වෙනත් පුවත්

සිට
දක්වා
මාතෘකාව


post img

වැලිසර නාවික හමුදා කඳවුරේ නැවියන් සඳහා ඉතා කඩිනමින් PCR පරීක්ෂණ සිදු කිරීමට කටයුතු කෙරේ - නාවික හමුදා ප්‍රධානී

වැලිසර නාවික හමුදා කඳවුරේ නාවික භටයින් සඳහා සිදුකරන PCR පරීක්ෂණ වැඩි කිරීමට කටයුතු කර ඇති අතර කොරෝනා වයිරසය තවදුරටත් පැතිරීම වැළැක්වීම සඳහා කඳවුර සම්පූර්ණයෙන්ම වසා දමා ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා පැවසීය.

අප්‍රේල් 24, 2020


post img

ආගම් හෝ විශ්වාසයන් ඇදහීමේ නිදහස පිළිබඳ එක්සත් ජාතින්ගේ විශේෂ වාර්තාකරු වෙත ශ්‍රී ලංකාව සිදු කළ ප්‍රකාශය

ආගම්  හෝ විශ්වාසයන් ඇදහීමේ  නිදහස පිළිබඳ එක්සත් ජාතින්ගේ විශේෂ වාර්තාකරු වන අහමඩ් ශහීඩ් මහතා පසුගිය 2019 අගෝස්තු 15 සිට 26 දින දක්වා සිදු කල සංචාරයෙන් පසුව ඉදිරිපත් කල වාර්තාවට  ශ්‍රී ලංකාව  අවධානය යොමු කර අදහස් දක්වයි

මාර්තු 03, 2020


post img

පොලිසිය, නාවික සහ යුද්ධ හමුදාව මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි තීව්‍ර සටනක

කේරළ ගංජා ඇතුළුව නීති විරෝධී  මත්ද්‍රව්‍ය රට තුළට පැමිණීම වැළැක්වීමට සහ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම සදහා නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව පුළුල් ලෙස වැටලීම් තීව්‍ර කිරීමට, ආරක්ෂක අංශ හා පොලිසිය වෙත ආරක්ෂක අමාත්‍යාංශය උපදෙස් ලබා දී ඇත.

පෙබරවාරි 29, 2020


post img

ජපාන නාවික හමුදා ‘තකනාමි’ (TAKANAMI) නෞකාව දිවයිනෙන් පිටත්ව යයි

2020 පෙබරවාරි මස 21 වන දින දිවයිනට පැමිණි ජපාන නාවික හමුදාවට අයත් ‘තකනාමි’ (TAKANAMI) නෞකාව අද (2020 පෙබරවාරි 23) දිවයිනෙන් පිටත්ව යන ලදි.  

පෙබරවාරි 23, 2020


post img

LTTE සංවිධානය ලැයිස්තුගත ත්‍රස්ත සංවිධානයක් ලෙස පවතිනු ඇතැයි මැලේසියාවේ ස්වදේශ කටයුතු අමාත්‍යවරයා පවසයි

“අක්‍රීයව පවතින ත්‍රස්ත සංවිධානයක් වන ඊලාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) ලැයිස්තුගත ත්‍රස්ත සංවිධානයක් ලෙස පවතිනු ඇත.” මැලේසියාවේ ස්වදේශ කටයුතු අමාත්‍ය මුහයිඩින් යසින් පැවසීය.

පෙබරවාරි 23, 2020


post img

ගිනි අවි බලපත්‍ර අයදුම්පත් දැන් defence.lk වෙතින් ලබා ගත හැක

මෑතකදී ප්‍රකාශයට පත් කරන ලද සහන කාලය තුළ වලංගු බලපත්‍රයක් නොමැති හෝ බලපත්‍ර අලුත් නොකරන ලද  ගිනි අවි 200 ක් පළාත් නවයක පොලිස් ස්ථානයන් වෙත භාර දී ඇත.
ගිනි අවි බලපත්‍ර අලුත් කිරීම සඳහා අනුගමනය කළ යුතු නිසි ක්‍රියා පටිපාටිය පිළිබඳව මහජනයා දැනුවත් කිරීමේ අවශ්‍යතාව මෙයින් හදුනාගෙන තිබේ.

පෙබරවාරි 20, 2020


post img

පොලිසිය සහ බුද්ධි අංශ මඟින් නීති විරෝධී ආයුධ වැටලීම්

සතියක ගිනි අවි පොදු සමා කාලය අවසන් වීමත් සමඟ පොලිසිය අනෙකුත් බුද්ධි අංශ සමඟ එක්ව නීති විරෝධී ගිනි අවි වැටලීම ආරම්භ කර තිබේ.  

පෙබරවාරි 18, 2020


post img

‘සඳහිරු සෑය’ ව්‍යාපෘතියේ ප්‍රගතිය සමාලෝචනය කෙරේ

ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්නගේ උපදෙස් පරිදි  ‘සඳහිරු සෑය’ ව්‍යාපෘතියෙහි ඉදිකිරීම් කටයුතු වෘත්තීය ප්‍රමිතීන්ට අනුකූලව අතිරේක ශ්‍රමයක් යොදවමින්  කඩිනම් කිරීමට නියමිතය.

පෙබරවාරි 14, 2020


post img

සිංහල - ඉංග්‍රීසි ශබ්දකෝෂය ආරක්ෂක ලේකම් වෙත පිරිනැමේ

බුද්ධදාස හේවගේ විසින් සම්පාදනය කරනු ලැබූ නවතම සිංහල - ඉංග්‍රීසි ශබ්දකෝෂය අද (පෙබරවාරි 12) දින අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවති උත්සවයකදී ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න වෙත පිරිනමන ලදි.

පෙබරවාරි 12, 2020


post img

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් රු. මිලියන 163.4 ක් වටිනා වී කිලෝ ග්රෑම් මිලියන 3.2 ක් මිල දී ගැනීමට වී අලෙවි මණ්ඩලය වෙත සහාය ලබා දේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් පසුගිය සති දෙක තුළදී රුපියල්  163,430,000 ක් වටිනා වී කිලෝ ග්රෑම් 3,268,600 ක් මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලය වෙත අවශ්‍ය පහසුකම් සපයා ඇත.

පෙබරවාරි 11, 2020


post img

රට තුළ අන්තවාදය වර්ධනය වීමට ඉඩක් නොමැත - ජනාධිපති

ත්‍රස්තවාදය පතුරවන කිසිදු අන්තවාදී සංවිධානයකට රට තුල ක්‍රියාත්මක වීමට රජය ඉඩ නොදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සහතික විය.

පෙබරවාරි 04, 2020


post img

යුද්ධ හමුදාව විසින් සිදුකළ පැය 12 ක සෝදිසි මෙහෙයුමකින් සංවිධානාත්මකව ප්‍රවාහනය කල කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට

අද (26) පෙරවරුවෙන් අවසන් වූ පැය 12 ක විශේෂ සෝදිසි මෙහෙයුමේදී කේරළ ගංජා කිලෝ 24  ක් සහ බුරුත ලී අඩි 99.5 ක් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් සොයාගෙන තිබේ.

ජනවාරී 27, 2020


post img

පොලිස් සහ මහජන ගැටළු විසඳීම සඳහා පොලිස් දුක්ගැනවිලි දිනයක්

පොලිසිය පිළිබඳ මහජන පැමිණිලිවලට විසඳුම් සෙවීම සහ පොලිස් නිලධාරීන්ගේ පවතින පරිපාලනමය ගැටළු සහ එම ගැටලු වලට විසදුම් ලබාදීම සඳහා ජනවාරි 29 වන දින බත්තරමුල්ල සුහුරුපායේදී පොලිස් දුක්ගැනවිලි දිනය පැවැත්වේ.  

 

ජනවාරී 21, 2020


post img

කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයේ නව උපකුලපති මේජර් ජෙනරාල් මිලින්ද පීරිස්

ශ්‍රී ලංකා යුද හමුදාවේ කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් වු මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් RWP RSP USP LOM ndc psc MPhil (Ind) PGDM ජෙනරාල් සර් ජෝන් කොතලාවල විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ලෙස 2020 ජනවාරි 16 දින වැඩභාර ගන්නා ලදී.

ජනවාරී 17, 2020


post img

“සුන්දල පුර්ණිකා” ග්‍රන්ථය ආරක්ෂක ලේකම් වෙත පිළිගැන්වෙයි

ප්‍රවීණ ලේඛිකා ආෂා මධුතිසරු මහත්මිය විසින් රචිත “සුන්දල පුර්ණිකා” ග්‍රන්ථයේ පිටපතක් ආරක්ෂක ලේකම් (විශ්‍රාමික) මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා වෙත අද (ජනවාරි 13) දින ආරක්ෂක අමාත්‍යාංශයේදී පිළිගැන්විය.   

