පුවත් කෙටියෙන්
රුපියල් මිලියන 72 ක් වටිනා ගංජා තොගයක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව පසුගිය බදාදා (අප්‍රේල් 28) දින යාපනය සිල්ලාලෙයි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ සිදු කළ විශේෂ වැටලීමකදී කේරළ ගංජා කිලෝ 240 ක් අත්අඩංගුවට ගෙන තිබේ.
යුද හමුදාවට ආරක්‍ෂිත ඇඳුම් කට්ටල තොගයක්
විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් පිරිසක් සහ එක්සත් රාජධානියේ පිහිටුවා ඇති ශ්‍රී ලාංකික සංවිධාන කිහිපයක් ඒකාබද්ධව, හොඳින් වැඩිදුරකට දර්ශනය වන ආරක්‍ෂිත ඇඳුම් කට්ටල 500 ක් සහ ආරක්‍ෂක අත්වැසුම් යුගල් 500 ක තොගයක් ශ්‍රී ලංකා යුද හමුදාව වෙත ඊයේ (අප්‍රේල් 28) දින පරිත්‍යාග කරන ලදී.
කොවිඩ් - 19 එන්නතේ දෙවන මාත්‍රාව යුද හමුදා සාමාජිකයින් වෙත ලබාදීම ආරම්භ කෙරේ
කොවිඩ් - 19 වසංගතය ව්‍යාප්තවීමට එරෙහිව ක්‍රියා කරන ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉදිරිපෙළ සාමාජිකයින් සඳහා ‘ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ්’ එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම ඊයේ (අප්‍රේල් 28) දින සවස කොළඹ යුද හමුදා රෝහලේදී සිදුකරන ලදී.
චීන ආරක්ෂක ඇමති බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවට පැමිණේ
චීන ආරක්ෂක ඇමති බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවට පැමිණේ
චීන ආරක්ෂක ඇමති ජනපති හමුවේ
චීන ආරක්ෂක ඇමති ජනපති හමුවේ
තවත් ග්‍රාම නිලධාරි වසම් කිහිපයක් හුදෙකලා කෙරේ
කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අද (අප්‍රේල් 28) දින උදෑසන මොණරාගල, අම්පාර සහ මාතලේ දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරි වසම් කිහිපයක් හුදෙකලා කර ඇති බව නිවේදනය කළේය.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිටවීම වැසේ
කොරෝනා වෛරසය ආසාධිත සේවකයින් තිදෙනෙකු හදුනාගැනීමෙන් අනතුරුව, අද (අප්‍රේල් 28) දින උදෑසන 6.00 සිට දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිටවීම වසා දැමීමට කටයුතු කර ඇති බව මහාමාර්ග අමාත්‍යාංශය දැනුම් දෙයි.
තවත් පැළ 100,000 ක් රෝපණය කිරීමට යුද හමුදා දායකත්වය
රට තුල වනගහනය ඉහළ නැංවීම සඳහා යුද හමුදා භටපිරිස් ‘තාරුණ්‍යයෙන් සැමට’ ස්වේච්ඡා සංවිධානය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු භට පිරිස් සමග එක්ව පසුගිය දිනක වැලිකන්ද කවුඩගල වනාන්තරය ආශ්‍රිතව දේශීය වටිනාකමින් යුත් පැළ 1000 ක් රෝපණය කරන ලදී.
පුංගුඩුතිව් දූපතේ සිට නයිනතිව් දූපත දක්වා අක්‍රිය තිබු පාලම් පාරුව නාවික හමුදා දායකත්වයෙන් යලි පණගැන්වේ
ශ්‍රී ලංකා නාවික හමුදාව තවත් සමාජ සේවා කටයුත්තක් සිදු කරමින්, යාපනය පුංගුඩුතිව් දූපතේ කුරිකට්ටුවාන් ජැටියේ සිට නයනතිව් දූපත දක්වා භාණ්ඩ සහ මගීන් ප්‍රවාහනය සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය විසින් යොදා ගන්නා ලද පසුගිය කාලයේදී අක්‍රීයව තිබූ පාලම් පාරුව (Ferry) අලුත්වැඩියා කර යලි පණගැන්වීමට කටයුතු කෙරිණි.
තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ
කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි තවත් ග්‍රාම නිලධාරි වසම් දෙකක් හුදකලා කර ඇති බව අද (අප්‍රේල් 27) දින උදෑසන ප්‍රකාශයට පත් කරන ලදී.
නාවික හමුදාව නොගැඹුරු ජලයේ යාත්‍රා කළ හැකි වායු බල යාත්‍රාවක් නිර්මාණය කරයි
ශ්‍රී ලංකා නාවික හමුදාව නොගැඹුරු ජල තීරයන්හි හා වගුරු බිම් අශ්‍රිතව ගමන් කළ හැකි වායු බල යාත්‍රාවක් නිර්මාණය කර ඇත.
යුද හමුදා රණවිරුවන් සඳහා ස්කූබා-කිමිදුම් පුහුණුව
ශ්‍රී ලංකා යුද හමුදාවේ විවිධ හැකියාවන්ගෙන් යුත් රණවිරුවන් පිරිසක් මෑතකදී හික්කඩුව ජාත්‍යන්තර කිමිදුම් පුහුණු පාසලේදී විශේෂ කිමිදුම් පුහුණුවක් සිදුකරන ලදී.
හුදෙකලා කල ප්‍රදේශ සහ වසාදැමුණු පාසල්
කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා අද (අප්‍රියෙල් 26) දින රාත්‍රී 8.00 සිට බලපැවැත්වෙන පරිදි දිස්ත්‍රික්ක තුනක ග්‍රාම නිලධාරි වසම් කිහිපයක් හුදකලා කිරීමට තීරණය කර ඇති බව ප්‍රකාශ කරන ලදී.
මාලි රාජ්‍යයේ එක්සත් ජාතින්ගේ සාම සාධක රාජකාරි නිම කල ශ්‍රී ලංකා යුද හමුදා භට කණ්ඩය වෙත සුභ පැතුම්
මාලි රාජ්‍යයේ එක්සත් ජාතින්ගේ සාම සාධක බලකායේ නැගෙනහිර ආඥාපති ජ්‍යෙෂ්ඨ කර්නල් ෂූ ජින්සෝ විසින් මාලි රාජ්‍යයේ ස්ථාපිත ශ්‍රී ලංකා සාම සාධක භටයින් සිදුකල කාර්යභාරය, ඔවුන්ගේ ඉහළ වෘත්තීයභාවය සහ විනය පිළිබඳව ප්‍රශංසා කරන ලදී.
යුද හමුදා භටපිරිස් යාපනයේ පොදු ස්ථාන විෂබීජහරණය කරයි
කොවිඩ් - 19 වසංගත තත්වය යළි මතුවීමත් සමඟ ඊට පූර්වාරක්ෂාවක් ලෙස යාපනයේ යුද හමුදා භට පිරිස් විසින් යාපනය නගරයේ පිහිටි ශික්ෂණ රෝහල් පරිශ්‍රය, බසාර් වීදිය සහ නගරයට යාබද ප්‍රදේශ විෂබීජහරණ වැඩසටහනක් දියත් කරන ලදී.
ඊයේ (23) තවත් PCR පරීක්ෂණ 12,439 ක්
අද (අප්‍රේල් 24) දින පෙරවරු 06.00 න් අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 969 ක් වන අතර රටේ මුළුරෝගීන් සංඛ්‍යාව 99,690 දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදි.
දකුණු සුඩානයේ ශ්‍රී ලාංකීක භටපිරිස් පුහුණු අභ්‍යාසයක
එක්සත් ජාතින්ගේ සාමසාධක මෙහෙයුම් යටතේ දකුණු සුඩානයේ ක්‍රියාත්මක දෙවන මට්ටමේ රෝහලේ රාජකාරි කරනු ලබන ශ්‍රී ලාංකීක භටපිරිස් වෙනුවෙන් බරපතල ලෙස රෝගාතුර වූ රෝගීන්ට ප්‍රතිකාර සිදුකිරීම පිළිබඳ පුහුණු අභ්‍යාසයක් පැවැත්විණ.
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝග්‍රෑම් 1263 කට අධික තොගයක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අප්‍රේල් 17 සිට 20 දක්වා දිනයන් තුළ වයඹ සහ බටහිර මුහුද හරහා නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ කහ කිලෝ 1263 කට අධික තොගයක් සැකකරුවන් 05 දෙනෙකු සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.
