සේවා වනිතා
ආරක්ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකය මගින් නිකවැරටිය මූලික රෝහලට දැඩි සත්කාර ඒකක ඇඳක් පරිත්‍යාග කරයි
ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනී වෛද්‍ය රුවිනි රසිකා පෙරේරා මහත්මියගේ සම්බන්ධීකරණය යටතේ, නිකවැරටිය මූලික රෝහලේ දැඩි සත්කාර පහසුකම් ශක්තිමත් කිරීමේ සහ කලාපයේ රෝගී සත්කාරක සේවා නංවාලීමේ අරමුණින් අද (ජන. 16) දින එම රෝහල වෙත දැඩි සත්කාර ඒකක (ICU) ඇඳක් පරිත්‍යාග කරන ලදී.
ආරක්ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකය විසින් අම්පාර මූලික රෝහලට දැඩි සත්කාර ඒකක (ICU) ඇඳන් පරිත්‍යාග කරයි
රෝගී ප්‍රජාවට අවශ්‍ය කෙරෙන ප්‍රතිකාර සේවා සඳහා රෝහල් දැඩි සත්කාර ඒකකයන්හි පහසුකම් තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින්, ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනී වෛද්‍ය රුවිනි රසිකා පෙරේරා මහත්මියගේ සම්බන්ධීකරණය හා අධීක්‍ෂණය යටතේ අම්පාර මූලික රෝහල වෙත දැඩි සත්කාර ඒකක (ICU) සඳහා භාවිතා කෙරෙන ඇඳන් හතරක් (04) අද (ජන. 09) දින පරිත්‍යාග කරන ලදි.
ආරක්ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකය නව වසර වෙනුවෙන් සුබසාධන වැඩසටහන් රැසක් දියත් කරයි
ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනී වෛද්‍ය රුවිනි රසිකා පෙරේරා මහත්මියගේ පූර්ණ මඟපෙන්වීම යටතේ, අද (ජන. 01) දින විවිධ සමාජ සුබසාධන සහ ප්‍රජා සත්කාරක වැඩසටහන් රැසක් ආරම්භ කරන ලදී.
ආරක්ෂක අමාත්‍යාංශ සේවා වනිතා ඒකකයේ සංවිධායකත්වයෙන් ගම්පොල පුපුරැස්ස ප්‍රදේශයේ අවතැන් ජනතාව වෙනුවෙන් වෛද්‍ය සායනයක් පවත්වයි
'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් පසුගියදා ඇති වූ ස්වභාවික ව්‍යසනයෙන් අවතැන් වූ ජනතාවට සහන සැලසීමේ අරමුණින්, ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකය සහ රජයේ කාන්තා වෛද්‍යවරුන්ගේ සංගමය එක්ව සංවිධානය කළ විශේෂ වෛද්‍ය සායනයක් පසුගියදා (දෙසැම්බර් 20) දින සාර්ථකව පවත්වන ලදි.
ආරක්ෂක අමාත්‍යාංශ සේවා වනිතා ඒකකය වෙත ලැබුණු වෛද්‍ය උපකරණ අනුරාධපුර ශික්‍ෂණ රෝහල සහ මාරවිල මූලික රෝහල වෙත භාර දෙයි
ආරක්‍ෂක අමාත්‍යාංශ සේවා වනිතා ඒකකයේ සභාපතිනි වෛද්‍ය රුවිනි රසිකා පෙරේරා මහත්මියගේ සම්බන්ධීකරණය යටතේ, ආරක්‍ෂක අමාත්‍යාංශය වෙත ලැබුණු වෛද්‍ය ආධාර තොගයක් රජයේ රෝහල් දෙකක් වෙත නිල වශයෙන් භාර දෙන ලදි.
