පසුගිය පුවත්

පසුගිය පුවත් | පසුගිය පුවත්

ගෲප් කැප්ටන් නිර්මාල් සියඹලාපිටිය මහතාගේ දේහයට ජනපති
අවසන් ගෞරව දක්වයි

ආපදාවට ලක්වූවන්ට සහන සලසමින් සිටියදී වෙන්නප්පුව, ලුණුවිල ප්‍රදේශයේ සිදු වූ හෙලිකොප්ටර් අනතුරින් මියගිය ගුවන් නියමු ගෲප් කැප්ටන් නිර්මාල් සියඹලාපිටිය මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දැක්වීය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකාවේ ආපදා සහන මෙහෙයුම් සඳහා ජපානයෙන්
මානුෂීය ආධාර

ශ්‍රී ලංකාවේ ආපදා සහන මෙහෙයුම් සඳහා සහාය දැක්වීම පිණිස ජපාන රජය විසින් ලබාදෙන මානුෂීය ආධාර තොගයක් අද (දෙසැම්බර් 04) බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී නිලවශයෙන් ශ්‍රී ලංකාව වෙත භාරදෙන ලදි. මෙම ආධාර ඔස්සේ අහිතකර කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇති වූ ජාතික ආපදාවෙන් පසු ක්‍රියාත්මකවන අඛණ්ඩ සහන මෙහෙයුම් සඳහා තීරණාත්මක සහයෝගයක් සපයයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ජාතික ආපදා කළමනාකරණ ප්‍රයත්නයන් ශක්තිමත් කිරීමට තර්ස්ටන් විද්‍යාලය
රුපියල් මිලියන 3.25 ක පරිත්‍යාග කරයි

ජාතික ආපදා කළමනාකරණ අරමුදලට සහාය වීම පිණිස, රුපියල් 3,250,000.00 ක මූල්‍ය දායකත්වයක් ලබාදුන් අතර, ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) විසින් අද (දෙසැ. 03) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේදී එම මුල්‍ය පරිත්‍යාගය විධිමත් අයුරින් භාර ගන්නා ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ජාතික ආපදා සහන මෙහෙයුම් ශක්තිමත් කිරීමට තුඩාවේ ට්‍රේඩින් පුද්ගලික සමාගම
විසින් අත්‍යවශ්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කරයි

අඛණ්ඩව සිදු කෙරෙන ජාතික ආපදා සහන මෙහෙයුම් සඳහා සහාය වීම පිණිස, තුඩාවේ ට්‍රේඩින් පුද්ගලික සමාගම විසින් අත්‍යවශ්‍ය පිරිසිදු කිරීමේ උපකරණ කිහිපයක් පරිත්‍යාග කරනු ලැබූ අතර, ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) විසින් අද (දෙසැ. 03) දින එම උපකරණ ආරක්‍ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී විධිමත් ලෙස භාර ගන්නා ලදී. 


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකාවේ ආපදා සහන ප්‍රයත්නයන්ට සහාය වීම පිණිස ඉන්දියාවෙන්
අඛණ්ඩව මානුෂීය ආධාර තොග ලබාදෙයි

ඉන්දීය නාවික හමුදාව විසින් සිය කලාපීය සහයෝගිතාව ප්‍රවර්ධනයට සහ ක්‍ෂණික ප්‍රතිචාර දැක්වීමට ඇති ගැඹුරු කැපවීම යලිත් තහවුරු කරමින්, පසුගිය දිනවල ඇතිවූ හදිසි කාලගුණික ආපදාවන්ගෙන් පසුව ශ්‍රී ලංකාවේ ආපදා සහන ප්‍රයත්නයන් ශක්තිමත් කිරීම සඳහා මානුෂීය ආධාර රැගත් නාවික යාත්‍රා කිහිපයක් මෙරටට එවා ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

දිවයිනට බලපෑ දරුණු කාලගුණික අර්බුදය හමුවේ පාකිස්ථාන නාවික
හමුදාවෙන් ශ්‍රී ලංකාවට මානුෂීය ආධාර

