පසුගිය පුවත්
කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සදහා කටයුතු කිරීමේදී ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ඔවුන්ගේ වෘත්තීය නිපුණත්වය සහ විශේෂඥතාවය සනාථ කර ඇත - ආරක්ෂක ලේකම්
ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා පැවසුවේ ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීමට රජය ගන්නා උත්සාහයන්ට සහාය වීමෙන් ඔවුන්ගේ වෘත්තීය නිපුණත්වය සහ විශේෂඥතාවය සනාථ කර ඇති බවයි.
නිරෝධායන මධ්‍යස්ථානවල සිටි කාන්තාවන් තිදෙනෙකුට COVID-19 ආසාධිත බව තහවුරු වෙයි - වෛද්‍ය අනිල් ජාසිංහ
අද දින වාර්තා වූ රෝගීන් හතර දෙනාද සමග මුළු කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 242 දක්වා වැඩි වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ පැවසීය.
නිරෝධායන මධ්‍යස්ථාන වලින් තවත් පුද්ගලයින් 222 ක් පිටව යයි
අනිවාර්ය නිරෝධායන කාල සීමාව සම්පූර්ණ කළ තවත් පුද්ගලයින් 222 දෙනෙකු අද (අප්‍රේල් 17) දින පූනානි නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටත්ව යන ලදී.
පාස්කු ඉරිදා සැමරුම නිවෙස්හිදී පැවැත්වීමට නියමිතය
පාස්කු ඉරිදා ප්‍රහාරයන්ට අදාළ සියලුම මහජන සැමරුම් උත්සව අවලංගු කරන බව නිවේදනය කරමින් කොළඹ අගරදගුරු අතිගරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ඊයේ (අප්‍රේල් 16) දින සඳහන් කළේ මහජන සහභාගීත්වයෙන් තොරව සියලු සැමරුම් උත්සව පැවැත්වීමට තීරණය කර ඇති බවයි.
රු.මිලියන 133 ක චීන වෛද්‍ය උපකරණ අද කොළඹට ලගා වෙයි
චීන රජය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන ලද ඇමරිකානු ඩොලර් 693,191.2 ක් වටිනා නවතම වෛද්‍ය උපකරණ තොගය China Eastern Airlines MU231 මගින් අද සවස ෂැංහයි සිට ගුවන් මගින් කොළඹ වෙත ලගා වීමට නියමිතය.
‘එක්ව රැකෙමු’ සංගීතමය වීඩියෝව එළිදක්වයි
COVID - 19 වසංගතයට එරෙහි සටනට සම්බන්ධ සියලු අංශවලට ගෞරව කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව විසින් නිෂ්පාදනය කරන ලද තේමාත්මක වීඩියෝ ගීතය වන ‘එක්ව රැකෙමු’ මෑතකදී එළිදැක්විණි.
යාපනයේ හමුදා භටයින් අවශ්‍යතා සහිත පුද්ගලයින් සඳහා සහනාධාර බෙදා දෙයි
යාපනයේ අර්ධද්වීපයේ රාජකාරියේ නියුතු ශ්‍රී ලංකා හමුදා භට පිරිස් සිය මානුෂීය ආධාර ලබා දීම තවදුරටත් සිදු කරමින් අප්‍රේල් 15 වන දින අර්ධද්වීපයේ අගහිඟකම් ඇති පවුල් අතර වියළි සලාක ඇසුරුම් බෙදා දීම සිදු කළහ.
යුද්ධ හමුදා සාමාජිකයින් 120 කට වඩා වැඩි පිරිසකගේ සහභාගිත්වයෙන් ලේ දන් දීමේ වැඩසටහනක්
වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ රාජකාරියේ නියුතු 62 වන සේනාංකය නියෝජනය කරමින් 120 කට අධික භට පිරිසක් ස්වේච්ඡාවෙන් ලේ පරිත්‍යාග කර තිබේ. සියලුම වන්නි රෝහල්වල හදිසි අවස්ථා වලදී රෝගීන්ගේ භාවිතය සඳහා වන රුධිර අවශ්‍යතාවය සපුරාලීම සදහා මෙය සිදුකර ඇත.
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කරන පොදු ස්ථාන විෂබීජහරණ වැඩසටහන් නොනවත්වා ඉදිරියට
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් රට පුරා සිදු කරන විෂබීජහරණ වැඩසටහන් තවදුරටත් පුළුල් කරමින් අප්‍රේල් 12 දින සිට 16 දින දින දක්වා වූ කාලය තුල කොළඹ වරායට ඇතුළු වන දොරටු පරිශ්‍රයන්, වරකාපොල මූලික රෝහල සහ පුත්තලම සහිරා විද්‍යාලය විෂබීජහරණය කර ඇත.
ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් බලපෑම අවම කිරීම සඳහා ආරක්ෂක හමුදාවන්හි කඩිනම් මැදිහත්වීම් ඉවහල් වුනා - ආරක්ෂක ලේකම්
ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න පවසා සිටියේ බුද්ධි අංශවල සහාය ඇතිව හමුදාව සහ පොලීසිය විසින් කරන ලද ක්ෂණික මැදිහත්වීම්, අනෙකුත් රටවලට සාපේක්ෂව කොරෝනා වෛරසයේ බලපෑම අඩු කිරීමට සමත් වූ අතර, එමගින් අඩු මරණ සංඛ්‍යාවක් ශ්‍රී ලංකාව තුල සිදු වූ බවයි.
පාලවිය ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේදී ලේ දන් දීමේ ව්‍යාපාරයක්
ශ්‍රී ලංකා ගුවන් හමුදා පාලවිය කඳවුරේදී රුධිර බැංකුවට ලේ පරිත්‍යාග කිරීම සඳහා ලේ දන් දීමේ ව්‍යාපාරයක් අප්‍රේල් 15 වන දින පවත්වා ඇත.