ආපදා සහන කටයුතු සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශ
සේවා වනිතා ඒකකයට පරිත්‍යාගයක්
අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් පවුල්වල දරුවන්ගේ ප්‍රයෝජනය සඳහා ලබාදීම වෙනුවෙන් වටිනා ළදරු ඇඳන් තොගයක් ආරක්‍ෂක අමාත්‍යාංශ සේවා වනිතා ඒකකයට ලබාදීම අද (දෙසැම්බර් 11) දින සිදුවන ලදි.
ආරක්ෂක අමාත්‍යාංශ සේවා වනිතා ඒකකය “ලෝක ළමා දිනය” සැමරීම නිමිති කරගෙන තැලසීමියා රෝගී දරුවන් සඳහා විශේෂ චාරිකාවක් සංවිධානය කරයි
"ලෝක ළමා දිනය" සැමරීම සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශ සේවා වනිතා ඒකකය අද (ඔක්තෝබර් 5) අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ තැලසීමියා රෝගී වාට්ටුවේ ප්‍රතිකාර ලබන ළමුන් සඳහා විශේෂ චාරිකාවක් සංවිධානය කළේය.
ආරක්ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකය මගින් අමාත්‍යංශ කාර්යමණ්ඩලයට වියළි සලාක ඇසුරුම් පිරිනමයි
එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් ආරක්‍ෂක ලේකම්තුමන්ගේ හා සේවා වනිතා ඒකකයේ සභාපතිනියගේ සංකල්පයකට අනුව ආරක්‍ෂක අමාත්‍යංශයේ සේවයේ නියුතු සුළු සේවක මහත්ම මහත්මින් සඳහා වියළි ආහාර ද්‍රව්‍ය ලබාදීමේ වැඩසටහනක් අද (අප්‍රේල් 9) අමාත්‍යාංශ පරිශ්‍රයේදී සිදු කරන ලදී.
ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකය ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් විශේෂ කාන්තා දින වැඩසටහනක් පවත්වයි
මාර්තු මස 08 දිනට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව, නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී, අනූෂා බානගොඩ මැතිණියගේ උපදෙස් පරිදි කාන්තා නිලධාරීන්, කාන්තා නාවිකයින්, සහ නාවික හමුදා පුද්ගලයින්ගේ භාර්යාවන් උදෙසා විශේෂ කාන්තා දින වැඩසටහනක් 2025 මාර්තු මස 08 වැනි දින වැලිසර නාවික පරිශ්‍රයේ Wave N’ Lake උත්සව ශාලාවේ දී, ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිණී, වෛද්‍ය රුවිනි රසිකා පෙරේරා මැතිණියගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදාධිපති ගේ සහභාගීත්වයෙන් උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
ආරක්ෂක අමාත්‍යාංශ සේවා වනිතා ඒකකය විසින් ‘කාන්තා සාමාජීය හා චිත්තවේගීය
බුද්ධි වර්ධනය’ පිළිබඳ දේශනයක් පවත්වයි
ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනී වෛද්‍ය රුවිනි රසිකා පෙරේරා මැතිනියගේ දැක්මට අනුව, ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් ‘කාන්තා සාමාජීය හා චිත්තවේගීය බුද්ධි වර්ධනය’ මැයෙන් දේශනයක් අද (මාර්තු 7) අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
ආරක්ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ
වාර්ෂික මහා සභා රැස්වීම පැවැත්වේ
ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ වාර්ෂික මහා සභා රැස්වීම - 2024 සේවා වනිතා ඒකකයේ සභාපතිනී වෛද්‍ය රුවිනි රසිකා පෙරේරා මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (නොවැ 22) අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
ආරක්ෂක අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා යුධ හමුදා සේවා වනිතා ඒකක මගින් පාසල් දරුවන්ට අත්‍යවශ්‍ය පාසල් උපකරණ සහ පොත්පත් බෙදා දෙයි
ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකය සහ ශ්‍රී ලංකා යුද හමුදා සේවා වනිතා ඒකකය එක්ව අද (අගෝස්තු 12) දින හොරණ, කුරණ ප්‍රාථමික විද්‍යාලය සහ කළුපහන කනිෂ්ඨ විද්‍යාලයේ දී අත්‍යවශ්‍ය පාසල් උපකරණ සහ පොත්පත් බෙදාදීමේ වැඩසටහනක් පවත්වන ලදි.
