පුවත් සහ සිදුවීම්   ජනපති පුවත්

ජනපති පුවත්

ජනපති පුවත් | ජනපති පුවත්

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පාර්ලිමේන්තුවේ දී සිදු කළ කථාව

මේ සිදුවීම සිදු වූ අප්‍රේල් 21 දා, කවුරුත් දන්නා පරිදි එය මා දැඩි විවේචනයට ලක් වූ කරුණක් බවට පත්වුනා. අප්‍රේල් 21 මා සිංගප්පූරුවේ සිටින විටයි උදේ 10 ට පමණ මේ සිදුවීම පිළිබඳව මට වාර්තා වුනේ. ඒ අවස්ථාවේදීම මා කල්පනා කළේ මට ඇතිවෙච්ච දැඩි තැති ගැන්ම සමඟ දැඩි වේදනාවක් සමඟ මේ සිදුවීම කෙසේ සිදුවුනා ද කියන කාරණය.


ජනපති පුවත් | ජනපති පුවත්

අන්තවාදී ත්‍රස්තවාදය විනාශ කිරීම ආරක්ෂක හමුදාව සිදු කරද්දී බහුජන සමාජයක සංහිඳියාව සුරැකීමේ වගකීම ආගමික නායකයන්ට පැවරෙන බව ජනපති පවසයි.

අන්තවාදී ම්ලේච්ඡ ත්‍රස්තවාදය ශ්‍රී ලංකා මාතෘභූමියෙන් මුලිනුපුටා දැමීම ස්ථීර වශයෙන්ම අපගේ ආරක්ෂක හමුදාව ඉතා කෙටි කලකින් ඉටුකරනු ඇති බව සඳහන් කරන ජනාධිපතිතුමා රටේ ජනතාව අතර විශ්වාසය පළුදුවීමට ඉඩ නොතබා සියලු ජන කොටස් අතර අවබෝධය සහ සහෝදරත්වය ගොඩනැංවීමේ වැඩපිළිවෙළ ආගමික නායකයන්ට පැවරෙන බව සඳහන් කරයි.


ජනපති පුවත් | ජනපති පුවත්

දිවයිනේ ස්ථාන කිහිපයක දී සිදු වූ පිපිරීම් සිද්ධි මාලාව පිළිබඳ සොයා බැලීමට ජනපති විශේෂ ත්‍රිපුද්ගල පරික්‍ෂණ මණ්ඩලයක් පත් කරයි

ඊයේ දින (2019 අප්‍රේල් 21) දිවයිනේ ස්ථාන කිහිපයක දී සිදු වූ පිපිරීම් සිද්ධි මාලාව පිළිබඳ සොයා බැලීමට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විශේෂ ත්‍රිපුද්ගල පරික්‍ෂණ මණ්ඩලයක් පත් කර තිබේ.


ජනපති පුවත් | ජනපති පුවත්

ජනපති – අගරදගුරු හිමිපාණන් බැහැ දකී. ඉදිරියේ දී රට තුළ මෙවන් ම්ලේච්ඡ කි‍්‍රයාවන්ට ඉඩක් නොමැති බව ජනපති පවසයි.

අද (22) දහවල් කොළඹ අගරදගුරු නිල නිවස වෙත ගිය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් බැහැ දැකීය.


ජනපති පුවත් | ජනපති පුවත්

ජනපති – කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ නිරීක්‍ෂණ චාරිකාවක

පසුගියදා බෝම්බ ප‍්‍රහාරයට ලක් වූ මීගමුව, කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ කටයුතු සොයා බැලීමට ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අද (23) උදෑසන එම දේවස්ථානය වෙත ගියේය.


ජනපති පුවත් | ජනපති පුවත්

ත‍්‍රස්තවාදය මුලිනුපුටා දමා හැකි ඉක්මනින් රට සාමාන්‍ය තත්ත්වයට පත්කිරීමට හැකිවනු ඇති බවට ජනපති විශ්වාසය පළ කරයි.

ශ‍්‍රී ලංකාවේ ත‍්‍රස්තවාදය මැඬලීමට තම පූර්ණ සහය ලබාදෙන බවට විදෙස් තානාපතිවරු ජනපති හමුවේ සහතික වෙති.


ජනපති පුවත් | ජනපති පුවත්

SInhala.


ජනපති පුවත් | ජනපති පුවත්

ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල ජනපති ප්‍රධානත්වයෙන්

ජනාධිපති මාධ්‍ය සම්මාන උලෙළ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රදානත්වයෙන් බදාදා (අප්‍රේල් 10) දින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි. ගරු ජනමාධ්‍ය අමාත්‍ය සහ ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.


ජනපති පුවත් | ජනපති පුවත්

ශ්‍රී ලංකා පොලීසිය ජාතික මෙන් ම අන්තර්ජාතික වශයෙන් ද පිළිගැනීමක් සහිත පොලිස් සේවාවක් බවට පත් කිරීම අරමුණ බව ජනපති පවසයි.

