ලේඛනගතකර ඇති පුද්ගලයන් සහ සංවිධාන සම්බන්ධව

2012 අංක 1 දරණ එක්සත් ජාතීන්ගේ රෙගුලාසි මාළාව යටතේ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම සම්බන්ධයෙන් 2021 වර්ෂයේදී පුද්ගලයන් 577 දෙනෙකු සහ සංවිධාන 18ක් අසාධු ලේඛනයට ඇතුළත් කර ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඉන්දියාවට සහ ශ්‍රී ලංකාවට වෙන්ව ගමනක් නොමැති බව ජනපති අවධාරණය කරයි

ඉන්දියාවට සහ ශ්‍රී ලංකාවට ඇත්තේ පොදු ගතිකයන් බවත් දෙපාර්ශ්වයම එකම කාසියේ දෙපැත්තක් බවත් පෙන්වා දෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දෙරටටම වෙන්ව ගමනක් නොමැති බව සඳහන් කළේය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නව අධ්‍යක්ෂ ජෙනරාල් - සැලසුම් පත් කෙරේ

ආරක්‍ෂක අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජෙනරාල් - සැලසුම් ලෙස අනුර රණසිංහ මහතා අද (අගෝස්තු 15 ) සිට ක්‍රියාත්මක වන පරිදි පත් කර ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

පාකිස්තාන නාවික හමුදා නෞකාවක් කොළඹ වරායට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද (අගෝස්තු 12) නිල සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණි පාකිස්තාන නාවික හමුදාවට අයත් PNS Taimur නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගනු ලැබීය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නල්ලතන්නිය - මස්කෙළිය මාර්ගයේ ගමනාගමනය යුද හමුදා මගින් යථා තත්ත්වයට

ධාරානිපාත වර්ෂාව හේතුවෙන් නල්ලතන්නිය - මස්කෙළිය ප්‍රධාන මාර්ගයට ඇද වැටුනු පස් කන්දක් ඉවත් කර රථවාහන ගමනාගමනය යථා තත්ත්වයට පත් කිරීමට යුද හමුදා භට පිරිස් විසින් කටයුතු කරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක ලේකම් ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක විද්‍යායතන නිලධාරීන්හට
දේශනයක් පවත්වයි

ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න අද (අගෝස්තු 10) දින ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක විද්‍යායතනයේ දී කාලීනව වැදගත් මාතෘකාවක් පිළිබඳව හරවත් දේශනයක් පැවැත්වීය.

 


පසුගිය පුවත් | පසුගිය පුවත්

අධික වර්ෂාව නිසා නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ නායයාම් අවදානම් ස්ථාන නිරීක්ෂණය කිරීමට පියවර

නුවරඑළිය දිස්ත්‍රික්කයේ නායයාමේ අවදානමට ලක් වී ඇති ස්ථාන සහ දැඩි අවදානමට ලක්වී ඇති මහාමාර්ග පරීක්ෂා කිරීමේ සහ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය කඩිනම් කිරීමේ අරමුණින් අදාල ප්‍රදේශ නිරීක්ෂණය කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා අද දින (08.09) කටයුතු කරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

යුද්ධ හමුදා මූලස්ථානයේ ප්‍රථම නිළ සංචාරයේ නිරත ගරු ජනාධිපතිතුමන් හමුදා සම්ප්‍රදායානූකූල ගෞරවාචාර මධ්‍යයේ පිළිගනී

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ගේ ආරාධනයකට අනුව ශ්‍රී ලංකාවේ 8 වන විධායක ජනාධිපති ලෙස පසුගිය දා රාජකාරි භාරගත් සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන් අඟහරුවාදා (09) දින ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානයේ සිය ප්‍රථම නිල සංචාරයේ නිරත විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

දිවංගත ලුතිනන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ඇතුළු
රණවිරුවන් මව්බිම වෙනුවෙන් දිවිපුදා වසර 30 ක් සැපිරේ

1992 වර්ෂයේ අගෝස්තු මස 08 දින රුදුරු එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදින් විසින් අටවන ලද බිම්බෝම්බයකට ගොදුරු වී දැයෙන් සමුගත් නූතන ඉතිහාසයේ අසහාය විරුවෙකු වූ ලුතිතන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මෙන්ම මේජර් ජෙනරල් විජය විමලරත්න, රියර් අද්මිරාල් මොහාන් ජයමහ, ලුතිනන් කර්නල් එච්.ආර් ස්ටිවන්, ලුතිනන් කර්නල් ජී.එච් ආරියරත්න, ලුතිනන් කර්නල් වයි.එන් පලිපාන, කමාන්ඩර් අසංග ලංකාතිලක, ලුතිතන් කර්නල් නලින් ද අල්විස්, ලුතිතන් කමාන්ඩර් සී.බී. විජේපුර සහ සාමාන්‍ය සෙබල ඩබ්ලිව්.ජේ වික්‍රමසිංහ මව්බිමේ ඒකීයභාවය වෙනුවෙන් සිය ජීවිතය පූජා කර වසර 30 ක් සැපිරේ.