 

ජනවාරී 13, 2020


post img

ජාතික ආරක්ෂාව වෙනුවෙන් විශේෂ මෙහෙයුම් මැදිරියක්

ආරක්ෂක ලේකම් (විශ්‍රාමික) මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතාගේ උපදෙස් පරිදි ජාතික ආරක්ෂාව සහ මහජන සාමය සුරක්ෂිත කිරීම සඳහා පැය 24ම ආවරණය වන පරිදි පොලිස් විශේෂ කාර්ය බලකා මූලස්ථාන කඳවුරේ විශේෂ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබේ.

ජනවාරී 12, 2020


post img

ශ්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් අනතුර : කරුණු ඉදිරිපත් කරන ලෙස බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය රජයේ රසපරීක්ෂකට නියෝග කරයි

අද පෙරවරුවේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ ගුවන්යානා අනතුර සම්බන්ධයෙන් ඔවුන් සොයාගත් කරුණු  අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය රජයේ රසපරීක්ෂක, සිවිල් ගුවන් සේවා අධිකාරිය සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.

ජනවාරී 03, 2020


post img

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් යානයක් හපුතලේදී අනතුරට ලක් වේ

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් සැහැල්ලු ගුවන් යානයක් අද (ජනවාරි 03) දින උදෑසන හපුතලේ ප්‍රදේශයේදී අනතුරට ලක් විය.

ජනවාරී 03, 2020


post img

දිවයිනේ ආරක්ෂාව සහතික කිරීම උදෙසා ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය සාමූහිකව කටයුතු කරයි - වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා

වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී (CDS) සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සන්නද්ධ හමුදාවන්හී සේනාධිනායක අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ දැක්මට අනුව රටේ සහ මහජනතාවගේ ආරක්ෂාව උපරිම ලෙස සහතික කරන බවට ප්‍රතිඥා දුන්නේය.

ජනවාරී 02, 2020


post img

2019 වර්ෂයේදී නීතිවිරෝධී සංක්‍රමණිකයන් 175 කට වඩා වැඩි පිරිසක් නාවික හමුදා අත්අඩංගුවට

2019 වර්ෂයේදී ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය බලා සංක්‍රමණය වූ ශ්‍රී ලංකාවේ නීතිවිරෝධී සංක්‍රමණිකයන්...

ජනවාරී 02, 2020


post img

මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුදන්ත රණසිංහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නව අධ්‍යක්ෂ ජෙනරාල් ධුරයට පත් කෙරේ

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ (DMC) නව අධ්‍යක්ෂ ජනරාල් ධුරයට මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුදන්ත රණසිංහ පත්කෙරේ.

ජනවාරී 02, 2020


post img

ත්‍රිවිධ හමුදා භටපිරිස් නික්ම යන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානීතුමන්ට හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන ආචාර පෙළපාලියේ ගෞරවාචාරය පිරිනමයි

නික්ම යන 10 වන ත්‍රිවිධ හමුදා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර සී. විජේගුණරත්න වෙත අද (31) දින උදෑසන බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලය පිහිටා ඇති ස්ථානයේදී ත්‍රිවිධ හමුදා භටපිරිස් හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන ආචාර පෙළපාලියේ ගෞරවාචාරය පිරිනමනු ලැබීය.

දෙසැම්බර් 31, 2019


post img

ආරක්ෂක ලේකම් විශ්‍රාමික රණවිරුවන් සඳහා වන සුභසාධන වැඩසටහන් සමාලෝචනය කරයි

විශ්‍රාමික ත්‍රිවිධ හමුදා  සාමාජිකයින්ගේ ජීවන තත්ත්වය නංවාලීම සඳහා ආරම්භ කර ඇති සුභසාධන වැඩ සටහන් වල ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා තවත් සාකච්ඡා වටයක් ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සඳුදා (දෙසැම්බර් 30) සවස ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවැත්විණි.

දෙසැම්බර් 31, 2019


post img

ආරක්ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකය අමාත්‍යාංශ සේවකයින්ගේ දරුවන් සඳහා පාසල් උපකරණ බෙදා දෙයි

අද දින (දෙසැම්බර් 30) අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවති උත්සවයකදී ආරක්ෂක අමාත්‍යාංශයේ සේවකයින්ගේ ළමුන් 500 කට වැඩි පිරිසකට පාසල් පොත්, බෑග් සහ සපත්තු සඳහා තෑගි වවුචර් පිරිනමන ලදී.

දෙසැම්බර් 30, 2019


post img

යුද්ධ හමුදා පැරා ක්‍රිඩා උළෙල මෙවර 22 වන වරට

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ රෙජිමේන්තු 11 ක් නියෝජනය කරමින් විවිධ හැකියාවන් සහිත සෙබළුන් 700 කට අධික පිරිසක් මෙවර 22 වන වතාවට පැරා ක්‍රීඩා උළෙලේදී තරඟ වදී. ක්‍රීඩා උළෙල සිකුරාදා (දෙසැම්බර් 27) දින කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ විය.

දෙසැම්බර් 28, 2019


post img

යාපනය හමුදා සාමාජිකයින් නත්තල් දින සැමරුම් වැඩසටහන් අවශ්‍යතා සහිත දරුවන් මුලික කර ගනිමින් සිදු කෙරේ

නත්තල් උත්සවය සැමරීම නිමිති කරගෙන යුද්ධ හමුදාව විසින් ඉකුත් අගහරුවාදා (දෙසැම්බර් 24) දින යාපනය ප්‍රදේශයේ අවශ්‍යතා සහිත ළමුන් වෙනුවෙන් පාපැදි සියයක් පරිත්‍යාග කරන ලදි. 

දෙසැම්බර් 27, 2019


post img

සුනාමි ඛේදවාචකය සිදු වී අදට වසර 15යි

සුනාමි ඛේදවාචකය සිදු වී අද දිනට වසර 15ක් ගතවී තිබේ. සුනාමි ව්‍යසනයෙන් විපතට පත්වූවන් සිහිපත් කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් සහ සර්ව ආගමික වතාවත් සිදුකර දිවයිනේ දිස්ත්‍රික්ක 25 ක ජාතික සුරක්‍ෂිත දිනය අද (දෙසැම්බර් 26) දින  සමරන ලදී.

 

දෙසැම්බර් 26, 2019


post img

ඉන්දියානු නාවික හමුදාධිපති ත්‍රිකුණාමලය සැන්ඩි බේ වෙරළ තීරය පිරිසිදු කිරීමට එක්වෙයි

ඉන්දීය නාවික හමුදාධිපති අද්මිරාල් කරම්බීර් සිං මහතා ශ්‍රී ලංකා නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා සමඟ අද (දෙසැම්බර් 22) දින ත්‍රිකුණාමලයේ සැන්ඩි බේ වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනකට සහභාගී විය.

දෙසැම්බර් 23, 2019


post img

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ නිර්දේශයට අනුව අතිගරු ජනාධිපතිතුමන් යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 63 දෙනෙකුට නිල උසස්වීම් ලබාදෙයි

සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් විසින් ආරක්‍ෂක අමාත්‍යාංශයේ හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ නිර්දේශය මත මැතකදී සිදු කරන ලද විශාලතම නිල උසස් කිරීමක් ලෙස යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 63 දෙනෙකුට නිල උසස්වීම් ලබාදී ඇති බව සඳුදා (16) දින සන්ධ්‍යාවේ යුද්ධ හමුදා මූලස්ථානයේ යුද සේවා ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශයට පත්කොට ඇත.

දෙසැම්බර් 17, 2019


post img

‘මිත්‍ර ශක්ති යුද අභ්‍යාසය’ අවසන් අදියරට පිවිසෙයි

ඉන්දියාවේ පූනේ ප්‍රදේශයේ ශිවනේරි ආදර්ශ ගම්මානයේදී මේ දිනවල පැවැත්වෙන ඉන්දියානු යුද්ධ හමුදා සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා භටපිරිස්හි ඒකාබද්ධ ‘මිත්‍ර ශක්ති යුද අභ්‍යාසයේ’ අවසන් පෙරහුරු උපායමාර්ගික සැලසුම් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් දියත් කරනු ලබයි.

දෙසැම්බර් 14, 2019


post img

කිලිනොච්චි ප්‍රදේශයේ මාර්ග අනතුරු වැලැක්වීම සඳහා පොලිසියෙන් විශේෂ වැඩසටහනක්

ශ්‍රී ලංකා පොලීසිය විසින් කිලිනොච්චි කොට්ඨාශයේ පැපැදි සහ ට්‍රැක්ටර් රථවල ලුමිනස් ස්ටිකර් ඇලවීමේ විශේෂ වැඩසටහනක් අඟහරුවාදා (දෙසැම්බර් 10) දින සිදුකරන ලදි. පොලිස් මාධ්‍යයට අනුව මාර්ග අනතුරු අවම කිරීමේ පුර්වාරක්‍ෂක පියවරක් ලෙස මෙය සිදුකර ඇත.

