පුවත් සහ සිදුවීම්   මාධ්‍ය නිවේදන්

මාධ්‍ය නිවේදන

මාධ්‍ය නිවේදන | මාධ්‍ය නිවේදන

ආරක්‍ෂක අමාත්‍යාංශය සභාපතිත්වය දරනු ලබන තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකාය විසින් කෙරෙන විශේෂ නිවේදනය

මෙරට ඇතැම් විදේශ රැකියා ඒජන්තවරුන් විසින්, පසුව රැකියා වීසා බවට වෙනස් කළ හැකියයි පවසමින් විදේශ ශ්‍රමිකයන් සංචාරක වීසා යටතේ විවිධ රටවල්වලට යැවීමේ ක්‍රියාවලියේ නිරතව සිටින බවත්, ඒ හේතුවෙන් එකී ශ්‍රමිකයන්, තැනැත්තන් වෙළෙඳාමේ ගොදුරු බවට පත්ව ඇති බවත් අප වෙත වාර්තා වී තිබේ.


මාධ්‍ය නිවේදන | මාධ්‍ය නිවේදන

2022 එක්සත් ජනපද තැනැත්තන් වෙළෙඳාම පිලිබඳ වාර්තාවට (US TIP Report 2022) අනුව ශ්‍රී ලංකාව දෙවන මට්ටමට (Tier 2) උසස් වේ

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් 2022 ජූලි 19 වන දින නිකුත් කරන ලද 2022 එක්සත් ජනපද තැනැත්තන් වෙළෙඳාම පිලිබඳ වාර්තාවට (US TIP Report 2022) අනුව ශ්‍රී ලංකාව උසස් කර ඇති බව ශ්‍රී ලංකාවේ තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකායෙන් (NAHTTF) සභාපතිත්වය දරණ ආරක්‍ෂක අමාත්‍යාංශය සතුටින් ප්‍රකාශ කරයි.


මාධ්‍ය නිවේදන | මාධ්‍ය නිවේදන

මාධ්‍ය නිවේදනය

2022 ජූලි 13 වන දින සවස් කාලයේදී පාර්ලිමේන්තු සංකීර්ණය අත්පත් කර ගැනීමට පැමිණි ප්‍රචණ්ඩකාරී පිරිසක් විසින් එම ස්ථානයේ රාජකාරීන්හී නියුතුව සිටි හමුදා සෙබලුන් දෙදෙනෙකු හට ඉතා දරුණු සහ අමානුෂික ලෙස යකඩ මුගුරු සහ පොලු ආදිය උපයෝගී කරගනිමින් සිහිසුන් වන තුරු පහර දී එම සෙබලුන් සතු ටී-56 ස්වයංක්‍රීය ගිනි අවි දෙක පතුරම් ගැබ් දෙකත් සමඟ පැහැර ගැනීම බරපතල නීති විරෝධී ක්‍රියාවක් වන අතර, එය මහජනතාවගේ ආරක්‍ෂාවට ද දැඩි තර්ජනයක් බව ආරක්‍ෂක අමාත්‍යාංශය අවධාරණය කර සිටී.


මාධ්‍ය නිවේදන | මාධ්‍ය නිවේදන

මාධ්‍ය නිවේදනය

පොලිස්පතිවරයා විසින් ආරක්‍ෂක ලේකම් අමතා ත්‍රස්තවාදී ප්‍රහාරයක් පිලිබඳ තොරතුරු සඳහන් කර ඉදිරිපත් කර ඇති ලිපිය මේ වන විට සමාජ මාධ්‍ය තුල සංසරණය වෙමින් පවතී.


මාධ්‍ය නිවේදන | මාධ්‍ය නිවේදන

මාධ්‍ය නිවේදනය

LTTE ත්‍රස්තවාදී සංවිධානය විසින් මැයි මස 18 වන දින ශ්‍රී ලංකාවට ප්‍රහාරයක් දියත් කිරීමට සැලසුම් කර ඇති බවට ඉංදිය ඔත්තු සේවා උපුටා දක්වමින් 2022 මැයි මස 13 දින   ඉංදියාවේ The Hindu පුවත්පතේ පුවතක්   පල කර ඇත.


