නවතම පුවත්

පසුගිය පුවත් | පසුගිය පුවත්

නව ගැසට් නිවේදනය මගින් ආරක්ෂක අමාත්‍යාංශයට අයත් ආයතන ප්‍රකාශයට පත් කෙරේ

අමාත්‍යාංශයන්ට අදාල රාජකාරී සහ කාර්යයන් ප්‍රකාශ කරන ගැසට් නිවේදනය අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් ප්‍රකාශයට පත් කර ඇත. අංක 2153/12-2019 දෙසැම්බර් මස 10 වැනි අඟහරුවාදා - 2019.12.10 අති විශේශ ගැසට් පත්‍රය මගින් මෙම නිවේදනය නිකුත් කර ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නාවික හමුදා 'නීල හරිත සංග්‍රාමය' සඳහා චීන තානාපති කාර්යාල සහය

නාවික හමුදා නීල හරිත සංග්‍රාමය වෙනුවෙන් සහයෝගය දක්වමින් චීනය විසින් පාපැදි 50 ක් සහ විදුලි මෝටර් රථ 03 ක් ශ්‍රී ලංකා නාවික හමුදා වෙත ප්‍රදානය කර ඇත. නාවික හමුදා මධ්‍යයට අනුව, අද ( දෙසැම්බර් 10) වන දින නාවිකා හමුදා මුලස්ථානයේ පැවති උත්සවයකදී මෙම ප්‍රදානය සිදුකරන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ජපාන හරුසාමේ නෞකාව දින තුනක සුහද සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට

ජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බලකායට අයත් "DD 102 හරුසාමේ" නෞකාව දින තුනක සුහද සංචාරයක් සඳහා අද (දෙසැම්බර් 10) ශ්‍රී ලංකාවට පැමිණියේය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඉඩම්, දේපළ හා භඨනිවාස අධ්‍යක්‍ෂ ලෙස බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු රාජකාරී අරඹයි

ඉඩම්, දේපළ හා භඨනිවාස අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ ලෙස ගැමුණු හේවා බලකායේ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු සඳුදා (09) දින ශ්‍රී ජයවර්ධනපුර නව යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි සිය කාර්යාලයේදී රාජකාරී ආරම්භ කරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

රණවිරු සේවා අධිකාරියට නව සභාපති වරයෙකු පත්කෙරේ

රණවිරු සේවා අධිකාරියේ නව සභාපති ලෙස මේජර් ජෙනරල් (විශ්‍රාමික) නන්දන සේනාධීර මහතා පත් කරන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

හමුදා සේවය, මාතෘ භූමියට ණය නැති වඩාත්ම උතුම් වෘත්තියක්” - ආරක්‍ෂක ලේකම් සඳහන් කරයි

“ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න සඳුදා (9) දින උදෑසන ශ්‍රී ජයවර්ධනපුර පිහිටි නව යුද්ධ හමුදා මූලස්ථානයේ සිය මංගල සංචාරයේ නිරතවූ අතර එහිදි එතුමන් ජාතික ආරක්‍ෂාව පිළිබඳ වගකීම භාරගෙන අපේ මුළු ජාතියටම ආරක්‍ෂාව සහතික කරන ලෙස සියලුම හමුදා නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්ෂක ලේකම් ශ්‍රී ජයවර්ධනපුර නව යුද්ධ හමුදා මූලස්ථානයේ සංචාරයක

ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා අද (දෙසැම්බර් 09) දින බත්තරමුල්ල ශ්‍රී ජයවර්ධනපුර නව ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකා නාවික හමුදා 69 වන සංවත්සරය සමරයි

දේශයේ පළමු ආරක්ෂක වළල්ල , ශ්‍රී ලංකා නාවික හමුදාව සිය 69 වන අභිමානවත් සංවත්සරය අද (දෙසැම්බර් 09) වන දින සමරයි. සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ මඟ පෙන්වීම හා නායකත්වය මත ආගමික, සමාජ සුභසාධන හා නාවික සම්ප්‍රදායන්ට ප්‍රමුඛත්වය ලබා දෙමින් පසුගිය දින කිහිපය තුළ වැඩසටහන් සංවිධානය කර තිබුණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු පිළිබඳ සිදුවීම පිලිබදව රජය අදහස් දක්වයි

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ හිටපු ආරක්ෂක උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු හට වියානා සම්මුතිය යටතේ රාජ්‍යතාන්ත්‍රික විනිර්මුක්තිය හිමි වූ අතර තීන්දුව ‘දේශපාලනික වශයෙන් අභිප්‍රේරිත ක්‍රියාවක්’ බව අද ශ්‍රී ලංකා රජය විසින් ප්‍රකාශ කරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්ෂක ලේකම් ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සංචාරයක

ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මහතා අද (දෙසැම්බර් 07) දින ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයට පැමිණියේය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සභාපති ලෙස වැඩ භාර ගනී.

