පුවත් කෙටියෙන්
ශ්‍රී ලංකා භට පිරිස් දකුණු ලෙබනනයේ ඒකාබද්ධ මෙහෙයුමක
දකුණු ලෙබනනයේ රජකාරින්හි නියුතු ශ්‍රී ලංකා සහ ඉන්දුනීසියානු හමුදා ආරක්ෂක කණ්ඩායම් භට පිරිස් විසින් කලාපය තුළ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පසුගියදා දකුණු ලෙබනනයේ මින්ගි වීදියේ ඒකාබද්ධ මුර සංචාරයක් සිදුකරන ලදී.
ගිනි අවි බලපත්‍ර අලුත් කිරීමේ සහන කාලය තවදුරටත්
2021 වර්ෂයට අදාලව ආරක්ෂක අමාත්‍යංශය මගින් හා දිස්ත්‍රික් ලේකම් කාර්යාල මගින් සිදුකරනු ලබන සියලුම ගිනි අවි බලපත්‍ර අලුත් කර ගැනීම සඳහා බලපත්‍රලාභීන්ට ලබාදී තිබු කාලය දඩ මුදලක් අයකිරීමෙන් තොරව 2021.05.31 දින දක්වා දීර්ඝ කිරීමට ආරක්ෂක අමාත්‍යංශය තීරණය ඇත.
‘දීඝවාපිය අරුණ’ භාරකාර අරමුදලට බෞද්ධයා නාලිකාවෙන් රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්
‘දීඝවාපිය අරුණ’ භාරකාර අරමුදල සඳහා බෞද්ධයා රුපවාහිනී නාලිකාව විසින් රුපියල් මිලියන 50 ක පරිත්‍යාගයක් ඊයේ (මාර්තු 02) දින ලබාදෙන ලදි.
කේරළ ගංජා කිලෝ 18 කට අධික ප්‍රමාණයක් නාවික හමුදා සහයෙන් අත්අඩංගුවට
තලෙයිමන්නාරම, ඌරුමලේ ප්‍රදේශයේ පසුගියදා සිදුකළ විශේෂ වැටලීමකදී නාවික හමුදාව විසින් කේරළ ගංජා කිලෝග්‍රෑම් 18 ක් සහ ග්‍රෑම් 505 ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබේ.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව සිය 70 වන සංවත්සරය අභිමානයෙන් සමරයි
ශ්‍රී ලාංකීය ගුවන්තලයේ ආරක්ෂකයන් වන ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වන සංවත්සරය අද (මාර්තු 2) දින අභිමානයෙන් යුක්තව ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණගේ ප්‍රධානත්වයෙන් කටුනායක මූලික කඳවුරේදී සමරනු ලබයි.
සම්පූර්ණ සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් 475 ක් ඊයේ දින රෝහල්වලින් පිටව යයි
අද (මාර්තු 02) දින පෙරවරු 06.00 න් අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 310 ක් වන අතර රටේ මුළුරෝගීන් සංඛ්‍යාව 83,551 දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදි.
ඉන්දියාව, මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර සමුද්‍රීය ආරක්ෂක සහයෝගීතාව පිළිබඳ ත්‍රෛපාර්ශ්වික ජාතික ආරක්ෂක උපදේශක ලේකම් කාර්යාලය කොළඹදී විවෘත කෙරේ
ඉන්දියාව, මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර සමුද්‍රීය ආරක්ෂක සහයෝගීතාව පිළිබඳ ජාතික ආරක්ෂක උපදේශක ත්‍රෛපාර්ශ්වික සමුළුවේ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස සමුද්‍රීය ආරක්ෂක සහයෝගීතාව පිළිබඳ ත්‍රෛපාර්ශ්වික ජාතික ආරක්ෂක උපදේශක ලේකම් කාර්යාලයක් කොළඹ ශ්‍රී ලංකා නාවික හමුදා මූලස්ථානයේ පිහිටුවන ලදී.
ඊයේ (28) තවත් PCR පරීක්ෂණ 10,421 ක්
අද (මාර්තු 01) දින පෙරවරු 06.00 න් අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 352 ක් වන අතර රටේ මුළුරෝගීන් සංඛ්‍යාව 83,241 දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදි.