දෙසැම්බර් 11, 2019


post img

ජපාන හරුසාමේ නෞකාව දින තුනක සුහද සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට

ජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බලකායට අයත් "DD 102 හරුසාමේ" නෞකාව දින තුනක සුහද සංචාරයක් සඳහා අද (දෙසැම්බර් 10) ශ්‍රී ලංකාවට පැමිණියේය.

දෙසැම්බර් 10, 2019


post img

ශ්‍රී ලංකා නාවික හමුදා 69 වන සංවත්සරය සමරයි

දේශයේ පළමු ආරක්ෂක වළල්ල , ශ්‍රී ලංකා නාවික හමුදාව සිය 69 වන අභිමානවත් සංවත්සරය අද (දෙසැම්බර් 09) වන දින සමරයි. සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ මඟ පෙන්වීම හා නායකත්වය මත ආගමික, සමාජ සුභසාධන හා නාවික සම්ප්‍රදායන්ට ප්‍රමුඛත්වය ලබා දෙමින් පසුගිය දින කිහිපය තුළ වැඩසටහන් සංවිධානය කර තිබුණි.

දෙසැම්බර් 09, 2019


post img

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව පාසල් සිසුන් වෙනුවෙන් අධ්‍යාපනික සම්මන්ත්‍රණ පවත්වයි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින් විසින් නැගෙනහිර ප්‍රදේශයේ අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගය සදහා පෙනී සිටින පාසැල් සිසුන් වෙනුවෙන් පසුගිය සතියේ අධ්‍යාපනික සම්මන්ත්‍රණයක් පවත්වනු ලැබීය.

නොවැම්බර් 26, 2019


post img

පොලිස් රථවාහන කොට්ඨාශයේ නිලධාරීන් ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම්, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න WWV RWP RSP USP ndc psc MPhil මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් රථවාහන කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් අද (නොවැම්බර් 22) අමාත්‍යංශ පරිශ්‍රයේ දී පැවැත්විණි.

නොවැම්බර් 22, 2019


post img

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනි සිටින සිසුන් වෙනුවෙන් අධ්‍යාපන සම්මන්ත්‍රණ පවත්වයි

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානය විසින් දෙසැම්බර් මස (2019) පැවැත්වෙන අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන් වෙනුවෙන් අධ්‍යාපන සම්මන්ත්‍රණයන් පවත්වා ඇති බව යුද්ධ හමුදා මාධ්‍ය වාර්තා කරයි.

නොවැම්බර් 16, 2019


post img

ගුවන් හමුදා විරුවන් වෙත විරවික්‍රම පදක්කමි පිරිනැමිම ජනාධිපති තුමන්ගේ ප්‍රධානත්වයෙන්

දශක තුනක් පුරා ලක් දෙරණ වෙලාගත් කුරිරු ත්‍රස්ත්‍රවාදය මානුෂිය මෙහෙයුමකින් නිමා කරලමින් ලක් මාතාවට සාමය හා සංහිදියාව රුගෙන ඒමට ස්වකිය දිවි පරදුවට තබමින් උත්තම සේවාවක් සිදුකරන්නට ඇප කැපවු ශ්‍රි ලංකා ගුවන් හමුදාවෙහි...

නොවැම්බර් 12, 2019


post img

එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරියේ යෙදී සිටියදී මාලි රාජ්‍යයේදී මියගිය හමුදා සාමාජිකයින් දෙදෙනෙකුට වන්දි මුදල් පිරිනැමේ

මේ වසරේ ජනවාරි 25 වන දින මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිභාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ (MINUSMA) රාජකාරියේ යෙදී සිටියදී මියගිය ශ්‍රී ලංකා යුද හමුදා සාම සාධක භටයන් දෙදෙනා වෙනුවෙන් වන්දි මුදල් පිරිනැමීම අඟහරුවාදා දින (නොවැම්බර් 05) යුද හමුදා මූලස්ථානයේදී සිදුකරන ලදි.

නොවැම්බර් 06, 2019


post img

දියේ ගිලීම් වළක්වා ගැනීම පිළිබඳව පාසැල් සිසුන් දැනුවත් කෙරේ

ජනාධිපති මහලේකම් කාර්යාලයේ “රට වෙනුවෙන් එකට සිටිමු” කොළඹ දිස්ත්‍රික්කයේ  පැවැත්වෙන වැඩසටහන යටතේ දෙහිවල දෙමළ මහා විද්‍යාලයේ පාසල් ළමුන් වෙනුවෙන් ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක බලකාය විසින් දියේ ගිලීම් වළක්වා ගැනීම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් මෑතකදී පවත්වා ඇත.

නොවැම්බර් 06, 2019


post img

අසරණ පවුලකට ගුවන් හමුදාවෙන් නව නිවසක්

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් ඉදිකරන ලද නව නිවසක් එහි හිමිකරුවන් වෙත පරිත්‍යාග කර ඇත.

නොවැම්බර් 04, 2019


post img

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට මත්ද්‍රව්‍ය සහ පුපුරණ ද්‍රව්‍ය හඳුනාගැනීමේ රොබෝ යන්ත්‍ර දෙකක්

ශ්‍රී ලංකා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් ඉතිහාසයේ ප්‍රථම වරට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල තුල ගමන් මලු සහ අනෙකුත් උපකරණ පරීක්‍ෂා කිරීම සඳහා නව රොබෝ යන්ත්‍ර දෙකක් යෙදවීමට කටයුතු කරන ලදි.

නොවැම්බර් 04, 2019


post img

ශ්‍රී ලංකා යුද හමුදා බිම්වෙඩි හඳුනාගැනීමේ සුනඛයා සහ හසුරුවන්නා හොඳම මානුෂවාදී බිම්වෙඩි ඉවත් කිරිමේ සුනඛ කණ්ඩය බවට පත්වේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ බිම් වෙඩි හඳුනාගැනීමේ සුනඛයා ‘සැමී’ සහ හසුරුවන්නා වන 5 වන ක්‍ෂේත්‍ර ඉංජිනේරු රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල් පී.ජී නිශාන්ත බංඩාර වොෂිංටන්හි මාෂල් ලෙගසි ආයතනය විසින් ‘2019 වසරේ හොඳම කණ්ඩායම’ ලෙස තෝරාගෙන ඇත.

නොවැම්බර් 01, 2019


post img

ලාහුගල වනාන්තරයට ගුවන් හමුදාව බීජ ගුවන් මගින් ඉසියි

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ශ්‍රී ලංකා වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව, මාස් හෝල්ඩින්ග්ස් සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලය සමඟ එක්ව ශ්‍රී ලංකාවේ වන ඝනත්වය ඉහළ නැංවීම වෙනුවෙන් දෙවන බීජ ගුවන් මගින් ඉසීමේ වැඩසටහන අම්පාර ලාහුගල වනාන්තරයේදී මෙම සතිය ආරම්භයේදී දියත් කරන ලදී.

නොවැම්බර් 01, 2019


post img

උතුරු පළාතේ අවශ්‍යතා සහිත වුවන් වෙනුවෙන් කෘතීම අත්පා බෙදාදීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් උතුරු පළාතේ තෝරාගත් අඩු ආදායම්ලාභී ආබාධිත සිවිල් වැසියන් වෙනුවෙන් බ්‍රහස්පතින්දා දින (ඔක්තෝබර් 30) කෘතීම අත්පා බෙදාදීමේ වැඩසටහනක් සිදුකරන ලදී.

නොවැම්බර් 01, 2019


post img

දියේ ගිලීම් වළක්වා ගැනීම පිළිබඳව පාසල් දරුවන් දැනුවත් කෙරේ

ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකාය විසින් පාසල් ළමුන් වෙනුවෙන් දියේ ගිලීම් වළක්වා ගැනීම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වා ඇත. වෙරළාරක්ෂක බලකා මාධ්‍යට අනුව ත්‍රිකුණාමලය සිංහල මහා විද්‍යාලයේදී ඔක්තෝබර් 24 වෙනි දින මෙම වැඩසටහන සිදුකෙරිණි.

ඔක්තෝම්බර් 31, 2019


post img

ශ්‍රී ලංකා පොලිසියෙන් කළුගඟ දෙපස පැළ සිටුවීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා පොලිසිය ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය, කැලණි විශ්වවිද්‍යාල සිසුන් කණ්ඩායමක්  සහ රීෆොරස්ට් ආයතනය ඒකාබද්ධව කළුගඟ ඉවුර දෙපස කුඹුක් පැල (Terminalia arjuna)  සිටුවීමේ පරිසර ආරක්ෂණ වැඩසටහනක් සිදුකරන ලදී.

