පුවත් කෙටියෙන්

පුවත් කෙටියෙන් | News Updates

කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් නිරෝධායනය අවසන්කළ 37 දෙනෙකු සිය නිවෙස් බලා පිටත් වේ.

කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේදී දින 28 ක නිරෝධායන කාල සීමාව සම්පූර්ණ කළ පුද්ගලයින් 37 දෙනෙකු ඊයේ (අප්‍රේල් 9) දින සිය නිවෙස් බලා පිටත්ව ගියහ.


පුවත් කෙටියෙන් | News Updates

මුලතිව් ඇඳිරි නීතිය උල්ලංඝණය කල පුද්ගලයින් සිව් දෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවට

මුලතිව් වඩ්ඩුවාක්කල් මාර්ග බාධකයේදී ඇඳිරි නීතිය උල්ලංඝණය කරමින් ගමන් කල පුද්ගලයින් සිව් දෙනෙකු නාවික හමුදාව විසින් අප්‍රේල් 8 වන දින අත්අඩංගුවට ගනු ලැබීය.


පුවත් කෙටියෙන් | News Updates

ගාල්ල ධිවර වරායේ වරායේ ට්‍රෝලර් යාත්‍රාවක හටගත් ගින්නක් මැඩලීමට නාවික හමුදාවේ සහය

ගාල්ල ධිවර වරායේ බහු දින ධීවර යාත්‍රාවක ඇතිවූ හදිසි ගින්නක් නිවා දැමීමට නාවික හමුදාවේ දකුණු නාවික විධාන ගිනි නිවීමේ ඒකකය ඊයේ (අප්‍රේල් 8) දින කටයුතු කර ඇත.


පුවත් කෙටියෙන් | News Updates

සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීම අඛණ්ඩව සිදුකරයි

අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයීම අඛණ්ඩව සිදුකරමින් සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව ඊයේ (අප්‍රේල් 8) දින මොරටුව මඩම්පිටිය ප්‍රදේශවාසින් අතර පලතුරු හා එළවළු බෙදා හැර තිබේ.


පුවත් කෙටියෙන් | News Updates

නාවික හමුදා රෝහලෙන් ප්‍රථිකාර ලබාගන්නා නාවික හමුදා රෝගීන්ට ඔවුන්ගේ බෙහෙත් නිවෙස්වලට ලබා දීමේ වැඩසටහනක්

වැලිසර නාවික මහ රෝහල මඟින් ප්‍රතිකාර ලබාගන්නා විශ්‍රාමික, දැනට සේවයේ නියුතු සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සදහා ඔවුන්ගේ ඖෂධ නිවෙස්වලට ගෙනගොස් ලබාදීමේ වැඩසටහනක් අද (අප්‍රේල් 08) ක්‍රියාත්මක කරන ලදි. එහිදී ඖෂධ අඩංගු පාර්සල් 186 ක් ඔවුන් වෙත බෙදා දිම සිදු කරන ලදී.


පුවත් කෙටියෙන් | News Updates

COVID-19 රෝග ලක්ෂණ ඇත්නම් 1390 හෝ 1999 අමතන්න

COVID-19 රෝග ලක්ෂණ ඇති බවට සැක සිතේ නම් පළමුව 1390 හෝ 1999 අමතන්න ...


පුවත් කෙටියෙන් | News Updates

නාවික හමුදාව ගාල්ලෙන් මුහුදේ අතරමං වූ යත්‍රාවකට සහාය වෙයි

තාක්‍ෂණික දෝෂයක් හේතුවෙන් ගාලු වරායට එපිටින් මුහුදේ නැංගුරම් ලා ඇති විදේශීය යාත්‍රාවකට නාවික හමුදාව විසින් ඊයේ (7) දින ආහාර සහ පානීය ජලය ලබා දෙන ලදි.


