පසුගිය පුවත්
යුද හමුදා සෙබළෙකුගෙන් දකුණු ආසියානු වාර්තාවක්
මෑතකදී ටෙක්සාස් හි පැවති ක්‍රීඩා තරගාවලියකදී (2021 Lone Star Conference Outdoor Track & Field Championships) ශ්‍රී ලංකා යුද හමුදාවේ සාමාන්‍ය සෙබල උෂාන් තිවන්ක පෙරේරා විසින් උස පැනීමේ ඉසව්ව සඳහා දකුණු ආසියානු සහ ශ්‍රී ලංකා වාර්තාවක් තබන ලදි.
තවත් ප්‍රදේශ හයක් හුදෙකලා කෙරේ
අද (මැයි 11) දින පෙරවරු 06.15 සිට බලපැවැත්වෙන පරිදි දිස්ත්‍රික්ක හතරක ප්‍රදේශ හයක් හුදෙකලා කර ඇති බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළේය.
අම්පාර ‘හාර්ඩි’ තාක්‍ෂණ විද්‍යාලය අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කෙරේ
මෙම තීරණාත්මක අවස්ථාවේදී කොවිඩ් වසංගත තත්වයට මුහුණදීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව විසින් අම්පාර ‘හාර්ඩි’ තාක්‍ෂණ විද්‍යාල සංකීර්ණය ඇඳන් 400 කින් යුත් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස වැඩිදියුණු කිරීමේ කටයුතු ආරම්භ කරන ලදී.
ගුවන් හමුදා දායකත්වයෙන් තවත් කොවිඩ් -19 ප්‍රතිකාර මධ්‍යස්ථාන
වර්තමානයේ සිඝ්‍රයෙන් පැතිරයන කොවිඩ්-19 වසංගත තත්වයට මුහුණදීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් කොවිඩ්-19 ප්‍රතිකාර මධ්‍යස්ථාන පිහිටුවීමට කටයුතු කරමින් සිටී.
වසංගතයෙන් ආරක්ෂාවීම සඳහා තවත් සීමාවන්
මැයි මස 30 දක්වා සියලුම පළාත් අතර සංචරණ සීමාවන් පැනවීම, සියලු රැස්වීම් හා උත්සව අවලංගු කිරීම, වාණිජ ආයතන තුලට ඇතුළු වන සහ රැඳී සිටින පුද්ගලයින්ගේ සංඛ්‍යාව සීමා කිරීම සහ ආසාදිත පුද්ගලයින් විශාල වශයෙන් හඳුනාගත් ප්‍රදේශ හුදකලා කිරීම යන සීමාවන් පනවන ලෙස අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
වසංගතයට මුහුණදීම සඳහා නාවික හමුදා සහාය
ශ්‍රී ලංකා නාවික හමුදාව කොරෝනා වසංගත තත්වය හමුවේ සෞඛ්‍ය පහසුකම් වැඩි දියුණු කිරීමේ රජයේ වැඩපිලිවෙලට සහය වෙමින් රෝගීන් සඳහා ඇඳන් 200 ක් සහිත අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ගාල්ල බූස්ස නාවික හමුදා කඳවුරේදී විවෘත කරන ලදි.
සංචරණය සීමා කෙරේ - යුද හමුදාපති
රට අගුලු දැමීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති අතර ඒ පිළිබඳව කලබල නොවිය යුතු බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානි යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.
යුද හමුදාවේ දායකත්වයෙන් රෝහල් වාට්ටු අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන බවට
යුද හමුදාව විසින් කොවිඩ්-19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අම්බලන්තොට ප්‍රාදේශීය රෝහලේ වාට්ටු තුනක් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කළේය.
යුද හමුදාව වෙතින් තවත් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක්
කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් මෑතකදී භාරතිපුරම් නිරෝධායන මධ්‍යස්ථානය හදිසි රෝහල් පහසුකම් සහ වෛද්‍ය කාර්ය මණ්ඩලය සහිත අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කළේය.
නන්දිකඩාල් ජනතාවට යුද හමුදාවෙන් මුඛ ආවරණ
යුද හමුදාව විසින් තවත් සමාජ සත්කාර වැඩසටහනක් ක්‍රියාත්මක කරමින් මුලතිව් නන්දිකඩාල් ප්‍රදේශයේ ජනතාව අතර මුඛ ආවරණ 5000 ක් පසුගිය දිනක බෙදා දෙන ලදි.
අකුණු වලින් ප්‍රවේශම් වන්න - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද දින උදෑසන කාලගුණ වාර්තා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ සබරගමුව, මධ්‍යම, බස්නාහිර, ඌව, වයඹ සහ උතුරු මැද පලාත් වල ස්ථාන කිහිපයක සහ ගාල්ල, මාතර, මන්නාරම් දිස්ත්‍රික්ක වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.
