පසුගිය පුවත්
දික්ඕවිට ධීවර යාත්‍රාවක ඇතිවූ ගින්න නාවික හමුදා මැදිහත්වීමෙන් මැඩපැවැත්වේ
දික්ඕවිට, ධීවර වරාය තුළ නවතා තිබූ බහුදින ධීවර යාත්‍රාවක ඊයේ (29) දින ඇති වූ හදිසි ගින්නක් නාවික හමුදා ගිනි නිවීමේ ඒකකය විසින් මැඩපවත්වන ලදි.
ඕමන්තේ මාරායිඉලුප්පායිකුලම් වැව් බැම්මේ ඇතිවූ කාන්දුව යුද හමුදාව විසින් වළක්වයි
ජනතාවගේ යහපත උදෙසා හමුදාව සෑම විටම සූදානම් බව පෙන්නුම් කරමින් යුද හමුදා භට පිරිස් විසින් ඕමන්තේ ඉලෙයිමරදන්කුලම් හි මාරායිඉලුප්පායිකුලම් වැව් බැම්මෙහි පසුගිය දිනක ඇතිවූ ජල කාන්දුවක් නැවැත්වීමට කඩිනමින් පියවර ගන්නා ලදි.
ආගමික ආශිර්වාද මධ්‍යයේ සඳහිරු සෑයේ නිධන් වස්තු තැන්පත් කෙරේ
ශ්‍රී ලංකා ඉතිහාසයට නව පරිච්ඡේදයක් එක් කරමින්, ඓතිහාසික අනුරාධපුර පූජා නගරයේ ඉදිවෙමින් පවතින සඳහිරු සෑයේ හතරැස් කොටුවේ නිධන් වස්තු හා පූජනීය ධාතූන්වහන්සේලා තැන්පත් කිරීමේ පුන්‍යෝත්සවය මහා සංඝරත්නයේ ආගමික ආශිර්වාදය මධ්‍යයේ අද (මාර්තු 28) දින සඳහිරු සෑ පරිශ්‍රයේදී පැවැත්විණි.
ශ්‍රී ලංකා යුද හමුදා පැරෂුට් භටයන්ගේ කුසලතා පාකිස්තානු ජාතික දිනයේදී ප්‍රදර්ශනය කෙරේ
පාකිස්තානයේ ඉස්ලාමාබාද් හි පැවති පාකිස්තානු ජාතික දින සැමරුම් උත්සවයේ පැරිෂුට් සංදර්ශණයේදී ශ්‍රී ලංකා යුද හමුදා පැරෂුට් භටයින් පාකිස්තානු සන්නද්ධ හමුදාවන් සමඟ ඔවුන්ගේ දක්ෂතා ප්‍රදර්ශනය කරන ලදි.
රුසියානු තානාපති ආරක්ෂක ලේකම් හමුවෙයි
ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති අතිගරු යූරි මැටේරි මහතා අද ( මාර්තු 26) දින අමාත්‍යාංශයේදී ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මහතා හමුවිය.
සඳහිරු සෑයේ හතරැස් කොටුව සඳහා නිධන් වස්තු
ඩීපී ජයසිංහ සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය දිල්ෂාන් ජයසිංහ මහතා අද (මාර්තු 26) දින පූජනීය සඳහිරු සෑයෙහි තැන්පත් කිරීම සඳහා නිධන් වස්තු රාශියක් භාර දුන්නේය.
'ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවට වරාය නගරයේ බලපෑම' පිළිබඳ ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනයේ දේශනය
ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනය විසින් සංවිධානය කරන ලද "ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවට වරාය නගරයේ බලපෑම" පිළිබඳ ප්‍රසිද්ධ දේශනයක් අද (මාර්තු 26) දින බත්තරමුල්ල ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනයේදී පවත්වන ලදි.
සමුද්‍රීය නීති ක්‍රියාත්මක කිරීමේ හැකියාවන් වැඩි දියුණු කිරීම සඳහා ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ අවධානය
මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ (UNODC) ගෝලීය සමුද්‍රීය අපරාධ වැඩසටහනේ ජ්‍යෙෂ්ඨ උපදේශක ක්‍රේග් ලුන් මහතා ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් රියර් අද්මිරාල් අනුර ඒකනායක සමඟ 2021 වර්ෂය තුළ UNODC හි අනුග්‍රහයෙන් මිරිස්ස උසස් පුහුණු මධ්‍යස්ථානයේ ආරම්භ කිරීමට නියමිතව තිබූ පුහුණු පාඨමාලා පිළිබඳව පසුගිය දිනක සාකච්ඡා කරන ලදි.
යුද හමුදාවෙන් සිසුන් සඳහා පාසල් උපකරණ
යුද හමුදාව සහ සිවිල් ජනතාව අතර සහයෝගීතාවය වර්ධනය කරමින් මුලතිව් මන්නකන්ඩාල් දෙමළ ප්‍රාථමික පාසලේ සිසුන් 50 දෙනෙකු සඳහා පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් යුද හමුදාව විසින් පසුගිය දිනක පවත්වන ලදී.
නාවික හමුදා සේවා වනිතා ඒකකයෙන් රුක් රෝපණ වැඩසටහනක්
ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකය විසින් ලෝක වනාන්තර දිනය නිමිත්තෙන් සියලු නාවික විධානයන් ආවරණය වන පරිදි රුක් රෝපණ වැඩසටහනක් දියත් කරන ලදි.