පුවත් කෙටියෙන් | News Updates

ශ්‍රී ලංකාවේ COVID-19 මරණ සංඛ්‍යාව 7 දක්වා ඉහළ යයි

මීට ටික මොහොතකට පෙර කොළඹ ජාතික බෝවන රෝග විද්‍යයතනයේදී පිරිමි පුද්ගලයෙකු (44) මියයාමත් සමග ශ්‍රී ලංකාවේ COVID-19 මරණ සංඛ්‍යාව 7 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.


පුවත් කෙටියෙන් | News Updates

නාවික මහ රෝහල - කොළඹ දිගු කාලීන ප්‍රතිකාර ලබන රෝගීන්ට ඖෂධ බෙදා දෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාව, කොළඹ නාවික හමුදා මහ රෝහලේ සායනවලට සහභාගී වන විශ්‍රාමික, සේවය කරන නාවික නිලධාරීන් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් අතර මාසික බෙහෙත් වට්ටෝරු බෙදා හැර තිබේ.


පුවත් කෙටියෙන් | News Updates

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඇති කරන ලද කැස්බෑ පැටවුන් සාගරයට මුදා හරියි

කැස්බෑ සංරක්‍ෂණ ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාව ඇති කරන ලද කැස්බෑ පැටවුන් 96 දෙනෙක් ගාලුමුවදොර වෙරළ තීරයේදී සාගරයට මුදා හරින ලදි.


පුවත් කෙටියෙන් | News Updates

ගිණිකොණ ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා නාවික හමුදාවෙන් සහන

ශ්‍රී ලංකා නාවික හමුදා ගිණිකොණ නාවික විධානය එයට අයත් ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල් වෙත වියලි ආහාර බෙදාදීමට කටයුතු කර ඇත.


පුවත් කෙටියෙන් | News Updates

මුලතිව් ගොවීන්ගේ සහයට යුද්ධ හමුදාව ජංගම එළවළු විකිණීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරයි

64 වන සේනාංකයේ භට පිරිස් මුලතිව් නන්දිකඩාල් ප්‍රදේශයේ එළවළු ගොවීන්ට එම ප්‍රදේශයේ ජංගම රථමගින් තම එලවළු අලෙවි කිරීම සදහා අවශ්‍ය පහසුකම් සපයා දී තිබේ.

COVID -19 පැතිරීම පාලනය කිරීම සඳහා දැනට පවතින ඇඳිරි නීතිය හේතුවෙන් ගොවීන් හට තම අස්වැන්න විකිණීම සඳහා වෙළඳපොළට යාමට නොහැකි බැවින්, නිවෙස් අසලට ගොස් ජංගම රථමගින් තම එලවළු අලෙවි කිරීම සදහා අවශ්‍ය පහසුකම් ප්‍රාදේශීය සභාවේ සහ පොලිස් නිලධාරීන්ගේ සම්බන්ධීකරණයෙන් සපයා ඇත.


පුවත් කෙටියෙන් | News Updates

ශ්‍රී ලංකා පාබළ හමුදා භටයින් සමෘද්ධි ප්‍රතිලාභීන් 258 දෙනා අතර සහනාධාර පාර්සල් බෙදා හරියි

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානයේ 65 වන සේනාංකයට අනුයුක්ත 19 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භට පිරිස් විසින් කිලිනොච්චි හි තෙවන්පිඩ්ඩි සහ වෙල්ලන්කුලම් ප්‍රදේශවල සමෘද්ධී  ප්‍රතිලාභීන් 258 දෙනෙකු අතර රජය විසින් ලබාදෙන ලද සහන සලාක පාර්සල් බෙදා හැරීම සඳහා ප්‍රවාහන පහසුකම් සපයා ඇත.


පුවත් කෙටියෙන් | News Updates

නාවික හමුදාව වෙතින් ප්‍රතිකාර ලබාගන්නා රෝගීන් සඳහා අවශ්‍ය ඖෂධ ඔවුන්ගේ නිවෙස්වලටම ලබාදෙයි.