කලාපීය සහයෝගිතාවයේ සහ මානුෂීය සහෝදරත්වය විදහා දක්වමින්, පාකිස්ථාන නාවික හමුදාව විසින් පසුගිය දිනවල දරුණු කාලගුණික තත්ත්වයන්ගෙන් පීඩාවට පත් ශ්‍රී ලංකාවේ ජනතාවට සහායවීම සඳහා සැලකිය යුතු ආපදා සහන ද්‍රව්‍ය තොගයක් ලබා දී තිබේ. 'International Fleet Review' සඳහා සහභාගීවීමට කොළඹට පැමිණ සිටින පාකිස්ථාන නාවික හමුදාවට අයත් PNS SAIF නෞකාව මගින් මෙම ආපදා සහන ද්‍රව්‍ය තොගය ප්‍රවාහනය කරන ලදි. හදිසි ජාතික අවශ්‍යතාවක් උද්ගතව ඇති මෙම කාල පරිච්ඡේදය තුළ අවශ්‍යම මොහොතේදී ලබාදුන් දායකත්වයක් ලෙස, 2025 නොවැම්බර් 28 දින මෙම මානුෂීය ආධාර තොගය මෙරට නිලධාරීන් වෙත නිල වශයෙන් භාරදෙන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකාවේ රසායනික අවි සම්මුතිය ක්‍රියාත්මක කිරීමේ ජාතික අධිකාරිය විසින් එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක කවුන්සිලයේ ප්‍රඥප්තිය - 1540 ක්‍රියාත්මක කිරීම සහ ද්විත්ව - භාවිත භාණ්ඩවල උපායමාර්ගික වාණිජ කළමනාකරණය ශක්තිමත්
කිරීම පිළිබඳ කලාපීය වැඩමුළුවට සහාය දක්වයි

ශ්‍රී ලංකාවේ රසායනික අවි සම්මුතිය ක්‍රියාත්මක කිරීමේ ජාතික අධිකාරිය විසින්, යුරෝපා සංගමයේ ද්විත්ව - භාවිත වාණිජ භාණ්ඩ සඳහා වන අපනයන පාලන වැඩසටහන (EU Export Control Programme for Dual - Use Goods - EUP2P), එක්සත් ජාතීන්ගේ නිරායුධකරණ කටයුතු පිළිබඳ කාර්යාලය (United Nations Office for Disarmament Affairs - UNODA) සහ ශ්‍රී ලංකා රජය සමග එක්ව, “එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩල ප්‍රඥප්තිය - 1540 (United Nations Security Council Resolution - 1540) ක්‍රියාත්මක කිරීම සහ ද්විත්ව - භාවිත භාණ්ඩවල උපායමාර්ගික වාණිජ කළමනාකරණය ප්‍රවර්ධනය කිරීම පිළිබඳ දකුණු ආසියානු කලාපීය වැඩමුළුව” සාර්ථකව පැවැත්වීමට දායක වෙමින් අවශ්‍ය සහයෝගය ලබාදෙන ලදී. මෙම ජාත්‍යන්තර වැඩසටහන 2025 නොවැම්බර් මස 26 දින සිට 28 දින දක්වා කොළඹ ෂෙරටන් හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

තවත් ඉන්දීය යුධ හමුදා වෛද්‍ය කණ්ඩායමක් ආපදා සහන සේවා මෙහෙයුම් සඳහා සහාය දැක්වීමට ශ්‍රී ලංකාවට පැමිණේ

පසුගිය දින වල දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් පීඩාවට පත් ජනතාවට අවශ්‍ය කඩිනම් වෛද්‍ය ආධාර සැපයීමේ අරමුණින් තවත් ඉන්දීය යුද්ධ හමුදා වෛද්‍ය කණ්ඩායමක් හා අංගසම්පුර්ණ පහසුකම් වලින් සමන්විත ක්ෂේත්‍ර රෝහලක් පිහිටුවීමට අවශ්‍ය භාණ්ඩ හා ද්‍රව්‍ය සමඟින් ඊයේ (දෙසැ. 02) දින කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ළඟා වූහ. දිවයිනට පැමිණි එම කණ්ඩායම ශ්‍රී ලංකා යුධ හමුදාවේ විධායක ජෙනරාල්, මේජර් ජෙනරල් කේ.ටී.පී. ද සිල්වා සහ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සහකාර ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් Mandeep Singh Negi විසින් ඉතා උණුසුම් ලෙස පිළිගන්නා ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගුවන් හමුදාවට අයත් C-17 යානයක් මඟින් ආපදා සහන කණ්ඩායම් සහ මානුෂීය ආධාර තොගයක් රැගෙන එයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගුවන් හමුදාවට අයත් C-17 වර්ගයේ ගුවන් යානයක් මඟින් ඊයේ (දෙසැ. 02) දින, ශ්‍රී ලංකාවේ මේ වන විට ක්‍රියාත්මක වන ආපදා සහන මෙහෙයුම් සඳහා සහායවීමේ අරමුණින් මානුෂීය ආධාර තොගයක් රැගෙන පැමිණියහ. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල වෙත ළඟා වූ මෙම සහන සේවා කණ්ඩායම, ශ්‍රී ලංකාවේ පිහිටි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති කාර්යාලයේ, ආරක්‍ෂක අමාත්‍යංශයේ සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් විසින් පිළිගනු ලැබුහ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඉන්දීය ගුවන් හමුදාව ශ්‍රී ලංකාවේ ආපදා සහන කටයුතු වෙනුවෙන් අති නවීන ජංගම රෝහල් පද්ධති දෙකක් පිහිටුවයි