ඔක්තෝම්බර් 30, 2019


post img

ජනාධිපති පරිසර සම්මාන උළෙල -2019 හි දී ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකා නාවික හමුදාව ඇගයීමට ලක්වේ

ජනාධිපති පරිසර සම්මාන උළෙල -2019 අඟහරුවාදා දින ( ඔක්තෝබර් 29) කොළඹ, නෙළුම් පොකුණ රඟහලේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ඔක්තෝම්බර් 30, 2019


post img

ගංවතුර නිසා අවතැන් වූ සිවිල් වැසියන් ආරක්ෂිතව එම ප්‍රදේශයෙන් ඉවත් කෙරේ

දිවයින පුරා දිගින් දිගටම ඇද හැලෙන වර්ෂාවත් සමඟ ප්‍රදේශ කිහිපයක ගංවතුර හා නායයෑම් සිදුවිය.

ඔක්තෝම්බර් 30, 2019


post img

නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් හදිසි අවස්ථාවන්ට මුහුණුදීම සඳහා සූදානමින්

පවතින කාලගුණික තත්වය හේතුවෙන් හදුනාගත් ආපදාවන්ට ලක්විය හැකි ප්‍රදේශ සඳහා පූර්වාරක්‍ෂිත පියවරක් ලෙස සහන සැලසීමේ කණ්ඩායම් ස්ථාපිත කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව මේ වන විට කටයුතු කර ඇත.

ඔක්තෝම්බර් 29, 2019


post img

යුධ හමුදා භට පිරිස් අවහිරවූ මාර්ග පිරිසිදු කර වාහන ගමනාගමනය යථා තත්ත්වයට පත් කරයි

මේ වන විට දිවයිනේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් බොහෝ ප්‍රදේශවලට වැඩි වර්ෂාපතනයක් ලැබෙමින් පවතින අතර, මෙම තත්වය මහජනතාවගේ එදිනෙදා ක්‍රියාකාරකම් සදහා විවිධාකාරයෙන් බලපා ඇති අතර ගංවතුර හා නායයෑම් තත්වය ජනජීවිතයට බාධාවක් වී තිබේ.

ඔක්තෝම්බර් 29, 2019


post img

වර්ෂා කාලගුණය තවදුරටත්

නිරිතදිග බෙංගාල බොක්කෙහි වයුගොලීය කැලඹීමත් සමග දිවයිනේ දකුණු ප්‍රදේශයට වැඩි වර්ෂාපතනයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන අතර මෙම තත්වය දකුණු මුහුදු ප්‍රදේශය හරහා දිවයිනේ බටහිර මුහුදු ප්‍රදේශයට ගමන් කිරීමට ඉඩ තිබේ.

ඔක්තෝම්බර් 28, 2019


post img

කන්තලේ වැව අසල පොලිස් ජීවිතාරක්ෂක කුටියක්

ශ්‍රී ලංකා පොලීසිය විසින් කන්තලේ වැව අසල පොලිස් ජීවිතාරක්ෂක මුර කුටියක් මෑතකදී විවෘත කර ඇත.

ඔක්තෝම්බර් 28, 2019


post img

කිලිනොච්චි භට පිරිස් රුධිරය පරිත්‍යාග කරයි

කිලිනොච්චි ප්‍රදේශයේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා භටපිරිස් සෙනසුරාදා (ඔක්තෝම්බර් 26) ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී කිලිනොච්චි ලේ බැංකුවට ලේ ලබාදීම සදහා රුධිරය පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් සිදුකරන ලදී.

ඔක්තෝම්බර් 28, 2019


post img

අභිමන්සලෙහි නේවාසික අබාධිත රණවිරුවන් නාගදීප විහාරයේ සංචාරයක

කඹුරුපිටිය ‘අභිමන්සල’ සුවතා නිකේතනයේ ආබාධිත රණවිරුවන් පිරිසකට සෙනසුරාදා දින (ඔක්තෝබර් 26) නාගදීප රජමහා විහාරය නැරඹීම සදහා  මුහුදු මඟින් ගමන් කිරීමට ප්‍රවාහන පහසුකම් සපයන ලදී.

ඔක්තෝම්බර් 28, 2019


post img

අවශ්‍යතා සහිත පුවුලකට යුද්ධ හමුදාවෙන් ආධාර

අවශ්‍යතා සහිත පවුලකට ජීවන තත්වය නගාසිටුවීම කෙරෙහි තම මානුෂීය සැලකිල්ල යොමුකරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ (MIR) භටයින් විසින් නවීකරණය කරන ලද ත්‍රීරෝද රථයක් සිකුරාදා (ඕම්තොම්බර් 25) ලබා දී ඇත.

ඔක්තෝම්බර් 28, 2019


post img

ශ්‍රී ලංකා යුධ හමුදාව සිවිල් වැසියන් හා එක්ව ඇල මාර්ගයක් පිරිසිදු කරයි

උතුරු පළාත් යුධ හමුදා සාමාජිකයන් සිවිල් වැසියන් සමග එක්ව සඳුදා (ඔක්තෝබර් 21) කනගරායන් ආරු ඇල මාර්ගය පිරිසිදුකර ජලය ගලායාම විදිමත් කිරීමට කටයුතු කර ඇත

ඔක්තෝම්බර් 27, 2019


post img

ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් උතුරු ප්‍රදේශයේ පැළ සිටුවීමේ වැඩසටහනක්

උතුරු අර්ධද්වීපයේ ශ්‍රී ලංකා නාවික හමුදා සාමාජිකයින් විසින් පැල සිටුවීමේ වැඩසටහනක් පසුගියදා සිදුකරන ලදි.

ඔක්තෝම්බර් 26, 2019


post img

ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ බලකා කණ්ඩායම එංගලන්ත “කේම්බ්‍රියන් මුර සංචාර අභ්‍යාසය 2019” සදහා සහභාගී වී ජයග්‍රහණය කරයි

බ්‍රිතාන්‍ය හමුදාවේ ජාත්‍යන්තර “කේම්බ්‍රියන් මුර සංචාර අභ්‍යාසය” සදහා සහභාගී වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ “විශේෂ බලකා කණ්ඩායම” ලෝකඩ පදක්කමක් දිනා ඇත.

ඔක්තෝම්බර් 24, 2019


post img

නෙදර්ලන්තයේ “ඉන්ඩොවින් බොක්ස් කප් 2019 ” බොක්සිං ශූරතාවලියෙන් ශ්‍රී ලංකා පොලීසියට රිදී සහ ලෝකඩ පදක්කමක්

නෙදර්ලන්තයේ “ඉන්ඩොවින් බොක්ස් කප් 2019 ” බොක්සිං ශූරතාවලිය සදහා සහභාගී වූ  ශ්‍රී ලංකා පොලීස් ක්‍රීඩකයින් රිදී සහ ලෝකඩ පදක්කම් දිනාගැනීමට සමත් විය.

ඔක්තෝම්බර් 24, 2019


post img

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් යාපනයේ දූපත් හි පෙර පාසල් ඉදිකෙරේ

ප්‍රජා සුභසාධන කටයුතු වෙනුවෙන් කැපවෙමින් ක්‍රියා කරන ශ්‍රී ලංකා නාවික හමුදාව එහි තවත් පියවරක් ලෙස උතුරු අර්ධද්වීපයේ පෙර පාසල් දෙකක් ඉදිකිරීම සදහා සහාය විය. ඒ අනුව මෑතදී මන්ඩතිව් සහ පුන්කුඩුතිව් දූපත් වල ඉදිකරන ලද ගොඩනැගිලි දෙකක් මහජන ප්‍රයෝජනය සඳහා පවරා දී ඇත.

ඔක්තෝම්බර් 24, 2019


post img

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඒකාබද්ධ අභ්‍යාසයක් සිදු කරයි

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව එක්ව ත්‍රිකුණාමලය වරායේදී පසුගිය ඉරිදා දින (ඔක්තෝබර් 20) නෞකාවක් මතට හෙලිකොප්ටර් යානයක් ගොඩබෑමේ ඒකාබද්ධ අභ්‍යාසයක් සිදු කරන ලදී.

ඔක්තෝම්බර් 23, 2019


post img

උතුරු පලාත් පාසල් සිසුන්ට සම්මන්ත්‍රණ පැවැත්වීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සහාය

එළඹෙන දෙසැම්බර් මස පැවැත්වෙන අපොස (සා/පෙ) විභාගයට සමගාමිව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් විභාගය සදහා පෙනී සිටින සිසුන් වෙනුවෙන් අධ්‍යාපන උපකාරක  වැඩසටහන් පැවැත්වීම ආරම්භ කරන ලදී.

ඔක්තෝම්බර් 23, 2019


post img

“ගාලු කථීකාව 2019” හෙට ආරම්භ වේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රමුඛතම අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය වන “ගාලු කථීකාවත 2019” හෙට (ඔක්තෝබර් 21) කොළඹ ගාලු මුවදොර හෝටලයේ දී ආරම්භ වේ.

