පසුගිය පුවත්
රුපියල් මිලියන 71 ක් වටිනා ගංජා තොගයක් නාවික හමුදා භාරයට
නාවික හමුදාව යාපනය, වෙත්තලකේණි ප්‍රදේශයේ ඊයේ (මාර්තු 22) දින සිදුකළ විශේෂ මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝ 239 ග්‍රෑම් 850 ක පමණ ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
ජාතික ආරක්‍ෂාව, ත්‍රස්තවාදය හා මානව හිමිකම්
යහපත් සමාජ ජීවිතයක් ගෙන යාම සඳහා පුද්ගලයකු හට අවශ්‍ය සමාජ ඉඩ ප්‍රස්ථාවන් අයිතිවාසිකම් වශයෙන් සරලව විග්‍රහ කළ හැකියි. 1948 දෙසැම්බර් මස 10 දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සම්මත කරන ලද එක්සත් ජාතීන්ගේ විශ්ව ප්‍රකාශනයෙන් පුද්ගල අයිතිවාසිකම් පිළිබඳ මුරගල වශයෙන් සැලකිය හැකි අතර මෙම අන්තර් ජාතික නීතිමය මග පෙන්වීම අනුගමනය කරමින් ලෝකයේ රාජ්‍යයන් තම රටේ පුරවැසියන්ගේ අයිතිවාසිකම් සුරක්‍ෂිත කිරීම උදෙසා නීති සකස් කර ඇත. නිදර්ශණයක් ලෙස අප රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10 සිට 17 දක්වාවූ වගන්ති මගින් ශ්‍රී ලාංකීය පුරවැසියන්හට උරුමවන මූලික අයිතිවාසිකම් පිළිබඳව විග්‍රහ කර ඇත.
සඳහිරු සෑයට නිධන් වස්තු පූජා කිරිමේ මහඟු අවස්ථාව තවත් දින 6ක් පුරා
අනුරාධපුර සඳහිරු සෑයේ තැන්පත් කිරීම සඳහා නිධන් වස්තු විශාල ප්‍රමාණයක් පසුගිය තෙදින තුළ ලැබී ඇති අතර එළඹෙන මාර්තු 27 වන දින තෙක් තවත් දින 6ක් පුරා රට පුරා බැතිමතුන්ට නිධන් වස්තු පූජා කිරීමට අවස්ථාව සලසා දී ඇත.
ශ්‍රි ලංකා බාලදක්‍ෂිකා සංගම් ධජය ආරක්‍ෂක ලේකම් වෙත පළඳවයි
ශ්‍රී ලංකා බාලදක්‍ෂිකා සංගමයේ 104 වන සැමරුම් ධජය, බස්නාහිර පළාත් කොමසාරිස් මිරානි දිසානායක විසින් ආරක්‍ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) වෙත අද (මාර්තු 22) අමාත්‍යාංශයේ දී පළඳවනු ලැබීය.
නාවික හමුදා නව මාණ්ඩලික ප්‍රධානී පත් කෙරේ
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් රුවන් පෙරේරා මහතා, 2021 මාර්තු 21 දින සිට බලපැවැත්වෙන පරිදි පත් කර තිබේ.
පස්සර බස් අනතුරින් තුවාලවූවන් බේරා ගැනීමට යුද හමුදා සහය
බදුල්ල බිබිල මාර්ගයේ පස්සර ප්‍රදේශයේ දී ඊයේ (මාර්තු 20) දින ප්‍රපාතයකට වැටී අනතුරට ලක්වූ බස් රථයේ මගීන් බේරා ගැනීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදා භටපිරිස් සහ වෛද්‍ය කාර්යය මණ්ඩල සහය ලබා දෙන ලදි.
අකුරගොඩ ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණය ආරක්‍ෂක ලේකම්ගේ නිරීක්‍ෂණයට
අකුරගොඩ ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ වැඩ කටයුතු කරගෙන යන ආකාරය පිළිබඳ ආරක්‍ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) අද (මාර්තු 21) නිරික්‍ෂණයට ලක්කරන ලදි.