ශ්‍රී ලංකා පොලිස් සේවාව ජාතික වශයෙන් පමණක් නොව අන්තර්ජාතික වශයෙන් ද ඉහළ පිළිගැනීමක් ඇති සේවාවක් බවට පත් කිරීමට පොලිස් දෙපාර්තමේන්තුව තමා යටතේ පවතින කාලසීමාව තුළ අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව ජනාධිපතිතුමා පවසයි.


ජනපති පුවත් | ජනපති පුවත්

උතුරු නැගෙනහිර පළාත් සංවර්ධනය සඳහා වූ ජනාධිපති කාර්ය සාධන බලකාය රැස් වේ.

උතුරු නැගෙනහිර පළාත් සංවර්ධනය සඳහා වූ විශේෂ ජනාධිපති කාර්ය සාධන බලකාය ස්ථාපිත කිරීමෙන් අනතුරු ව උතුරු නැගෙනහිර ඉඩම් නිදහස් කිරීමේ වැඩපිළිවෙළ වඩා වේගවත් වූ බව ආරක්ෂක අංශ පෙන්වා දෙයි.


ජනපති පුවත් | ජනපති පුවත්

ජනපති පාර්ලිමේන්තුවට

ආරක්ෂක අමාත්‍යාංශය සහ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය යන අමාත්‍යාංශවල වැය ශීර්ෂ අද (04) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනුණු අතර ඒ වෙනුවෙන් පාර්ලිමේන්තු සභා ගර්භය වෙත ගිය ජනාධිපතිතුමා විශේෂ අදහස් දැක්වීමක් සිදු කළේය.


ජනපති පුවත් | ජනපති පුවත්

'බක්මහ දිවුරුම' අතිගරු ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වෙයෙන්

‘බක්මහ දිවුරුම’ (මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම සඳහා වූ ජාතික ප්‍රතිඥාව) අද (අප්‍රේල් 03) දින නිදහස් චතුරශ්‍රයේ දී පැවැත්විණි. මෙය අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මතිතුමන්හේ සංකල්පයක් වන මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම සඳහා ජාතික වැඩපිළිවෙලට සමගාමිව සිදුකරන ලදී.


ජනපති පුවත් | ජනපති පුවත්

කුමන අභියෝග මධ්‍යයේ වුව ද නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි සටන සාර්ථක අවසානයක් කරා මෙහෙයවන බව ජනපති අවධාරණය කරයි.

ජීවිත අවධානම ද නොතකමින් තමා මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි සටන අතට ගත්තේ මතු පරපුර වෙනුවෙන් යහපත් දේශයක් ගොඩනැඟීමට බව පවසන ජනාධිපතිතුමා කුමන අභියෝග මධ්‍යයේ වුව ද එම සටන සාර්ථක අවසානයක් කරා මෙහෙයවන බව අවධාරණය කරයි.


ජනපති පුවත් | ජනපති පුවත්

මත්ද්‍රව්‍යවලට එරෙහිව ජනපතිතුමන්ගේ සටන යටතේ කොකේන් කිලෝ 769 කට අධික ප්‍රමාණයක් විනාශ කෙරේ

කොකේන් කිලෝග්‍රෑම් 769 ක් ප්‍රසිද්ධියේ විනාශ කිරීම අද (අප්‍රේල් 01) පෙරවරුවේ කැලණියේ පිහිටි ගබඩා සංකීර්ණයේ දී සිදු කෙරිණි.


ජනපති පුවත් | ජනපති පුවත්

ථෙරවාද ත්‍රිපිටකය යුනෙස්කෝ ලෝක මතක ලේඛනයට ඇතුළත් කිරීමේ යෝජනාව ඉදිරිපත් කෙරේ.

උතුම් වූ සද්ධර්ම කෝෂ්ඨාගාරය වන ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස නම් කිරීමේ යෝජනාව, අතිපූජනීය ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ එක්සත් ජාතින්ගේ සංවිධානයේ නියෝජිතවරිය වෙත භාරදීමේ භාග්‍යවත් අවස්ථාව අද (23) පස්වරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ මහමළුවේ දී සිදු විය.


ජනපති පුවත් | ජනපති පුවත්

අනුරාධපුර “මෙත්සිරි සෙවණ” වකුගඩු රෝගී සහන සත්කාර, සුබසාධන හා පර්යේෂණ මධ්‍යස්ථානය ජනපති අතින් විවෘත කෙරේ.

රටේ අහිංසක ජනතාව වෙනුවෙන් ගෙන යන සුබසාධන සේවාවන් තවදුරටත් ශක්තිමත් කරන බව ජනපති පවසයි.