ආරක්ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකය මගින් ගංවතුරින් විපතට පත්
අමාත්‍යාංශ සේවකයන් වෙත මුල්‍ය ආධාර ලබාදෙයි
පසුගිය දින වල දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්වය නිසා ඇති වූ ගංවතුරෙන් විපතට පත් අමාත්‍යාංශ කාර්ය මණ්ඩල සාමාජිකයින්ට සහයක් වීමේ අරමුණින් ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකය ඔවුන් වෙත මූල්‍ය දායකත්වයක් ලබා දුන්නේය.
ආරක්ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකය වෙතින් කාර්යමණ්ඩලයට
වියළි සලාක ඇසුරුම් පිරිනමයි
ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකය වෙතින් එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සමය උදේසා අමාත්‍යාංශයේ කාර්යමණ්ඩල සාමාජිකයින් වෙත වියළි සලාක ඇසුරුම් පිරිනැමීම අද (අප්‍රේල් 9) අමාත්‍යාංශ පරිශ්‍රයේදී සිදු කරන ලදී.
ග්‍රාමීය ප්‍රජාවට පහසුකම් සැලසීම සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකය ප්‍රතිආස්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානයක් පිහිටුවයි
ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකය සිය ප්‍රජා සුභසාධන සේවා පුළුල් කරමින් සීගිරිය, අලකොළවැව ගම්වාසීන්ට සහ අලකොළවැව ප්‍රාථමික විද්‍යාලයේ සිසුන්ට ආරක්‍ෂිත පානීය ජලය සැපයීම සඳහා ප්‍රතිආස්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානයක් පසුගියදා ස්ථාපිත කරන ලදී.
ආරක්ෂක අමාත්‍යාංශ කාර්යමණ්ඩලයට සේවා වනිතා ඒකකයෙන් වියළි සලාක මල්ලක්
ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකය මගින් සංවිධානය කරන ලද සෙසු සිවිල් කාර්ය මණ්ඩල සාමාජිකයින් සඳහා වියළි සලාක ප්‍රදානය කිරීමේ උත්සවයක් අද (අප්‍රේල් 11) අමාත්‍යාංශයේ දී සිදු කරන ලදී.
2023 සඳහා නැවුම් බලාපොරොත්තු සමගින් ආරක්‍ෂක අමාත්‍යාංශ සේවා වනිතා ඒකකයේ සභාපතිනිය වැඩ අරඹයි
ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනී චිත්‍රානි ගුණරත්න අද (ජනවාරි 5) දින අමාත්‍යාංශ පරිශ්‍රයේ සංවිධානය කර තිබූ කෙටි උත්සවයකදී ආගමික ආශිර්වාද මධ්‍යයේ නව වසරේ රාජකාරි කටයුතු ආරම්භ කළාය.
කාන්තා දිනයට සමගාමීව නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ‘සිඳුලිය’ සඟරාව එළිදැක්වේ
නාවික හමුදා සේවා වනිතා ඒකකය විසින් අද (මාර්තු 8) දින නාවික හමුදා මූලස්ථාන ශ්‍රවණාගාරයේදී ආරක්ෂක අමාත්‍යාංශ සේවා වනිතා ඒකකයේ සභාපතිනි චිත්‍රානි ගුණරත්න මැතිණියගේ ප්‍රධානත්වයෙන් ‘සිඳුලිය’ සඟරාව එළිදැක්වීම සිදුකරන ලදි.