යුද හමුදා කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානයෙන් ලේ දන්දීමේ වැඩසටහනක්
කිලිනොච්චි මහ රෝහලේ රුධිර අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම වෙනුවෙන් රෝහලේ පාරවිලයන අංශය විසින් සිදුකළ ඉල්ලීමකට අනුව කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ විසින් පසුගියදා ලේ දන්දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි.
‘අපි වෙනුවෙන් අපි’ ව්‍යාපෘතිය යටතේ නිවාස සිහින සැබෑ වේ
ජාතියට කළ දැවැන්ත සේවය අගය කරමින් යුද හමුදා රණවිරුවන් දෙදෙනෙකු වෙත 'අපි වෙනුවෙන් අපි' අරමුදල සහ යුධ හමුදා ශ්‍රම දායකත්වය උපයෝගී කර ගනිමින් ඉදිකරන ලද නව නිවාස දෙකක් අද (මාර්තු 20) දින මාතර වැවහමන්දූව ප්‍රදේශයේදී හි පැවති උත්සවයකදී භාර දෙන ලදි.
‘සඳහිරු සෑය’ සඳහා නිධන් වස්තු භාර ගැනේ
නාඋයන ආරණ්‍ය සේනාසනයේ වැඩවසන අගුල්ගමුවේ ආරියනන්ද හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය විසින් සඳහිරු සෑයේ තැන්පත් කිරීම සඳහා නිධන් වස්තු විශාල ප්‍රමාණයක් ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) වෙත අද (මාර්තු 19) දින අමාත්‍යාංශයේදී භාරදීමට කටයුතු කෙරිණි.
ශ්‍රී ලංකා සහ පාකිස්තාන යුද හමුදාව එක්ව 'Shake Hands 1' අභ්‍යාසය සඳහා සාලියපුරදී අරඹයි.
ශ්‍රී ලංකා යුද හමුදාව සහ පාකිස්තාන යුද හමුදාව අතර දීර්ඝ කාලීනව පවතින මිත්‍රත්වය තවත් කරමින් හමුදා දෙකෙහි සමාජිකයින් සම්බන්ධ වන Shake Hands 1' ද්විපාර්ශවික අභ්‍යාසය පසුගිය දා සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේදී ආරම්භ විය.
යුද හමුදාව නවීන තාක්‍ෂණයෙන් යුත් පරිසර හිතකාමී බස් නැවතුම් පොළක් හදුන්වා දේ .
ශ්‍රී ලංකා යුද හමුදාව විසින් බත්තරමුල්ල ‘දියත උයන’ ප්‍රදේශයේදී නිර්මාණය කරන ලද පරිසර හිතකාමී සහ නවීන ඩිජිටල් පහසුකම් වලින් සමන්විත වායුසමීකරණය කරන ලද බහුකාර්ය බස් නැවතුම්පොල පසු ගිය දිනක විවෘත කරනු ලැබිණි.
‘දීඝවාපිය අරුණ’ ගිණුමට රුපියල් මිලියන 2.65ක්
‘දීඝවාපිය අරුණ’ ගිණුම වෙත රු. මිලියන 2.65 ක් විශේෂඥ වෛද්‍ය ප්‍රියංගි අමරබන්දු විසින් පරිත්‍යාග කිරීම ඊයේ (මාර්තු 18) සිදුවිය.
මාලි හි සාම සාධක මෙහෙයුම් වල නිරත භට පිරිස් විසින් මර උගුල් 15 ක් සොයා ගැනේ
මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇති කිරීමේ මෙහෙයුම් යටතේ ශ්‍රී ලංකා සංග්‍රාමික රථ ආරක්‍ෂක ඛණ්ඩය මාර්තු 15 දින දක්වා සංග්‍රාමික රථ ආරක්‍ෂක මෙහෙයුම් 21 සිදු කර ඇති අතර වැඩිදියුණු කළ මර උගුල් 15 ක් පසුගිය මාස කිහිපය තුළ සොයාගෙන ඇත.
නැගෙනහිර පළාත් පොසොන් උත්සවය මෙවර දීඝවාපියේදී - ආරක්‍ෂක ලේකම්
මෙවර නැගෙනහිර පළාත් පොසොන් උත්සවය ආගමිකවතාවත් වලට මුල් තැන දෙමින් දීඝවාපී පුදබිමේදී සැමරීමට කටයුතු යොදා ඇති බව ආරක්ෂක ලේකම් හා නැගෙනහිර පළාත් ‘පුරාවිද්‍යා උරුම කළමනාකරණ ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපති ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) අද (මාර්තු 17) පැවසීය.