ගංජා තොගයක් සමඟ ළූණු බීජ තොගයක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නීති විරෝධි ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන ඒමට උත්සහ කල ගංජා කිලෝග්‍රෑම් 235කට අධික ප්‍රමාණයක් සහ ළූණු බීජ කිලෝග්‍රෑම් 522 ක පමණ ප්‍රමාණයක් ඊයේ (මැයි 07) නාවික හමුදා භාරයට ගෙන ඇත.
ඉදිරි තෙදින තුල “සයිනොෆාම්” එන්නත සඳහා අනුමැතිය
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය ටෙඩ්‍රොස් ඇඩ්හැනොම් (Tedros Adhanom) මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතර ඊයේ (07) දින ජනාධිපති කාර්යාලයේ සිට සූම් (ZOOM) තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාව සාර්ථක වු බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
යුද හමුදා භට පිරිස් කොඩිකාමම් නගරය විෂබීජහරණය කරයි
යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයට අයත් 52 වන සේනාංකයේ භට පිරිස් විසින් කොඩිකාමම් නගරයේ පොදු ස්ථාන විෂබීජහරණය කිරිමේ ව්‍යාපෘතියක් පසුගිය දිනක සිදුකරන ලදි.
COVID-19 එන්නත්කරණය වේගවත් කරන්න - ජනාධිපති
කොවිඩ් එන්නත ජනතාවට ලබාදීම සහ ගෙන්වීම යන පියවර දෙකම වේගවත් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දෙයි. කෙටි කාලයක් තුළ හැකි උපරිමයෙන් එන්නත් ලබාදීම කළ යුතු බව දෛනිකව රැස්වෙන කොවිඩ් කමිටුව සමඟ අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා අවධාරණය කළේය.
මාලදිවයින් හිටපු ජනාධිපතිට එරෙහිව ත්‍රස්ත ප්‍රහාරය ශ්‍රි ලංකාව හෙලා දකි
ශ්‍රි ලංකා විදේශ අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් මාලදිවයින පාර්ලිමේින්තුවේ කථානායක හා මාලදිවයින් හිටපු ජනාධිපති ගරු මොහොම්‍ඩ් හෂීඩ් මැතිතුමාට එරෙහිව 2021 මැයි මස 06 වන දින එල්ල වු ත්‍රස්ත ප්‍රහාරය ශ්‍රි ලංකාව විසින් හෙළා දකින බව ප්‍රකාශ කරන ලදි.
මාර්ග තදබදය අවම කිරීමට ගුවන් හමුදා ඩ්‍රෝන සහාය
රථවාහන කළමනාකරණය සඳහා විශේෂ කාර්ය බලකාය සහ ශ්‍රී ලංකා පොලිසිය වෙත ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නියමුවන් රහිත යානා හැසිරවීමේ විශේෂඥ තාක්ෂණික සහය අද (මැයි 07) උදෑසන ලබා දුන් බව ගුවන් හමුදාව පැවසීය.
විශාලතම COVID-19 රෝහල යුද හමුදාවෙන්
ශ්‍රී ලාංකිකයින් සඳහා හොඳම හදිසි සෞඛ්‍ය සේවාවක් නොමිලේ ලබා දීමේ අරමුණින්, ශ්‍රී ලංකා යුද හමුදාව බ්‍රැන්ඩික්ස් ආයතනයේ අනුග්‍රහය සමගින් මේ වනවිට සීදුව ප්‍රදේශයේ ඇදන් 1200ක් හා අත්‍යවශ්‍ය සෞඛ්‍ය පහසුකම්වලින් සමන්විත දිවයිනේ විශාලතම COVID-19 රෝහල විවෘත කිරීමට කටයුතු කරමින් සිටී.
ගුවන් හමුදා පිහිනුම් ශූරයා ඇගයීමට
මෑතකදී ආසියානු දිගු දුර පිහිනුම් වාර්තාව පිහිටුවූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කෝප්‍රල් රොෂාන් අබේසුන්දර ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) ආරක්‍ෂක අමාත්‍යාංශයේදී අද (මැයි 6) හමුවිය.
මාධ්‍යවේදී රාජපක්‍ෂ රචිත ග්‍රන්ථ කිහිපයක් ආරක්‍ෂක ලේකම් වෙත පිළිගැන්වේ
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු හා කතුවරයකු වන ඩී එස් එන් රාජපක්ෂ මහතා, ඔහු විසින් රචිත පොත් තුනක් ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේ දී ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) වෙත අද (මැයි 6) දින පිළිගැන්වීය.