පසුගිය පුවත්

පසුගිය පුවත් | පසුගිය පුවත්

නව යුද හමුදාපතිවරයා ලෙස මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත් කෙරේ.

ශ්‍රී ලංකාවේ 23 වන යුද හමුදාපතිවරයා ලෙස මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත් කෙරේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

රණවිරුවන් දෙදෙනෙකු වෙනුවෙන් ජනපති අතින් විරෝදාර විභූෂණ පදක්කම් ප්‍රදානය කෙරේ.

රණවිරුවන් දෙදෙනෙකු වෙනුවෙන් විරෝදාර විභූෂණ පදක්කම් ප්‍රදානය කිරීම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

පොලිස් නිලධාරින් ඇතුළු සියලු රජයේ සේවකයන් වෙත යහපත් මානසිකත්වයකින් යුතුව තෘප්තිමත් සේවාවක නිරතවීමට අවස්ථාව සලසා දෙන බව ජනපති පවසයි.

පොලිස් නිලධාරින් ඇතුළු සියලු රජයේ සේවකයන් වෙත යහපත් මානසිකත්වයකින් යුතුව තෘප්තිමත් සේවාවක නිරතවීමට අවස්ථාව සලසාදීම තම අපේක්ෂාව බව ජනාධිපතිතුමා පවසයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක හමුදාවන් භාවිතා කල තවත් ඉඩම් අක්කර 23.5 ක් කිළිනොච්චි දිස්ත්‍රික් ලේකම් වෙත භාරදේ

කිළිනොච්චි යුද්ධ හමුදා සාමාජිකයින් විසින් සුහදත්වය සහ සංහිඳියාව තවදුරටත් පුළුල් කරමින් කිළිනොච්චි ප්‍රදේශයේ ක්‍රිෂ්ණපුරම් හි රජයේ බලපත්‍රලාභීන් සතු ගොඩනැගිලි ද ඇතුළුව අක්කර 23.5 ක භූමි භාගයක් ඉකුත් බ්‍රහස්පතින්දා (15) දින කෙටි උත්සවයකදි නිදහස් කරන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

විශේෂ බලකා රෙජිමේන්තුව “රණ පරශුව” ජනාධිපති සම්මානයෙන් පිදුම් ලබයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විශේෂ බලකා රෙජිමේන්තු මූලස්ථානය මාතලේ නාවුල හිදී අද (අගෝස්තු 16) දින පැවති ජනාධිපති සහ රෙජිමේන්තු වර්ණ ප්‍රදානය කරන “රණ පරශුව” සම්මාන ප්‍රදානය කිරීමේ උලෙළ සදහා අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් සහභාගී විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

වාර්ෂික“ඇසල පෙරහැර” සාර්ථකව අවසන් වේ

බුදුරජාණන් වහන්සේගේ අති පූජනීය දන්ත ධාතූන් වහන්සේට පූජෝපහාර කිරීම සඳහා පවත්වනු ලබන ඓතිහාසික අසිරිමත් පෙරහැර මංගල්‍යය වන වාර්ෂික “ඇසල පෙරහැර” ඉතා සාර්ථක අවසන් වන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

අඩු ආදයම්ලාභී පවුල් වෙනුවෙන් නව නිවසක් ඉදිකිරීමට මුල්ගල තැබේ

ශ්‍රී ලංකා යුධ හමුදා සහයෝගීතා සමාජ වගකීමේ ව්‍යාපෘතිය යටතේ වන්නි ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී දිළිඳු පවුලක් සඳහා නව නිවසක් ඉදිකිරීම සඳහා මුල්ගල තැබීමේ උත්සවයක් පසුගිය බ්‍රහස්පතින්දා (අගෝස්තු 08) වන දින උරාව මහසෙන්පුර ප්‍රදේශයේදී පැවති බව යුධ හමුදා මාධ්‍ය පවසයි.