සඳහිරු සෑයේ නිධන් වස්තු තැන්පත් කිරීම සඳහා මහජනතාවට අවස්ථාව
සඳහිරු සෑයේ හතරැස් කොටුව තුළ නිධන් වස්තු තැන්පත් කිරීමේ මහෝත්සවය එළඹෙන මැදින් පුරපසලොස්වක පොහොය යෙදෙන මාර්තු 28 දින සිදුකෙරෙන බව ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) පවසා සිටී.
යාපනයේ ගොවී නිෂ්පාදන යුද හමුදා සාමාජිකයින්ට සහන මිලට
ගොවීන් සහ ආරක්‍ෂක හමුදාවන් අතර සුහදතාවය හා සංහිඳියාව තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් යාපනයේ වගා කරන ලද එළවළු සහ පළතුරු යුද හමුදා සාමාජිකයින්ට අලෙවි කිරීමේ ව්‍යාපෘතියක් පසුගිය දිනක ආරම්භ කරන ලදි.
නාවික හමුදාවේ දායකත්වයෙන් කඩොලාන රෝපණය කෙරේ
සමුද්‍ර ශාක පරිසර පද්ධතිය සුරැකීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කඩොලාන පැළ 700 ක් පොන්නාලෙයි කලපුවේ ඊයේ (මාර්තු 14) දින රෝපණය කරන ලදී.
තනි පුද්ගලයකුගේ කැමැත්තකට අනුව රටේ නීති වෙනස් කළ නොහැකියි - ආරක්ෂක ලේකම්
“රටේ පවත්නා නීතියට පටහැනිව හෝ වෙනත් නීතියකට අනුව කටයුතු කිරීමට මහජනතාව පෙළඹවීමට හෝ වෛරී දේශපාලනය වපුරා ජාතින් බේද භින්න කිරීමට උත්සහ කලොත් එසේ කරන පිරිස් අත්අඩංගුවට ගැනීමට ජාතික ආරක්ෂාව සදහා වගකියන ආයතනය ලෙස අපි කිසිවිටෙක පැකිලෙන්නේ නැහැ”, යනුවෙන් ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) පැවසීය.
යුද හමුදාව ගිරිබාව මධ්‍ය මහා විද්‍යාල ක්‍රීඩාපිටියේ ප්‍රතිසංස්කරණ කටයුතු අරඹයි
දීර්ඝකාලීන අවශ්‍යතාවක් බවට පත්ව තිබූ ගිරිබාව මධ්‍ය මහා විද්‍යාල ක්‍රීඩාපිටියේ ප්‍රතිසංස්කරණ කටයුතු ශ්‍රී ලංකා යුද හමුදාව විසින් පසුගියදා අරඹන ලදි.
ඇල්ල කන්තලේ ප්‍රදේශයේ නීතිවිරෝධී ලෙස වැලි ගොඩදැමු ස්ථානයක් යුද හමුදාවෙන් වටලයි
නැගෙනහිර ආරක්‍ෂක සේනා බලප්‍රදේශයේ ස්ථානගත 4 වන විශේෂ බළකායේ භටපිරිස් විසින් ඊයේ (මාර්තු 12) දින ඇල්ල කන්තලේ ප්‍රදේශයේ නීතිවිරෝධි ලෙස වැලි ගොඩදැමීම සඳහා යොදාගත් වාහන සහ අනෙකුත් මෙවලම් තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ.
යුද හමුදාව, යාපනය කතෝලික දේවස්ථානය සමගින් එලදුමඩ්ඩුවාල්හි රුක් රෝපණ වැඩසටහනක්
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය, යාපනය කතෝලික දේවස්ථානයන්ට අනුබද්ධිත මානව, සමාජ හා ආර්ථික සංවර්ධන මධ්‍යස්ථාන ඒකාබද්ධව එලදුමඩ්ඩුවාල් ප්‍රදේශයේ රුක් රෝපණ වැඩසටහනක් පැවැත්විය.