පසුගිය පුවත්
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ගෙන් තොර රටක් නිර්මාණය කිරීමට උත්සාහ කරන්න - ආරක්‍ෂක ලේකම්
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ගෙන් තොර රටක් නිර්මාණය කිරීමට සෑම උත්සාහයක්ම දරන්න යැයි ඊයේ (දෙසැ 14) දින බත්තරමුල්ල තලංගම ප්‍රදේශයේ පිහිටි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ට ප්‍රතිකාර කිරීමේ සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් වන 'සෙත් සෙවණ' ප්‍රතිසංස්කරණය කර යළි විවෘත කිරීම වෙනුවෙන් සංවිධානය කර තිබූ උත්සවයකදී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා ඉල්ලා සිටියේය.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ වාර්ෂික සම්මන්ත්‍රණයේ සමාරම්භය ආරක්‍ෂක ලේකම්ගේ ප්‍රධානත්වයෙන්
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් සංවිධානය කරනු ලබන 11 වන වාර්ෂික පර්යේෂණ සම්මන්ත්‍රණය - 2021 අද (දෙසැම්බර් 14) දින බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී ආරම්භ විය.
දකුණු පළාතේ රණවිරු ගැටළු සොයා බැලීම සඳහා නිරීක්ෂණ චාරිකාවක්
දකුණු පළාතේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික් කාර්යාල වලින් රණවිරුවන් වෙත සැපයෙන සේවාවන් පිළිබඳ සොයා බැලීම සඳහා රණවිරු සේවා අධිකාරියේ සභාපති, අධ්‍යක්‍ෂක ඇතුළු නිලධාරීන් විසින් විශේෂ නිරීක්ෂණ චාරිකාවක් පසුගිය දා සිදු කරන ලදී.
කල්ලඩි සිට කාත්තන්කුඩි දක්වා වෙරළ තීරය පිරිසිදු කෙරේ
ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය සහ ජාතික ශිෂ්‍යභට බළකාය සිවිල් ප්‍රජාව සමඟ එක්ව කල්ලඩි සිට කාත්තන්කුඩි දක්වා කිලෝමීටර් 4ක් පමණ වෙරළ තීරය පසුගියදා පිරිසිදු කරන ලදී.
ජයග්‍රහණ රැසක් රණවිරු සේවා අධිකාරියට හිමිකර දෙමින්
ජාතික පැරා බැඩ්මින්ටන් තරඟාවලිය අවසන් වේ
2021 ජාතික පැරා බැඩ්මින්ටන් තරඟාවලිය අනුරාධපුර ගෘහස්ථ ක්‍රීඩාගාරයේ දී 2021 දෙසැම්බර් මස එකොළොස් වන සෙනසුරාදා දිනය පුරා පවත්වන ලදි.
උත්සව සමයට පෙර කොවිඩ් අධිමාත්‍රා එන්නත දී අවසන් කරන්න – ජනපතිගෙන් උපදෙස්
එළැඹෙන උත්සව සමයේ දී කොවිඩ් ව්‍යාප්තිය පාලනය සඳහා අධි මාත්‍රා එන්නත (Booster) ඉදිරි දෙසතිය තුළ ලබා දී අවසන් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කොවිඩ් මර්දන විශේෂ කමිටු සාමාජිකයන්ට උපදෙස් දෙයි.
මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 250ක් සමඟ විදේශීය ධීවර යාත්‍රාවක් ජාත්‍යන්තර මුහුදේදී නාවික හමුදා අත්අඩංගුවට
ජාත්‍යන්තර මුහුදු සීමාවේදී විදේශීය ධීවර යාත්‍රාවක සිටි විදේශීය සැකකරුවන් 6 දෙනෙකු සමඟ මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත් විය.
රණක්ෂිතයටපත් රණවිරුවන් සදහා විද්‍යුත් ආරෝපිත යතුරුපැදි 55 ක් ලබාදෙයි
රණවිරු සේවා අධිකාරියේ සභාපතිතුමාගේ සංකල්පයකට අනුව සාම්ප්‍රදායික පුනරුත්තාපන ක්‍රමවේදයෙන් ඔබ්බට ගොස් ගෘහස්ත සංචරණයට සීමා වන රෝදපුටුවක් ලබාදීම වෙනුවට, රණක්ෂිතයටපත් රණවිරුවන්ගේ ප්‍රජා සහභාගීත්වය සහ සමාජ සබදතා වර්ධනයට ඉවහල් වන දෑත යොදාගනිමින් ක්‍රියාත්මක කල හැකි විද්‍යුත් ආරෝපිත යතුරු පැදි 55 ක් ඉපයීමේ ක්‍රයශක්තිය හීනවීමේ ප්‍රතිශතය පදනම් කරගනිමින් ලබාදීම සඳහා අදාල දිස්ත්‍රික්ක වෙත යොමු කිරීමේ මූලික කටයුතු අරඹන ලදී.