ජනපති පුවත් | ජනපති පුවත්

ථෙරවාදි පාලි ති‍්‍රපිටකය යුනෙස්කෝ ලෝක මතක උරුම ලේඛනයට ඇතුළත් කිරීමේ තාක්ෂණික ක‍්‍රියාවලිය වෙනුවෙන් කමිටුවක්

ථෙරවාදි පාලි ති‍්‍රපිටකය යුනෙස්කෝ ලෝක මතක උරුම ලේඛනයට ඇතුළත් කිරීම සඳහා වන තාක්ෂණික ක‍්‍රියාවලිය වෙනුවෙන් ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් විද්වත් කමිටුවක් පත් කිරීමට පියවර ගෙන තිබේ.


ජනපති පුවත් | ජනපති පුවත්

උතුම් බෞද්ධ දර්ශනය මතු පරපුර වෙනුවෙන් සුරක්ෂිත කිරීමේ වගකීම නිසි ලෙස ඉටුකරන බව ජනපති අවධාරණය කරයි.

ථෙරවාද ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කිරීමේ යෝජනාවට පූර්වගාමීව ‘ත්‍රිපිටකාභිවන්දනා’ සතියක් ප්‍රකාශයට පත් කළේ රට තුළ බෞද්ධාගමික ප්‍රබෝධයක් ඇති කිරීමට මෙන්ම රටේ තරුණ පරපුරට ත්‍රිපිටක ධර්ම දායාදය පිළිබඳ අවබෝධයක් ලබාදීමට බව ජනාධිපතිතුමා පවසයි.


ජනපති පුවත් | ජනපති පුවත්

එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ විශේෂ ආරාධිතයකු ලෙස සහභාගි වීමට ජනපති කෙන්යාවට

කෙන්යාවේ නයිරෝබි නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ විශේෂ ආරාධිතයකු ලෙස සහභාගිවීම සඳහා ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (13) පෙරවරුවේ දිවයිනෙන් පිටත්ව ගියේය.


ජනපති පුවත් | ජනපති පුවත්

මත් උවදුර මැඩලීමට අප්‍රේල් 03 වන දායින් පසු ත්‍රිවිධ හමුදාවේ වැඩි දායකත්වයක් – ජනපති කියයි.

මත්ද්‍රව්‍ය මර්දනය, නිවාරණය සහ පාලනය වෙනුවෙන් ගෙන යන වැඩසටහනට මෙම අප්‍රේල් 03 වන දායින් පසු පොලීසිය සමඟ ත්‍රිවිධ හමුදාව වඩා ශක්තිමත් ලෙස දායක කර ගන්නා බව ජනාධිපතිතුමා පවසයි.


ජනපති පුවත් | ජනපති පුවත්

රණවිරු සැමරුම් කොඩිය ජනාධිපතිතුමන්ට පළඳවයි

රණවිරු සැමරුම් මාසය - 2019 ප්‍රකාශයට පත්කරමින් එහි පළමු රණවිරු සැමරුම් කොඩිය අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් හට පැළඳවීමේ උත්සවය අඟහරුවාදා (මාර්තු 05) දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී පවත්වන ලදී.


ජනපති පුවත් | ජනපති පුවත්

ගුවන් හමුදා බලඝණ දෙකක් ජනාධිපති වර්ණයෙන් පිදුම් ලබයි

සන්නද්ධ හමුදා සේනාධිනායක, අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් විසින් පසුගිය සෙනසුරාදා (මාර්තු 02) දින හිඟුරක්ගොඩ ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේ පැවතී උත්සවයකදී ගුවන් හමුදාවේ අංක 7 බලඝණය හා අංක 8 බලඝණය වෙත ජනාධිපති වර්ණ පිරිනමන ලදී.


ජනපති පුවත් | ජනපති පුවත්

මෙරට නිෂ්පාදිත මුල්ම මල්ටි බැරල් රොකට් විදිනයේ සහ මිසයිලයේ අනුරුවක් ජනපතිට පිළිගන්වයි

ශ්‍රී ලංකාව පළමු වරට පසුගියදා නිෂ්පාදනය කරන ලද මල්ටි බැරල් රොකට් විදිනයේ සහ මිසයිලයේ අනුරුවක් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වීම ඊයේ (26) ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.


ජනපති පුවත් | ජනපති පුවත්

ප්‍රතිකාර සහ නිවාරණ අංශ ශක්තිමත් කිරීම හේතුවෙන් පසුගිය වසර දෙක තුළ වකගුඩු රෝගීන්ගේ ව්‍යාප්තියේ අඩුවක් සිදුව ඇති බව ජනපති පවසයි.

පසුගිය යුගයේ ජාතික ඛේදවාචකයක් බවට පත්ව තිබූ වකුගඩු රෝගය නිවාරණය වෙනුවෙන් ගෙන ගිය පුළුල් වැඩපිළිවෙළ හේතුවෙන් පසුගිය වසර දෙක තුළ වකුගඩු රෝගින්ගේ ව්‍යාප්තියේ අඩුවක් දක්නට ලැබෙන බව ජනාධිපතිතුමා පවසයි.


ජනපති පුවත් | ජනපති පුවත්

ජනපති සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ නිරික්ෂණ චාරිකාවක

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (25) පෙරවරුවේ අනුරාධපුර, සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.