පසුගිය දිනවල දිවයිනට බලපෑ 'දිට්වා' සුළි කුණාටුවෙන් දැඩි ලෙස පීඩාවට පත් ශ්‍රී ලාංකික ජනතාවට සහන සැලසීමේ අරමුණින්, ඉන්දීය ගුවන් හමුදාවට අයත් C-130J වර්ගයේ ප්‍රවාහන ගුවන් යානයක් මගින් අති නවීන ජංගම රෝහල් පද්ධති (BHISHM Cubes) දෙකක් පසුගියදා (නොවැ. 30) ශ්‍රී ලංකාවට ප්‍රවාහනය කරනු ලැබීය. ඒ සමඟින් මෙම හදිසි ආපදා සහන සේවා මෙහෙයුම සඳහා, විංග් කමාන්ඩර් Sanjay Kumar ගේ නායකත්වයෙන් පස් දෙනෙකුගෙන් සමන්විත විශේෂ පුහුණුවක් සහිත ඉන්දීය ගුවන් හමුදා වෛද්‍ය කණ්ඩායමක් ද එක් වී සිටිති. එම  කණ්ඩායම, කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී  දී ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ, ආරක්‍ෂක අමාත්‍යාංශයේ  සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් විසින් පිළිගන්නා ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

හදිසි ආපදා මෙහෙයුම් මධ්‍යස්ථානයේ කටයුතු
ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ඇගයීමට

ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් (විශ්‍රාමික) අරුණ ජයසේකර ඊයේ (දෙසැම්බර් 01) දින ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ (DMC) පිහිටුවා ඇති හදිසි ආපදා මෙහෙයුම් මධ්‍යස්ථානයේ සංචාරයක නිරත වෙමින්, ක්‍රියාත්මක කෙරෙමින් පවතින ආපදා ප්‍රතිචාර මෙහෙයුම් සහ ජාතික ආපදා සහන ක්‍රියාන්විත ප්‍රයත්නයන් සඳහා එම මධ්‍යස්ථානයෙන් දක්වන දායකත්වය පිළිබඳ නිරීක්‍ෂණය කළේය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආපදා සහන මෙහෙයුම් පිළිබඳ සාකච්ඡා කිරීමට ආරක්‍ෂක ලේකම්වරයා සහ ඇමරිකා එක්සත් ජනපද ආරක්‍ෂක උපදේශක අතර විශේෂ හමුවක් පැවැත්වේ

ශ්‍රී ලංකාව මුහුණ පා තිබෙන ජාතික ස්වභාවික ආපදා තත්ත්වය හමුවේ අවශ්‍ය සහයෝගය හා උපකාර කළ හැකි ආකාර පිළිබඳ සොයා බැලීමේ අරමුණින් කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් Matthew House ඇතුළු නියෝජිත පිරිසක් අද (දෙසැම්බර් 02) දින පෙරවරුවේ  ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමු වුහ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ත්‍රිවිධ හමුදාව ආපදා සහන මෙහෙයුම් වේගවත් කරයි

ත්‍රිවිධ හමුදාව ගංවතුරෙන් සහ නායයෑම්වලින් විපතට පත් දහස් සංඛ්‍යාත ජනතාවකට සහන සැලසීම සඳහා දිවයින පුරා සිය මුදාගැනීමේ හා සහන මෙහෙයුම් වේගවත් කර තිබේ. පසුගිය දින දෙක (02) පුරා යුද හමුදාව, නාවික හමුදාව සහ ගුවන් හමුදාව එක්වී, ආපදාවට පත් ප්‍රජාවන්ගේ ආරක්‍ෂාව තහවුරු කිරීමේ අරමුණින්, ගොඩබිම, ජලය සහ ගුවන මූලික කරගත් සහන සේවා හා මුදාගැනීම් මෙහෙයුම් පුළුල් කර තිබේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකා ප්‍රීමා සමූහ ව්‍යාපාරය ගංවතුරෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් රුපියල් මිලියන 300කට අධික වියළි සලාක පරිත්‍යාග කරයි