ඔක්තෝම්බර් 20, 2019


post img

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙන් හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින්ගේ පවුල් සඳහා අධ්‍යාපනික සහ ජීවනෝපාය ආධාර

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථාන (SF HQ-KLN) මගින් සංවිධානය කරන ලද උත්සවයකදී සිකුරාදා (ඔක්තෝබර් 18) දින හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින්ගේ දරුවන් පිරිසකට අධ්‍යාපන ආධාර ලබා දෙන ලදී.

ඔක්තෝම්බර් 19, 2019


post img

ආරක්ෂක අවශ්‍යතා සඳහා භාවිතා කල කිලිනොච්චි ප්‍රදේශයේ තවත් අක්කර 150.15 ක් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් මහජනතාවට භාර දෙයි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ධූරයට පත්වීමෙන් පසුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සිදුකළ ප්‍රථම නිල සංචාරයේදී කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානයේදී පැවති කෙටි උත්සවයකට එක්වෙමින් අද උදෑසන (ඔක්තෝබර් 18) රජයේ සහ පෞද්ගලික අයිතිකරුවන්ට අයත් ඉඩම් අක්කර 150.15 ක ප්‍රමාණයක් ඔවුන් වෙත භාර දෙන ලදී.

ඔක්තෝම්බර් 18, 2019


post img

වෙරළාරක්ෂක බළකාය දකුණු පළාත් ජනතාව වෙනුවෙන් ජීවිතාරක්ෂක වැඩසටහන් සිදුකරයි

දකුණු පළාතේ සිවිල් වැසියන් සහ පාසල් ළමුන් වෙනුවෙන් ජීවිතාරක්ෂක සහ දියේ ගිලීම් වැළැක්වීමේ දැනුවත් කිරීමේ වැඩමුළු මාලාවක් ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකාය විසින් පසුගියදා පවත්වන ලදී.

ඔක්තෝම්බර් 17, 2019


post img

“ගාලු කතිකාවත 2019” ඔක්තෝම්බර් 21 හා 22 යන දෙදින තුළ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රමුඛතම වාර්ෂික අන්තර් ජාතික සාගරික සම්මන්ත්‍රණය වන “ගාලු කතිකාවත 2019” මේ මස (ඔක්තෝම්බර්) 21, 22 යන දෙදින තුළ කොළඹදී පැවැත්වේ.

ඔක්තෝම්බර් 16, 2019


post img

වර්ෂා කාලගුණය තවදුරටත්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද දින (ඔක්තෝබර් 15)  නිකුත් කරන ලද නවතම කාලගුණ අනාවැකි අනුව පවතින වැසි සහිත කාලගුණය ඉදිරි දින කිහිපය තුලද පවතිනු ඇත.

ඔක්තෝම්බර් 15, 2019


post img

වෙරළ තීරයන් පිරිසිදු කිරීමට නාවික හමුදාව එක්වෙයි

නාවික හමුදාව විසින් වෙරළ තීරයන් පිරිසිදු කිරීමේ වැඩසටහන් නිරන්තරයෙන් ක්‍රියාත්මක කරනු ලබන අතර, එහි තවත් එක් පියවරක් අද (ඔක්තෝබර් 12) දකුණු නාවික විධානයට අයත් වෙරළ තීරයන් කේන්ද්‍ර කර ගනිමින් සාර්ථකව පවත්වන ලදී.

ඔක්තෝම්බර් 12, 2019


post img

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තරුණ සිසුන්ගේ අධ්‍යාපන ජයග්‍රහණයන් ඇගයීමට ලක් කරයි

පසුගිය 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵල ලබාගත් සිසුවෙකුට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා විසින් බ්‍රහස්පතින්දා (ඔක්තෝම්බර් 10) සිය කාර්යාලයේදී පැවති උත්සවයකදී රු. 100,000.00ක මුදලක් පරිත්‍යාග කර ඇත.

ඔක්තෝම්බර් 11, 2019


post img

රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාව විසින් ප්‍රතිකාර සඳහා ගොඩබිම වෙත රැගෙන එයි

මුහුදේ දී අසනීප වූ මෙරට ධීවරයකු බ්‍රහස්පතින්දා (ඔක්තෝම්බර් 10) නාවික හමුදා සහයෙන් ප්‍රතිකාර සඳහා ගොඩබිමට රැගෙන එන ලදී.

ඔක්තෝම්බර් 11, 2019


post img

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව 70 වන සංවත්සරය සමරයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සිය 70 වන සංවත්සරය අද (ඔක්තෝම්බර් 10) දින සමරනු ලැබීය.

ඔක්තෝම්බර් 10, 2019


post img

වෙරළාරක්ෂක භටයින් වෙනුවෙන් ජීවිතාරක්ෂක පුහුණුව ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ජීවිතාරක්ෂක සමාජය (Life Saving Victoria) සමඟ

ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමය (SLLS) සහ ඕස්ට්‍රේලියානු වික්ටෝරියා ජීවිතාරක්ෂක සමාජය  (Life Saving Victoria) සහ ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ එක්ව සිව් දින ජීවිතාරක්ෂක පුහුණු වැඩසටහනක් ශ්‍රි ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තුමේන්තුව විසින් පසුගියදා පවත්වන ලදී.

ඔක්තෝම්බර් 09, 2019


post img

2019 ඔක්තෝබර් 5 වන දින ගාල්ල කඵවැල්ල ශාන්ත මරීයා දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය සදහා ශ්‍රී ලංකා නාවික හමුදා සහාය

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ මඟ පෙන්වීම මත දකුණු නාවික විධානය භාර ආඥාපතිගේ අධීක්ෂණය යටතේ, කඵවැල්ල ශාන්ත මරීයා දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය දකුණු නාවික විධානයේ නාවික හමුදා සාමාජිකයින්ගේද සහභාගිත්වයෙන් සාර්ථකව පවත්වන ලදී.

ඔක්තෝම්බර් 07, 2019


post img

අනතුරට පත් ප්‍රංශ රුවල් යාත්‍රාවක් නාවික හමුදාව ගොඩබිමට රැගෙන එයි

තාක්ෂණික දෝෂයක් හේතුවෙන් දකුණු මුහුදු ප්‍රදේශයේදී විපතට පත්වූ ප්‍රංශ රුවල් යාත්‍රාවක් ගොඩබිම වෙත රැගෙන ඒමට සෙනසුරාදා දින (ඔක්තෝබර් 04) ශ්‍රී ලංකා නාවික හමුදාව තම සහාය ලබා දී ඇත.

ඔක්තෝම්බර් 07, 2019


post img

කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ විවෘත දිනය විශාල පිරිසකගේ සහභාගීත්වයෙන්

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලීය වාර්ෂික විවෘත දිනය (Open Day) අද (ඔක්තෝබර් 06) දින පැවැත්විණි.

ඔක්තෝම්බර් 06, 2019


post img

කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ විවෘත දිනය (Open Day) හෙට (ඉරිදා) දින

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලීය විවෘත දිනය (Open Day) හෙට (ඔක්තෝබර් 06) දිනට යෙදී ඇත.

ඔක්තෝම්බර් 05, 2019


post img

70 වන යුද හමුදා සංවත්සරය නිමිත්තෙන් කිතුනු දේව මෙහෙයක්

70 වන යුද හමුදා දිනය නිමිති කරගෙන විශේෂ කිතුනු ආශිර්වාද දේවමෙහෙයක් කොළඹ 04, බම්බලපිටිය ශාන්ත මරියා දේවස්ථානයේදී සිකුරාදා දින (ඔක්තෝබර් 04) සවස පැවැත්විණි.

ඔක්තෝම්බර් 05, 2019


post img

70 වන යුද හමුදා දින සැමරුම නිමිත්තෙන් ඉස්ලාම් ආගමික උත්සවයක්

70 වන යුද්ධ හමුදා සංවත්සර දින සැමරුමට සමගාමීව ඉස්ලාම් ආගමික උත්සවයක් බ්‍රහස්පතින්දා දින (ඔක්තෝබර් 03) කොළඹ 03, කොල්ලුපිටිය ජුම්මා මුස්ලිම් පල්ලියේදී පැවැත්විණි.

ඔක්තෝම්බර් 04, 2019


post img

වෙරළාරක්ෂක බලකාය වෙරළබඩ ප්‍රදේශ පිරිසිදු කරයි

ශ්‍රී ලංකාවේ වෙරළබඩ පරිසර පද්ධතිය සහ සමුද්‍රීය පරිසරය ආරක්ෂා කිරීම සඳහා වන සිය කාර්යභාරය ඉටු කරමින් වෙරළ ආශ්‍රිත පිරිසිදු කිරීමේ වැඩසටහනක් පසුගියදා සිදු කළේය.