අතරමං වූ ධීවරයින් දෙදෙනකු නාවික හමුදාවෙන් බේරා ගනී
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මන්නාරම සිට ධීවර කටයුතු සඳහා පෙබරවාරි 23 වනදා පිටත්ව ගොස් අතරමං වූ ධීවරයින් දෙදෙනෙකු ඊයේ (පෙබරවාරි 27) බේරා ගන්නා ලදි.
නාරංගල කඳු තරණයට ගොස් අතුරුදන් වූ තරුණයාගේ සිරුර යුධ හමුදාවෙන් සොයා ගැනේ
බදුල්ල නාරංගල කඳු නැගීමට ගොස් අතුරුදහන් වූ අකලංක පෙරේරා (24) ගේ දේහය යුධ හමුදාව විසින් ඊයේ (පෙබරවාරි 27) දින සොයා ගන්නා ලදි.
ශ්‍රි ලංකාවේ කොරෝනා ආසාදනය වී පුර්ණ සුවය ලැබූ පුද්ගලයින් ගණන 75,841 දක්වා ඉහළට
අද (පෙබරවාරි 28) දින පෙරවරු 06.00 න් අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 460 ක් වන අතර රටේ මුළුරෝගීන් සංඛ්‍යාව 82,889 දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදී.
රෝහල් සේවය අඛණ්ඩව පවත්වාගැනීම සඳහා නාවික හමුදා සහාය
රෝහල් කණිෂ්ඨ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින් විසින් මෑතකදී සිදුකරන ලද වැඩ වර්ජනය හේතුවෙන් මහජනතාවට සිදුවන අපහසුතා මගහරවා ගැනීම සඳහා නාවික හමුදා වෛද්‍ය අංශයේ සාමාජිකයන් ඇතුළු භටපිරිස් රෝහල් කිහිපයක් වෙත යොමු කර තිබේ.
ගුවන් හමුදාව අඛණ්ඩව දෙවන වරටත් හොඳම වාර්ෂික වාර්තාව සහ ගිණුම් සඳහා වන සම්මානය ලබා ගනි
ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය ගණකාධිකාරීවරුන්ගේ සංගමය (Association of Public Finance Accountants of Sri Lanka ) සහ මුදල් අමාත්‍යාංශය එක්ව රාජ්‍ය අංශයේ හොඳම වාර්ෂික වාර්තාව සහ ගිණුම් සඳහා වන සම්මාන ලබාදිමේ උත්සවය පසුගිය පෙබරවාරි 22 වන දින සෞඛ්‍යය මාර්ගෝපදේශයන්ට අනුකූලව බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවෙදී පැවැත්විණි.
නාවික හමුදාව විසින් මුහුදු ජල පිරිපහදු යන්ත්‍රයක් නිෂ්පාදනය කෙරේ
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නිෂ්පාදනය කර ජයසාගර නෞකාව තුළ ස්ථාපිත කරන ලද මුහුදු ජල පිරිපහදු යන්ත්‍රය (Sea water Reverse Osmosis Plant) ඊයේ (පෙබරවාරි 24) දින විවෘත කරන ලදී.
සෞඛ්‍ය සේවය යථා තත්ත්වයට පත් කිරීමට යුද්ධ හමුදා සහය
කොළඹ, කුරුණෑගල සහ පුත්තලම යන දිස්ත්‍රික්කයන්හී රෝහල්වල සුලු සේවකයින්ගේ වැඩ වර්ජනයන් හේතුවෙන් මහජනතාව පත්වන අපහසුතාවයන් මඟහරිමින් වැඩවර්ජකයින්ගේ රාජකාරි ආවරණය කිරීම සඳහා 14 වන සේනාංකය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 185 දෙනෙකු යොදවා ඇත.
ඊයේ (24) තවත් PCR පරීක්ෂණ 13,714 ක්
අද (පෙබරවාරි 25) දින පෙරවරු 06.00 න් අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 458 ක් වන අතර රටේ මුළුරෝගීන් සංඛ්‍යාව 81,466 දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදි.
