නවතම පුවත්
“ත්‍රිපිටකාභිවන්දනා” සතිය ප්‍රකාශයට පත්කිරීමේ සමාරම්භක උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස ආරක්‍ෂක ලේකම් සහභාගි වේ
ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත්කිරීමේ යෝජනාවට සමගාමිව “ත්‍රිපිටකාභිවන්දනා” සතිය ප්‍රකාශයට පත්කරමින් සෙනසුරාදා (මාර්තු 16) දින පවත්වන ලද සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සහභාගී විය.
යාපනය ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා නව සනීපාරක්ෂක පහසුකම්
උතුරු නැගෙනහිර ප්‍රදේශවල ජිවත්වන අඩු ආදායම්ලාබි පවුල්වල ජිවන තත්ත්වය නංවාලීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් විශේෂ ව්‍යාපෘතීන් ගණනාවක් ක්‍රියාත්මක කර ඇත. ඒ අතර දිළිඳු පවුල්වල සනීපාරක්ෂක පහසුකම් වර්ධනය කිරීමේ අභිලාෂයෙන් දියත්කල වැඩසටහන් එවැනි එක විශේෂිත වූ ව්‍යාපෘතියකි.
යාපනය සිසුන්ගේ අධ්‍යාපනික තත්ත්වය නංවාලීම සඳහා ආධාර
යාපනය දිස්ත්‍රික්කයේ දුෂ්කර ප්‍රදේශයන්හි ජීවත්වන සිසුන්ගේ අධ්‍යාපනික තත්ත්වය නංවාලීමේ අරමුණින් ඔවුන්ගේ ප්‍රවාහන අපහසුතාවයන් සැලකිල්ලට ගනිමින් යාපනය අර්දද්විපය තුල රාජකාරියේ නියුතු යුද්ධ හමුදා භටපිරිස් විසින් අදාළ සිසුන් වෙත පාපැදි 50 ක් පරිත්‍යාග කරන ලදී.
උතුරු හා නැගෙනහිර ජනතාවගේ ජිවන තත්ත්වය නංවාලීම සඳහා යුද්ධ හමුදාව වෙතින් ප්‍රජා සත්කාරක වැඩසටහන් රාශියක්
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව තම ප්‍රජා සත්කාරක වැඩසටහන් තවදුරටත් ව්‍යාප්ත කරමින් නැගෙනහිර පළාතේ අඩු ආදයම්ලාභි පවුලක් සඳහා නව නිවසක් ඉදි කිරීමට අවශ්‍ය තාක්‍ෂණික දැනුම සහ ශ්‍රමදායකත්වය ලබාදෙන ලදී
ආරක්ෂක රාජ්‍ය අමාත්‍යංශ නව ලේකම් වැඩ අරඹයි
ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යංශයේ නව ලේකම් ලෙස එන් කේ ජි කේ නැම්මේවත්ත මහතා අද (මාර්තු 12) දින ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යංශ පරිශ්‍රයේදී පැවති චාම් උත්සවයකින් අනතුරුව සිය ධුරයෙහි රාජකාරි ආරම්භ කරන ලදී.
නාවික හමුදාව රෝගී වූ ධීවරයෙකු වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන එයි
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පසුගිය සෙනසුරාදා (මාර්තු 09) දින මුහුදේදී දැඩි ලෙස රෝගාතුර වූ ධීවරයෙකු වෛද්‍ය ප්‍රතිකාර සඳහා ගොඩබිමට රැගෙන එන ලද බැව් නාවික හමුදා නිල වෙබ් අඩවිය පවසයි.
මත්ද්‍රව්‍ය වලට එරෙහි සටනට ත්‍රිවිධ හමුදාවන් සක්‍රියව දායක වෙයි
මත්ද්‍රව්‍ය මර්දනය, නිවාරණය සහ පාලනය වෙනුවෙන් ගෙන යන වැඩසටහනට මෙම අප්‍රේල් 03 වන දායින් පසු පොලීසිය සමඟ ත්‍රිවිධ හමුදාව වඩා ශක්තිමත් ලෙස දායක කර ගන්නා බව ජනාධිපතිතුමා පවසයි.
SInhala.
සිය සංවත්සර සැමරුමට සමගාමිව ශ්‍රී ලංකා ගුවන් හමුදාව ප්‍රජා සත්කාරක ව්‍යාපෘතීන් ගණනාවක් දියත් කරයි
ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සිය 68 වන සංවත්සරය සැමරීමට සමගාමිව ප්‍රජා සුබසාධන වැඩසටහන් ගණනාවක්ම ක්‍රියාත්මක කර ඇත.
බංගලාදේශ නාවික හමුදා නෞකාව දිවයිනෙන් පිටත් වෙයි
සිව්දින නිල සංචාරයක් සඳහා පසුගිය ඉරිදා (මාර්තු 03) දින දිවයිනට සේන්දු වූ බංගලාදේශ නාවික හමුදාවට අයත් ‘ධලේශ්වරී’ නෞකාව අද (මාර්තු 06) දින සිය සංචාරය සාර්ථක ලෙස නිමා කරමින් කොළඹ වරායෙන් පිටත් විය.
යාපනයේ තවත් භූමි ප්‍රමාණයක් නිදහස් කෙරේ
ආරක්‍ෂක හමුදාව හා ජනතාව අතර සුහදත්වය සහ සංහිඳියාව තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ආරක්‍ෂක කටයුතු සඳහා භාවිතා කල පලාලි යුද්ධ හමුදා ජනපදයේ මයිලඩි උතුර සහ නැගෙනහිර ප්‍රදේශයේ ඉඩම් අක්කර 19.72 ක් පසුගිය සඳුදා (මාර්තු 04) දිනට යෙදුන මහා ශීවරාත්‍රි දිනයේ දී නිදහස් කරන ලදී.
විශේෂ නිවේදනය
යාන්ත්‍රික කියත් ලියාපදිංචි කිරීමේ දිනය මාර්තු 15 වැනි දා දක්වා දීර්ඝ කෙරේ
යාපනයේ තවත් භූමි ප්‍රමාණයක් නිදහස් කෙරේ
ආරක්‍ෂක හමුදාව හා ජනතාව අතර සුහදත්වය සහ සංහිඳියාව තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ආරක්‍ෂක කටයුතු සඳහා භාවිතා කල පලාලි යුද්ධ හමුදා ජනපදයේ මයිලඩි උතුර සහ නැගෙනහිර ප්‍රදේශයේ ඉඩම් අක්කර 19.72 ක් පසුගිය සඳුදා (මාර්තු 04) දිනට යෙදුන මහා ශීවරාත්‍රි දිනයේ දී නිදහස් කරන ලදී.
මෙරට නිෂ්පාදිත මුල්ම මල්ටි බැරල් රොකට් විදිනයේ සහ මිසයිලයේ අනුරුවක් ජනපතිට පිළිගන්වයි
ශ්‍රී ලංකාව පළමු වරට පසුගියදා නිෂ්පාදනය කරන ලද මල්ටි බැරල් රොකට් විදිනයේ සහ මිසයිලයේ අනුරුවක් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වීම ඊයේ (26) ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
රුසියානු නියෝජිත පිරිසක් ආරක්ෂක ලේකම් හමුවෙයි
ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති අතිගරු යූරි මැටරි (HE Mr. Yuri Materiy) මැතිතුමන් ඇතුළු නියෝජිත පිරිසක් අද (පෙබරවාරි 27) දින ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.
විශේෂ නිවේදනය
දැනට භාවිත කරන සියලුම යාන්ත්‍රික කියත් (chainsaw mashines) ලියාපදිංචි කිරිම සදහා දි තිබු කාලය හෙටින් (28) අවසන් වේ.
ජනපති සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ නිරික්ෂණ චාරිකාවක
ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (25) පෙරවරුවේ අනුරාධපුර, සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
අවශ්‍යතා සහිත පවුලක් සඳහා නව නිවසක්
කිලිනොච්චි ජයපුරම් ප්‍රදේශයේ ජිවත්වන අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් එම ප්‍රදේශයේ සේවයේ නියුතු යුද්ධ හමුදා භටපිරිස් විසින් ඉදිකරන ලද තවත් නිවසක් පසුගියදා එම පවුල වෙත භාරදීම සිදු කෙරුණු බව යුද්ධ හමුදා නිල වෙබ් අඩවිය පවසයි.
ගුවන් හමුදාව විසින් ප්‍රාථමික පාසලක සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කරයි
අම්පාර ගුවන් හමුදා කඳවුරේ නිලධාරින් විසින් මෑතකදී අලුතින් ඉදිකරන ලද රාජගල ප්‍රාථමික විද්‍යාලයේ සනීපාරක්ෂක පද්ධතියක් සිසු අයිතියට පත්කර ඇති බව ගුවන් හමුදා නිල වෙබ් අඩවිය පවසයි.
උතුරේ වැසියන් වෙනුවෙන් ප්‍රජා සත්කාර තවදුරටත්
උතුරු ප්‍රදේශයේ ජිවත්වන ජනතාවගේ ජිවන තත්වය නංවාලීම සඳහා සහ සිවිල්-හමුදා සහයෝගීතාව සහ සහජීවනය ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් සමාජ සුබසාධන වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරනු ලබයි.
ශ්‍රී ලංකා ගුවන් හමුදා 68 වන සංවත්සරයට සමගාමිව ගුවන් හමුදා ප්‍රදර්ශනය හිඟුරක්ගොඩ දී
ශ්‍රී ලංකා ගුවන් හමුදාව සිය 68 වන සංවත්සරය ලබන මාර්තු මස අභිමානවත්ව සැමරීමට නියමිතව ඇති අතර, එය ගුවන් හමුදා ප්‍රදර්ශනයක් හා ගුවන් සංදර්ශනයක් ද ඇතුළුව සිදුවීම් රැසක් සමඟින් පැවැත්වීමට නියමිත බව ගුවන් හමුදා නිල වෙබ් අඩවිය පවසයි. ශ්‍රී ලංකා ගුවන් හමුදා දිනය මාර්තු 02 වන දිනට යෙදී ඇත.
SInhala.
යුද්ධ හමුදා සුබසාධන වැඩසටහන් මගින් උතුරේ අඩු ආදායම්ලාභී පවුල් සහ ආබාධිත අයවලුන් සඳහා පහසුකම් සලසයි
යාපනය අර්ධද්වීපයේ ජීවත් වන අඩු ආදායම්ලාභී ජනතාවගේ ජීවන තත්ත්වය නඟා සිටුවීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් ආරම්භ කරනලද සුබසාධන වැඩසටහනක් තුලින් ඔවුන් සඳහා අවශ්‍ය වැසිකිළි පහසුකම් ඉදිකිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත.
සයුරළ නෞකාව ජාත්‍යන්තර ආරක්‍ෂක ප්‍රදර්ශනය සහ සමුළුව (IDEX 19) සඳහා සහභාගී වෙයි
ජාත්‍යන්තර ආරක්‍ෂක ප්‍රදර්ශනය සහ සමුළුව - 2019 (International Defence Exhibition & Conference) සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකා නාවික නෞකා සයුරළ නෞකාව පසුගිය සෙනසුරාදා (පෙබරවාරි 16) දින අබුඩාබිහි මින ෂයිඩ් ජැටිය (Mina Zayid) වෙත සේන්දු වන ලදී.
SInhala.