නවතම පුවත්

පසුගිය පුවත් | පසුගිය පුවත්

අනවසර ගිනිඅවි රජය වෙත භාරදීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම

දිවයින තුළ සාමකාමී හා නිදහස් වාතාවරණයක් සුරක්ෂිත කිරීමෙහිලා ව්‍යාප්තව පවතින අනවසර ගිනි අවි තර්ජනයක් වන බැවින් එසේ බලපත්‍ර නොමැතිව භාවිතා කරනු ලබන හෝ සන්තකයේ තබාගෙන සිටින අනවසර ගිනි අවි රජයට භාරදීම සඳහා සහන කාලයක් ලබා දීමට ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

පොදු සමාකාලයක් ප්‍රකාශයට පත්කිරීම

පුරා දශක තුනකට ආසන්න කාලයක් යුධමය වාතාවරණය පැවති වකවානුවේ රට දැය වෙනුවෙන් සේවය කිරීමට ත්‍රිවිධ හමුදාවට බැඳී විවිධ දුෂ්කරතා හා අපහසුතා හේතුවෙන් නීත්‍යානුකූල නොවන අයුරින් හමුදාව හැරගිය ත්‍රිවිධ හමුදා සාමාජිකයින් හට නීත්‍යානුකූලව හමුදාවෙන් ඉවත්වීම සඳහා හෝ නැවත ත්‍රිවිධ හමුදාව හා එක්ව තම රට ජාතිය වෙනුවෙන් සේවය කිරීමට අවස්ථාවක් උදාකර දීම සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපතිතුමන්ගේ නියමය පරිදි 2020.02.05 (අද දින)  සිට දින 07ක පොදු සමාකාලයක් 72 වන නිදහස් දිනයට සමගාමීව ප්‍රකාශයට පත්කර ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ජනාධිපතිතුමන් විසින් යුධ හමුදා නිලධාරීන් 244 දෙනෙකුට නිල උසස් කිරීම් ලබා දෙයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් යුධ හමුදා නිලධාරීන් 244 දෙනෙකු ඔවුන්ගේ ඊළඟ නිලයට උසස් කිරීම සිදු කර ඇත. යුධ හමුදා මාධ්‍යවලට අනුව බ්‍රිගේඩියර්වරුන් 17 දෙනෙකු මේජර් ජෙනරාල් නිලයට උසස් කර ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

රට තුළ අන්තවාදය වර්ධනය වීමට ඉඩක් නොමැත - ජනාධිපති

ත්‍රස්තවාදය පතුරවන කිසිදු අන්තවාදී සංවිධානයකට රට තුල ක්‍රියාත්මක වීමට රජය ඉඩ නොදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සහතික විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

රුසියාවෙන් ශ්‍රී ලංකා හමුදාවට පුහුණු පහසුකම්

ශ්‍රී ලංකා හමුදාවට වැඩිම පුහුණු පහසුකම් සපයන රාජ්‍යක් වන රුසියාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ  ගුවන් මෙහෙයුම් හැකියාවන් වැඩි දියුණු කිරීම සඳහා අමතර ආධාර ලබා දීමට ප්‍රතිඥා ලබාදී  තිබේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

රුසියානු ජනරජ භූමි මෙහෙයුම් ප්‍රධානී දෙරටෙහි දිගුකාලීන බැඳීම් සවිමත් කරමින් හෙට දින (03) මෙරටෙහි සංචාරයක

රුසියානු ජනරජ භූමි මෙහෙයුම් ප්‍රධානී ඔලෙග් සල්යුකොව් (Oleg Salyukov) වසර 45 ක සේවා කාලයක් සපුරා ඇති මෙන්ම පදක්කම් 09 කින් පිදුම් ලබා ඇති ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන අතර ශ්‍රී ලංකා වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සිදුකරන ලද ආරාධනයක් මත හෙට (3) දින පස්දින සංචාරයක් සඳහා දිවයිනට සම්ප්‍රාප්ත වීමට නියමිතය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීමට යුද හමුදාව සූදානම් සීරුවෙන්

චීනයේ ‘වූහාන්’ ප්‍රාන්තයේ සිට නැවත ශ්‍රි ලංකාව බලා පැමිණෙන සියළුම ශ්‍රී ලාංකීකයන් ‘කොරෝනා’ වෛරස් රෝගී තත්ත්වය අසාදනය වී ඇති/නොමැති බව නිශ්චය කර ගැනීම සඳහා වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත සති දෙකක කාලයක් පුරාවට ඔවුන්ව රඳවාගෙන රෝග නිරෝධායනයන් සඳහා දියතලාව යුද්ධ හමුදා රෝහල් පරිශ්‍රයේ ඉදිකර ඇති ශාලා දෙක වෙත යොමු කරවීමට නියමිතව ඇති අතර ඒ අනුව මෙම පිරිස් එහි රැඳවීමට ශ්‍රි ලංකා යුද්ධ හමුදාව පහසුකම් සලසා ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා පූර්ණ සහයෝගය ශ්‍රී ලංකාවට ලබාදෙන බවට පාකිස්ථානය පොරොන්දු වෙයි

බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීම තුලින් මත්ද්‍රව්‍ය ජාවාරම්, ත්‍රස්තවාදය සහ අන්තවාදී ක්‍රියාකාරකම් මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකාවට පූර්ණ සහයෝගය ලබාදෙන බවට පාකිස්ථානය සහතික විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක අමාත්‍යාංශ සේවා වනිතා ඒකකයේ නව සභාපතිනිය තම ධුරයෙහි වැඩ භාරගනී

ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ නව සභාපතිනිය චිත්‍රානි ගුණරත්න මහත්මිය අද (ජනවාරි 30) දින සිය තනතුරෙහි වැඩ භාරගත්තාය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

පුද්ගලික ආරක්ෂක ආයතන විධිමත් කිරීම සදහා කටයුතු කෙරේ - ආරක්ෂක අමාත්‍යාංශය

ආරක්ෂක භටයින් සඳහා අවම වැටුපක් හඳුන්වා දීම, නව ආරක්ෂක සමාගම් ලියාපදිංචි කිරීම සහ බලපත්‍ර අළුත් කිරීම මගින් ආරක්ෂක අමාත්‍යාංශය පුද්ගලික ආරක්ෂක සේවාව තවදුරටත් විධිමත් කරනු ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව සටන් කිරීම සදහා ශ්‍රී ලංකාවට සහාය දෙන බවට පාකිස්ථානය පොරොන්දු වෙයි

මත්ද්‍රව්‍ය ජාවාරම් සහ මිනිස් ජාවාරම් මැඩලීම සඳහා පාකිස්ථානය ශ්‍රී ලංකාවට සහය ලබා දෙන බවට ඊයේ පොරොන්දු වී ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකා සිසුන් 32 දෙනෙකු ගුවන් මගින් මෙරටට රැගෙන ඒමට ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් වුහාන් නගරය වෙත ගොඩබැස්සවීමට ජනාධිපති රාජපක්ෂ මහතාගේ අනුමැතිය

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ශ්‍රී ලාංකීය සිසුන් 32 නෙකු සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් මෙරටට රැගෙන එම සදහා ඊයේ බීජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකා ගුවන් යානයක් වුහාන් නගර ගුවන්තොටුපළ වෙත ගොඩබෑම සඳහා අයදුම්පතක් ඉදිරිපත් කර ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

පිලිපීන නාවික හමුදා නෞකාවන් දෙකක් කොළඹ වරායට පැමිණේ

පිලිපීන නාවික හමුදාවට අයත් ‘රමොන් අල්කරාස්’ ‘Remon Alcaraz’ සහ ‘ඩවාවෝ ඩෙල්සූර්’ ‘Davao Delsur’ යන නෞකාවන් දෙක දින තුනක සුහද සංචාරයක් සදහා අද (ජනවාරි 26) දින කොළඹ වරායට ළගා විය


පසුගිය පුවත් | පසුගිය පුවත්

යුද්ධ හමුදාව විසින් සිදුකළ පැය 12 ක සෝදිසි මෙහෙයුමකින් සංවිධානාත්මකව ප්‍රවාහනය කල කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට

අද (26) පෙරවරුවෙන් අවසන් වූ පැය 12 ක විශේෂ සෝදිසි මෙහෙයුමේදී කේරළ ගංජා කිලෝ 24  ක් සහ බුරුත ලී අඩි 99.5 ක් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් සොයාගෙන තිබේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

අතුරුදන්වූ පුද්ගලයින් 20,000 ක් මියගොස් ඇති බවට පලවන වාර්ථා ජනාධිපති රාජපක්‍ෂ ප්‍රතික්‍ෂේප කරයි

අතුරුදන්වූවන් ලෙස ලේඛණගත කර ඇති පුද්ගලයින් 20,000 ක් මේ වන විට මියගොස් ඇති බවට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා උපුටා දක්වමින් පලවන මාධ්‍ය වාර්ථා ජනාධිපති කාර්යාලය ප්‍රතික්‍ෂේප කරයි. 


පසුගිය පුවත් | පසුගිය පුවත්

සමස්ථ රාජ්‍ය යාන්ත්‍රණයම ඩිජිටල්කරණය කිරීමට රජයෙන් සැලසුම්

තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිත ආයතනයේ  (ICTA) අධීක්‍ෂයණ හා කළමනාකරණය යටතේ තොරතුරු සන්නිවේදන තාක්‍ෂණය (ICT) හරහා ඒකාබද්ධ පද්ධතියක් යටතේ සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයම ඩිජිටල්කරණය කිරීමට රජය කටයුතු කරමින් සිටියි. 


