නවතම පුවත්
එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආරක්‍ෂක සහයෝගිතා නිලධාරීන්
ගුවන් හමුදා මූලස්ථානයට පැමිණෙයි
ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ එක්සත් ජනපද නිලධාරීන් අතර විශේෂ සම්මන්ත්‍රණයක් ඊයේ (අප්‍රේල් 20) ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේදී පැවැත්විණි.
නව එක්සත් ජනපද තානාපති ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය සහ ආරක්‍ෂක ලේකම් හමුවෙයි
ශ්‍රී ලංකාව සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ නව තානාපතිවරිය ලෙස පත් වූ ජූලී J. චන්ග් මැතිනිය ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු මහාචාර්ය ජී.එල්. පීරිස් සහ ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න අද (අප්‍රේල් 20) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ හි පිහිටි ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ දී හමුවිය.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා වැඩ භාර ගනී
අලුතින් පත්වූ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අද (19) ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී මීට සුළු මොහොතකට පෙර සිය ධූරයේ වැඩ භාර ගන්නා ලදී.
නාවික හමුදාව ගිං ගඟේ සිරවී ඇති අපද්‍රව්‍ය ඉවත් කරයි
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ගිං ගඟේ අගලිය, වක්වැල්ල සහ දොඩංගොඩ පාලම් යට ජල ප්‍රවාහය නිදහසේ ගලායාමට බාධාවක්ව තිබූ අපද්‍රව්‍ය පසුගියදා ඉවත් කරන ලදී.
රුපියල් මිලියන 6200 කට අධික වටිනාකමකින් යුත්
මත්ද්‍රව්‍ය තොගයක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව, රාජ්‍ය බුද්ධි සේවය සහ පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යංශය එක්ව ඊයේ දින සවස් කාලයේ (අප්‍රේල් 12) ගාල්ල, දොඩන්දූව ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සහ කළ හෙරොයින් බවට සැකකෙරෙන මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 300ක පමණ හා අයිස් බවට සැකකෙරෙන මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 25ක පමණ තොගයක් රැගත් මෙරට බහු දින ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන ඇති බව නාවික හමුදා මාධ්‍ය පවසයි.
හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකුට යුද හමුදාවෙන් නව නිවසක්
ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ඉදිකරන ලද නව නිවසක් හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු වෙත පසුගියදා ප්‍රධානය කරන ලදී. ඒ අනුව යුද හමුදාවේ තාක්ෂණික සහ ශ්‍රම දායකත්වයෙන් ඉදිකරන ලද මෙම නිවස, ස්ථිර නිවසක් නොමැතිව තම පවුල සමඟ යාපනයේ මයිලඩි ප්‍රදේශයේ ජීවත් වූ රාසවල්ලන් තබෝරුබන් වෙත ලබා දුන් බව යුද හමුදාව පවසයි.
අතිගරු ජනාධිපතිතුමාගේ අලුත් අවුරුදු පණිවුඩය
වර්තමානයේ පවතින ආර්ථික හා ගෝලීය අර්බුද හමුවේ ශ්‍රී ලාංකීය අපට ඉතිහාසයේ එල්ල වූ විශාලතම අභියෝගයට මුහුණ දීමට සිදු වී තිබේ. අප එය ජය ගත යුත්තේ එකමුතුකමින් හා නිවැරදි අභායෝගයෙන් යුතුවය.
පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන සම්බන්ධයෙන් ඇති වූ වැරදි මත ගැන ආරක්‍ෂක ලේකම්ගෙන් පැහැදිලි කිරීමක්
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් 735 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර පුද්ගලයින් 79 දෙනෙකුට එරෙහිව චෝදනා 25,653ක් යටතේ නඩු 27ක් පවරා ඇති බව ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න පවසයි.
