පසුගිය පුවත්

පසුගිය පුවත් | පසුගිය පුවත්

යුද්ධ හමුදාව විසින් යාපනය ප්‍රදේශයේ ජනතාව අතර වියළි සලාක බෙදාදෙයි

යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයට අනියුක්ත 511 බලසේනා මුලස්ථානය යටතේ රාජකාරි කරන හමුදා සාමාජිකයින් විසින් යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසුරියගේ මග පෙන්වීම මත චාවර්කාඩු සහ සන්දිලිපේ යන ප්‍රදේශවල අවශ්‍යතා සහිත පුද්ගලයින් වෙනුවෙන් මෙම වියළි සලාක පාර්සල් බෙදා දීමේ වැඩසටහන සිදු කර ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

කුරුණෑගල ජීනියස් අධ්‍යාපන ආයතනය සහ SKD නිෂ්පාදන සමාගම විසින් මුහුණු ආවරණ සහ නැවත භාවිතා කල හැකි ඇදුම් කට්ටල ආරක්‍ෂක ලේකම් වෙත පරිත්‍යාග කරයි

කුරුණෑගල ජීනියස් අධ්‍යාපන ආයතනය සහ SKD නිෂ්පාදන සමාගම විසින් මුහුණු ආවරණ 2000 ක් සහ ශල්‍ය ඇදුම් කට්ටල 250 ක් අද (අප්‍රේල් 23) දින ආරක්‍ෂක අමාත්‍යංශ පරිශ්‍රයේ පැවති උත්සවයකදී ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න වෙත බාර දෙන ලදි.

 


පසුගිය පුවත් | පසුගිය පුවත්

ජපන් රජය කොරෝනා වෛරසය එරෙහි සටනේ කිරීමේදී ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන්හි කාර්යභාරය අගය කරයි

රට තුල කොරෝනා වෛරසයට එරෙහිව සටන් කිරීම සඳහා සෞඛ්‍ය බලධාරීන්ට සහාය දක්වමින් ආරක්ෂක හමුදාවන් සහ පොලිසිය විසින් සිදුකරන කාර්යභාරය ජපාන රජය විසින් පැසසුමට ලක් කර තිබේ.





පසුගිය පුවත් | පසුගිය පුවත්

කොරෝනා ආසාදිත නැවියන් 30 දෙනෙකු සොයා ගැනීමෙන් පසු වැලිසර නාවික කඳවුර හුදකලා කරයි

පළමු කොරෝනා වෛරසය ආසාදිත නැවිකයකු ඊයේ දින වාර්තා වීමෙන් පසුව නාවික හමුදා කඳවුරේ සිදුකරන ලද PCR පරීක්ෂණවලින් අනතුරුව නැවියන් 29 දෙනෙකුට  කොරෝනා වෛරසය ආසාදිත බව තහවුරු වීමෙන් පසු වැලිසර ශ්‍රී ලංකා නාවික කඳවුර අද දින සම්පූර්ණයෙන්ම හුදකලා කර තිබේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

අහඹු ශරීර උෂ්ණත්ව පරීක්ෂාවන් සිදු කිරීම සඳහා යුද්ධ හමුදාව ක්ෂණික විහිදුම් කණ්ඩයේ යතුරු පැදි ධාවකයින් යොදවයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව අත්‍යවශ්‍ය සේවාවන්හි යෙදී සිටින සහ කොළඹ දිස්ත්‍රික්කයට ඇතුළු වන පුද්ගලයින්ගේ  ශරීර උෂ්ණත්වය අහඹු ලෙස පරීක්ෂා කිරීම ආරම්භ කර තිබේ.

 


පසුගිය පුවත් | පසුගිය පුවත්

පූනානි නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක් වූ පුද්ගලයින් 16 දෙනෙකු සිය නිවෙස් බලා පිටත් වේ

පූනානි නිරෝධායන මධ්‍යස්ථානයේදී සති තුනක නිරෝධායනයට භාජනය වූ පුද්ගලයින් 16 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අද (අප්‍රේල් 23) දින උදෑසන සිය නිවෙස් බලා පිටත්ව ගියහ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකන් ගුවන් සේවය ඉන්දියාවේ ඉගෙනුම ලබමින් සිටි සිසුන් 101 මෙරටට රැගෙන එයි

ඉන්දියාවේ අධ්‍යාපනය ලබමින් සිටි ශ්‍රී ලාංකික සිසුන් 101 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අද (අප්‍රේල් 23) දින මෙරටට රැගෙන එන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

පොලොන්නරුවේ ගම්මාන 12 ක් වසා දමයි.

COVID-19 ආසාදිත පුද්ගලයෙකු හඳුනා ගැනීමෙන් පසු අද (අප්‍රේල් 23) දින පොලොන්නරුව ප්‍රදේශයේ ගම්මාන 12 ක් හුදකලා කර ඇති බව පොලොන්නරුවේ ලංකාපුර ප්‍රාදේශීය ලේකම් ඉන්දිකා කරුණාරත්න defence.lk වෙත පැවසීය.