ශ්‍රි ලංකාවේ කොරෝනා ආසාදනය වී පුර්ණ සුවය ලැබූ පුද්ගලයින් ගණන 75,841 දක්වා ඉහළට
අද (පෙබරවාරි 24) දින පෙරවරු 06.00 න් අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 492 ක් වන අතර රටේ මුළුරෝගීන් සංඛ්‍යාව 81,008 දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදී.
ඊයේ (22) තවත් PCR පරීක්ෂණ 11,779 ක්
අද (පෙබරවාරි 23) දින පෙරවරු 06.00 න් අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 518 ක් වන අතර රටේ මුළු රෝගීන් සංඛ්‍යාව 80,516 දක්වා ඉහළ ගොස් ඇත.
නාවික හමුදා දායකත්වයෙන් ගිං ගඟ පිරිසිදු කෙරේ
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මෑතකදී ගාල්ල වක්වැල්ල ප්‍රදේශයේ ගිං ගඟ හරහා ඉදි කර ඇති පටු පාලම තුල සිරවී තිබූ අපද්‍රව්‍ය ඉවත් කර එහි ජලය ක්‍රමවත්ව බැස යාමට හැකි වන පරිදි සකස් කිරීමට කටයුතු කෙරිණි.
නාවික හමුදාව කැස්බෑ පැටවුන් සාගරයට මුදාහරී
ශ්‍රී ලංකා නාවික හමුදා කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘතිය යටතේ කැස්බෑ පැටවුන් 78 දෙනෙකු ඊයේ (පෙබරවාරි 22) දින පානම වෙරළට මුදා හැර තිබේ.
නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝනයේ ‘VBSS’ පාඨමාලාව සාර්ථකව නිමවේ
ශ්‍රී ලංකා නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝනය ත්‍රිකුණාමලයේ පැවති වැඩිදියුණු කරන ලද පුපුරණ ද්‍රව්‍ය උපාංග හඳුනාගැනීම හා ව්‍යර්ථ කිරීමේ ක්‍රමෝපායන් සහ සැක සහිත නෞකා වෙත ආරක්‍ෂිතව ගොඩවීම, සෝදිසි කිරීම, අත්අඩංගුවට ගැනීම් පිළිබඳ පාඨමාලාව (VBSS) පසුගිය සිකුරාදා සාර්ථකව අවසන් කළේය.
සම්පූර්ණ සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් 843 ක් ඊයේ දින රෝහල්වලින් පිටව යයි
අද (පෙබරවාරි 22) වන දින පෙරවරු 06.00 න් අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 519 ක් වන අතර රටේ මුළු රෝගීන් සංඛ්‍යාව 79,998 දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදී.
ශ්‍රි ලංකාවේ කොරෝනා ආසාදනය වී පුර්ණ සුවය ලැබූ පුද්ගලයින් ගණන 73,455 දක්වා ඉහළට
අද (පෙබරවාරි 21) දින පෙරවරු 06.00 න් අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 543 ක් වන අතර රටේ මුළුරෝගීන් සංඛ්‍යාව 79,479 දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදී.
මරාන්තික ඩෙංගු මදුරුවන් මර්දනය සඳහා ගුවන් හමුදා ඩ්‍රෝන යානා
බස්නාහිර පළාත තුළ ඩෙංගු වසංගතය මැඩපැවැත්වීම සඳහා වන ජාතික මෙහෙයුමට සහාය දැක්වීමේ අරමුණින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාෂල් ඔෆ් දි එයාර්ෆෝස් රොෂාන් ගුණතිලක විසින් ඩ්‍රෝන් කැමරා දෙකක් ඊයේ (පෙබරවාරි 18) දින පරිත්‍යාග කරනු ලැබිණි.
ගුවන් හමුදා 70 වන සංවත්සරයට සියල්ල සුදානම්
ශ්‍රී ලංකා ගුවන් හමුදා 70 වන සංවත්සර සැමරුම වෙනුවෙන් නිර්මාණය කර ඇති නිල ලාංඡනය එළිදක්වමින් ගුවන් හමුදාව සිය සංවත්සරය මාර්තු 2 වන දින සමරනු ඇති බව ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ සඳහන් කරයි.