ආරක්ෂක ලේකම් තුමන් විසින් ඉදිරිපත් කරන ලද මාධ්‍ය නිවේදනය
මිරිහාන ප්‍රදේශයේ ඇති වූ ප්‍රචණ්ඩකාරී විරෝධතාවය සම්බන්ධයෙන් ජාතික ආරක්‍ෂක කවුන්සිලයේ රැස්වීමක් කැඳවා ඇතැයි කියන පදනම් විරහිත චෝදනා ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න විසින් ප්‍රතික්‍ෂේප කරන අතර, එම මාධ්‍ය වාර්තා වල සඳහන් කරුණු අසත්‍ය බව සඳහන් කරමින් ඔහු කියා සිටියේ එවැනි රැස්වීමක් නොපැවති බවයි.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව පාසල් ක්‍රීඩා පිටියක් ප්‍රතිසංස්කරණය කරයි
කණුගහවැව ආදර්ශ ගම්මාන ව්‍යාපෘතියේ කොටසක් ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් කැබිතිගොල්ලෑව මධ්‍ය මහා විද්‍යාලයේ ක්‍රීඩා පිටිය ප්‍රතිසංස්කරණය කර පසුගියදා (අප්‍රේල් 5) සිසුන්ගේ ප්‍රයෝජනය සඳහා භාර දුන් බව ගුවන් හමුදා මාධ්‍ය වාර්තා කරයි.
දිළිඳු පවුලකට යුද හමුදාවෙන් නව නිවසක්
පරාක්‍රමපුර තෝනිගල ප්‍රදේශයේ දිළිඳු පවුලක් සඳහා යුද හමුදා භට පිරිස් විසින් නව නිවසක් ඉදිකර එම පවුල වෙත භාරදීම පසුගියදා සිදු කරන ලදී.
අවශ්‍යතා ඇති සිසුන්ට හමුදා මැදිහත්වීම හරහා අධ්‍යාපනික සහය
මුලතිව් ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ සිසුන් 47 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් වෙත අධ්‍යාපනය සඳහා දිරිගැන්වීමක් ලෙස ශ්‍රී ලංකා යුද හමුදාව විසින් පාසල් උපකරණ පරිත්‍යාග කරන ලදී.
වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් තවත් කැස්බෑ පැටවුන් මුහුදට මුදාහරියි
ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් තවත් කැස්බෑ පැටවුන් රැසක් පසුගියදා මුහුදට මුදා හරින ලදී.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව එක්සත් ජාතීන්ගේ මෙහෙයුමේ MI-17 හෙලිකොප්ටර් හුවමාරු කරයි.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාම සාධක මෙහෙයුමේ නිරත ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම වෙත MI-17 වර්ගයේ හෙලිකොප්ටර් යානා දෙකක් පිටත් කර යවන ලද අතර එම මෙහෙයුමේ යොදවා තිබූ MI-17 වර්ගයේ හෙලිකොප්ටර් යානා තුනක් එහි මෙහෙයුම් කාලය අවසන් වීමෙන් පසු ශ්‍රී ලංකාවට ගෙන එන ලදී.
උතුරු මුහුදේදී කිලෝ 66.6ක ගංජා තොගයක් ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකායේ අත්අඩංගුවට
ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බළකාය විසින් අද (මාර්තු 31) උතුරු ශ්‍රී ලංකා මුහුදේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 66.6 ක්, ඩිංගි යාත්‍රාවක් සහ සැකකරුවන් තිදෙනෙකු සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
ආරක්ෂක ලේකම් ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානයක් විවෘත කරයි
පොලොන්නරුව, මැදිරිගිරිය, කිඹුලාවල සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු කඳවුරු පරිශ්‍රයේ 'ශ්‍රද්ධා පිවිතුරු පැන් පූජා පුණ්‍ය ව්‍යාපෘතිය' යටතේ ස්ථාපිත සියවැනි ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු යන්ත්‍රය ඊයේ (මාර්තු 30) කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර ආරක්‍ෂක මූලස්ථානයේ පැවැති උත්සවයකදී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා අතින් අන්තර්ජාලය ඔස්සේ විවෘත කෙරුණි.
ආරක්ෂක ලේකම් පාකිස්තානයේ 81 වැනි ජාතික දින සැමරුමට එක්වෙයි
ශ්‍රී ලංකාවේ පාකිස්තාන ඉස්ලාමීය ජනරජයේ මහ කොමසාරිස් කාර්යාලය විසින් ඊයේ (මාර්තු 29) සවස පාකිස්තාන මහ කොමසාරිස් මේජර් ජෙනරාල් උමාර් ෆාරුක් බුර්කි (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේ දී පාකිස්තානයේ 81 වන ජාතික දිනය සමරනු ලැබීය.
