නවතම පුවත්

පසුගිය පුවත් | පසුගිය පුවත්

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල - 2022 කවපෙත්ත විසිකිරීමේ ඉසවුවේ රිදී පදක්කම යුද්ධ හමුදාවට

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ජාතික ආරක්‍ෂක බලමුළුවේ පැරා මළල ක්‍රීඩක කෝප්‍රල් පාලිත බණ්ඩාර මේ වනවිට එංගලන්තයේ බර්මින්හැම්හිදී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල - 2022 හි කවපෙත්ත විසිකිරීම F42-44/61-64 ඉසවුවෙහි මීටර් 44.20 ක දුරක් වාර්ථා කරමින් එම ඉසවුවේ රිදී පදක්කම දිනාගනු ලැබීය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක අමාත්‍යාංශයේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකාවේ තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකායේ (NAHTTF) විශේෂ දැනුවත් කිරීම:

සංචාරක වීසා බලපත්‍ර, රැකියා වීසා බලපත්‍ර බවට පත්කළ හැකි බවට විශ්වාස කරමින් මැලේසියාවට සංක්‍රමණය වන ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව වැඩි වෙමින් පවතින බව තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකායේ අවධානයට ලක්ව තිබේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ දායකත්වයෙන්
නැගෙනහිර කොළඹ මුලික රෝහලට භෞත චිකිත්සක ඒකකයක්

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සාමාජිකයින්ගේ ශ්‍රම දායකත්වයෙන් නැගෙනහිර කොළඹ මුලික රෝහලේ ඉදිකරන ලද නව භෞතික චිකිත්සක ඒකකය සෞඛ්‍ය අමාත්‍යශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා විසින් පසුගියදා (අගෝස්තු 01 ) විවෘත කරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

තැනැත්තන් වෙළදාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකායේ
ඉදිරි සැලසුම් පිළිබඳ සාකච්ඡා කෙරේ

තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකායේ (NAHTTF) රැස්වීම ඊයේ (අගෝස්තු 3) ආරක්ෂක අමාත්‍යංශයේදී පැවැත්විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නව අතිරේක ලේකම් - පාර්ලිමේන්තු කටයුතු, ප්‍රතිපත්ති හා සැලසුම් පත් කෙරේ

ආරක්‍ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් - පාර්ලිමේන්තු කටයුතු, ප්‍රතිපත්ති හා සැලසුම් ලෙස ඉන්දිකා විජේගුණවර්ධන මහත්මිය අද (අගෝස්තු 03) සිට ක්‍රියාත්මක වන පරිදි පත් කර ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී හමුදා ක්‍රීඩකයන්ගෙන් දස්කම්

එක්සත් රාජධානියේ බර්මින්හැම්හිදී පැවත්වෙන 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ඊයේ (අගෝස්තු 02) පැවති කාන්තා මීටර් 800 ඉසව්වේදී නව ශ්‍රී ලංකා වාර්තාවක් තැබීමට ශ්‍රී ලංකා නාවික හමුදාවේ කාන්තා සුළු නිලධාරි ගයන්තිකා අබේරත්න සමත් විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නව අතිරේක ලේකම් - ආරක්‍ෂක පත් කෙරේ

ආරක්‍ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් - ආරක්‍ෂක ලෙස ආර් එම් පී එස් රත්නායක මහතා ඊයේ (අගෝස්තු 01) පත් කරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

හදිසි ගංවතුර තත්වයන්ට මුහුණදීමට නාවික හමුදා සහන කණ්ඩායම් සුදානමින්

හදිසි ගංවතුර තත්වයන්ගෙන් විපතට පත්වන ප්‍රජාවන්ට කඩිනම් සහන සැලසීම සඳහා ගංවතුර සහන කණ්ඩායම් 48ක් සූදානම්ව සිටින බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට ගත් උත්සාහයක් නාවික හමුදාව මගින් ව්‍යර්ථ කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ වෙන්නප්පුව පොලිසිය එක්ව සිදුකළ විශේෂ මෙහෙයුමකදී වෙන්නප්පුවේ සිට මුහුදු මාර්ගයෙන් නීති විරෝධී ලෙස විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සාහ කළ බවට සැක කෙරෙන පුද්ගලයින් 47 දෙනෙකු පසුගියදා (31) අත්අඩංගුවට ගෙන ඇත.



පසුගිය පුවත් | පසුගිය පුවත්

රණවිරු පවුල් දෙකක් සදහා ඉඩම් ලබා දෙයි

ඉඩම් නොමැති රණවිරු පවුල් දෙකක් සඳහා මාලඹේ සහ මීරිගම ප්‍රදේශයන්හි පිහිටි ඉඩම් කැබලි දෙකක් සඳහා ඔප්පු අත්සන් කිරීමේ මූලික වැඩසටහනක් රණවිරු සේවා අධිකාරියේ දී 2022 අගෝස්තු මස 1 වන දින පවත්වන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අධියර 1 නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කරයි

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අද (අගෝස්තු 01) මාතර, නුවරඑළිය, මහනුවර, හම්බන්තොට, ගාල්ල, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට නායයාමේ අධියර 1 (කහ වර්ණය) හි පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

යාපනයේ සිට කතරගම දක්වා පාද යාත්‍රාවට යුද සහ නාවික හමුදා සහාය

ශ්‍රී ලංකා යුද හමුදාව සහ නාවික හමුදාව ඔවුන්ගේ ප්‍රජා සුභසාධන සේවා තවදුරටත් සිදුකරමින් යාපනයේ සිට කතරගම දක්වා පාද වන්දනාවේ (පාද යාත්‍රා) යෙදෙන බැතිමතුන්ට පහසුකම් සැලසීමට කටයුතු කරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

