පසුගිය පුවත්

පසුගිය පුවත් | පසුගිය පුවත්

‘Rebuilding Sri Lanka’ යටතේ ජන ජීවිතය යථාවත් කිරීම පිළිබඳව සොයා බැලීමේ විශේෂ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්

‘Rebuilding Sri Lanka’ යටතේ ජන ජීවිතය නැවත ගොඩනැගීම සඳහා දිස්ත්‍රික් මට්ටමින් සැලසුම් කෙරෙන වැඩපිළිවෙළ සහ එහිදි මතුව ඇති ගැටලු පිළිබඳ සොයා බැලීමේ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක, කෘෂිකර්ම, වාරිමාර්ග, ජල සම්පාදන,ධීවර, ප්‍රවාහන, නිවාස සහ ඉදිකිරීම් ආදී විෂයයන්ට අයත් අමාත්‍යාංශවල ලේකම්වරුන්, අදාළ ආයතනවල ප්‍රධානීන් සහ සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සහභාගිත්වයෙන් අද (20) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

විදේශ ආපදා සහන ආධාර සම්බන්ධීකරණය සඳහා වූ ජ්‍යෙෂ්ඨ කමිටුවේ (HL-FRAC) සිව්වන සැසිය පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වේ

විදේශ ආපදා සහන ආධාර සම්බන්ධීකරණය සඳහා වූ ජ්‍යෙෂ්ඨ කමිටුවේ (HL-FRAC) සිව්වන සැසිය, ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් දෙසැම්බර් 19 වන දින පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි. ආපදා සහන කටයුතු සඳහා ලැබෙන විදේශ ආධාර කළමනාකරණය සහ බෙදා හැරීම විධිමත් කිරීම මෙම කමිටුවේ ප්‍රධාන වගකීම වේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

අයහපත් කාලගුණයෙන් අභිමංසල-3 මධ්‍යස්ථානයට වූ හානි නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට

පසුගියදා ඇති වූ දැඩි ගංවතුර තත්ත්වය හේතුවෙන් පාන්ගොල්ල ‘අභිමංසල-3’ විශේෂිත සුවසෙවන පුනරුත්ථාපන මධ්‍යස්ථානයට සිදුවූ බලපෑම සොයා බැලීම සඳහා නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) පසුගිය දා (දෙසැම්බර් 14) නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය. එහිදී, මධ්‍යස්ථානයේ යටිතල පහසුකම් නිරීක්‍ෂණය කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, අයහපත් කාලගුණය හේතුවෙන් නේවාසික රණවිරුවන්ගේ අත්‍යවශ්‍ය සේවාවන් සැපයීමේදී මතුව ඇති බාධාවන් සහ පවතින ගැටලු පිළිබඳව කාර්ය මණ්ඩලය සමඟ සාකච්ඡා කරමින් ඒවා කඩිනමින් විසඳීමට අවශ්‍ය මඟපෙන්වීම් ලබා දුන්නේය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

උත්සව සමයේ ජනතාවගේ ආරක්‍ෂාව වෙනුවෙන් ගාලු මුවදොර “මහජන සහාය සේවා මධ්‍යස්ථානයක්” ස්ථාපිත කෙරේ

පවතින උත්සව සමය නිමිත්තෙන් ගාලු මුවදොර පරිශ්‍රයට පැමිණෙන දහස් සංඛ්‍යාත ජනතාවගේ පහසුව සහ ආරක්‍ෂාව උපරිමයෙන් තහවුරු කිරීම සඳහා, ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ගේ උපදෙස් මත ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ගාලු මුවදොර පරිශ්‍රයේ විශේෂ ‘‘මහජන සහාය සේවා මධ්‍යස්ථානයක්’’ (Public Assistance Helpdesk) 2025 දෙසැම්බර් 21 ස්ථාපිත කෙරේ. ත්‍රිවිධ හමුදාවේ සහ ශ්‍රී ලංකා පොලීසියේ ඒකාබද්ධ දායකත්වයෙන් ක්‍රියාත්මක වන මෙම මධ්‍යස්ථානය හරහා මහජනතාවට අවශ්‍ය සහය කඩිනමින් ලබාදීම සඳහා පූර්ණ ආරක්‍ෂිත වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවනු ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

අධික ජල ගැලීමෙන් පේරාදෙණිය කලු පාලම සහ කළුගමුව පාලම් තුළ සිරවූ දෑ ඉවත් කිරීමේ නාවික
හමුදා මෙහෙයුම් සාර්ථකව අවසන් වෙයි