පසුගිය පුවත් | පසුගිය පුවත්

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය විසින් කොරෝනා වයිරසයට එරෙහිව සටන් කිරීම සඳහා රොබෝ යන්ත්‍ර, කෘතිම ශ්වසන උපකරණ සහ ජංගම දුරකථන යෙදුම් නිර්මාණය කරයි

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය විසින් කොරෝනා වයිරසයට එරෙහිව සටන් කිරීම සඳහා රොබෝ යන්ත්‍ර, කෘතිම ශ්වසන උපකරණ සහ ජංගම දුරකථන යෙදුම් නිර්මාණය කරයි


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඇඳිරි නීතිය උල්ලංඝනය කල 588 දෙනෙකු පොලීසිය විසින් අද අත්අඩංගුවට ගෙන ඇත

ඇඳිරි නීතිය උල්ලංඝනය කල පුද්ගලයින් 588 දෙනෙකු සහ වාහන 132 ක් අද අත්අඩංගුවට ගෙන තිබේ.

 


පසුගිය පුවත් | පසුගිය පුවත්

පාකිස්තානයේ සිට ආපසු පැමිණි ශිෂ්‍යයන් සහ ත්‍රිවිධ හමුදා සෙබළුන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යවන ලදි

ලාහෝර් සිට කොළඹට පැමිණි පාකිස්ථානයේ පුහුණු පාඨමාලා සඳහා සහභාගී ව සිටි යුද, නාවික සහ ගුවන් හමුදා සාමාජිකයින් ඇතුළු මගීන් 106 දෙනෙකු ඊයේ (අප්‍රේල් 21) දින සවස පූනානි සහ වයික්කාල ඩොල්ෆින් හෝටලයේ නිරෝධායන මධ්‍යස්ථාන වෙත යවා තිබේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

කොරෝනා වෛරසයට එරෙහිව සටන් කිරීම සඳහා ශ්‍රී ලංකාව තුල වෙනත් රටවල හමුදාවන් යෙදවීමට අවශ්‍ය නැත - ආරක්ෂක ලේකම්

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා වෙනත් රටවල හමුදාවන්ගේ  සඳහා ආධාර ලබා ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල්  (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා පැවසීය.





පසුගිය පුවත් | පසුගිය පුවත්

යුද්ධ හමුදාව ඇන්ඩර්සන් සහ ලේක්වීව් මහල් නිවාස අසල තවත් සංගීත සංදර්ශන දෙකක් පවත්වයි

COVID - 19 පැතිරී යාම වැළැක්වීම සඳහා පනවා ඇති ඇදිරි නීතිය හේතුවෙන්  “නිවසේ රැඳී සිටින” පුද්ගලයින්ගේ විනෝදාස්වාදය සඳහා ශ්‍රී  ලංකා යුද්ධ හමුදා සංගීත කණ්ඩායම විසින් සංගීත සංදර්ශන දෙකක් පසුගිය ඉරිදා (අප්‍රේල් 19) දින සහ සදුදා (අප්‍රේල් 20 ) දින තිබිරිගස්යාය ඇන්ඩර්සන් මහල් නිවාසය සහ අංගොඩ ලේක්වීව් රෙසිඩන්සීස් මහල් නිවාසය  අසල පවත්වන ලදී.



පසුගිය පුවත් | පසුගිය පුවත්

කොරෝනා වෛරසය ආසාදිතයින් 321 දක්වා ඉහල යයි

අද දින රෝගීන් 11 දෙනෙකු වාර්තා වීමත් සමග මුළු කොරෝනා වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 321 දක්වා ඉහල යයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

MSC Magnifica නෞකාවේ සිට මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකිකයා සිය නිවෙස බලා පිටත් වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් MSC Magnifica නම් ඉතාලි නෞකාවේ සිට අප්‍රේල් 6 වන දින මෙරටට රැගෙන ආ  අනුර බණ්ඩාර හේරත් බූස්ස  නිරෝධායන මධ්‍යස්ථානයේ දී නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර ඊයේ (අප්‍රේල් 21) දින සිය නිවෙස බලා පිටත්ව ගොස් තිබේ.



පසුගිය පුවත් | පසුගිය පුවත්

ත්‍රිකුණාමලයේ ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන හදුනා ගැනීමට හමුදා සාමාජිකයින්ගේ සහාය

නැගෙනහිර ප්‍රදේශයේ ශ්‍රී ලංකා හමුදා සාමාජිකයින් ත්‍රිකුණාමලය සෞඛ්‍ය බලධාරීන් සමග  සම්බන්ධීකරණයෙන් සඳුදා (අප්‍රේල් 13) දින මැනියවේලි ග්‍රාම නිළධාරි ප්‍රදේශය ආවරණය වන පරිදි සිදු කල ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම සඳහා ගෙයින් ගෙට ගොස් පරීක්ෂා කිරීමේ වැඩසටහනක් සහාය දැක්වූහ.