මාධ්‍ය නිවේදන | මාධ්‍ය නිවේදන

මාධ්‍ය නිවේදනය

කොළඹ ගාලුමුවදොර සහ අවට ප්‍රදේශයේ දැනට පවතින නොසන්සුන්කාරී තත්වය මැඩපැවැත්වීමට සහ මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට පොලිසියේ සහය සඳහා ත්‍රිවිධ හමුදාව කැඳවා ඇති බැවින් රටතුල සාමකාමී බව ආරක්ෂා කිරීමටත් ත්‍රිවිධ හමුදාවට සහය දැක්වීමට කටයුතු කරන ලෙසත් ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහජනතාවගෙන් ඉල්ලා සිටි.



මාධ්‍ය නිවේදන | මාධ්‍ය නිවේදන

මාධ්‍ය නිවේදනය

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මැතිතුමා විසින් තම මුහුණු පොතෙහි (Facebook) ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න සහ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අමතා තබා තිබූ සටහන සම්බන්ධව ආරක්‍ෂක අමාත්‍යාංශයේ ප්‍රතිචාරය.


මාධ්‍ය නිවේදන | මාධ්‍ය නිවේදන

ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය

වත්මන් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ධුරය නීත්‍යානුකූල සේවා දිගුවක් නොමැතිව සිදුකර ඇති බවට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය වන තොරතුරු ආරක්‍ෂක අමාත්‍යාංශය තරයේ ප්‍රතික්ෂේප කරනු ලැබේ.


මාධ්‍ය නිවේදන | මාධ්‍ය නිවේදන

ආරක්‍ෂක ලේකම් තුමන් විසින් ඉදිරිපත් කරන ලද මාධ්‍ය නිවේදනය

මිරිහාන ප්‍රදේශයේ ඇති වූ ප්‍රචණ්ඩකාරී විරෝධතාවය සම්බන්ධයෙන් ජාතික ආරක්‍ෂක කවුන්සිලයේ රැස්වීමක් කැඳවා ඇතැයි කියන පදනම් විරහිත චෝදනා ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න විසින් ප්‍රතික්‍ෂේප කරන අතර, එම මාධ්‍ය වාර්තා වල සඳහන් කරුණු අසත්‍ය බව සඳහන් කරමින් ඔහු කියා සිටියේ එවැනි රැස්වීමක් නොපැවති බවයි.


මාධ්‍ය නිවේදන | මාධ්‍ය නිවේදන

මාධ්‍ය නිවේදනය

ප්‍රථමයෙන්ම මා ඔබ සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටින්නේ ප්‍රචණ්ඩත්වයෙන් වැළකී සිටින ලෙසයි. දැනට රට තුළ පවතින නොසන්සුන්කාරී වාතාවරණය හේතුවෙන් ජන සමූහයන් ඒකරාශී වී දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි සංවිධානාත්මකව උද්ඝෝෂණ මාලාවක් ක්‍රියාත්මක කරමින් පවතී. ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් නිරූපණය වන පරිදි “සාමකාමී උද්ඝෝෂණයක්” යන තේමාව ඔස්සේ මෙම උද්ඝෝෂණ පැවැත්වීමට සංවිධානය කළද, දැනට පෙනී යන ආකාරයට මේ සම්බන්ධයෙන් කණ්ඩායම් දෙකක් ක්‍රියාත්මක වන බව නිරීක්‍ෂණය වේ.


මාධ්‍ය නිවේදන | මාධ්‍ය නිවේදන

මාධ්‍ය නිවේදනය

ඉන්දීය හමුදාව ශ්‍රී ලංකාවට ඇතුළු වී ඇති බවට සමාජ මාධ්‍ය තුළ පළවන වාර්තා තරයේ ප්‍රතික්ෂේප කරන බව ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා පවසයි.


මාධ්‍ය නිවේදන | මාධ්‍ය නිවේදන

මාධ්‍ය නිවේදනය

ඉන්දීය රජය සමඟ මෑතකදී අත්සන් කරන ලද සමුද්‍රීය ආරක්ෂක ගිවිසුම්වල ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවට බාධාවක් හෝ තර්ජනයක් ඇති බව මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය කිහිපයක් විසින් වැරදි ලෙස අර්ථකථනය කර ඇත.