පසුගිය පුවත් | පසුගිය පුවත්

ගම්පහ ප්‍රදේශයේ සිවිල් ජනතාව වෙනුවෙන් ජීවිතාරක්‍ෂක වැඩමුළුවක්

ජලයෙන් ආරක්‍ෂා වීම, දියේ ගිලීම වැලැක්වීම සහ ප්‍රථමාධාර පිළිබඳව සිවිල් වැසියන් හා විශේෂයෙන්ම ධීවර ප්‍රජාව දැනුවත් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක ජීවිතාරක්‍ෂක පුහුණු පාසල විසින් ජීවිතාරක්‍ෂක සහ දියේ ගිලී යාම් වැළැක්වීමේ දැනුවත් කිරීමේ වැඩමුළුවක් පවත්වන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

මුලතිව් පෙර පාසලක් නවීකරණයට යුධ හමුදාවේ සහාය

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 68 වන සේනාංකයේ 681 බලසේනාව යටතේ රාජකාරී කරන 14 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භඨ පිරිස් පසුගිය අගහරුවාදා (අගෝස්තු 06) දින මුලතිව් කලෙයිවානෙ අම්පලවාන්පොක්කනෙයි ප්‍රදේශයේ පෙර පාසලක් සඳහා එළිමහන් ක්‍රීඩා පහසුකම් සංවර්ධනය සඳහා එනම් ළමා ක්‍රීඩා පිටියට නව අංගයන් එක් කිරීමට ඔවුන්ගේ පලපුරුද්ද සහ ශ්‍රම දායකත්වය ලබා දෙන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

හමුදා සම්බන්ධතා නිළධාරී ආරක්‍ෂක උපදේශකයින්ගේ රැස්වීම මෙහෙයවයි

ආරක්‍ෂක උපදේශකයින්ගේ අර්ධ වාර්ෂික රැස්වීම බ්‍රහස්පතින්දා (අගෝස්තු 08) දින හමුදා සම්බන්ධතා නිලධාරී බ්‍රිගේඩියර් ටී ජේ කොඩිතුවක්කු මහතා විසින් මුලසුන දැරූ අතර රැස්වීම ආරක්‍ෂක අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ජනාධිපතිතුමාගේ හජ් සුබ පැතුම් පණිවිඩය

ඉස්ලාම් දහමේ අනිවාර්ය ආගමික වතාවත් අතුරෙහි අවසාන අංගය වනුයේ හජ් වන්දනාවයි. ශුද්ධ ස්ථානයක් වෙත ගමන් කිරීම හජ් යන වදනෙහි සිංහල අරුතයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

වෙරළ තීරය රැකීමට නාවික හමුදා දායකත්වය

නාවික හමුදාව විසින් වෙරළ තීරයන් පිරිසිදු කිරීමේ තවත් වැඩසටහනක් 2019 අගෝස්තු 10 වන දින තලෙයිමන්නාරම වෙරළ තීරය කේන්ද්‍ර කර ගනිමින් සාර්ථකව පවත්වන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක ලේකම් නැගෙනහිර සංචාරයක

ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්.කෝට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසී මහතා අද (අගෝස්තු 10) දින නැගෙනහිර ප්‍රදේශයේ ආරක්‍ෂක හමුදා ස්ථානගතවීම සහ වත්මන් තත්වය පිළිබඳව පරීක්ෂා කර බැලීමේ අරමුණින් සංචාරයක නිරත විය. ආරක්‍ෂක ලේකම් ධුරයට පත්වීමෙන් පසු නැගෙනහිර කලාපයේ සිදු කල පළමු නිල සංචාරයයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනය සාකච්චාවක් පවත්වයි

ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනය විසින් ඊයේ (අගෝස්තු 09) දින සවස බත්තරමුල්ල සුහුරුපායේ පිහිටි එම ආයතන ශ්‍රවනාගාරයේදී වට මේස සාකච්චාවක් පවත්වන ලදි.



