පුවත් සහ සිදුවීම්   මාධ්‍ය නිවේදන්

මාධ්‍ය නිවේදන

මාධ්‍ය නිවේදන | මාධ්‍ය නිවේදන

නීති විරෝධී ආකාරයෙන් කරයුතු කරන්නන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග

මේ රටේ සාමය හා සහජීවනය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අප විසින් ගෙන ඇති ක්‍රියාමාර්ගය පිළිබඳව අවධානය යොමු කිරීමට මම කැමතියි.


මාධ්‍ය නිවේදන | මාධ්‍ය නිවේදන

ප්‍රචණ්ඩ කාරී ක්‍රියාවල යෙදෙන්නන් පිළිබඳව විමර්ශන දිගටම

වයඹ පළාතේ සහ මිනුවන්ගොඩ ප්‍රදේශයේ සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳ පරීක්‍ෂණ දිගටම සිදුවෙමින් පවතින අතර, මෙය පසුපස සිටින අයවලුන් සොයා ගැනීම සඳහා බුද්ධි අංශ විසින් ද වෙනම පරීක්‍ෂණ සිදුකරයි.


මාධ්‍ය නිවේදන | මාධ්‍ය නිවේදන

වයඹ පළාතේ සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් 78 දෙනෙකු අත්අඩංගුවට

වයඹ පළාතේ විශේෂයෙන් කුරුණෑගල, කුලියාපිටිය, නිකවැරටිය හා හලාවත යන පොලිස් කොට්ඨාශවල පසුගිය දින දෙක තුළදී සිදුවූ නොසන්සුන්කාරී වාතාවරණය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් 78 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇත.



මාධ්‍ය නිවේදන | මාධ්‍ය නිවේදන

කලහකාරී තත්වයන් පාලනය කිරීම සඳහා පොලිසිය විසින් උපරිම බලය යොදා ගනී

මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඊයේ (මැයි 13) සිදුවූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් කඩිනම් පියවර ගන්නා ලද අතර ප්‍රදේශයේ ස්ථාපිත ගුවන් හමුදා කඳවුරු වල භටපිරිස් ඒ සඳහා යොදවන ලදී.


මාධ්‍ය නිවේදන | මාධ්‍ය නිවේදන

ආරක්ෂක අංශ විසින් මහජන ආරක්ෂාව සඳහා අවශ්‍ය සියලු පියවර ගෙන ඇත

පසුගිය අප්‍රේල් 21 වන දින සිට ගෙවුණු සති තුනක කාලය තුළ ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය එක්ව රටතුල ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදය තුරන් කිරීම සඳහා විශේෂිත මෙහෙයුම් සිදු ක්‍රියාත්මක කරන ලදී.


මාධ්‍ය නිවේදන | මාධ්‍ය නිවේදන

සමාජ මාධ්‍ය හරහා ව්‍යාජ තොරතුරු පැතිරවීම වැළැක්වීම සඳහා විශේෂ ඒකකයක් පිහිටුවයි

ඊයේ (මැයි 12) රාත්‍රී කාලයේ දී යම් පිරිසක් විසින් කුලියාපිටිය ප්‍රදේශයේ වෙළඳසැල් කිහිපයකට අලාබහානි සිදුකර ඇති අතර එම ක්‍රියාවන් වැලැක්වීම සඳහා එම ප්‍රදේශයට පොලිස් ඇදිරිනීතිය පනවන ලදී.


මාධ්‍ය නිවේදන | මාධ්‍ය නිවේදන

මහජන ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා උපරිමයෙන්ම කටයුතු කරයි

සියලුම පාසල්වලට ආරක්‍ෂාව සැපයීම සඳහා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව සිය උපරිමයෙන් කැපවී සිටි. මහජන ආරක්‍ෂාව සහතික කිරීම සඳහා උපරිම ආකාරයෙන් ක්‍රියාකර ඇති බැවින් බියෙන් සැකෙන් තොරව තම එදිනෙදා කටයුතු සිදුකරන ලෙස පොදු ජනතාවගෙන් ඉල්ලා සිටි.


මාධ්‍ය නිවේදන | මාධ්‍ය නිවේදන

නාවික අණ නොතකා ධාවනය කල වාහන සඳහා වෙඩි තබා ඇත

වත්තල හුනුපිටිය ප්‍රදේශයේ ස්ථාපිත කර තිබු නාවික හමුදා මුර පොලක අණ නොතකා ධාවනය කල මෝටර් රථයක් වෙත වෙඩි තැබීමට එම මුරපොලෙහි සේවයේ නියුතු නාවික හමුදා භටපිරිස් කටයුතු කර ඇත.