ඔක්තෝම්බර් 04, 2019


post img

පොලිස් සේවා වනිතා ඒකක ලෝක ළමා දිනය සැමරුම

ශ්‍රී ලංකා පොලිස් සේවා වනිතා ඒකකය මගින් ලෝක ළමා දිනය වෙනුවෙන් විශේෂ වැඩසටහනක් ඔක්තෝබර් 01 වන දින කොළඹ 05, පොලිස් පවුල් සුභසාධක සංගම් පරිශ්‍රයේදී පැවැත්විණි.

ඔක්තෝම්බර් 04, 2019


post img

පාකිස්තාන මහකොමසාරිස්වරයා යුද්ධ හමුදා විද්‍යාපීඨයට තොරතුරු තාක්ෂණ උපකරණ පරිත්‍යාග කරයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය (SLMA) වෙත ලබා දීම සදහා පරිගණක හා මුද්‍රණ යන්ත්‍ර ඇතුළු තොරතුරු තාක්‍ෂණ උපකරණ තොගයක් ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් ගරු ආචාර්ය ෂාහිඩ් අහමඩ් හෂ්මාත් (H.E Dr. Shahid Ahmad Hashmat) මහතා විසින් යුද හමුදාපති කාර්යාලයේදී බදාදා දින  (ඔක්තෝබර් 02)  යුද හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුවූ අවස්ථාවේදී හමුදාධිපතිතුමන් වෙත ප්‍රධානය කර ඇත.

 

ඔක්තෝම්බර් 03, 2019


post img

යුද්ධ හමුදා සංවත්සර වෙනුවෙන් හින්දු ආගමික වතාවත්

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 70 වන සංවත්සරය නිමිත්තෙන් කොළඹ 13 හි ශ්‍රී පොන්නම්බලවානේෂ්වරම් කෝවිලේදී හින්දු ආගමික උත්සවයක් සංවිධානය කර තිබුණි.

ඔක්තෝම්බර් 03, 2019


post img

සමුද්‍ර සම්පත් නීති විරෝධීව ලග තබාගත් පුද්ගලයන් නාවික හමුදාව අත්අඩංගුවට

මුහුදු කූඩැල්ලන් සහ හක් බෙල්ලන් නීතිවිරෝධී ලෙස ලග තබා ගැනීම සහ ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් පසුගිය සතිය තුල පුද්ගලයින් කිහිප දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔක්තෝම්බර් 03, 2019


post img

ලෝක ළමා දිනය වෙනුවෙන් යුද්ධ හමුදාවෙන් මුල්‍යමය පරිත්‍යාගයක්

අසරණ දරුවන්ගේ සුභසාධනය වෙනුවෙන්  දායකත්වය ලබා දෙමින් ලෝක ළමා දිනයට (ඔක්තෝබර් 01) සමගාමීව ජනාධිපති ලේකම් කාර්යාලයේ  අසරණ දරුවන් ආරක්ෂා කිරීම සඳහා වූ  ‘ජාතික භාර අරමුදල’ වෙත ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් මුල්‍යමය පරිත්‍යාගයක් සිදු කර ඇත.

ඔක්තෝම්බර් 02, 2019


post img

කොළඹ ගුවන් හමුදා කඳවුරු ලෝක ළමා දින සැමරුම - 2019

ලෝක ළමා දිනය සමරමින් ළමුන් සඳහා විශේෂ වැඩසටහනක් ඊයේ (2019 ඔක්තෝබර් 01) කොළඹ ගුවන් හමුදා කඳවුරු රයිෆල් ග්‍රීන් ක්‍රීඩා පිටියේදී පැවැත්විණි.

ඔක්තෝම්බර් 02, 2019


post img

අඩු පහසුකම් සහිත පාසලකට ගුවන් හමුදා ආධාර

වවුනියාව ප්‍රදේශයේ රාජකාරී කරනු ලබන ශ්‍රී ලංකා ගුවන් හමුදා භට පිරිස් විසින් ඔවුන්ගේ සමාජ සුභසාධන වැඩසටහන්හි තවත් ව්‍යාපෘතියක් ලෙස ප්‍රදේශයේ අඩු පහසුකම් සහිත දුෂ්කර පාසලකට ආධාර ලබා දී ඇත.

ඔක්තෝම්බර් 01, 2019


post img

නාවික හමුදා වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් තවදුරටත් ඉදිරියටම

දිවයින වටා වෙරළබඩ තීරය ආරක්ෂා කිරීම සඳහා අඛණ්ඩව කැපවීමෙන් කටයුතු සිදුකරගෙන යන ශ්‍රී ලංකා නාවික හමුදාව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ මඟ පෙන්වීම යටතේ නාවික විධානයන් කේන්ද්‍ර කරගනිමින් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කර ඇත.

ඔක්තෝම්බර් 01, 2019


post img

ජය ශ්‍රී මහා බෝ සමිඳු අභියස දී යුද්ධ හමුදා ධජයන්ට සෙත් පතයි

එළඹෙන 70 වන යුද්ධ හමුදා සංවත්සර දින සැමරුමට පෙර ධජයන්ට සෙත් පැතීමේ තවත් ආශිර්වාද උත්සවයක් අද දින (ඔක්තෝබර් 01) උදෑසන අනුරාධපුර අති පූජනීය ‘ජය ශ්‍රී මහා බෝ සමිඳු’ අභියස දී පැවැත්විණි.

ඔක්තෝම්බර් 01, 2019


post img

නාවික හමුදාව අපද්‍රව්‍ය නිසා අවහිර වූ පාලම් පිරිසිදු කරයි

පසුගිය සතිය තුළ ඇතිවූ අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් ඇතිවන ලද ධාරානිපාත වර්ෂාවන් හේතුවෙන් බොහෝ ගංගාවල ජල මට්ටම ඉහළ යාම සහ පහත් බිම්වල තාවකාලිකව ගංවතුර තත්ත්වයන් දක්නට හැකිවිය.

සැප්තැම්බර් 30, 2019


post img

කිලිනොච්චි ප්‍රදේශයේදී චීන සංස්කෘතික ප්‍රසංගයක්

කිලිනොච්චි ප්‍රදේශයේ සිවිල් ජනතාවට විදෙස් සංස්කෘතික ප්‍රසංගයක අත්දැකීමක් භුක්ති විඳීමේ අවස්ථාව උදාකරවමින් කිලිනොච්චි ප්‍රදේශයේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින් විසින් චීනයේ හුබේයි සාම්ප්‍රදායික සංගීත හා නර්තන ප්‍රසංගයක් පැවැත්වීම සදහා  අවශ්‍ය පහසුකම් සපයන ලදී.

සැප්තැම්බර් 30, 2019


post img

යුද හමුදා 70 වන සංවත්සර සැමරුමට සමගාමීව මහනුවර ශ්‍රී දළඳා මාළිගාවේදී ආගමික වතාවන් සිදුකරයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සිය 70 වන යුද්ධ හමුදා දිනය එලඹෙන ඔක්තෝම්බර් මස 10 වෙනි දින සමරනු ලබයි.

සැප්තැම්බර් 29, 2019


post img

නව පත්වීම් ලත් උපාධිධාරී ගුරුවරුන් වෙනුවෙන් නායකත්ව පුහුණු වැඩසටහන්

උතුරු නැගෙනහිර පළාත්වල අලුතින් බඳවා ගන්නා ලද උපාධිධාරී ගුරුවරුන් සඳහා ‘නායකත්වය, ධනාත්මක ප්‍රවේශයන් හා ආකල්ප’ පිළිබඳ දින පහක පුහුණු වැඩසටහන් මාලාවක් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් මෑතකදී පවත්වන ලදී.

සැප්තැම්බර් 28, 2019


post img

ගංවතුරෙන් විපතට පත්වූවන්ට හමුදා සහාය

පසුගිය දින කිහිපය තුළ ඇති වූ අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ විශාල ප්‍රමාණයක ගංවතුර හා නායයෑම් වාර්තා විය.

සැප්තැම්බර් 27, 2019


post img

ගංවතුරෙන් විපතට පත් ජනතාවට නාවික හමුදා සහාය

අයහපත් කාලගුණයෙන් පසු රට පුරා ඇතිව තිබෙන ගංවතුර තත්ත්වයට ප්‍රතිචාර දක්වමින් නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ, මුදවා ගැනීමේ සහ සහන සැළසීමේ ඒකකය (4RU) සහ නාවික හමුදා කිමිදුම් අංශයේ සහන සැළසීමේ කණ්ඩායම් ගාල්ල දිස්ත්‍රික්කයේ තවලම, බද්දේගම, උඩුගම, පෝද්දල, ඉමදුව, නාගොඩ යන ප්‍රදේශවල සහ කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, වලල්ලාවිට යන ප්‍රදේශවල මෙන්ම මාතර දිස්ත්‍රික්කයේ අකුරුස්ස ඇතුළු ප්‍රදේශ රැසක මේවන විට ස්ථානගත කර ඇත.