මාධ්‍ය නිවේදන | මාධ්‍ය නිවේදන

මිනිස් ජාවාරම මැඬපැවැත්වීම සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශයේ දායකත්වයෙන්
ශ්‍රී ලංකා රජය විසින් ගනු ලබන දැඩි කඩිනම් ක්‍රියාමාර්ග

මිනිස් ජාවාරම මැඬලීම සඳහා විමර්ශන බලධාරීන් සහ බුද්ධි අංශ සමඟ සෘජු සම්බන්ධීකරණයෙන්  වඩාත් ශක්‍තිමත් ආයතනික යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමේ අරමුණින් මිනිස් ජාවාරම් විරෝධී කාර්ය සාධක බලකායේ සභාපතිත්වය මේ වසරේ ජුලි මාසයේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ ප්‍රතිපත්තිමය තීරණයකට අනුව අධිකරණ අමාත්‍යාංශයෙන් ආරක්‍ෂක අමාත්‍යාංශය වෙත භාර දෙන ලදි.

 


මාධ්‍ය නිවේදන | මාධ්‍ය නිවේදන

මාධ්‍ය නිවේදනය

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට බංග්ලාදේශය දක්වා ගමන් කරමින් සිටියදී ඉන්ධන හිඟයක් නිසා හදිසි ආපදා තත්වයකට මුහුණ දීම හේතුවෙන් මීට දින කිහිපයකට පෙර මඩකලපුව වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ නැංගුරම් ලා තිබූ බාජ් යාත්‍රාව (බත්තල) කැණීම් කටයුතුවල නිරතව සිටි බවට සමාජ මාධ්‍යවල සහ ඇතැම් මාධ්‍යවල ප්‍රචාරය වන විස්තර  සත්‍යයෙන් තොර බව ආරක්‍ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.


මාධ්‍ය නිවේදන | මාධ්‍ය නිවේදන

මාධ්‍ය නිවේදනය

ශ්‍රී ලංකාවේ දේවස්ථාන වලට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය හැකි බව සඳහන් කරමින් සමාජ මාධ්‍ය සහ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ සංසරණය වන පුවත අදාළ බලධාරීන් විසින් විශ්ලේෂණය හෝ තහවුරු නොකරන ලද තොරතුරක් පමණි.


මාධ්‍ය නිවේදන | මාධ්‍ය නිවේදන

මත්ද්‍රව්‍ය ජාවාරමට කිසිඳු අයුරකින් ඉඩක් නැහැ - ආරක්ෂක ලේකම්

ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය සහ බුද්ධි අංශ එක්ව රුපියල් මිලියන 1575 ක්  වටිනා හෙරොයින් කිලෝග්‍රෑම් 170 කට වැඩි ප්‍රමාණයක් රැගෙන ආ විදේශීය ධීවර යාත්‍රාවක් ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේ යාත්‍රා කරමින් තිබියදී සැකකරුවන් 9 දෙනෙකු සමග අත්අඩංගුවට ගෙන සැප්තැම්බර් 18 දින කොළඹ වරායට රැගෙන එන ලදී.


මාධ්‍ය නිවේදන | මාධ්‍ය නිවේදන

කටුනායක ගුවන්තොටුපල වෙත ලැබුණු ‘ව්‍යාජ විද්‍යුත් පණිවුඩය’ පිළිබඳව කලබල විය යුතු නැත - ආරක්ෂක ලේකම්

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල බලධාරීන් වෙත ලැබුනු ව්‍යාජ විද්‍යුත් තැපැල් පණිවිඩයක් පිළිබඳව සඳහන් කරමින් සම්මත ආරක්‍ෂක පියවර ක්‍රියාත්මක වන හෙයින් එම විද්‍යුත් තැපැල් පණිවිඩයේ අන්තර්ගත කරුණු සම්බන්ධයෙන් මහජනතාව කිසිදු අයුරකින් කලබල හෝ බිය විය යුතු නැති බව ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) තහවුරු කළේය.