පසුගිය පුවත් | පසුගිය පුවත්

නාවික හමුදාව ගිං ගඟේ සිරවී ඇති සුන්බුන් ඉවත් කරයි

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ගිං ගඟේ ජල ප්‍රවාහය ක්‍රමවත්ව පවත්වාගැනීමේ අරමුණින් අගලිය සහ දොඩංගොඩ පාලම් යට සිරවී තිබූ සුන්බුන් පසුගියදා (අගෝස්තු 03) ඉවත් කරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලාංකික නීතිවිරෝධී සංක්‍රමණිකයන් 46 දෙනෙකු රැගෙන
ඔස්ට්‍රේලියානු නෞකාවක් පැමිණේ

නීතිවිරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට යාමට තැත්කළ ශ්‍රී ලාංකිකයන් 46 දෙනෙකු, ඕස්ට්‍රේලියානු දේශසීමා බලකායට (Australian Border Force) අයත් නෞකාවකින් මෙරටට රැගෙන එනු ලැබූ අතර, ඔවුන් අද (අගෝස්තු 05) කොළඹ වරාය වෙත රැගෙන එන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල - 2022 කවපෙත්ත විසිකිරීමේ ඉසවුවේ රිදී පදක්කම යුද්ධ හමුදාවට

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ජාතික ආරක්‍ෂක බලමුළුවේ පැරා මළල ක්‍රීඩක කෝප්‍රල් පාලිත බණ්ඩාර මේ වනවිට එංගලන්තයේ බර්මින්හැම්හිදී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල - 2022 හි කවපෙත්ත විසිකිරීම F42-44/61-64 ඉසවුවෙහි මීටර් 44.20 ක දුරක් වාර්ථා කරමින් එම ඉසවුවේ රිදී පදක්කම දිනාගනු ලැබීය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක අමාත්‍යාංශයේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකාවේ තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකායේ (NAHTTF) විශේෂ දැනුවත් කිරීම:

සංචාරක වීසා බලපත්‍ර, රැකියා වීසා බලපත්‍ර බවට පත්කළ හැකි බවට විශ්වාස කරමින් මැලේසියාවට සංක්‍රමණය වන ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව වැඩි වෙමින් පවතින බව තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකායේ අවධානයට ලක්ව තිබේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ දායකත්වයෙන්
නැගෙනහිර කොළඹ මුලික රෝහලට භෞත චිකිත්සක ඒකකයක්

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සාමාජිකයින්ගේ ශ්‍රම දායකත්වයෙන් නැගෙනහිර කොළඹ මුලික රෝහලේ ඉදිකරන ලද නව භෞතික චිකිත්සක ඒකකය සෞඛ්‍ය අමාත්‍යශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා විසින් පසුගියදා (අගෝස්තු 01 ) විවෘත කරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

තැනැත්තන් වෙළදාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකායේ
ඉදිරි සැලසුම් පිළිබඳ සාකච්ඡා කෙරේ

තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකායේ (NAHTTF) රැස්වීම ඊයේ (අගෝස්තු 3) ආරක්ෂක අමාත්‍යංශයේදී පැවැත්විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නව අතිරේක ලේකම් - පාර්ලිමේන්තු කටයුතු, ප්‍රතිපත්ති හා සැලසුම් පත් කෙරේ

ආරක්‍ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් - පාර්ලිමේන්තු කටයුතු, ප්‍රතිපත්ති හා සැලසුම් ලෙස ඉන්දිකා විජේගුණවර්ධන මහත්මිය අද (අගෝස්තු 03) සිට ක්‍රියාත්මක වන පරිදි පත් කර ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී හමුදා ක්‍රීඩකයන්ගෙන් දස්කම්

එක්සත් රාජධානියේ බර්මින්හැම්හිදී පැවත්වෙන 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ඊයේ (අගෝස්තු 02) පැවති කාන්තා මීටර් 800 ඉසව්වේදී නව ශ්‍රී ලංකා වාර්තාවක් තැබීමට ශ්‍රී ලංකා නාවික හමුදාවේ කාන්තා සුළු නිලධාරි ගයන්තිකා අබේරත්න සමත් විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නව අතිරේක ලේකම් - ආරක්‍ෂක පත් කෙරේ

ආරක්‍ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් - ආරක්‍ෂක ලෙස ආර් එම් පී එස් රත්නායක මහතා ඊයේ (අගෝස්තු 01) පත් කරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

හදිසි ගංවතුර තත්වයන්ට මුහුණදීමට නාවික හමුදා සහන කණ්ඩායම් සුදානමින්

හදිසි ගංවතුර තත්වයන්ගෙන් විපතට පත්වන ප්‍රජාවන්ට කඩිනම් සහන සැලසීම සඳහා ගංවතුර සහන කණ්ඩායම් 48ක් සූදානම්ව සිටින බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට ගත් උත්සාහයක් නාවික හමුදාව මගින් ව්‍යර්ථ කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ වෙන්නප්පුව පොලිසිය එක්ව සිදුකළ විශේෂ මෙහෙයුමකදී වෙන්නප්පුවේ සිට මුහුදු මාර්ගයෙන් නීති විරෝධී ලෙස විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සාහ කළ බවට සැක කෙරෙන පුද්ගලයින් 47 දෙනෙකු පසුගියදා (31) අත්අඩංගුවට ගෙන ඇත.



පසුගිය පුවත් | පසුගිය පුවත්

රණවිරු පවුල් දෙකක් සදහා ඉඩම් ලබා දෙයි

ඉඩම් නොමැති රණවිරු පවුල් දෙකක් සඳහා මාලඹේ සහ මීරිගම ප්‍රදේශයන්හි පිහිටි ඉඩම් කැබලි දෙකක් සඳහා ඔප්පු අත්සන් කිරීමේ මූලික වැඩසටහනක් රණවිරු සේවා අධිකාරියේ දී 2022 අගෝස්තු මස 1 වන දින පවත්වන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අධියර 1 නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කරයි

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අද (අගෝස්තු 01) මාතර, නුවරඑළිය, මහනුවර, හම්බන්තොට, ගාල්ල, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට නායයාමේ අධියර 1 (කහ වර්ණය) හි පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.