"දිට්වා" සුළි කුණාටුවේ බලපෑමෙන් ඇතිවූ අයහපත් කාලගුණික තත්වය හමුවේ මහවැළි ගඟේ ජල මට්ටම ඉහල යෑමෙන්, ජලයේ ගසාගෙන පැමිණි විශාල දැව කඳන් සහ උනපඳුරු ඇතුළු අවශේෂ, පේරාදෙණිය කලු පාලම දුම්රිය පාලම සහ නිල්ලඹ කළුගමුව පාලම් තුල සිරවී, එම පාලම් ඔස්සේ ජලය ක්‍රමවත්ව බැස යාම අවහිර වූ අතර, එම පාලම් යතාවත් කිරීම වෙනුවෙන් නාවික හමුදා කිමිදුම් සහය හා ශිල්පීය දායකත්වය ලබාදීම වෙනුවෙන් ආරම්භ කළ විශේෂ මෙහෙයුම් 2025 දෙසැම්බර් මස 14 දින සහ 17 දින සාර්ථකව අවසන් විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආපදා කළමනාකරණය සහ සහනාධාර සම්බන්ධීකරණය පිළිබඳව එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක
සහ ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා අතර හමුවක් පැවැත් වේ

දිවයිනේ වත්මන් ආපදා සහන මෙහෙයුම්, ආයතනික ප්‍රතිසංස්කරණ සහ ජාත්‍යන්තර මානුෂීය ආධාර සම්බන්ධීකරණ ක්‍රියාවලිය පිළිබඳ විශේෂ සමාලෝචනයක් සඳහා, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නේවාසික සම්බන්ධීකාරක Marc-André Franche මහතා සහ ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය, මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) අතර හමුවක් ඊයේ (දෙසැම්බර් 17) ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාගේ කාර්යාලයේදි පැවැත්විණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

Yoo Brands පුද්ගලික සමාගම වෙතින් ආපදා සහන සේවා සඳහා රුපියල් මිලියන
6.7ක වටිනාකමකින් යුත් පාවහන් පරිත්‍යාග කෙරේ

ජාතික මට්ටමින් ක්‍රියාත්මක ආපදා සහන මෙහෙයුම් ශක්තිමත් කරමින් සහ පීඩාවට පත් ජනතාවගේ ජීවනෝපාය යළි ගොඩනැගීමට දායක වෙමින්, ‘Yoo Brands’ පුද්ගලික සමාගම විසින් ආරක්‍ෂක අමාත්‍යාංශය වෙත අත්‍යවශ්‍ය පාවහන් තොගයක් පරිත්‍යාග කරනු ලැබිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් ප්‍රතිසංස්කරණය කළ ‘‘සෙනෙහස’’ සංවේදන ළමා උද්‍යානය ආරක්‍ෂක නියෝජ්‍ය
අමාත්‍යතුමාගේ සුරතින් විවෘත කෙරේ

සෙනෙහස අධ්‍යාපන, සම්පත්, පර්යේෂණ හා තොරතුරු මධ්‍යස්ථානය (SERRIC) පරිශ්‍රයේ ප්‍රතිසංස්කරණය කරන ලද සංවේදන ළමා උද්‍යානය (Sensory Garden) අද (දෙසැම්බර් 17) දින ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය, මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ජාතික ආරක්‍ෂක පර්යේෂණ හා සංවර්ධන ප්‍රතිපත්තිය සකස් කිරීම පිළිබඳ
විශේෂ සාකච්ඡාවක් පැවැත්වේ

ජාතික ආරක්‍ෂක පර්යේෂණ හා සංවර්ධන (R&D) ප්‍රතිපත්තිය සකස් කිරීම පිළිබඳ ඉහළ පෙළේ සාකච්ඡාවක්, ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (දෙසැම්බර් 16) දින ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

කටාර් රාජ්‍යයේ ජාතික දින සැමරුම් උත්සවය අති උත්කර්ෂවත්
අයුරින් කොළඹ දී සමරයි

කටාර් රාජ්‍යයේ ජාතික දිනය වෙනුවෙන් කොළඹ පිහිටි එරට තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන ලද සැමරුම් උත්සවයක් ඊයේ (දෙසැ. 16) දින කොළඹ ITC රත්නදීප හෝටල් පරිශ්‍රයේදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය නෙළුම් පොකුණ රඟහලේදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වේ

ආරක්‍ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ 19 වන පාඨමාලාවේ උපාධි ප්‍රදානෝත්සවය ඊයේ (දෙසැ. 16) දින කොළඹ, නෙළුම් පොකුණ රඟහලේදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආපදාවට පත් ජනතාව වෙත මානුෂීය ආධාර රැගත් ඉන්දීය වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ ICGS SHAURYA නෞකාව දිවයිනට පැමිණෙයි

“දිට්වා” සුළි කුණාටුව ‍හේතුවෙන් ආපදාවට පත් ශ්‍රී ලංකාවේ ජනතාව වෙත මානුෂීය ආධාර තොගයක් රැගත් ඉන්දීය වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ ICGS SHAURYA නෞකාව, 2025 දෙසැම්බර් මස 15 වැනි දින දිවයිනට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව හා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකූලව පිළිගැනීම, කොළඹ වරායේදී සිදු කෙරිණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපතිවරයා ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා හමුවෙයි