යුද්ධ හමුදාව විසින් කිලිනොච්චි ප්‍රදේශයේ ජනතාව අතර වියළි සලාක බෙදා දෙයි
කිලිනොච්චි හි 57 වන සේනාංකයේ හමුදා භට පිරිස් සෙනසුරාදා (අප්‍රේල් 11) දින කිලිනොච්චි, කෝරක්කන්කඩ්ඩු ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ අවශ්‍යතා සහිත පවුල් අතර වියළි සලාක පැකට් 32 ක් බෙදා දුන්හ.
3,720 කට අධික පිරිසක් දින 14 ක නිරෝධායනය ක්‍රියාවලිය සම්පූර්ණ කරයි
ත්‍රිවිධ හමුදාවේ නිරෝධායන මධ්‍යස්ථාන සදහා ඇතුලත් වූ පුද්ගලයින් 3,721 දෙනෙකු සිය නිරෝධායන කාල සීමාව මේ වන විට සම්පූර්ණ කර ඇති බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයයේ (NOCPCO) ප්‍රධානී සහ යුද හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද ( අප්‍රේල් 16) දින පැවසීය.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් හෙට සිට එළවළු මිලදී ගැනීමට හා බෙදා හැරීමට කටයුතු කෙරේ
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව හෙට (අප්‍රේල් 17) දින සිට ගොවීන්ගෙන් සෘජුවම මිලදී ගත් එළවළු තොග බෙදා හරින බව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් රියර් අද්මිරාල් (විශ්‍රාමික) ආනන්ද පීරිස් පැවසීය.
පුජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමිපාණන් ශල්‍ය මුහුණු ආවරණ 4000 ක් යුද්ධ හමුදාව වෙත පරිත්‍යාග කරයි
මහාචාර්ය පැපිළියාන ශ්‍රී සුනේත්‍රාදේවි රාජ මහා පිරිවෙන් විහාරස්ථානයේ වත්මන් ප්‍රධාන සංඝනායක පුජ්‍ය මහාචාර්ය මැදගොඩ අභයතිස්ස නායක හිමිපාණන් විසින් ඊයේ (අප්‍රේල් 15) දින යුද්ධ හමුදා මුලස්ථානයේදී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වෙත ශල්‍ය මුහුණු ආවරණ 4000 ක් පරිත්‍යාග කරන ලදී.
මැද පෙරදිග ශ්‍රී ලාංකිකයන්ට සහාය ලබා දීමට විදේශ අමාත්‍යාංශය කටයුතු කරයි
වියළි සලාක බෙදා හැරීම වැඩි කිරීමට සහ දිවයිනට ආපසු පැමිණීමට නොහැකි වූ සංක්‍රමණිකයින්ගේ ක්ෂණික ගැටළු වලට විසදුම් ලබා දීම සදහා අමතර ප්‍රතිපාදන ලබාදෙන ලෙස විදේශ අමාත්‍යාංශය භාණ්ඩාගාරයෙන් ඉල්ලීමක් කර තිබේ.
නාවික හමුදාව අසනීප ව සිටි විදේශීය නාවිකයෙකු ප්‍රතිකාර සඳහා ගෙන එයි
වෙළඳ නැවක අසනීපව සිටි නාවිකයෙකු ප්‍රතිකාර සඳහා ගොඩබිමට රැගෙන ඒමට ශ්‍රී ලංකා නාවික හමුදාව අද (අප්‍රේල් 16) දින සහාය විය.
බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයෙන් නිරෝධායනයට ලක් වූ පුද්ගලයින් එකොළොස් දෙනෙකු සිය නිවෙස් බලා පිටත් වේ
බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයේදී දින 14 ක අනිවාර්ය නිරෝධායන ක්‍රියාවලිය අවසන් කිරීමෙන් පසුව අද (අප්‍රේල් 16) දින පුද්ගලයින් 11 දෙනෙකු සිය නිවෙස් බලා පිටත්ව ගොස් තිබේ.
විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයින්ට පැය 24 පුරා සහාය වීම සඳහා ඇමතුම් අංකයක්
විදේශ රටවල සිටින සියළුම දූත මණ්ඩලවලට විදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා තානාපති කාර්යාල කාර්ය මණ්ඩලය අඛණ්ඩව රාජකාරියේ යොදවා පැය 24 පුරා ක්‍රියාත්මක හදිසි දුරකථන අංක ලබා දෙන ලෙසට විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් උපදෙස් දී ඇති බව අමාත්‍යාංශ මාධ්‍ය නිවේදනයක දැක්වේ.
පාස්කු ඉරිදා බෝම්බකරු සමඟ සම්බන්ධතා පැවැත්වූ රිෂාඩ්ගේ සහෝදරයා අත්අඩංගුවට
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට අදාළව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරු මොහොමඩ් රියාජ් බදියුදීන් පුත්තලම්හි අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න අද (15) රජයේ තොරතුරු දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
ස්වදේශී කර්මාන්තායතනය ත්‍රිවිධ හමුදාවට සබන් සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය පරිත්‍යාග කරයි
ශ්‍රී ලංකාවේ දේශීය ශාකසාර ආශ්‍රිත නිෂ්පාදන කාණ්ඩයේ පුරෝගාමියා සහ වෙළඳපොළ ප්‍රමුඛයා වන ස්වදේශී සමාගම විසින් ස්වදේශී කොහොඹ ශාකසාර සබන් සහ සනීපාරක්ෂක අත් සේදුම් දියර ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න වෙත ඊයේ අමාත්‍යාංශ පරිශ්‍රයේදී පරිත්‍යාග කර තිබේ.