ගංවතුර සහ නායයෑම් ඇතුළු ආපදා තත්ත්වයන් හේතුවෙන් දිවයින පුරා විපතට පත් ජනතාව වෙත බෙදා හැරීම සඳහා රුපියල් මිලියන 300කට වඩා වටිනා ප්‍රීමා වියළි සලාක තොගයක්, නොවැම්බර් 30 වන දින සවස ප්‍රීමා සමූහ ව්‍යාපාරය විසින් ශ්‍රී ලංකා රජය වෙත පරිත්‍යාග කරන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා බදුල්ල දිස්ත්‍රික්කයේ සුරක්‍ෂිතතා
මධ්‍යස්ථාන සහ ආපදා ස්ථාන නිරීක්‍ෂණය කරයි

ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය, මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික), දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වයන්ගෙන් පීඩාවට පත් පුද්ගලයින් රැඳී සිටින සුරක්‍ෂිත මධ්‍යස්ථාන හා එම මධ්‍යස්ථානවල සුබසාධනය ක්‍රියාමාර්ග සොයාබැලීම සඳහා මෙන්ම, ආපදා ප්‍රතිචාර ක්‍රියාමාර්ග සොයාබැලීම සඳහා බදුල්ල දිස්ත්‍රික්කය පුරා නිරීක්‍ෂණ චාරිකා කිහිපයක නිරත වූයේය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ආපදා සහන මෙහෙයුම්
පිළිබඳ ප්‍රගති සමාලෝචන රැස්වීමක්

ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් අද (නොවැ. 30) දින ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානයේ පිහිටුවා ඇති විශේෂ ආපදා කළමනාකරණ මෙහෙයුම් මධ්‍යස්ථානයේදී ජාතික ආපදා ප්‍රතිචාර මෙහෙයුම් තක්සේරු කිරීම සඳහා විශේෂ රැස්වීමක් පැවැත්විණ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ත්‍රිකුණාමලය, පොලොන්නරුව සහ මඩකලපුව දිස්ත්‍රික්ක තුල ආපදාවට පත් පුද්ගලයන් 1310ක් වෙත නාවික හමුදාව සහන සලසයි

ශ්‍රි ලංකා නාවික හමුදාව දිවයිනම ආවරණය වන පරිදි අධි අවධානම් ආපදා සහිත ස්ථාන වෙත ආපදා සහන කණ්ඩායම් යොදවා ඇත. අද දිනය (2025 නොවැම්බර් 29) තුල නැගෙනහිර නාවික විධානය මඟින් ත්‍රිකුණාමලය, පොලොන්නරුව සහ මඩකලපුව දිස්ත්‍රික්ක තුල, කින්නියා මල්ලපච්චෙනායි, කන්තලේ, මූතුර් සාෆි නගර්, කලාඔය, ගෝමරන්කඩවල, රැල් පාලම, ගල්ලෑල්ල සහ අළුත්ගම බෝගමුව යන ප්‍රදේශ ආවරණ වන පරිදි සිදුකල ආපදා සහන මෙහෙයුම් මඟින්, ගංවතුරෙන් ආපදාවට පත්ව අවදානමට ලක්ව සිටි පුද්ගලයින් 69 දෙනෙකු මුදාගැනීමටත්, 1241 දෙනෙකු ආරක්‍ෂිතව ප්‍රවාහනය කිරීමටත් කටයුතු කෙරිණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ජනාධිපතිතුමා කලාඔය ආපදාවට පත්වුවන් මුදවා ගැනීම
සජීවීව නිරීක්‍ෂණය කරයි

කලාඔය ප්‍රදේශයේ ගංවතුරට හසු වී, සිර වී තිබූ බස් රථයක ගමන් කරමින් සිටියදී ආපදාවට පත් වී, නිවසක වහලක් මත රැඳී සිටි පුද්ගලයින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශේෂ යාත්‍රා බලඝණය විසින්  මුදා ගැනීමේ මෙහෙයුම, අද උදෑසන (නොවැම්බර් 29) ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා විසින් විශේෂ මෙහෙයුම් මැදිරියේ සිට සමීපව නිරීක්‍ෂණය කරන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකා නාවික හමුදාව ආපදා සහන කණ්ඩායම් යෙදවීම