ශ්‍රී ලංකා ප්‍රංශයේ තානාපති, අතිගරු Rémi Lambert මැතිතුමා, ඊයේ (දෙසැම්බර් 15) දින ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික), කොළඹ පිහිටි නියෝජ්‍ය අමාත්‍යවරයාගේ කාර්යාලයේදී හමු විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

විදේශ ආපදා සහන ආධාර (සැපයුම්) සම්බන්ධීකරණය සඳහා වූ ජ්‍යෙෂ්ඨ කමිටුව (HL-FRAC) තෙවැනි සැසිවාරය සඳහා යළි රැස්වෙයි

විදේශ ආපදා සහන ආධාර (සැපයුම්) සම්බන්ධීකරණය සඳහා වූ ජ්‍යෙෂ්ඨ කමිටුව (HL-FRAC), ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් අද (දෙසැම්බර් 15) දින කොළඹ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පිහිටි එම කමිටුවේ ලේකම් කාර්යාලයේදී සිය තෙවැනි රැස්වීම පැවැත්වීය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාවේ 16 වන සභා වාරය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (15) පෙරවරුවේ පැවැත්විණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

කොළඹ වරාය ආසන්නයේ ඉන්ධන බෝයාවක සිදුවූ කාන්දුවක් හේතුවෙන් ඇතිවූ ඉන්ධන විසිරීම නාවික හමුදාව හා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව එක්ව පාලනය කරයි

කොළඹ වරාය ආසන්නයේ ඉන්ධන බෝයාවක අද උදෑසන (2025 දෙසැම්බර් 14) සිදුවූ හදිසි කාන්දුවක් හේතුවෙන්, කොළඹට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේ ඇතිවූ ඉන්ධන විසිරීම, නාවික හමුදාව, වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව සහ සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරිය සමඟ එක්ව සිදුකල මෙහෙයුමක් මඟින්, සාර්ථකව පාලනය කිරීමට කටයුතු කෙරිණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

මානුෂීය මෙහෙයුම් සඳහා පැමිණි ඇමරිකානු හා ඉන්දීය
ගුවන් හමුදා යානා දිවයිනෙන් පිටත් වෙයි

දිවයිනට බලපෑ 'දිට්වා' සුළි කුණාටුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ මෙරට ක්‍රියාත්මක කෙරුණු සහන සේවා කටයුතුවලට සමගාමිව විශේෂ ගුවන් මෙහෙයුම්, මුදවා ගැනිමේ මෙහෙයුම් හා ආපදා සහන සේවා කටයුතු සඳහා විවිධ රටවලින් මහඟු දායකත්වයක් ලබා දුන් අතර, පසුගිය දෙසැම්බර් 07 වන දින සිට දෙසැම්බර් 13 වන දින දක්වා කාලසීමාව තුල ආපදා සහන සේවා කටයුතු සඳහා සහාය වීමේ අරමුණින් ඇමෙරිකානු ගුවන් හමුදාවට අයත් C-130J ගුවන් යානා දෙකක් සමඟින් මැරීන් භටයන් 60 දෙනෙකුගෙන් සමන්විත සහන සේවා කණ්ඩායමක් දිවයිනට ළඟා විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

‘‘Clean Sri Lanka’’ වැඩසටහන යටතේ යුද හමුදා භට පිරිස්
වෙරළ පිරිසිදු කිරීමේ මෙහෙයුමක

"Clean Sri Lanka" ජාතික වැඩසටහනට සමගාමීව, පසුගියදා (දෙසැම්බර් 10 ) වන දින මුලතිව් සහ කොකිලායි වෙරළ තීරයන්හි වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් සාර්ථකව ක්‍රියාත්මක කරන ලදී. ශ්‍රී ලංකා යුද හමුදා 59 වන සේනාංකයට අයත් 591 වන පාබල බලසේනාවේ භට පිරිස් 450ක් පමණ මෙම පරිසර හිතකාමී වැඩසටහන සඳහා සක්‍රීයව දායක වූහ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආපදාවට ලක්වූවන්ට සහන සැලසීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විශේෂ බලකා සංග්‍රාමික යතුරු පැදි බලඝණයේ සහාය