සැප්තැම්බර් 25, 2019


post img

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී විසින් රාජකීය විද්‍යාල රණවිරු අනුස්මරණ ස්මාරකය විවෘත කරයි

කොළඹ රාජකීය විද්‍යාල භූමියේ නැවත ස්ථානගත කරන ලද රණවිරු අනුස්මරණ ස්මාරකය අද (සැප්තැම්බර් 23) විවෘත කිරීමේ උත්සවය සඳහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුනරත්න මහතා සහභාගී විය.

සැප්තැම්බර් 24, 2019


post img

යාපනය ප්‍රදේශයේ පාසැල් සිසුන්ට නව පාපැදි

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් සෙනසුරාදා (21) දින පැවති උත්සවයකදී  ප්‍රවාහන පහසුකම් නොමැතිවීම හේතුවෙන් පාසල් වෙත යෑමේ දුෂ්කරතාවන්ට මුහුණ දෙන ආර්ථික අපහසුතා ඇති පවුල්වල පාසල් යන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථකව සිදුකරගෙන යාම සදහා පාපැදි පරිත්‍යාග කර ඇති බව යුද හමුදා මාධ්‍ය වාර්තා කරයි.

සැප්තැම්බර් 23, 2019


post img

යුධ හමුදා භටපිරිස් විසින් ශාකසාර උද්‍යානයක් පිරිසිදු කරයි.

බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු ශ්‍රී ලංකා හමුදා සෙබළුන් පිරිසක් විසින් මීගොඩ ‘ඔසු උයන’ පිරිසිදු කිරීම සඳහා යුද්ධ හමුදා සහයෝගය ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින්  බ්‍රහස්පතින්දා (සැප්තැම්බර් 19) ආක්‍රමණශීලි පැලෑටි සහ වල් පැලෑටිවලින් වැසී ගොස් තිබු ඔසු උයන පිරිසිදු කිරීම සදහා යුද්ධ හමුදා දායකත්වය ලබා දෙන ලදී.

සැප්තැම්බර් 21, 2019


post img

අනතුරට පත් නාවිකයෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදා සහාය

ඉන්ධන නෞකාවක  සිටි තුවාල ලැබු නාවිකයෙකු බ්‍රහස්පතින්දා (සැප්තැම්බර් 20) නාවික හමුදා  වේග ප්‍රහාරක යාත්‍රාවක් මගින් ගොඩබිමට රැගෙන එන ලදී.

සැප්තැම්බර් 20, 2019


post img

වන්නි ප්‍රදේශයේ සිවිල් වැසියන් වෙනුවෙන් යුද හමුදාවෙන් සමාජ සුභසාධන ව්‍යාපෘති

වන්නි ප්‍රදේශයේ හමුදා භට පිරිස් විසින් සංවිධානය කරන ලද විශේෂ අක්ෂි සායනයකින් දෘශ්‍යාබාධිත සිවිල් වැසියන් 300 කට වැඩි පිරිසකට ප්‍රතිලාභ සැලසිණි.

සැප්තැම්බර් 20, 2019


post img

“ජාතික සමුද්‍ර සම්පත් සුරැකීමේ සතිය” වෙනුවෙන් නාවික හමුදාවෙන් වෙරළ පිරිසිඳු කිරීමේ වැඩසටහනක්

ජාතික සමුද්‍ර සම්පත් සුරැකීමේ සතිය වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අඟහරුවාදා (සැප්තැම්බර් 17) දින ගාලු මුවදොර වෙරළ පිරිසිඳු කිරීමේ වැඩසටහනක් සිදුකරන ලදී.

සැප්තැම්බර් 18, 2019


post img

සැක කටයුතු ධීවර යාත්‍රා හතරක් නාවික හමුදා බාරයට

ශ්‍රී ලංකාවට අයත් අනන්‍ය ආර්ථික කලාප සීමාවේ (EEZ) මුර සංචාරයේ යෙදි සිටි නාවික හමුදා නෞකාවකට මාලදිවයිනට අයත් මුහුදු සීමාව තුළ ධීවර කර්මාන්තයේ යෙදී සිටි ධනුජි, සුභ පැතුම් 4, ලක්ප්‍රිය දේහි සහ නලින් 10 යන ශ්‍රී ලංකා බහුදින ධීවර යාත්‍රාවන් 4 ක් නිරීක්ෂණය වී ඇත.

සැප්තැම්බර් 17, 2019


post img

වර්ෂා කාලගුණය තවදුරටත්

පවතින වැසි සහිත කාලගුණය තවදුරටත් ඉදිරියට පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරයි.

සැප්තැම්බර් 17, 2019


post img

සීපීඑල් ටී-10 ක‍්‍රිකට් තරඟාවළියේ ශූරතාවය ආර්එස්එෆ් චැලෙන්ජර්ස් දිනයි

කොළඹ ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර මගින් අඛන්ඩව දෙවන වතාවට සංවිධානය කරන ලද කලම්බු ප‍්‍රිමියර් ලීග් - 2019 (සීපීඑල් ටී-10) ක‍්‍රිකට් තරඟාවළිය 2019 අගෝස්තු මස 20 වන දින සිට 2019 සැප්තැම්බනර් මස 10 වන දින දක්වා කොලඹ ගුවන් හමුදා කඳවුරු රයිෆල් ග‍්‍රීන් ක‍්‍රීඩාංගනයේදී පැවැත්විණි.

සැප්තැම්බර් 16, 2019


post img

ඉන්දු-ලංකා ඒකාබද්ධ නාවික පුහුණු අභ්‍යාසයෙන් පසු ශ්‍රී ලංකා නාවික නෞකාවන් යලි දිවයිනට

ඉන්දු-ලංකා ඒකාබද්ධ නාවික පුහුණු අභ්‍යාසය 2019 සඳහා සහභාගී වීම සඳහා මෙරටින් පිටත්ව ගිය ශ්‍රී ලංකා නාවික නෞකාවන් පසුගිය සති අන්තයේ දී නැවත මෙරටට පැමිණියහ.

සැප්තැම්බර් 16, 2019


post img

ගෑස් කාන්දුවීමෙන් ඇතිවූ පිපිරීමෙන් දෙදෙනෙකුට තුවාල

අද (සැප්තැම්බර් 15)දින කොළඹ 9 දෙමටගොඩ මහවිල පාරේ නිවසක ගෑස් කාන්දුවීමක් හේතුවෙන් පිපිරීමක් සිදුව තිබේ.

සැප්තැම්බර් 15, 2019


post img

ත‍්‍රස්තවාදීන් විසින් රඳවාගෙන සිටි ප‍්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සඳහා කොළඹදී පුහුණු මෙහෙයුමක් දියත් කරයි.

මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින ‘දියකාවා යුද අභ්‍යාසය – 2019’ ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසයේ තවත් එක් මෙහෙයුමක් සිකුරාදා දින (සැප්තැම්බර් 13) කොලඹදී සිදු කර ඇත.

සැප්තැම්බර් 14, 2019


post img

යුද්ධ හමුදාව උතුරේ ජනතාව වෙනුවෙන් ආර්ථික වටිනාකමකින් යුත් පැල බෙදා දෙයි.

හරිත ශ්‍රී ලංකාවක් බිහිකිරීමේ අරමුණින් ජාතික සංවර්ධනයට ශක්තියක් වෙමින් තිරසාර ආර්ථික ප්‍රමිතීන් ළඟා කර ගැනීමට දායක වෙමින් සිටින ශ්‍රී ලංකා යුද්ධ හමුදාව යළිත් වරක් කිලිනොච්චි ප්‍රදේශයේ ජනතාව සදහා ආර්ථික වටිනාකමක් ඇති පැල වර්ග විශාල ප්‍රමාණයක් බෙදා හැරීමට කටයුතු කරන ලදී.

සැප්තැම්බර් 14, 2019


post img

කාලගුණ අනාවැකි අනුව වැසි සහිත කාලගුණ තත්වයන්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි වලට අනුව මේ වන විට දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින වැසි තත්ත්වය අඛණ්ඩව පවතිනු ඇත.

සැප්තැම්බර් 12, 2019


post img

මාතර අප ස්වාමි දුවගේ ජාතික සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය සඳහා නාවික හමුදා සහාය

කතෝලික බැතිමතුන්ගේ විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් මාතර පිහිටි ස්වාමි දුවගේ ජාතික සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය සැප්තැම්බර් 06 දින සිට 08 දින දක්වා පැවැත්විණි.

සැප්තැම්බර් 09, 2019


post img

රණවිරු සුභසාධන ව්‍යාපෘතිය සඳහා අරමුදල් රැස් කිරීමට ‘උදාරයි ඔබ’ සංගීත ප්‍රසංගය නෙලුම් පොකුණ රගහලේදී

ප්‍රවීණ දේශීය කලාකරුවන් රැසක් සහභාගී වන ‘උදාරයි ඔබ’ සංගීත ප්‍රසංගය මේ මස 14 වන දින සවස 06.30 ට නෙලුම් පොකුණ රගහලේදී පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත.