මාධ්‍ය නිවේදන | මාධ්‍ය නිවේදන

ගෝලීය සංස්කෘතික බාලදක්ෂ ජම්බෝරියට - ජනපති එක්වෙයි

මෙවර පැවැත්වෙන ගෝලීය සංස්කෘතික බාලදක්ෂ ජම්බෝරියට Virtual තාක්ෂණය ඔස්සේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එක්වෙයි.


මාධ්‍ය නිවේදන | මාධ්‍ය නිවේදන

සැප්තැම්බර් මාසයට පෙර ජනගහණයෙන් වැඩි ප්‍රතිශයකට එන්නත දීමට ජනපතිගෙන් පුළුල් වැඩපිළිවෙළක්

සැප්තැම්බර් මාසයට පෙර සමස්ත ජනගහණයෙන් වැඩි ප්‍රතිශයකට කොවිඩ් එන්නත ලබාදීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පුළුල් වැඩපිළිවෙළක් ඉදිරිපත් කරයි.


මාධ්‍ය නිවේදන | මාධ්‍ය නිවේදන

2021 ජූලි මස 06 වන දින, එක්සත් ජනපදය ශ්‍රී ලංකාව සඳහා පැනවූ සංචාරක සීමාවන් සබැඳිව මාධ්‍ය නිවේදනය

එක්සත් ජනපදය විසින් 2021 මැයි මස 24 වන දින, ශ්‍රී ලංකාව සඳහා නිකුත් කර තිබූ 4 වන මට්ටමේ සංචාරක සීමාවන්, 2021 ජූලි මස 6 වන දින, 3 වන මට්ටම දක්වා යාවත්කාලීන කර ඇත.


මාධ්‍ය නිවේදන | මාධ්‍ය නිවේදන

පහළොස් හැවිදිරි දැරියක් අපයෝජනය කළේ යැයි යන සිද්ධිය සම්බන්දයෙන් සැකපිට අත්අඩංගුවට ගත් නාවික හමුදා වෛද්‍යවරයාගේ සේවය අත්හිටුවීමට පියවර

පහළොස් හැවිදිරි දැරියක් අපයෝජනය කළේ යැයි චෝදනාව මත මෑතකදී අත්අඩංගුවට ගත් නාවික හමුදා ශල්‍ය වෛද්‍යවරයාගේ සේවය ආරක්ෂක අමාත්‍යංශයේ උපදෙස් මත වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් පියවර ගන්නා ලදි.


මාධ්‍ය නිවේදන | මාධ්‍ය නිවේදන

තිස්සමහාරාමයේ ව්‍යාපෘතියක නියුතු චීන සමාගමකට අයත් සේවකයින් පිරිසක් හමුදා නිල ඇඳුම් ඇඳීමේ සිදුවීම සබැඳිව මාධ්‍ය නිවේදනය

තිස්සමහාරාමය තිස්ස වැවේ රොන්මඩ ඉවත් කිරීම සඳහා දැනට සිදුකරමින් පවතින ව්‍යාපෘතියට අදාළ පෞද්ගලික සමාගමට අයත් චීන ජාතික සේවකයින්, හමුදා කැලෑ නිල ඇඳුමින් සැරසී සිටි බව මාධ්‍ය මගින් ඉස්මතු කර ඇත.


මාධ්‍ය නිවේදන | මාධ්‍ය නිවේදන

යුරෝපා සංගම් පාර්ලිමේන්තුව තුළ සම්මත කරගත් යෝජනාව පිළිබඳ ශ්‍රී ලංකාවේ ප්‍රකාශය

2021 ජුනි 10 වැනි දින යුරෝපීය පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාවක් සම්මත කිරීම පිළිබඳව විදේශ අමාත්‍යාංශය කනගාටුව පළ කරයි. ‘ශ්‍රී ලංකාවේ තත්ත්වය, විශේෂයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම්’ යන මාතෘකාවෙන් යුත් මෙම යෝජනාවේ අඩංගු කරුණු සාවද්‍යතාවයන්ගෙන් යුක්ත වන අතර, ප්‍රතිසන්ධානය හා සංවර්ධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලබා ඇති බහුවිධ ප්‍රගතිය පිළිබඳව සැලකිල්ලට නොගනී.