'මිහිඳු සෙත් මැදුර' රණවිරුවන් සඳහා වර්ණවත් සන්ධ්‍යාවක්
ආරක්ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනි චිත්‍රානි ගුණරත්න මැතිණියගේ අනුග්‍රහය යටතේ අත්තිඩිය මිහිඳු සෙත් මැදුරේ විවිධ හැකියාවන්ගෙන් යුත් රණවිරුවන් සඳහා වර්ණවත් රාත්‍රී භෝජන සංග්‍රහයක් ඊයේ (පෙබරවාරි 20 ) සවස පැවැත්විණි.
ආරක්ෂක අමාත්‍යාංශ සේවා වනිතා ඒකකයේ නව සභාපතිනිය තම ධුරයෙහි වැඩ භාරගනී
ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ නව සභාපතිනිය චිත්‍රානි ගුණරත්න මහත්මිය අද (ජනවාරි 30) දින සිය තනතුරෙහි වැඩ භාරගත්තාය.
ආරක්ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකය අමාත්‍යාංශ සේවකයින්ගේ දරුවන් සඳහා පාසල් උපකරණ බෙදා දෙයි
අද දින (දෙසැම්බර් 30) අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවති උත්සවයකදී ආරක්ෂක අමාත්‍යාංශයේ සේවකයින්ගේ ළමුන් 500 කට වැඩි පිරිසකට පාසල් පොත්, බෑග් සහ සපත්තු සඳහා තෑගි වවුචර් පිරිනමන ලදී.
සේවා වනිතා ඒකකය මගින් ආචාර විධි,සන්නිවේදනය සහ ධාරිතා වර්ධනය පිළිබඳ වැඩමුළුවක් පවත්වයි
ආරක්ෂක අමාත්‍යාංශ කාර්යමණ්ඩලය වෙනුවෙන් ආචාර විධි,සන්නිවේදනය සහ ධාරිතා වර්ධනය පිළිබඳ වැඩමුළුවක් ආරක්ෂක අමාත්‍යාංශ සේවා වනිතා ඒකකය මගින් සංවිධානය කර තිබුණි. මෙම වැඩසටහන බදාදා (ඔක්තෝබර් 23) සපුගස්කන්ද ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේදී පැවැත්විණි.
ත්‍රිවිධ හමුදා, පොලිස් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සංගීත කණ්ඩායම්වලට උපහාර
පසුගිය දා පවත්වන ලද ‘උදාරයි ඔබ’ සංගීත ප්‍රසංගය සදහා දායකත්වය ලබාදුන් ත්‍රිවිධ හමුදා, පොලිස් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සංස්කෘතික සහ සංගීත කණ්ඩායම්වලට උපහාර දැක්වීමේ උත්සවයක් ආරක්ෂක අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
“උදාරයි ඔබ” අද සවස නෙලුම් පොකුණ රගහළේ දී
උදාරයි ඔබ සංගීත ප්‍රසංගය අද සවස 06.30 ට (සැප්තැම්බර් 14 ) නෙළුම් පොකුණ රඟහලේදී පැවත්වේ. ආරක්ෂක අමාත්‍යංශයේ සේවා වනිතා ඒකකය මගින් සංවිධානය කරන මෙම ප්‍රසංගය සදහා දිවයිනේ ජනප්‍රියතම කලාකරුවන් රැසක් සහභාගී වීමට නියමිතය.
‘උදාරයි ඔබ’ සංගීත ප්‍රසංගය නෙලුම් පොකුණ රඟහලේදී
ආරක්ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකය විසින් සංවිධානය කරනු ලබන දිවයිනේ ජනප්‍රිය කලාකරුවන් රැසක් සහභාගී වන ‘උදාරයි ඔබ’ සංගීත ප්‍රසංගය සෙනසුරාදා (සැප්තැම්බර් 14) සවස 6.30 ට නෙලුම් පොකුණ රඟහලේදී පැවැවීමට සියලු කටයුතු සුදානම් කර ඇත.




