උදාකරගත් සාමයට කැළැලක් ඇතිකිරීමට ඇතැම් සමාජ විරෝධී සහ ශ්‍රී ලංකා විරෝධී කණ්ඩායම් කටයුතු කරයි - ආරක්‍ෂක ලේකම්
ශ්‍රී ලංකාවෙන් ත්‍රස්තවාදී උවදුර සම්පූර්ණයෙන්ම පලවා හැරීමේ සිට දශකයකට වැඩි කාලයකට පසු, ඇතැම් සමාජ විරෝධී සහ ශ්‍රී ලංකා විරෝධී පාර්ශවයන්, අප වෙහෙස මහන්සි වී උදාකරගත් සාමය කෙලෙසීමටත්, ජනවාර්ගික කණ්ඩායම් අතර අවිශ්වාසයක් සහ භේදයක් ඇති කිරීමටත් කටයුතු කරන බව ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න ඊයේ (දෙසැම්බර් 10) දින පැවසීය.
ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව තෙල් හා රසායනික කාන්දු ප්‍රතිචාරය පිළිබඳ සාකච්ඡාවක් සංවිධානය කරයි
ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් එක්සත් ජනපද ඉන්දු පැසිෆික් විධානයේ නියෝජිතයින්, ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ සාමාජිකයින් සහ අනෙකුත් අදාළ පාර්ශවකරුවන් සමඟ ‘තෙල් සහ රසායනික කාන්දු ප්‍රතිචාරය’ පිළිබඳ දෙදින සම්බන්ධීකරණ රැස්වීමක් දෙසැම්බර් මස 07 සහ 08 දෙදින කොළඹ ලයිට් හවුස් ගැලී හිදී සංවිධානය කරන ලදී.
සෙනගාල ආරක්‍ෂක උපදේශක ආරක්ෂක ලේකම් හමුවෙයි
ඉන්දීය සහ ශ්‍රී ලංකා සෙනගල් තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් මලික් තියව් අද (දෙසැ 10) දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ හි පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.
නාවික හමුදාවේ හරිත විප්ලවය
ගඟේවාඩිය නාවික හමුදා කඳවුරේ කෙළවර කඩිමුඩියේ කඩියන් මෙන් වැඩ කරන නාවික භටයෝ පිරිසකි. කොට කලිසමින් සහ සුදු පැහැ සපත්තු පැලඳගත් ඔවුහු ඈඳි ගනිමින් කිසියම් සුපරික්ෂාකාරී කටයුත්තකය. එක් කෙළවරකින් පුත්තලම් කළපුවත් අනෙක් පසින් රතු දිගු පටු ගුරුපාරත් මැද පුළුල් සෙවණ සහිත නිස්කලංක බිම්කඩෙහි ඔවුන් ලහි ලහියේ සූදානම් වන්නේ තවත් එක් සංග්‍රාමයකටය. මුහුද මෙන්ම ගොඩබිම ද හොඳට හුරු මේ නාවිකයෝ මෙවර ක්‍රියාන්විතය සඳහා තෝරාගෙන ඇත්තේ පුත්තලම කළපුවයි. ඊයේ දිනයට යෙදී තිබුණු නාවික හමුදා දිනයට සමගාමීව ඔවුන් අද අරඹන සංග්‍රාමය හරිත සංග්‍රාමයකි. රට වට බැඳි රන් වැට ලෙස අභිමානයෙන් පිදුම් ලබන මේ සූර වීර නාවිකයෝ පුත්තලම කළපුවේ සැබෑ සොබාවත යළි නඟාසිටුවන්නට අද සිට මහා සංග්‍රාමය අරඹති.
තෘතීයික අධ්‍යාපන ක්‍රමයේ ප්‍රතිසංස්කරණ රැසක් අවශ්‍ය බව ජනපති අවධාරණය කරයි.
අපේ රටේ අධ්‍යාපන ක්‍රමය වර්තමාන ලෝකයට අනුගත වී නොමැති අතර විශේෂයෙන් තෘතීයික අධ්‍යාපන ක්‍රමයේ ප්‍රතිසංස්කරණ රැසක් අවශ්‍ය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පෙන්වා දෙයි.
