පසුගිය පුවත්
දිවයිනේ අඩු පහසුකම් සහිත පාසල් 8 ක් ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය කෙරේ
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 70 වන සංවත්සරයට සමගාමීව දිවයිනේ අඩු පහසුකම් සහිත තෝරාගත් පාසල් 2021 වර්ෂය තුළ සංවර්ධනය කර දේශයේ ජීවනාලිය වන් වූ දුවා දරුවන්ගේ අධ්‍යාපනයට වඩාත් හිතකර පරිසරයක් නිර්මාණය කිරීමේ නාවික හමුදා සමාජ මෙහෙවර ව්‍යාපෘතිය, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ උපදෙස් හා මග පෙන්වීම යටතේ බටහිර, නැගෙනහිර, උතුරු මැද, වයඹ, ගිණිකොණ, දකුණ සහ උතුර යන නාවික විධානයන් තුළදී 2021 අප්‍රේල් මස 19 වන දින ආරම්භ කෙරිණි. සියළුම නිලධාරීන් හා නාවිකයින් ස්ව කැමැත්තෙන් සිය මාසික වේතනයෙන් පරිත්‍යාග කරන ලද මුදල් මෙම මහඟු සමාජ සත්කාරක ව්‍යාපෘතිය සඳහා මූල්‍ය දායකත්වය ලෙස යොදා ගනු ලබන අතර, නාවික හමුදා පූර්ණ ශ්‍රම දායකත්වය මෙම ව්‍යාපෘතිය සඳහා ලබා දෙනු ඇත.
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි සඳහා පිටත්ව යන යුද හමුදා සාමාජිකයින්ට සුසුභාශිංෂණ
මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිභාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ (MINUSMA) එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරීන් සඳහා දිවයිනෙන් පිටත්වීමට නියමිත යුද්ධ හමුදා සාමාජිකයින් 243 දෙනෙකුගෙන් සමන්විත නව සංග්‍රාමික රථ ආරක්‍ෂක කණ්ඩායම වෙත බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අද (21) දින ඔවුන් පිටවයාමට පෙර උණුසුම් සුබ පැතුම් ලබාදෙන ලදී.
රණවිරුවන් සඳහා නැවුම් බලාපොරොත්තු සමඟ සුභ නව වසරක්
ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) අද (අප්‍රේල් 19) දින සිංහල හා දෙමළ අලුත් අවුරුද්දෙන් පසුව චාරිත්‍රාණුකුලව වැඩ ආරම්භ කිරීමට පෙර ආරක්‍ෂක අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලය අමතමින් කියා සිටියේ “සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව ජාතික ආරක්‍ෂාව තහවුරු කරමින් කාර්යක්‍ෂමව වැඩ කිරීමට සහ රජයේ සංවර්ධන ක්‍රියාවලිය සඳහා උපරිම දායකත්වය ලබාදීමට අප සැවොම අධිෂ්ඨාන කර ගත යුතුය” යනුවෙනි.
රුපියල් මිලියන 26 කට අධික ගංජා තොගයක් නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ මන්නාරම් පොලිසිය විසින් ඊයේ (අප්‍රේල් 18) දින මුලන්කාවිල් මුද්දලම්පිඩ්ඩි ප්‍රදේශයේදී සිදුකරන ලද ඒකාබද්ධ විශේෂ මෙහෙයුමකදී කිලෝග්‍රෑම් 89 කට අධික කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
වේලු ඔයේ අතුරුදන් වූ දෙදෙනාගේ දේහයන් යුද හමුදා භට පිරිස් විසින් සොයා ගැනේ
හල්දුම්මුල්ල වේලු ඔයේ දියනෑමට ගොස් ඊයේ සවස අතුරුදන් වූ පිය පුතු දෙපලගේ දේහයන් යුද හමුදාව විසින් අද (අප්‍රේල් 16) උදෑසන සොයා ගෙන තිබේ.
රොෂාන් අබේසුන්දර ඊළඟ නිලයට උසස් වේ
ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ විසින් ඊයේ (අප්‍රේල් 15) දින නායක ගුවන් භට රොෂාන් අබේසුන්දර කෝප්‍රල් නිලයට උසස් කරන ලදි.