මාධ්‍ය නිවේදනය
ඉන්දීය රජය සමඟ මෑතකදී අත්සන් කරන ලද සමුද්‍රීය ආරක්ෂක ගිවිසුම්වල ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවට බාධාවක් හෝ තර්ජනයක් ඇති බව මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය කිහිපයක් විසින් වැරදි ලෙස අර්ථකථනය කර ඇත.
ශ්‍රී ලංකා සහ ඉන්දීය නාවික හමුදා ඒකාබද්ධ නාවික අභ්‍යාසයක්
ශ්‍රී ලංකා නාවික හමුදාව, ඉන්දීය නාවික හමුදාව සමඟ එක්ව මාර්තු 26 වන දින කොළඹට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ ඒකාබද්ධ නාවික අභ්‍යාසයක් ආරම්භ කරන ලද අතර එය මාර්තු 29 දක්වා පැවැත්වේ.
ඉන්දියාවේ පැවැත්වූ ආසියානු රට හරහා දිවීමේ ශූරතාවලියේදී
මෙරට යුද හමුදා ක්‍රීඩකයින්ට ජයග්‍රහණ
ඉන්දියාවේ නාගලන්ඩ් හිදී පසුගියදා පැවැති ආසියානු රට හරහා දිවීමේ ශූරතාවලියේ රිදී පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකා යුද හමුදා 5 වන කාලතුවක්කු රෙජිමේන්තුවේ සැරයන් ආර්.එම්.එස්. පුෂ්ප කුමාර සමත්විය.
නාවික හමුදා මූලස්ථානයේ ස්ථාපිත සමුද්‍රීය තොරතුරු විලයන මධ්‍යස්ථානයේ පහසුකම් පුළුල් කෙරේ
නාවික හමුදා මූලස්ථානයේ ස්ථාපිත කර ඇති සමුද්‍රීය තොරතුරු විලයන මධ්‍යස්ථානය (Information Fusion Centre - Colombo) වෙත සමුද්‍රීය තොරතුරු එක්රැස් කිරීම හා සබැඳි උපකරණ (MDA Equipment) නිළ වශයෙන් ලබා දීම ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිශුකොෂි හිඩයාකි (Mizukoshi Hideaki) මහතා ගේ ප්‍රධානත්වයෙන් අද (2022 මාර්තු 25) දින නාවික හමුදා මුලස්ථානයේදී සිදු කෙරුණු අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහභාගී විය.
ශ්‍රී ලංකා වෙරළාරක්ෂකදෙපාර්තමේන්තුව විසින් කැස්බෑ පැටවුන් මුහුදට මුදා හරියි
ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් පසුගිය සතිය තුළ අවස්ථා දෙකකදී කැස්බෑ පැටවුන් 600 කට අධික ප්‍රමාණයක් මුහුදට මුදා හරින ලදී.
ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායමට පාකිස්තාන හමුදා කණ්ඩායම් තරඟාවලියේදී රිදී පදක්කමක්
ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම 2022 මාර්තු 3 සිට 13 දක්වා පාකිස්තානයේ ඛාරියන්හි පිහිටි පාකිස්තාන යුද හමුදා National Counter-Terrorism මධ්‍යස්ථානයේ පැවති 5 වන ජාත්‍යන්තර පාකිස්තාන හමුදා කණ්ඩායම් තරඟාවලියට සහභාගී වී රිදී පදක්කමක් දිනා ගන්නා ලදී.
රුපියල් මිලියන 12කට අධික වටිනාකමකින් යුත් ගංජා තොගයක් නාවික හමුදා අත්අඩංගුවට
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ (22) දින නොරොච්චෝලේ මාම්පුරි වෙරළ තීරයේ දී, ගංජා කිලෝ 41 යි ග්‍රෑම් 540 ක් අත්අඩංගුවට ගෙන ඇත.
23 වන සේනාංකයෙන් ක්‍රිකට් පුහුණු වැඩසටහනක්
ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 වන සේනාංකයට අයත් 233 වන බලසේනා මූලස්ථානය වෙතින් පසුගිය අඟහරුවාදා (15) දින පාසල් සිසුන් සඳහා ක්‍රිකට් පුහුණු කිරීමේ සැසියක් වාකරේ මහා විද්‍යාලයේදී ක්‍රියාත්මක කරන ලදී.