ශ්‍රී ලංකා නාවික හමුදා රෝහල් මඟින් ප්‍රතිකාර ලබාගන්නා නාවික හමුදා විශ්‍රාමික හා සේවයේ නියුතු නාවිකයින්ට සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ට රට තුළ පවතින ඇඳිරි නීතිය හේතුවෙන් ඔවුන්ගේ නිවෙස්වල රැඳී සිටින නිසා ඔවුන් හට අවශ්‍ය ඖෂධ ඔවුන්ගේ නිවෙස්වලටම ලබාදීම ආරම්භ කර තිබේ.


පුවත් කෙටියෙන් | News Updates

යුද හමුදා බෞද්ධ සංගමය බෞද්ධ විහාරස්ථාන අතර සලාක බෙදයි.

ශ්‍රී ලංකා යුද හමුදාවේ  බෞද්ධ සංගමය, දැනට පවතින ඇඳිරි නීතිය හේතුවෙන් පීඩාවට පත්ව ඇති  බෞද්ධ විහාරස්ථාන කිහිපයක් අතර වියළි සලාක පාර්සල් බෙදා දී ඇත.


පුවත් කෙටියෙන් | News Updates

ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිවෙස් වල රැදී සිටින බම්බලපිටිය මහල් නිවාසවල පදිංචිකරුවන්ට විනෝදාස්වාදය සපයයි

COVID-19 ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා සහය වන ලෙස ‘නිවසේ රැඳී සිටින්න’ යන රජයේ ඉල්ලීම පිළිපදිමින්  නිවෙස් වලට වී සිටින බම්බලපිටිය මිලාගිරිය මහල් නිවාසයේ නිවැසියන්ට විනෝදාස්වාදය ලබා දෙමින් අප්‍රේල් 05 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදාව සිය පළමු ජංගම සංගීත වැඩසටහන් පවත්වයි.


පුවත් කෙටියෙන් | News Updates

නාවික හමුදා ලේ දන්දීමේ වැඩසටහනක් හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේදී

COVID-19 හේතුවෙන් ඇති වන ඕනෑම හදිසි තත්වයකට මුහුණ දීම සඳහා ජාතික රුධිර බැංකුවේ ප්‍රමාණවත් සංචිතයක් පවත්වා ගැනීමට සහාය වෙමින් ශ්‍රී ලංකා නාවික හමුදාව සිය දෙවන රුධිර පරිත්‍යාග කිරීමේ වැඩසටහන හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහල් රුධිර පාරවිලයන අංශයේදී සිදු කර ඇත.


පුවත් කෙටියෙන් | News Updates

ඉහළ අවදානමක් සහිත දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම.

 • කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවලට නැවත දන්වනතුරු ඇඳිරි නීතිය

ඉහළ අවදානම් කලාප ලෙස ප්‍රකාශයට පත් කර ඇති දිස්ත්‍රික්ක හැර අනෙකුත් සියලුම ප්‍රදේශවල ඇඳිරි නීතිය බ්‍රහස්පතින්දා (අප්‍රේල් 09) උදෑසන  6.00ට ඉවත් කොට නැවත එදිනම සවස 4.00ට යළි පනවන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.


පුවත් කෙටියෙන් | News Updates

COVID-19 සැක සහිත රෝගීන් වෙනුවෙන් නවතමයෙන් ඉදිකරන ලද බාහිර රෝගී අංශය ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ගම්පහ දිස්ත්‍රික් මහ රෝහල වෙත භාර දෙයි

COVID-19 ආසාධිත බවට සැක සහිත රෝගීන් වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ඉදිකරන ලද නව බාහිර රෝගී අංශය අද ගම්පහ දිස්ත්‍රික් මහ රෝහල වෙත භාර දී තිබේ.