සැප්තැම්බර් 03, 2019


post img

ගජබා සුපර්ක්‍රොස් - 2019 සාලියපුර මෝටර් රථ ධාවන පථයේදී අති සාර්ථකව

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ගජබා රෙජිමේන්තුව විසින් සංවිධානය කරන ලද “ගජබා සුපර්ක්‍රොස් - 2019”, මෝටර් රථ ධාවන තරගාවලිය අද (සැප්තැම්බර් 01) අනුරාධපුර පිහිටි සාලියපුර ගජබා රෙජිමේන්තු මෝටර් රථ ධාවන පථයේ දී ආරම්භ විය.

සැප්තැම්බර් 01, 2019


post img

පවතින කාලගුණ තත්වය තවදුරටත් එලෙසින්ම

අද (අගෝස්තු 28) දින උදෑසන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද කාලගුණ වාර්තාවන්ට අනුව පවතින අයහපත් කාලගුණික තත්ත්වය ඉදිරි දින කිහිපය තුළද පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ. දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වර්ෂා සහිත තත්ත්වය ඉදිරි දින කිහිපය තුළ යම් දුරකට ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

අගෝස්තු 28, 2019


post img

කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයට බර ඉසිලීමේ ජයග්‍රහණයක්

විවෘත ශක්ති බර ඉසිලීමේ තරගාවලිය - 2019 සදහා සහභාගී වූ ජෙනරාල් ශ්‍රිමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාල බර ඉසිලීමේ කණ්ඩායම සමස්ත පිරිමි ශූරයන් බවට පත්විය. තරගාවලිය අගෝස්තු මස 11 වන දින සහ 12 වන දින බණ්ඩාරගම මෛත්‍රී ශාලාවේදී පැවැත්විණි.

අගෝස්තු 28, 2019


post img

අනතුරට පත් නාවිකයෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදා සහාය

වරාය පාලන අංශය විසින් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ පෙරවරුවේ (අගෝස්තු 26) ඉන්ධන ප්‍රවාහන නෞකාවක අනතුරට ලක්වු නාවිකයෙකු ගොඩබිමට ගෙන ඒම සඳහා සිය වේග ප්‍රහාරක යාත්‍රාවක් (FAC) පිටත් කර යවා ඇත.

අගෝස්තු 27, 2019


post img

යාපනයේ ගුරුවරුන් වෙනුවෙන් මත්ද්‍රව්‍ය නිවාරණ දැනුවත් කිරීමේ වැඩසටහනක්

යාපනයේ වේලනි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ගුරුවරුන් සඳහා මත්ද්‍රව්‍ය නිවාරණ දැනුවත් කිරීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පවත්වන ලදී.

අගෝස්තු 27, 2019


post img

ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනය සාකච්ඡාවක් පවත්වයි

ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනය (INSSSL) විසින් පවත්වනු ලබන මාසික ආරක්‍ෂක සාකච්ඡාවේ තවත් කොටසක් අඟහරුවාදා (අගෝස්තු 27) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

අගෝස්තු 25, 2019


post img


මල්වාන සහ දොම්පේ අතර මාර්ගය හිටපු යුද හමුදාපති ජෙනරාල් හැමිල්ටන් වනසිංහගේ නමින් "ජෙනරාල් හැමිල්ටන් වනසිංහ මාවත" ලෙස නම් කර ඇත.

අගෝස්තු 25, 2019


post img

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මුලිකත්වයෙන් වියළි සලාක බෙදාදෙයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් සංවිධානය කරන ලද සුභසාධන වැඩසටහනකදී රටේ දකුණු ප්‍රදේශයේ වෙසෙන අගහිඟකම් ඇති පවුල් කිහිපයක් සදහා වියළි සලාක බෙදාදෙනු ලැබීය. යුද හමුදා මාධ්‍යයට අනුව මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් සම්බන්ධීකරණය කරන ලද වියළි සලාක බෙදාදීමේ වැඩසටහනේදී හම්බන්තොට ප්‍රදේශයේ ස්ථානගත හමුදා භට පිරිස් විසින් සුදුසුකම් ලත් පවුල් 100 ක් සදහා වියළි සලාක බෙදාදෙනු ලැබීය.

අගෝස්තු 24, 2019


post img

යුද්ධ හමුදාව සනීපාරක්ෂක පහසුකම් අවශ්‍ය වුවන්ගේ අවශ්‍යතා සපුරාලයි

වන්නි හි ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින් තවත් මහජන සුභසාධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරමින් වව්නියාවේ සුන්දරපුරම් ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් තුනක් සඳහා නව සනීපාරක්ෂක පහසුකම් ඒකක තුනක් (වැසිකිළි) ඉදිකර දෙන ලදී.

අගෝස්තු 23, 2019


post img

වාර්ෂික“ඇසල පෙරහැර” සාර්ථකව අවසන් වේ

බුදුරජාණන් වහන්සේගේ අති පූජනීය දන්ත ධාතූන් වහන්සේට පූජෝපහාර කිරීම සඳහා පවත්වනු ලබන ඓතිහාසික අසිරිමත් පෙරහැර මංගල්‍යය වන වාර්ෂික “ඇසල පෙරහැර” ඉතා සාර්ථක අවසන් වන ලදී.

අගෝස්තු 15, 2019


post img

අඩු ආදයම්ලාභී පවුල් වෙනුවෙන් නව නිවසක් ඉදිකිරීමට මුල්ගල තැබේ

ශ්‍රී ලංකා යුධ හමුදා සහයෝගීතා සමාජ වගකීමේ ව්‍යාපෘතිය යටතේ වන්නි ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී දිළිඳු පවුලක් සඳහා නව නිවසක් ඉදිකිරීම සඳහා මුල්ගල තැබීමේ උත්සවයක් පසුගිය බ්‍රහස්පතින්දා (අගෝස්තු 08) වන දින උරාව මහසෙන්පුර ප්‍රදේශයේදී පැවති බව යුධ හමුදා මාධ්‍ය පවසයි.

අගෝස්තු 13, 2019


post img

කාලගුණ වාර්තා වලට අනුව තද සුළං තත්වයක්

දිවයිනේ ප්‍රදේශ කිහිපයක හදිසි සුළං තත්වයක් ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අණතුරු අඟවා තිබේ. ආපදා කළමනාකරණය මධ්‍යස්ථානය පූර්ව අනතුරු ඇඟවීමේ අවවාධාත්මක රතු අනතුරු ඇඟවීමක්...

අගෝස්තු 09, 2019


post img

අසාධ්‍ය තත්වයේ පසු වූ ධීවරයෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා ගොඩබිම වෙත රැගෙන එයි

ඉරණතිව් දුපතේදී නාගයකු දෂ්ඨ කිරීම හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයේ සිටි දේශීය ධීවරයෙකු අඟහරුවාදා (අගෝස්තු 06) දින නාවික හමුදා භටයන් විසින් ප්‍රතිකාර සඳහා ගොඩබිමට රැගෙන එන ලදී.

අගෝස්තු 08, 2019


post img

දිවංගත ෆැස්ලි ලෆීර් අනුස්මරණ දේශණය - ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනය ශ්‍රී ලංකාව

ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනය ශ්‍රී ලංකාව (INSSSL) හිදී වාර්ෂික දේශණ මාලාවේ එක් දේශණයක් අද (අගෝස්තු 07) දින බත්තරමුල්ල සුහුරුපාය ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.

අගෝස්තු 07, 2019


post img

කාලගුණ අනාවැකිය

දිවයින තුල ඇතිවූ කාලගුණික තත්ත්වයේ හදිසි වෙනස් වීම තවදුරටත් අඛණ්ඩව පැවතීමට ඉඩ තිබේ. අද (ජූලි 18) දින දහවල් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරන ලද කාලගුණ අනාවැකි වලට අනුව, පවතින වැසි සහ සුළං තත්ත්වය දිවයිනේ නිරිතදිග මධ්‍යම කඳුකර ප්‍රදේශයේ අඛණ්ඩව පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ජුලි 18, 2019


post img

වෙරළාරක්‍ෂක හා වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තු අතර අවබෝධතා ගිවිසුමක්

ශ්‍රි ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තුමේන්තුව (SLCG) සහ වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව අතර වේව් රයිඩර් කුඩා යාත්‍රා වල මෙහෙයුම් සහ පුහුණු වීම් පිලිබඳව අවබෝධතා ගිවිසුමකට බදාදා (ජුලි 17) දින කොළඹ වැල්ලවත්තේ පිහිටි වෙරළ ආරක්‍ෂක පසු මුලස්ථානයේදී එළඹ තිබේ.

ජුලි 18, 2019