මාධ්‍ය නිවේදන | මාධ්‍ය නිවේදන

මහජන ආරක්‍ෂාව සඳහා අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බව ආරක්‍ෂක ලේකම් පවසයි

අප්‍රේල් 21 වන දා සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ සියලුම පාර්ශව, ත්‍රිවිධ හමුදාව, විශේෂ කාර්ය බලකාය, පොලිසිය සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව ඒකාබද්ධව රටපුරා සිදුකරන ලද සෝදිසි මෙහෙයුම් මගින් අත්අඩංගුවට ගෙන රටේ පැවති තත්ත්වය සාමාන්‍ය අතට පත්කර ඇති බව ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්. කෝට්ටේගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩිසී මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.


මාධ්‍ය නිවේදන | මාධ්‍ය නිවේදන

කටුනායක ගුවන්තොටුපලේ පිවිසුමේ හා පිටවීමේ සීමා ලිහිල් කරයි

2019 අප්‍රේල් මස 21 වන දින සිට ක්‍රියාත්මක කරන ලද ආරක්‍ෂක වැඩපිළිවෙළ හේතුවෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට පැමිණෙන හා ඉන් පිටත්වන මගින් හට මහත් අපහසුතාවයන්ට පත් වූ බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි.


මාධ්‍ය නිවේදන | මාධ්‍ය නිවේදන

සැකකරුවන්ට ඇප ලබා දීම සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකයෙන් පරීක්‍ෂණ

සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ මරාගෙන මැරුණු බෝම්බකරු වන මොහමඩ් ඉබ්‍රහිම් ඉන්ෂාෆ් අහමඩ් වැල්ලම්පිටිය ප්‍රදේශයේ පිහිටි පිත්තල කම්හලෙ හි හිමිකරු වේ.


මාධ්‍ය නිවේදන | මාධ්‍ය නිවේදන

අන්තවාදීන්ගේ පුහුණු කඳවුරු කිහිපයක් වටලයි

අන්තවාදී ත්‍රස්තවාදී කණ්ඩායම් විසින් තම පුහුණු කටයුතු සඳහා භාවිතා කල බවට සැකකෙරෙන වාලච්චේන පොලිස් කොට්ඨාසයේ රිදීතැන්න ප්‍රදේශයේ අක්කර 25 ක පමණ භූමි ප්‍රදේශයක සඳුදා (මැයි 06) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, පොලීසිය සහ විශේෂ කාර්ය බළකාය එක්ව සෝදිසි මෙහෙයුමක් දියත්කරන ලදී.



මාධ්‍ය නිවේදන | මාධ්‍ය නිවේදන

පාසල් ළමුන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා විශේෂ ආරක්ෂක මෙහෙයුම්

පසුගිය පැය 48 තුළ ආරක්ෂක අංශ විසින් පාසල් ළමුන්ගේ ආරක්ෂාව පිළිබඳ සිය පූර්ණ අවධානය යොමු කර තිබේ. අපි ආරක්ෂක තත්ත්වය නිසි ලෙස තක්සේරු කර ඇති අතර සියලුම පාසල් ආවරණය වන පරිදි අවශ්‍ය සියලු ආරක්ෂිත පියවර ගෙන තිබේ. ජනතාවගේ සිතෙහි පවතින බිය තුරන්වන තෙක් සහ රටෙහි ආරක්ෂාව සම්පූර්ණයෙන්ම තහවුරු වන තෙක් මෙම ආරක්ෂක වැඩපිළිවෙල ක්‍රියාත්මක වේ.


මාධ්‍ය නිවේදන | මාධ්‍ය නිවේදන

ඉරිදා දින පාසැල් වටා විශේෂ සෝදිසි මෙහෙයුම්

සඳුදා පාසල් යළි විවෘත කිරීම සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ. රටේ සියලුම පොලිස් ස්ථාන සඳහා අවශ්‍ය උපදෙස් මේ වන විටත් නිකුත් කර ඇත.