පුවත් කෙටියෙන් | News Updates

ශ්‍රී ලංකා යුද්ධ හමුදා අධීක්ෂණයෙන් විඩත්තපලෙයි සහ කුන්ඩසාලේ පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක් වූ පුද්ගලයින් 279 දෙනෙකු සිය නිවෙස් බලා පිටත් වේ

විඩත්තපලෙයි සහ කුන්ඩසාලේ පිහිටි ශ්‍රී ලංකා යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානයන්හි  දින 14 ක නිරෝධායන ක්‍රියාවලිය සම්පූර්ණ කල පුද්ගලයින් 279 දෙනෙකු ඊයේ සිය නිවෙස් බලා පිටත්ව ගියහ.


පුවත් කෙටියෙන් | News Updates

මුලතිව් ශ්‍රී ලංකා ගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේදී නිරෝධායන කටයුතු අවසන්කළ ඉන්දියාවේ සිට පැමිණි බැතිමතුන් 203 දෙනෙකු සිය නිවෙස් බලා පිටත් වෙයි

මුලතිව් හිදී  දින 14 ක නිරෝධායන ක්‍රියාවලියට භාජනය වූ තවත් පිරිසක් අද (අප්‍රේල් 06) දින සිය නිවෙස් බලා පිටත් වූහ.


පුවත් කෙටියෙන් | News Updates

ඇඳිරි නීතිය අතරතුර නිවෙස්වලට වී සිටින ප්‍රදේශවාසීන් වෙනුවෙන් යුද්ධ හමුදා සංගීත කණ්ඩායමෙන් සංගීතමය වැඩසටහනක්

COVID-19 ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා සහය වන ලෙස ‘නිවසේ රැඳී සිටින්න’ යන රජයේ ඉල්ලීම පිළිපදිමින්  නිවෙස් වලට වී සිටින හැව්ලොක් නගරයේ සහ රාජගිරිය මහල් නිවාසවල නිවැසියන්ගේ රසාස්වාදය පිණිස ශ්‍රී ලංකා හමුදාව තම අධි රිද්ම සංගීත කණ්ඩායමේ සහභාගීත්වයෙන් (Beat Group), එම මහල් නිවාස අසල ජංගම සංගීත ප්‍රසංගයක් ඊයේ පැවැත්වීය.


පුවත් කෙටියෙන් | News Updates

නිවසේ සිට වැඩකරන කාලය සිකුරාදා දින දක්වා දීර්ඝ කෙරේ

නිවසේ සිට වැඩකරන කාලය හෙට සිට ලබන සිකුරාදා, එනම් අප්‍රේල් 06 දින සිට 10 දින දක්වා රජය විසින් තවදුරටත් දීර්ඝ කර ඇත.


පුවත් කෙටියෙන් | News Updates

58 වන සේනාංකය විසින් වැඩිහිටි නිවාසයක් වෙත දිවා ආහාර පාර්සල් ලබා දෙයි

58 වන සේනාංකයේ රාජකාරියේ නියුතු යුද හමුදා සාමාජිකයින් විසින් කලාඔය ප්‍රදේශයේ පිහිටි ‘ලුර්දු මාතා’ වැඩිහිටි නිවාසයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙත වියලි සලාක සහ දිවා ආහාර පාර්සල් පරිත්‍යාග කර ඇත.


පුවත් කෙටියෙන් | News Updates

සංසරණය වන ව්‍යාජ පුවත් සහ පණිවිඩ වලින් ප්‍රවේසම් වන්න - ජනාධිපති

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය  රාජපක්ෂ පවසන්නේ  අර්බුදය අතරතුරදී ජනාධිපතිවරයාගෙන් යැයි පැවසෙමින් වට්ස්ඇප්, වයිබර්, ෆේස්බුක්  මැසෙන්ජර් වැනි සමාජ මාධ්‍යයන් හරහා ව්‍යාජ ලෙස පණීවුඩ සංසරණය වන බවයි.