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ (TRCSL) සභාපතිවරයා ලෙස ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා අද වැඩ භාර ගත්තේය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

රජය විසින් ආරක්ෂක මාධ්‍ය ඒකකයන් ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩපිළිවෙලක්

ආරක්ෂාව සබැදි පුවත් වඩාත් ඵලදායී ලෙස ප්‍රචාරය කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ආරක්ෂක මාධ්‍ය ඒකකයන් ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු කරයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකාව රජය විසින් ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවිකාව ප්‍රතිකාර සඳහා ස්විට්සර්ලන්තයට රැගෙන යාමට සිදුකළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි

නාඳුනන පුද්ගලයින් විසින් පැහැරගෙන ගොස් තානාපති කාර්යාලයේ තොරතුරු හෙළි කරන ලෙස ඉල්ලා තර්ජනය කළ බව පවසන මෙරට තානාපති කාර්යාල සේවිකාවට වෛද්‍ය ප්‍රතිකාර සඳහා රටින් පිටත් කර යැවීමට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය විසින් සිදු කළ ඉල්ලීම රජය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක ලේකම්, කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් හමුවෙයි

ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න WWV RWP RSP USP ndc psc MPhil මහතා අද (2019 දෙසැම්බර් 4) අගරදගුරු නිවසේදී කොළඹ අගරදගුරු අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකාව එල්ටීටීඊ සංවිධානය පරාජය කරමින් කලාපීය සාමය යතා තත්වයට පත් කිරීමට ක්‍රියා කල බව පාකිස්තාන විදේශ ඇමති කුරේෂි පවසයි.

ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක යෙදී සිටින පාකිස්තාන විදේශ අමාත්‍ය මක්දූම් ෂා මෙහමූඩ් කුරේෂි මැතිතුමා විසින් එල්ටීටීඊය පරාජය කර ත්‍රස්තවාදය තුරන් කරමින් කලාපීය සාමය යථා තත්වයට පත් කිරීම සඳහා උදෙසා  ශ්‍රී ලංකා රජය විසින් සිදු කල කැපවීම එතුමන්ගේ පැසසුමට ලක් විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

උතුරු නැගෙනහිර ප්‍රදේශයෙන් හමුදා කඳවුරු ඉවත් නොකෙරේ - ආරක්ෂක ලේකම්

ජාතික ආරක්ෂාව අඩාල විය හැකි බැවින් උතුරු හා නැගෙනහිර පළාත්හි හමුදා කඳවුරු ඉවත් නොකරන බව ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) WWW RWP RSP USP ndc psc MPhil මහතා පවසයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

කාර්මික රසායනික ද්‍රව්‍ය ආරක්‍ෂිතව භාවිතා කිරීම සහතික කිරීම සඳහා ජාතික අධිකාරියක්

කර්මාන්ත සඳහා සැලසුම් සහගත රසායනික ද්‍රව්‍ය නිසි ලෙස භාවිතා කිරීමට බාධා නොකර රසායනික ද්‍රව්‍යවල ආරක්‍ෂාව, සුරක්‍ෂිතභාවය සහ ආරක්‍ෂිතව භාවිතා කිරීම සහතික කිරීමේ අරමුණින් ජාතික අධිකාරියක් පිහිටුවීමට රජය තීරණය කර ඇති බව ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා පැවසිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක ලේකම් ශ්‍රී දළදා මාලිගාව වැඳපුදාගෙන අතිපූජ්‍ය මහානාහිමිවරුන් බැහැදකි

ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න WWV RWP RSP USP ndc psc MPhil මහතා අද (නොවැම්බර් 30) දින ඓතිහාසික කන්ද උඩරට සංචාරයක නිරතවිය. අති උතුම් ශ්‍රී දළදා මාලිගාව වෙත පැමිණි ආරක්‍ෂක ලේකම්තුමන්, දලඳා මාලිගාවෙහි දියවඩන නිළමේ නිලංග දෑල බණ්ඩාර මහතා විසින් පිළිගැනීමෙන් අනතුරුව දන්ත ධාතූන් වහන්සේ වැඳ පුදාගෙන ආගමික වතාවත් සිදුකරන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්ෂක ලේකම්, ගරු අග්‍රාමාත්‍යතුමන් හමුවෙයි

ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධුරයට පත්වීමෙන් පසු මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න WWV RWP RSP USP ndc psc MPhil මහතා පළමු වරට අරලියගහ මන්දිරයේදී ඊයේ සවස (2019 නොවැම්බර් 29) ගරු අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමන් හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු චමල් රාජපක්‍ෂ මැතිතුමන් තම ධුරයෙහි වැඩ භාර ගනී

ආරක්‍ෂක අමාත්‍යාංශයේ නව රාජ්‍ය අමාත්‍ය ගරු චමල් රාජපක්‍ෂ මැතිතුමන් අද දින (නොවැම්බර් 29) උදෑසන සුබ මොහොතින් නව අමාත්‍ය ධුරයේ රාජකාරී ආරම්භ කරන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

පාකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් සජාඩ් අලී (Colonel Sajjad Ali) මහතා අද දින (නොවැම්බර් 29) ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම්, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න WWV RWP RSP USP ndc psc MPhil මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ජනපති නවදිල්ලි නුවරට ළගා වෙයි

ඉන්දියාවේ දෙදින රාජ්‍ය චාරිකාවක් සඳහා පිටත්ව ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (28) පස්වරුවේ නවදිල්ලි නුවරට ළගා විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ උප කුලපති ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ උප කුලපති, එයාර් වයිස් මාර්ෂල් සාගර කොටකදෙණිය අද දින (නොවැම්බර් 28) ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම්, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න WWV RWP RSP USP ndc psc MPhil මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාල නියෝජිතයින් ආරක්ෂක ලේකම් හමුවෙයි

මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ සිව් දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් මෙහෙයුම් අධ්‍යක්ෂක මිවා කාටෝ මහත්මියගේ (Ms. Miwa Kato) ප්‍රධානත්වයෙන් අද දින (නොවැම්බර් 28) ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම්, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න WWV RWP RSP USP ndc psc MPhil මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ලෙස ගරු චමල් රාජපක්ෂ මැතිතුමන් පත්කෙරේ

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා විසින් ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ගරු චමල් රාජපක්ෂ මැතිතුමන් බදාදා දින (නොවැම්බර් 27) පත්කරන ලදි.