පසුගිය පුවත්

පසුගිය පුවත් | පසුගිය පුවත්

ඉන්දීය ආරක්‍ෂක කළමනාකරණ විද්‍යාලයේ නියෝජිත පිරිසක්
ආරක්‍ෂක ලේකම් හමුවෙයි

කොමදෝරු සුනිල් කුමාර් ප්‍රමුඛ ඉන්දීය ආරක්‍ෂක කළමනාකරණ විද්‍යාලයේ (College of Defence Management) නියෝජිත පිරිසක් අද (පෙබ 05) ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

76 වන ජාතික නිදහස් දින සැමරුම ජනපති ප්‍රධානත්වයෙන් අභිමානවත්ව

76 වන ජාතික නිදහස් දින සැමරුම “හදමු අලුත් රටක්” යන තේමාව යටතේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) පෙරවරුවේ කොළඹ ගාලු මුවදොර පිටියේදී අභිමානවත්ව පැවැත්විණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

76 වන නිදහස් දිනය අභිමානයෙන් සමරමු

76 වන නිදහස් දිනය අභිමානයෙන් සමරමු


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Karanj’ සබ්මැරීනය නිල සංචාරයක් සඳහා
කොළඹ වරායට සේන්දු වෙයි

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Karanj’ සබ්මැරීනය නිල සංචාරයක් සඳහා අද දින (2024 පෙබරවාරි 03) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම සබ්මැරීනය නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ලාංකික ශිෂ්‍යභට බාලක බාලිකාවන් පිරිසක් ඉන්දියානු ජනරජ
දින උළෙල සඳහා සහභාගි වෙයි

පසුගිය ජනවාරි 26 දා ඉන්දියාවේ නවදිල්ලි නගරයේ පැවැති ඉන්දියානු ජනරජ දින උළෙල සඳහා ඉන්දියානු ශිෂ්‍යභට බලකායේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගෙන් ලැබුණු ආරාධනයකට අනුව ජාතික ශිෂ්‍යභට බලකායේ අධ්‍යක්‍ෂක බ්‍රිගේඩියර් සුදන්ත ෆොන්සේකා ඇතුළු ශිෂ්‍යභට බලකායේ නිලධාරීන් තිදෙනකු හා ශිෂ්‍යභට බාලක බාලිකාවන් දොළොස් දෙනෙකු සහභාගී විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

මාධ්‍ය නිවේදනය

2009.05.19 දිනට පෙර මෙරට පැවති යුද්ධයට සක්‍රියව දායකත්වය ලබාදී ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් ආබාධිතව වෛද්‍ය හේතූන්මත විශ්‍රාම ගොස් සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින්, ඔවුන්ගේ වයස අවුරුදු 55 එළඹීමට පෙර මිය ගිය අවස්ථාවක දී, අදාල හමුදා සාමාජිකයාගේ වයස අවුරුදු 55 එළඹෙන දිනය දක්වා ඔවුන්ගේ යැපෙන්නන් වෙත වැටුප් හා දීමනා හිමිගැන්වීම සඳහා අංක අමප/23/2527/603/061 හා 2024.01.24 දිනැතිව අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

76 වන නිදහස් දින උත්සවයේ සූදානම ආරක්‍ෂක ලේකම්ගේ නිරීක්‍ෂණයට

එළඹෙන 76 වන නිදහස් දින සැමරුම් උත්සවයේ ආචාර පෙළපාලිය හා අනෙකුත් කටයුතු වල සූදානම අද (පෙබ. 02) ගාලු මුවදොර දී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න විසින් නිරීක්‍ෂණය කරන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය වෙත ස්වයංක්‍රීය මූලික අවි පුහුණු සිමියුලේටරයක්

ආරක්‍ෂක අමාත්‍යාංශයේ ආරක්‍ෂක පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය විසින් පසුගියදා ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයට පූර්ණ ස්වයංක්‍රීය අවි පුහුණු සිමියුලේටරයක් නිල වශයෙන් භාර දෙන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය පාකිස්ථාන නාවික නෞකාවේ සංචාරයක

නිල සංචාරයක් සඳහා පසුගිය අඟහරුවාදා (ජන 30) ශ්‍රී ලංකාවට පැමිණි පාකිස්ථාන නාවික නෞකා PNS Saif වෙත පැමිණි ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා බදාදා (ජන 31) දින එහි නිරීක්ෂණ චාරිකාවක නිරත විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

සෞඛ්‍ය අංශයේ වැඩ වර්ජනය හේතුවෙන් දීපව්‍යාප්ත රෝහල්වල දෛනික කටයුතු අඛණ්ඩව සිදුකරගෙන යාමට යුද්ධ හමුදාවේ දායකත්වය

දිවයින පුරා රජයේ රෝහල්වල වෘත්තීය සමිති විසින් ක්‍රියාත්මක කරනු ලබන වැඩ වර්ජනය හේතුවෙන් අඩාල වූ රෝහල් කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා ආරක්‍ෂක අමාත්‍යංශය වෙතින් සිදුකළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ උපදෙස් මත මජනතාවට අත්‍යාවශ්‍ය වෛද්‍ය සේවාවන් බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා අද (පෙබරවාරි මස 1) දින යුද්ධ හමුදා භටපිරිස් සිය දායකත්වය ලබාදෙනු ලබයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