නාවික හමුදාව තැලසීමියා නික්ෂේපණ යන්ත්‍ර 350ක් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදේ
ශ්‍රී ලංකා නාවික හමුදාව සිය සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ තැලසීමියා නික්ෂේපණ යන්ත්‍ර 350ක් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත ලබා දීම ඊයේ (අප්‍රේල් 21) දින නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.
රුපියල් මිලියන 55.7 ක් වටිනා ගංජා තොගයක් යුද හමුදා භාරයට
යුද හමුදාවේ 54 වන සේනාංකයට අයත් භටපිරිස් විසින් ඊයේ (අප්‍රේල් 20) දින පූනරින් පල්ලිකුඩා හි මුහුදට ආසන්නව වෙරළබඩ ප්‍රදේශයක තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම් 185.575 ක් පමණ අත්අඩංගුවට ගෙන තිබේ.
දිවයිනේ අඩු පහසුකම් සහිත පාසල් 8 ක් ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය කෙරේ
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 70 වන සංවත්සරයට සමගාමීව දිවයිනේ අඩු පහසුකම් සහිත තෝරාගත් පාසල් 2021 වර්ෂය තුළ සංවර්ධනය කර දේශයේ ජීවනාලිය වන් වූ දුවා දරුවන්ගේ අධ්‍යාපනයට වඩාත් හිතකර පරිසරයක් නිර්මාණය කිරීමේ නාවික හමුදා සමාජ මෙහෙවර ව්‍යාපෘතිය, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ උපදෙස් හා මග පෙන්වීම යටතේ බටහිර, නැගෙනහිර, උතුරු මැද, වයඹ, ගිණිකොණ, දකුණ සහ උතුර යන නාවික විධානයන් තුළදී 2021 අප්‍රේල් මස 19 වන දින ආරම්භ කෙරිණි. සියළුම නිලධාරීන් හා නාවිකයින් ස්ව කැමැත්තෙන් සිය මාසික වේතනයෙන් පරිත්‍යාග කරන ලද මුදල් මෙම මහඟු සමාජ සත්කාරක ව්‍යාපෘතිය සඳහා මූල්‍ය දායකත්වය ලෙස යොදා ගනු ලබන අතර, නාවික හමුදා පූර්ණ ශ්‍රම දායකත්වය මෙම ව්‍යාපෘතිය සඳහා ලබා දෙනු ඇත.
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි සඳහා පිටත්ව යන යුද හමුදා සාමාජිකයින්ට සුසුභාශිංෂණ
මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිභාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ (MINUSMA) එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරීන් සඳහා දිවයිනෙන් පිටත්වීමට නියමිත යුද්ධ හමුදා සාමාජිකයින් 243 දෙනෙකුගෙන් සමන්විත නව සංග්‍රාමික රථ ආරක්‍ෂක කණ්ඩායම වෙත බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අද (21) දින ඔවුන් පිටවයාමට පෙර උණුසුම් සුබ පැතුම් ලබාදෙන ලදී.
රුපියල් මිලියන 26 කට අධික ගංජා තොගයක් නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ මන්නාරම් පොලිසිය විසින් ඊයේ (අප්‍රේල් 18) දින මුලන්කාවිල් මුද්දලම්පිඩ්ඩි ප්‍රදේශයේදී සිදුකරන ලද ඒකාබද්ධ විශේෂ මෙහෙයුමකදී කිලෝග්‍රෑම් 89 කට අධික කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
වේලු ඔයේ අතුරුදන් වූ දෙදෙනාගේ දේහයන් යුද හමුදා භට පිරිස් විසින් සොයා ගැනේ
හල්දුම්මුල්ල වේලු ඔයේ දියනෑමට ගොස් ඊයේ සවස අතුරුදන් වූ පිය පුතු දෙපලගේ දේහයන් යුද හමුදාව විසින් අද (අප්‍රේල් 16) උදෑසන සොයා ගෙන තිබේ.
රොෂාන් අබේසුන්දර ඊළඟ නිලයට උසස් වේ
ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ විසින් ඊයේ (අප්‍රේල් 15) දින නායක ගුවන් භට රොෂාන් අබේසුන්දර කෝප්‍රල් නිලයට උසස් කරන ලදි.