ආපදා තත්ත්වයන් හේතුවෙන් ගමනා ගමන කටයුතු සිදුකිරීමට අපහසු පුස්සැල්ලාව සිට ෆ්‍රොටොෆ්ට් වතුයාය දක්වා වන ප්‍රදේශවල ජීවත්වන ජනතාව සඳහා ආහාර සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විශේෂ බලකා සංග්‍රාමික යතුරු පැදි බලඝණයේ යතුරු පැදි අටක් යොදවනු ලැබූ අතර, ඔවුන් විසින් කමිල්තාන් ප්‍රදේශයේ පවුල් 48 ක් සඳහා ද අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා දෙන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඉන්දීය හමුදාවේ 60 පැරෂුට් ක්ෂේත්‍ර රෝහල විසින් සපයන ලද මානුෂීය සත්කාර සේවය ඇඟයීමට ලක්කරයි

දිට්වා සුළි කුණාටුවෙන් පසු මෙරට ඇතිවූ ආපදා තත්ත්වයන්ට සහන සේවා වෛද්‍ය ආධාර ලබාදීම සඳහා ඉන්දීය හමුදාවේ 60 පැරෂුට් ක්ෂේත්‍ර රෝහල විසින් සපයන ලද මානුෂීය සත්කාර සහ වෘත්තීය විශිෂ්ටත්වය අඟයමින් මෙරටට පැමිණි එම ඉන්දීය කණ්ඩායම ඇඟයීමට ලක්කිරීමේ වැඩසටහනක් 2025 දෙසැම්බර් 14 වන දින පනාගොඩ, යුද්ධ හමුදා ජනපදයේදී පවත්වන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ජාතිය ගොඩනැගීමේ කාර්යය සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර බලප්‍රදේශයේ යුද්ධ හමුදා භටපිරිස්හි දායකත්වය
යුද්ධ හමුදාධිපතිතුමන් නිරීක්‍ෂණය කරයි

යුද්ධ හමුදා භටපිරිස්හි සහාය ඇතිව ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර බලප්‍රදේශයේ සිදුකරනු ලබන ජාතිය ගොඩනැගීමේ කටයුතු නිරීක්‍ෂණය කිරීම සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG, 2025 දෙසැම්බර් මස 13 සහ 14 යන දිනයන්හිදී එම බලප්‍රදේශයේ නිල සංචාරයක නිරත විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක අමාත්‍යාංශ සේවා වනිතා ඒකකය වෙත ලැබුණු වෛද්‍ය උපකරණ අනුරාධපුර ශික්‍ෂණ රෝහල සහ මාරවිල මූලික රෝහල වෙත භාර දෙයි

ආරක්‍ෂක අමාත්‍යාංශ සේවා වනිතා ඒකකයේ සභාපතිනි වෛද්‍ය රුවිනි රසිකා පෙරේරා මහත්මියගේ සම්බන්ධීකරණය යටතේ, ආරක්‍ෂක අමාත්‍යාංශය වෙත ලැබුණු වෛද්‍ය ආධාර තොගයක් රජයේ රෝහල් දෙකක් වෙත නිල වශයෙන් භාර දෙන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

රට යළි ගොඩනගනවා යන තිර අදිටනින් යුතුව එක්ව කටයුතු කරමු

පසුගියදා මුහුණ දීමට සිදු වූ ව්‍යසනය ස්ථාවර සහ ක්‍රමිකව ගොඩනගමින් තිබු මෙරට ආර්ථිකයට එල්ල වූ ප්‍රබල ප්‍රහාරයක් බවත්, එවන් අභියෝගයක් හමුවේ සියලු දෙනා වෙත පැවරෙන වගකීම වන්නේ පලා යාම හෝ කණස්සලට පත් වී කම්පාවෙන් බලා සිටීම නොව රට යළි ගොඩනගනවා යන තිර අදිටනින් යුතුව එක්ව කටයුතු කිරීම බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක අමාත්‍යාංශ සේවා වනිතා ඒකකය විසින් කන්තලේ මූලික
රෝහල වෙත වෛද්‍ය උපකරණ තොගයක් භාරදෙයි

ආරක්‍ෂක අමාත්‍යාංශ සේවා වනිතා ඒකකය වෙත ලැබුණු වෛද්‍ය උපකරණ තොගයක් කන්තලේ මූලික රෝහල වෙත අද (දෙසැම්බර් 13) දින නිලවශයෙන් භාරදෙන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ජාතික ආපදා සහන මෙහෙයුම් සඳහා Hayleys සමූහ ව්‍යාපාරයට අයත් Dipped Products PLC සමාගමෙන් ආරක්‍ෂිත අත්වැසුම් 50,000ක් පරිත්‍යාග කරයි

Hayleys සමූහ ව්‍යාපාරයට අයත් Dipped Products PLC සමාගම විසින් ආපදා සහන මෙහෙයුම් වෙනුවෙන් භාවිතා කළ හැකි කර්මාන්ත ශ්‍රේණියේ ආරක්‍ෂිත අත්වැසුම් 50,000 ක තොගයක් අද (දෙසැම්බර් 12) දින ආරක්‍ෂක අමාත්‍යාංශය වෙත නිල වශයෙන් භාර දෙනු ලැබීය.