මාධ්‍ය නිවේදන | මාධ්‍ය නිවේදන

ආරක්ෂාව සඳහා ත්‍රිවිධ හමුදාවේ 15,000 කට ආසන්න පිරිසක් යොදවා ඇත

පසුගිය පැය 48 ක කාලය දිවයින පුරා මහජන ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ත්‍රිවිධ හමුදාවේ 15,000 ක පමණ භට පිරිසක් යොදවා ඇත. මෙම මෙහෙයුම් සඳහා යුද්ධ හමුදාවේ පමණක 10 000 කට වැඩි භටපිරිසක් යොදවා ඇත


මාධ්‍ය නිවේදන | මාධ්‍ය නිවේදන

කටකතා සහ අසත්‍ය තොරතුරු පැතිරවීමට එරෙහිව නිතිය දැඩිව ක්‍රියාත්මකයි

ජනතාව අතර සංහිඳියාවට අහිතකර වන අසත්‍ය තොරතුරු,චායාරුප හෝ වීඩියෝ පතුරුවන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගනු ලැබේ. වාර්ගික හැඟීම් උසිගන්වන ව්‍යාජ තොරතුරු පැතිරවීමට සම්බන්ධ වූවන් පිළිබඳව බලධාරීන් විසින් සෙවිල්ලෙන් සිටී.


මාධ්‍ය නිවේදන | මාධ්‍ය නිවේදන

කටකතා සහ අසත්‍ය තොරතුරු පැතිරවීමට එරෙහිව නිතිය දැඩිව ක්‍රියාත්මකයි

ජනතාව අතර සංහිඳියාවට අහිතකර වන අසත්‍ය තොරතුරු,චායාරුප හෝ වීඩියෝ පතුරුවන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගනු ලැබේ. වාර්ගික හැඟීම් උසිගන්වන ව්‍යාජ තොරතුරු පැතිරවීමට සම්බන්ධ වූවන් පිළිබඳව බලධාරීන් විසින් සෙවිල්ලෙන් සිටී.


මාධ්‍ය නිවේදන | මාධ්‍ය නිවේදන

ත්‍රස්ත අභියෝගය ශ්‍රී ලංකාවෙන් මුලිනුපුටා දැමීමට වත්මන් ජනපතිට හැකියාව තිබෙන බව බ්‍රිතාන්‍ය රාජ්‍ය ආරක්ෂක ඇමති පවසයි.

ගෝලීය ත්‍රස්තවාදයට එරෙහි සටනේ දී දේශපාලන නායකත්වය ඉතා වැදගත් බව පෙන්වා දෙන එක්සත් රාජධානියේ ආරක්ෂක සහ ආර්ථික අපරාධ සම්බන්ධ රාජ්‍ය අමාත්‍යවරයා ත්‍රස්ත අභියෝගය ශ්‍රී ලංකාවෙන් මුලිනුපුටා දැමීමට වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට හැකියාව තිබෙන බව පවසයි.


මාධ්‍ය නිවේදන | මාධ්‍ය නිවේදන

දැනට සිදුකෙරෙමින් පවතින මෙහෙයුම් කටයුතු ඉතා සාර්ථකයි

ත්‍රිවිධ හමුදාව, පොලිසිය හා විශේෂ කාර්ය බලකාය විසින් දිවයින පුරා සිදුකරනු ලබන සෝදිසි මෙහෙයුම් තව දුරටත් පවත්වාගෙන යන අතර රටෙහි ආරක්‍ෂාව තර කර තිබේ. ආරක්‍ෂක අංශ විසින් දිවයිනේ සියලුම පූජනීය ස්ථානවලට උපරිම ආරක්‍ෂාවක් ලබා දී ඇත.


මාධ්‍ය නිවේදන | මාධ්‍ය නිවේදන

ප්‍රධාන සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සැකකරුවන් 44 දෙනෙකු අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබේ. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටින මෙම සැකකරුවන්ගෙන් හත් දෙනෙකු කාන්තාවන් වේ.



මාධ්‍ය නිවේදන | මාධ්‍ය නිවේදන

මාධ්‍ය නිවේදනය (ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය)

දිවයිනේ නොයෙකුත් ප්‍රදේශ වලින් අසත්‍ය තොරතුරු ප්‍රචාරය වීම හේතු කොටගෙන මහජනයා කලබලයට පත්වන සිද්ධීන් ගනණාවක් වාර්තා විය. වෙබ් අඩවි සහ ෆේස්බුක්, වට්ස්ඇප්, ට්විටර් ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහාද මෙලෙස අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන තැනැත්තන් සම්බන්ධයෙන් දැඩි නීතිමය පියවර ගැනීමට පොලීසිය ඇතුළු ආරක්‍ෂක අංශ පියවර ගනිමින් සිටී.


මාධ්‍ය නිවේදන | මාධ්‍ය නිවේදන

ගරු ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යතුමාගේ විශේෂ ප්‍රකාශය

අද පෙරවරු 0830 සිට පෙරවරු 0900 දක්වා කාලය තුල දිවයිනේ ප්‍රදේශ කිහිපයක් ඉලක්ක කරගනිමින් බෝම්බ ප්‍රහාර එල්ල වි තිබෙනවා.