ශෝක පණිවුඩය
ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් බිපින් රාවත් සහ මධුලිකා රාවත් මහත්මියගේ ඛේදනීය මරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, කාර්යය මණ්ඩලය සහ ත්‍රිවිධ හමුදාව සිය හෘදයාංගම ශෝකය ප්‍රකාශ කරයි. තමිල්නාඩුවේ කුනූර් හි 2021 දෙසැම්බර් 08 වන බදාදා දින සිදුවූ අනතුරෙන් ජීවිත අහිමි වූ අනෙකුත් පවුල්වලට ද බලවත් සංවේගය පළ කරයි.
ශ්‍රී ලංකා නාවික හමුදාව සිය 71 වන සංවත්සරය සමරයි
ශ්‍රී ලංකා නාවික හමුදාව සිය 71 වන සංවත්සරය අද (දෙසැම්බර් 09) දින සමරයි.
ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව ජනාධිපති ප්‍රධානත්වයෙන්
ආරක්‍ෂක අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව ඊයේ (07) දින පස්වරුවේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස් විය.
වවුනියාවේ තවත් පවුලක් සඳහා යුද හමුදාවෙන් නව නිවසක්
ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සිය සමාජ සත්කාර සේවාවන් අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් වවුනියාවේ දිළිඳු පවුලකට අලුතින් නිවසක් ඉදිකර පසුගියදා භාරදෙන ලදී.
යාපනයේ තරුණයින් සඳහා ජීවිතාරක්ෂක පුහුණුවක්
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් යාපනයේ තරුණයින් පිරිසකට ජීවිතාරක්ෂක පාඨමාලාවක් පසුගියදා සිදුකරන ලදී. යාපනය, කරෙයිනගර් ශ්‍රී ලංකා නාවික නෞකා එළාර ආයතනයේ දී පැවති මෙම වැඩසටහනට තරුණයින් 16 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගී වී ඇති බව නාවික හමුදා මාධ්‍ය වාර්තා කරයි.
නික්මයන එක්සත් රාජධානියේ ආරක්‍ෂක උපදේශක ආරක්ෂක ලේකම් හමුවෙයි
සිය ධූර කාලය සම්පූර්ණ කිරීමට නියමිත කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් ඩේවිඩ් අෂ්මාන් අද (දෙසැම්බර් 07) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා හමුවිය.
මිලියන 82 ක ගංජා තොගයක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් යාපනය, මාදගල් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ වැටලීමකදී සැකකරුවන් දෙදෙනෙකු සහ ඩිංගි යාත්‍රාවක් සමඟ රුපියල් මිලියන 82ක් වටිනා ගංජා තොගයක් ඊයේ (දෙසැ 06) සොයා ගෙන ඇත.
යුද්ධ හමුදා නව මාණ්ඩලික ප්‍රධානී පත් කෙරේ
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් විසින් ශ්‍රී ලංකා යුද හමුදාවේ 59 වැනි මාණ්ඩලික ප්‍රධානි ලෙස මේජර් ජෙනරල් විකුම් ලියනගේ අද (දෙසැම්බර් 7) සිට ක්‍රියාත්මක වන පරිදි පත් කර ඇත.
යුද හමුදා ක්‍රීඩකයින් බංගලාදේශයේ දී බැඩ්මින්ටන් ශුරතාවයක් දිනා ගනී
ශ්‍රී ලංකා යුද හමුදා බැඩ්මින්ටන් ක්‍රීඩකයින් පසුගියදා බංගලාදේශයේ ඩකා නුවර පැවති ‘Yonex Sunrise Bangladesh International Challenge-2021’ තරගාවලියේ පිරිමි යුගල ඉසව්වේ ශූරතාව දිනා ගැනීමට සමත් විය.
ඉතාලි ආරක්ෂක උපදේශක ආරක්ෂක ලේකම් හමුවෙයි
ඉන්දියාව, බංගලිදේශය, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා ඉතාලියේ ආරක්ෂක උපදේශක කපිතාන් ෆැබ්‍රිසියෝ ෆල්සි, ඉතාලි තානාපතිනි අතිගරු රීටා ජුලියානා මැනෙල්ලා මැතිණිය සමඟින් අද (දෙසැම්බර් 06) ආරක්ෂක අමාත්‍යාංශයේ දී ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා හමුවිය.