මෙරට මුහුදු සීමාව තුළ අතරමංව සිටි ඉන්දීය ධීවරයින් පිරිසක්
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මුදවා ගැනේ

කාර්මික දෝෂයක් හේතුවෙන් තලෛයිමන්නාරමට උතුරින් වූ ශ්‍රි ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයට ගසා ගෙන පැමිණ තිබූ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක සිටි ධීවරයින් 06 දෙනෙකු නිරුපද්‍රිතව මුදවා ගැනීමෙන් අනතුරුව, එම ධීවරයින් වෙත මානුෂීය ආධාර ලබා දී වෙනත් ඉන්දීය ධිවර යාත්‍රාවක් වෙත අන්තර්ජාතික මුහුදු සීමාවේදී භාරදීමට ශ්‍රි ලංකා නාවික හමුදාව ඊයේ (ජූලි 31) කටයුතු කරන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නික්ම යන ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා
ශ්‍රී ලංකා ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් අතිගරු ඩේවිඩ් හොලි මහතා අද (ජුලි 29) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ හි පිහිටි ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ දී ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නැඟෙනහිර ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් වෙත වියළි සලාක

ශ්‍රී ලංකා යුද හමුදාව විසින් නැගෙනහිර තොප්පිගල, කිලිවෙඩ්ඩි, කිරිල්ලවැලි වැලිකන්ද, සිංහපුර, සෙවනපිටිය සහ කටුවන්විල යන ප්‍රදේශවල පදිංචිකරුවන් අතර, රුපියල් 5000 ක් වටිනා වියළි සලාක ඇසුරුම් 200 ක තොගයක් පසුගියදා බෙදා දෙන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

රුපියල් මිලියන 9 කට අධික වටිනාකමකින් යුත් රත්‍රං
පේසාලේ දී නාවික හමුදා අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මන්නාරම, පේසාලේ, කුරුසපාඩු මුහුදු ප්‍රදේශයේදී පසුගියදා සිදුකළ විශේෂ මෙහෙයුමකදී රත්‍රං ග්‍රෑම් 470ක් සහ වාලම්පුරියක් අත්අඩංගුවට ගෙන ඇත.

 


පසුගිය පුවත් | පසුගිය පුවත්

කිලිනොච්චි රෝගීන් වෙනුවෙන් යුද හමුදාවෙන් ලේ පරිත්‍යාගයක්

කිලිනොච්චි රෝහල් බලධාරින්ගේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් යුද හමුදා භට පිරිස් විසින් කිලිනොච්චි ප්‍රදේශයේ බරපතල ලෙස රෝගාතුර වූ රෝගීන්ගේ ජීවිත බේරාගැනීම සඳහා ලේ පරිත්‍යාග කරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

යාපනයේ අඩු ආදායම්ලාභී පවුලකට යුද හමුදාවෙන් නව නිවසක්

ශ්‍රී ලංකා යුද හමුදාව සිය ප්‍රජා සේවා තවදුරටත් පුළුල් කරමින් චාවකච්චේරිය චන්ද්‍රපුරම් ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුලක් සඳහා නව නිවසක් ඉදිකර පසුගියදා එම පවුල වෙත පවරා දෙන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නාවික හමුදාව කාක දූපත වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක

නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් මට්ටක්කුලිය, කාක දූපත වෙරළ තීරයේදී පසුගියදා පැවැත්විණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

අනුරාධපුර ගුවන් හමුදා සෙබළුන්ගෙන් ලේ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක්

අනුරාධපුර ශික්ෂණ රෝහල විසින් කරන ලද ඉල්ලීමකට අනුව අනුරාධපුර ගුවන් හමුදා කඳවුර විසින් ලේ දන්දීමේ වැඩසටහනක් රෝහල් පරිශ්‍රයේදී පසුගියදා පවත්වන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නාවික හමුදාවෙන් පලුගස්වැවට ප්‍රතිආශ්‍රැත ජල පිරිපහදු මධ්‍යස්ථානයක්

 ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ප්‍රජා පරිහරණය සඳහා ඉදිකරන ලද ප්‍රතිආශ්‍රැත ජල පිරිපහදු මධ්‍යස්ථානයක් පසුගියදා අනුරාධපුර පලුගස්වැව මෛත්‍රීගමදී විවෘත කෙරිණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

යුද හමුදාවෙන් ශ්‍රී ලංකා රේගුවට නව මෘදුකාංගයක්

ශ්‍රී ලංකා යුද හමුදාවේ තොරතුරු තාක්‍ෂණ අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් ශ්‍රී ලංකා රේගුවේ ඩිජිටල්කරණ ක්‍රියාවලියට තවදුරටත් පහසුකම් සැලසීම සඳහා නව මෘදුකාංගයක් පසුගියදා සකස් කරන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

කටුනායක ඇති වූ ගින්න ගුවන් හමුදා සහායෙන් නිවා දැමේ

ශ්‍රී ලංකා ගුවන් හමුදාව මීගමුව නාගරික ගිනි නිවාරණ අංශයේ සහ කටුනායක ආයෝජන මණ්ඩලයේ සහය ඇතිව කුරණ, කණුවන ප්‍රදේශයේ ආපන ශාලාවක ජුලි 23 වන දින හටගත් ගින්න සම්පූර්ණයෙන්ම මැඩපවත්වා ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තු නෞකාව අධිකාරියට
පත්කිරීම ආරක්‍ෂක ලේකම්ගේ ප්‍රධානත්වයෙන්

ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් ජයසාගර නෞකාව අද (2022 ජූලි 23) ත්‍රිකුණාමලය නැව් තටාකාංගණයේදී අධිකාරියට පත් කරන ලදී.