පසුගිය පුවත් | පසුගිය පුවත්

විනයගරුක පුරවැසියන් බිහිකිරනු වස් ශිෂ්‍යභට ව්‍යාපාරය ජනප්‍රිය කරවීම අත්‍යවශ්‍යයයි - ආරක්ෂක ලේකම්

විනයගරුක හා නීතිගරුක පුරවැසියන් බිහිකරනු පිණිස පාසල් ශිෂ්‍යභට ව්‍යාපාරය ජනප්‍රිය කරවීම අත්‍යවශ්‍ය බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා පැවැසීය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

මත්ද්‍රව්‍ය උවදුර පාලනය කිරීමට කැපවන ලෙස ආරක්ෂක ලේකම් පොලිසියෙන් ඉල්ලයි

ඵලදායී උපාය මාර්ග ක්‍රියාත්මක කරමින් මත්ද්‍රව්‍ය උවදුර සහ සංවිධානාත්මක අපරාධ පාලනය කිරීමට කැපවන ලෙස ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල්  (විශ්‍රාමික) කමල් ගුණරත්න පොලිසියෙන් ඉල්ලා සිටියේය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

වැඩි වන සයිබර් අපරාධවලට එරෙහිව රජයෙන් නව නීති

ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන, වැඩි වන සයිබර් අපරාධ ගැටලු කඩිනමින් විසඳීම සඳහා ජාතික සයිබර් ආරක්‍ෂණ උපායමාර්ගය යටතේ නව නීති ඉදිරියේදී හඳුන්වාදීමට නියමිතය .

 


පසුගිය පුවත් | පසුගිය පුවත්

පොලිස් සහ මහජන ගැටළු විසඳීම සඳහා පොලිස් දුක්ගැනවිලි දිනයක්

පොලිසිය පිළිබඳ මහජන පැමිණිලිවලට විසඳුම් සෙවීම සහ පොලිස් නිලධාරීන්ගේ පවතින පරිපාලනමය ගැටළු සහ එම ගැටලු වලට විසදුම් ලබාදීම සඳහා ජනවාරි 29 වන දින බත්තරමුල්ල සුහුරුපායේදී පොලිස් දුක්ගැනවිලි දිනය පැවැත්වේ.  

 


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්ෂක උපකරණ මිලදී ගැනීම සඳහා ඇ.ඩො. මිලියන 50 ක් ලබා දීමට ඉන්දියාව පොරොන්දු වේ

ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් ඩෝවාල් මහතා ඊයේ දින (18) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවූ අවස්ථාවේදී යුධමය  උපකරණ මිලදී ගැනීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 50 ක ණය මුදලක් ශ්‍රී ලංකාවට ප්‍රධානය කිරීමට පොරොන්දු වී තිබේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

රජය සිවිල් ඩ්‍රෝන මෙහෙයුම් තහනම ඉවත් කරයි

පසුගිය වසරේ අපේ‍්‍රල් මස එල්ල වූ පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසුව තහනම් කරන ලද සිවිල් ඩ්‍රෝන මෙහෙයුම් තහනම රජය ඊයේ දින ඉවත් කල අතර ඒ සඳහා නව රෙගුලාසි හඳුන්වා දීමට රජය කටයුතු කරමින් සිටී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයේ නව උපකුලපති මේජර් ජෙනරාල් මිලින්ද පීරිස්

ශ්‍රී ලංකා යුද හමුදාවේ කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් වු මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් RWP RSP USP LOM ndc psc MPhil (Ind) PGDM ජෙනරාල් සර් ජෝන් කොතලාවල විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ලෙස 2020 ජනවාරි 16 දින වැඩභාර ගන්නා ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

රුසියාව ශ්‍රී ලංකාව සමඟ පවත්නා ආරක්ෂක සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට සුදානම්

රටේ ආරක්ෂක ගැටළු විසඳීම සඳහා දැනට ක්‍රියාත්මක ආරක්ෂක මෙහෙයුම් අගය කළ රුසියානු රජය, රටවල් දෙක අතර ආරක්ෂක හා ත්‍රස්ත විරෝධී සහයෝගීතාව වැඩි දියුණු කිරීමට එකඟ වී ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

සඳහිරු සෑයේ ඉදිකිරීම් කටයුතු කඩිනම් කරන ලෙස ආරක්ෂක ලේකම් උපදෙස් දෙයි

ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රා) කමල් ගුණරත්න මහතා විසින් මේ වන විට ඉදිකරමින් පවතින මෙරට සිව්වන විශාලතම ස්ථුපය වන සඳහිරු සෑයේ ඉදිකිරීම් කටයුතු කඩිනම් කරන ලෙස ඉදිකිරීමට කටයුතු භාර ආරක්ෂක අංශ නිලධාරීන් වෙත උපදෙස් ලබා දී ඇත.