ඉන්දියානු යුධ නෞකාවක් කොළඹ වරායට පැමිණේ
ඉන්දියානු නාවික හමුදාවට අයත් “ RANVIJAY ” නෞකාව තෙදින නිල සංචාරයක් සඳහා 2021 අප්‍රේල් මස 14 වන දින කොළඹ වරායට සේන්දු විය.
යාපනයේ දිළිඳු පවුලක් සඳහා යුද හමුදාවෙන් නව නිවසක්
ශ්‍රී ලංකා යුද හමුදාව ඊයේ (අපේ‍්‍රල් 12) දින හින්දු චාරිත්‍රානුකූලව පැවති උත්සවයකදී යාපනය, ග්‍රෑන්ඩ් බසාර් ප්‍රදේශයේ දිළිඳු පවුලක් සඳහා ඉදිකරනු ලැබූ නව නිවසක් පිරිනමන ලදී.
යුද හමුදාවේ ‘කුකුලේගඟ ස්පීඩ් ක්ලයිම්බ් 2021’ තරඟාවලිය සාර්ථකව අවසන් වේ
ශ්‍රී ලංකා යුද හමුදා මෝටර් රථ ක්‍රීඩා සංගමය සහ ශ්‍රී ලංකා මෝටර් රථ ධාවන සංගමය විසින් සංවිධානය කරන ලද දෙදිනක් පුරා පැවැත්වෙන ‘කුකුලේගඟ ස්පීඩ් ක්ලයිම්බ් 2021' තරඟාවලිය ඊයේ (අප්‍රේල් 11) සවස කුකුලේගඟ දී අවසන් විය.
ගුවන් භටයා නව වාර්තාවක් පිහිටුවයි
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන් භට රොෂාන් අබේසුන්දර අද (අප්‍රේල් 11) දින නව ආසියානු පිහිනුම් වාර්ථාවක් සහ නව ශ්‍රී ලංකා වාර්ථාවක් පිහිටුවන ලදි. ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මැතිතුමාගේ පූර්ණ සහයෝගය හා මගපෙන්වීම යටතේ සිදු කල මෙම කර්තව්‍ය අප්‍රේල් මස 10 වන දින අළුයම 0200 පැයට තලෙයිමන්නාරම් මුහුදු තීරයෙන් ආරම්භ කල අතර ඉන්දියාවේ ධනුෂ්කොඩි දක්වා පිහිනා ගොස් නැවත තලෙයිමන්නාරම දක්වා කිලෝමීටර 59.3 ක දුරක් පිහිනා අද (අප්‍රේල් 11) දින පෙරවරු 0700 පැයට තලෙයිමන්නාරම් මුහුදු තීරයෙන් අවසන් කරන ලදි.
දියයට කලාගාරය ජනතා අයිතියට
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දකුණු වෙරළ තීරයේ නිල්වැල්ල වෙරළේ ඉදිකරන ලද ‘දිය යට කලාගාරය’ ඊයේ (10) දින ජනතා අයිතියට පත් කෙරිණි.
හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින්ට යුද හමුදාවෙන් කෘතිම අත් පා
ශ්‍රී ලංකා යුද හමුදාවේ තවත් මානුෂීය මෙහෙවරක් ලෙස වර්තමානයේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවය කරන එල්ටීටීඊයේ හිටපු සාමාජිකයන් 64 දෙනෙකුට නව කෘතිම අත් පා නොමිලේ ලබා දීමේ වැඩසටහනක් අනුරාධපුර ‘අභිමන්සල -1’ හි දී ආරම්භ කරන ලදි.
චීන තානාපති ආරක්‍ෂක සේවා විද්‍යාලයේ සංචාරයක
ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) හා චීන නියෝජිතයින් පිරිසක් සමග අද (අප්‍රේල් 9) දින කොළඹ මැලේ වීදියේ පිහිටි ආරක්‍ෂක සේවා විද්‍යාලයේ සංචාරයක නිරත විය.