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීමේ අරමුණින්, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ආපදා සහන කණ්ඩායම් 141ක් සූදානම් කර තිබේ. 2025 නොවැම්බර් මස 29 වන දින උදෑසන 0730 වන විට, එම කණ්ඩායම් අතුරින් කණ්ඩායම් 79ක් දිවයින පුරා සියලුම පළාත් ආවරණය වන පරිදි සක්‍රීය මෙහෙයුම් සඳහා යොදවා තිබේ. නොවැම්බර් 22 වන දින සහන මෙහෙයුම් ආරම්භ කළ දින සිට මේ දක්වා ආපදාවට පත් වූ පුද්ගලයින් 900 කට අධික සංඛ්‍යාවක් නිරුපද්‍රිතව මුදාගැනීමටත්, පුද්ගලයින් 2000ක් පමණ ආරක්‍ෂිතව නාවික හමුදා යාත්‍රා මඟින් ප්‍රවාහනය කිරීමටත්, නාවික හමුදාව සමත් වී ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

අයහපත් කාලගුණය හමුවේ මොණරාගල දිස්ත්‍රික්කයේ
යුද හමුදා සහන මෙහෙයුම්

දිවයින පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වයන් අඛණ්ඩව පැවතීම හේතුවෙන්, ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) සහ 12 වන පාබල සේනාංක භට පිරිස් විසින් මොණරාගල දිස්ත්‍රික්කය පුරා විවිධ හදිසි ආපදා සහන මෙහෙයුම් කඩිනමින් ක්‍රියාත්මක කරමින් සිටි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාව “නිකවැරටිය” සහ “දොම්පේ” ගංවතුරට
හසු වූ පුද්ගලයන් පස් දෙනෙකු මුදාගනි

උත්සන්න වන ගංවතුර තත්ත්වයන් මධ්‍යයේ, ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් අද උදෑසන (නොවැම්බර් 29) හදිසි මුදාගැනීමේ මෙහෙයුම් දෙකක් (02) සාර්ථකව සිදුකරන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

පීඩාවට පත්වූ පවුල් උදෙසා ඉන්දීයානු ආධාර රැගත් ගුවන්යානයක් දිවයිනට

දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අවතැන් වී සිටින  ජනතාව වෙනුවෙන් ආධාර තොගයක් රැගත් ඉන්දීය ගුවන් හමුදාවට අයත් C-130 ගුවන් යානයක් (2025.11.29) අද දින අළුයම 0145 ට පමණ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට ලගා විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

අයහපත් කාලගුණයක් මධ්‍යයේ පවා යුද හමුදා භට පිරිස් විසින් සිදුකෙරෙන හදිසි ආපදා ප්‍රතිචාර මෙහෙයුම් අඛණ්ඩව ඉදිරියට

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ගංවතුර තත්ත්වයට මුහුණ දෙමින් සිටි කයිලගොඩ වැඩිහිටි නිවාසයේ සිටි වැඩිහිටියන් 38 දෙනෙකු ඉන් මුදාගෙන, ඔවුන්ට අවශ්‍ය කෙරෙන අඛණ්ඩ සත්කාර, ආරක්‍ෂාව සහ අත්‍යවශ්‍ය සහාය ලබාදීම සඳහා ආපදා සහන සේවා මධ්‍යස්ථානයක් වෙත ආරක්‍ෂිතව ගෙන යන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

පොළොන්නරුවේ අතරමං වූ පුද්ගලයින් 13 දෙනෙකු ගුවන් හමුදාව විසින් ගලවා ගනී

හිඟුරක්ගොඩ, අංක 7 හෙලිකොප්ටර් බලඝණයේ සිට බෙල්-212 හෙලිකොප්ටරයකින් පැමිණි ශ්‍රී ලංකා ගුවන් හමුදා ගලවා ගැනීමේ කණ්ඩායමක් අද (නොවැම්බර් 28) උදෑසන පොළොන්නරුව මනම්පිටිය පාලම මත අතරමංව සිටි 13 දෙනෙකු නිරුපද්‍රිතව බේරා ගැනීමට සමත් විය. සියලුම පුද්ගලයින් ගුවන් මගින් ආරක්‍ෂිත ස්ථාන වෙත ගෙන යන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

අයහපත් කාලගුණය හමුවේ ත්‍රිවිධ හමුදාව දැඩි සීරුවෙන්: දැවැන්ත හදිසි සහන සහ මුදවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මකයි

ජාතික ආරක්‍ෂාව සහ මානුෂීය සහයෝගය ඉහළම ප්‍රමුඛතා ලෙස තබා ගනිමින් ඕනෑම මොහොතක හදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට ත්‍රිවිධ හමුදා භට පිරිස් පැය 24 පුරාවටම සූදානමින් සිටින අතර, දැනටමත් සෑම දිස්ත්‍රික්කයකම පාහේ සියලු ආපදා සහන මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටි.