පුවත් සහ සිදුවීම්   ජනපති පුවත්

ජනපති පුවත්

ජනපති පුවත් | ජනපති පුවත්

ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්

ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අද (08) රැස් විය. වත්මන් පාර්ලිමේන්තුව පත්වීමෙන් පසු උපදේශක කාරක සභාවේ ප්‍රථම රැස්වීම මෙයයි.


ජනපති පුවත් | ජනපති පුවත්

ජනාධිපතිතුමන්ගේ මහ ශිවරාත්‍රී දින පණිවිඩය

ශිව දෙවිඳුන්ගේ ආලෝක කදම්භයෙන් මෝහාන්ධකාරය දුරුකොට, ප්‍රඥා මහිමය අත්කර ගැනීමේ ප්‍රාර්ථනය පෙරදැරිව, ශ්‍රී ලාංකේය සහ ලොව පුරා හින්දු බැතිමත්හු, අනාදිමත් කාලයක සිට මහ ශිවරාත්‍රී දින මහත් භක්තියෙන් යුතුව ස්වකීය ආගමික වතාවත්හි නිරත වෙති.


ජනපති පුවත් | ජනපති පුවත්

ගුවන් හමුදා පියාසර බලඝන දෙකකට ජනාධිපති වර්ණ

ජාතිය වෙනුවෙන් කළ විශිෂ්ට සේවය අගයමින් ශ්‍රී ලංකා ගුවන් හමුදා පියාසර බලඝන දෙකක් සඳහා ජනාධිපති වර්ණ පිළිගැන්වීම අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් කටුනායක ගුවන් හමුදා මූලික කඳවුරෙදී අද (මාර්තු 5) දින සිදුකෙරිණි.


ජනපති පුවත් | ජනපති පුවත්

‘දීඝවාපිය අරුණ’ භාරකාර අරමුදලට බෞද්ධයා නාලිකාවෙන් රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

‘දීඝවාපිය අරුණ’ භාරකාර අරමුදල සඳහා බෞද්ධයා රුපවාහිනී නාලිකාව විසින් රුපියල් මිලියන 50 ක පරිත්‍යාගයක් ඊයේ (මාර්තු 02) දින ලබාදෙන ලදි.

 


ජනපති පුවත් | ජනපති පුවත්

ගාලු මුවදොර ප්‍රථිසංස්කරණයට නාවික හමුදා දායකත්වය

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි ගාලු මුවදොර පිටිය කේන්ද්‍රකොට ගත් සංවර්ධන ව්‍යාපෘතිය ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදුකරගෙන යනු ලබයි.


ජනපති පුවත් | ජනපති පුවත්

ජනාධිපතිතුමන්ගේ නව අවුරුදු සුබ පැතුම් පණිවුඩය

නව වසරේ උදාව, ගතවන සෑම මොහොතකම එළැඹෙන අභියෝග නිවැරදිව අවබෝධ කරගනිමින් ජීවිත සකසා ගැනීමටත්, අදිටනින් පෙරට යාමටත් අප දිරි ගන්වයි.  එබැවින්, අප 2021 පිළිගන්නේ සුබවාදී ආකල්පයෙන්, අධිෂ්ඨානයෙන් හා කැපවීමෙන් ද පරිපූර්ණවය.


ජනපති පුවත් | ජනපති පුවත්

නත්තල් දින පණිවිඩය

ලොව පුරා කෝටි සංඛ්‍යාත කිතුනුවන්ගේ සිත් දෙවියන් වහන්සේ කෙරෙහි උපන් භක්තියෙන් උද්දීපනය කරන නත්තල ජේසුස් ක්‍රිස්තූන් වහන්සේගේ උපත හා බැඳුණු, පාස්කුවට පමණක් දෙවැනි වන උතුම් ආගමික මංගල්‍යයකි. එය ජේසු සමිඳාණන් දේශනා කළ හා පැවැත්මෙන් ප්‍රදර්ශනය කළ සාමය, ප්‍රේමය, කරුණාව, සහජීවනය, සහකම්පනය බඳු, ශිෂ්ට මනුෂ්‍ය සමාජයේ පදනම නිර්මාණය කරන උත්තුංග සාරධර්ම මූර්තිමත් කරයි. සාමාජයීය වශයෙන් ගත්කල නත්තල කිතුනු පවුල් එකට එකතු වෙන, තෑගි භෝග හුවමාරු කරගන්නා, නොමනාපකම් අමතක කොට බැඳීම් අලුත් කරගන්නා ප්‍රමෝදජනක අවස්ථාවක් ද වන්නේය.