පසුගිය පුවත් | පසුගිය පුවත්

ජනපති හා කාම්බෝජ අගමැති හමුවෙයි

කාම්බෝජයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ කාම්බෝජ අග‍්‍රාමාත්‍ය Samdech Akka Moha Sena Pakdei Techo HUN SEN මහතා අතර හමුව අද (08) පස්වරුවේ සිදුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

කාලගුණ වාර්තා වලට අනුව තද සුළං තත්වයක්

දිවයිනේ ප්‍රදේශ කිහිපයක හදිසි සුළං තත්වයක් ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අණතුරු අඟවා තිබේ. ආපදා කළමනාකරණය මධ්‍යස්ථානය පූර්ව අනතුරු ඇඟවීමේ අවවාධාත්මක රතු අනතුරු ඇඟවීමක්...


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඩ්‍රෝන යානා ක්‍රියාත්මක කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එම නියෝජිතයින් ආරක්ෂක ලේකම් හමුවෙයි

ඩ්‍රෝන යානා ක්‍රියාත්මක කිරීම පිළිබඳ සාකච්ඡාවක් සඳහා නියෝජිත කණ්ඩායමක් ඊයේ (අගෝස්තු 08) දින සවස ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්.කෝට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසී මහතා අමාත්‍යාංශ පරිශ්‍රයේදී හමු විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක ලේකම් දේශීය ගුවන් සේවා අංශ නියෝජිතයින් හමුවෙයි

ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්.කෝට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසී මහතා සහ පෞද්ගලික ගුවන් යානා හිමිකරුවන් සහ ක්‍රියාකරුවන් ඇතුළු දේශීය ගුවන් සේවා අංශය නියෝජිතයින් අතර සාකච්ඡාවක් ඊයේ (අගෝස්තු 08) දින සවස අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

කාම්බෝජ රජමාලිගයේ දී ජනපතිට උණුසුම් පිළිගැනීමක්

ආර්ථික, වෙළෙඳ, සාමාජයීය වශයෙන් මෙන්ම බෞද්ධ ආගමික පුනර්ජීවනය වෙනුවෙන් වූ සියලු කටයුතුවල දී කාම්බෝජය, ශ්‍රී ලංකාව සමඟ ශක්තිමත් ලෙස අත්වැල් බැඳගෙන සිටින බව කාම්බෝජ රජතුමා Preah Bat Samdech Preah Boromneath Norodom Sihamoni ප්‍රකාශ කළේය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ජනපති කාම්බෝජයේ සිව්දින රාජ්‍ය සංචාරයක් අරඹයි

ශ්‍රී ලංකාව සහ කාම්බෝජය අතර පවතින දිගුකාලීන සබඳතා නව ක්ෂේත්‍රයන් කරා ව්‍යාප්ත කරමින් අන්‍යෝන්‍ය ප්‍රතිලාභ තවදුරටත් වර්ධනය කරගැනීමේ අරමුණින් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කාම්බෝජියාවේ රාජ්‍ය සංචාරයකට එක් ව සිටී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

අභාවප්‍රාප්ත ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බැකඩුව රණවිරුවාණන්ගේ 27 වන අනුස්මරණ උත්සවය

අභාවප්‍රාප්ත ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බැකඩුව රණවිරුවාණන්ගේ 27 වන අනුස්මරණ උත්සවය අද (අගෝස්තු 08).


පසුගිය පුවත් | පසුගිය පුවත්

කිලිනොච්චි භට පිරිස් විසින් “පාද යාත්‍රා” බැතිමතුන්ට ආගන්තුක සත්කාර

මුලන්කාවිල් මාතා දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයට සහභාගී වීම සඳහා “පාද යාත්‍රා” වන්දනාවට සහභාගීවී සිටි බැතිමතුන් පිරිසක් කිලිනොච්චි ප්‍රදේශය වෙත පැමිණි පසු කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

අසාධ්‍ය තත්වයේ පසු වූ ධීවරයෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා ගොඩබිම වෙත රැගෙන එයි

ඉරණතිව් දුපතේදී නාගයකු දෂ්ඨ කිරීම හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයේ සිටි දේශීය ධීවරයෙකු අඟහරුවාදා (අගෝස්තු 06) දින නාවික හමුදා භටයන් විසින් ප්‍රතිකාර සඳහා ගොඩබිමට රැගෙන එන ලදී.