76 වන නිදහස් දින සැමරුමට සියල්ල සූදානම්

‘76 වැනි නිදහස් දින සැමරුම අපේ වටිනාකම් සහ සිරිත් විරිත් ලෝකය සමඟ බෙදා ගැනීමට අවස්ථාවක්’. 2024 පෙබරවාරි 04 වැනි දින අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගාලු මුවදොරදී පැවැත්වෙන නිදහස් දින සැමරුම් උත්සවය සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ගරු අශෝක ප්‍රියන්ත මැතිතුමා අද (ජනවාරි 31) පැවති මාධ්‍ය සාකච්ඡාවේදි ප්‍රකාශ කළේය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන් 76 වන නිදහස් දින පැරෂුට් පුහුණු පෙරහුරුවේදී හදිසි අනතුරට පත් පැරෂුට් භටයින්ගේ සුවදුක් විමසයි

කොළඹ, ගාලු මුවදොර පිටියේ පැවති 76 වන නිදහස් දින සැමරුම් පෙළපාලි පෙරහුරුවට සමගාමීව පැවති පැරෂුට් පුහුණුවීම් අතරතුරදී සිදුවූ අනතුරින් තුවාල ලැබූ යුද්ධ හමුදා හා ගුවන් හමුදා පැරෂුට් භටයින්ගේ සුවදුක් විමසීම සඳහා ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා යුද්ධ හමුදා රෝහල වෙත හා කොළඹ ජාතික රෝහල වෙත පැමිණෙන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ප්‍රතිකාර ලබමින් සිටින පැරෂුට් භටයින්ගේ සුවදුක් බැලීමට
ආරක්‍ෂක ලේකම් රෝහල් සංචාරයක

76 වැනි නිදහස් දින පෙරහුරුවේදී හදිසි අනතුරකට ලක්ව තුවාල ලැබූ පැරෂුට් භටයින්ගේ සුවදුක් විමසීම සඳහා ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න ජාතික රෝහලට සහ යුද හමුදා රෝහලට ගියේය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

‘PNS Saif’ කොළඹ වරායට

ශ්‍රී ලංකාවේ නිළ සංචාරයක් සඳහා පාකිස්ථාන නාවික හමුදාවට අයත් PNS Saif නෞකාව අද (ජනවාරි 30) කොළඹ වරායට සේන්දු විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන් රාජකීය නාවික හමුදාවට අයත්
‘HMS Spey’ නෞකාවේ සංචාරයක

නිල සංචාරයක් සඳහා ඉරිදා (ජනවාරි 28) ශ්‍රී ලංකාවට පැමිණි රාජකීය නාවික හමුදාවට අයත් HMS Spey නෞකාවේ සංචාරයක් සඳහා ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා ඊයේ (ජන. 29) සවස එක් විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

‘HMS Spey’ කොළඹ වරායට

ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා රාජකීය නාවික හමුදාවට අයත් ‘HMS Spey’ නෞකාව ඉරිදා (ජනවාරි 28) කොළඹ වරායට සේන්දු විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

සාර්ථකව පුහුණුව නිමකළ මධ්‍ය නිලධාරීන් 49 ක් ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යා පීඨයේදී අධිකාරියට පත් කෙරේ

ජෙනරාල් ශ්‍රිමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ 38 වන බඳවා ගැනීමට අයත් මධ්‍ය නිලධාරීන් විසි අට දෙනෙක් (28) සහ ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ පුහුණුව ලැබූ 64 වන බඳවා ගැනීමට අයත් මධ්‍ය නිලධාරීන් විසි එක් දෙනෙක් (21) විසිර යාමේ හා අධිකාරියට පත් කිරීමේ උත්සවය 2024 ජනවාරි මස 28 වන දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ආරාධනයෙන්, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා ගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී, පැවැත්විණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

යුද්ධ හමුදා භටපිරිස්හි දායකත්වයෙන් ගලේවෙල ප්‍රදේශයේ ප්‍රතිසංස්කරණය
කරන ලද පොදු ක්‍රීඩා පිටිය ජනතා අයිතියට

ගලේවෙල ප්‍රදේශයේ ප්‍රතිසංස්කරණය කරන ලද පොදු ක්‍රීඩාපිටිය පසුගිය ඉරිදා (ජනවාරි මස 21) දින නිල වශයෙන් විවෘත කර ජනතා අයිතියට පත්කරන ලදී. එම අවස්ථාවට වැඩබලන ආරක්‍ෂක අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමන්, මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ජනක බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමන් සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහභාගී වූහ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

‘සීගල්’ යුද අභ්‍යාසය - 2024, සාර්ථකව අවසන්

ත්‍රිවිධ හමුදා භටපිරිස්වල සහභාගීත්වයෙන් යාපනය අර්ධද්වීපයේ උතුරු මුහුදු ප්‍රදේශයේ පලතිව් දූපතේදී ජනවාරි මස 08 දින සිට 11 දින දක්වා ‘සීගල්’ යුද අභ්‍යාසය පැවැත්විණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකාවේ ජාතික ආරක්‍ෂාව පිළිබඳ ප්‍රමුඛතම අධ්‍යයන ආයතනය වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක අධ්‍යනය ආයතනය
බුද්ධිමය ගවේෂණයේ පහනක් ලෙස පෙනී සිටියි. - ආරක්‍ෂක ලේකම්

බත්තරමුල්ල හි පිහිටි ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනයේ දී අද (ජන 19) පැවැති ‘Defence Review-2023’ සඟරාව එළිදැක්වීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්න සිය අදහස් දක්වමින් කියා සිටියේ ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් සලකා බලන විට, දැනුම යනු බලයේ මූලාශ්‍රයක් පමණක් නොව එය අපගේ ආරක්‍ෂාව සහතික කිරීම සහ අපගේ නිදහස ආරක්‍ෂා කිරීම සඳහා මූලික පදනම බවයි.



පසුගිය පුවත් | පසුගිය පුවත්

96 වැනි ජාතික බොක්සිං ශූරතාවලියේ ප්‍රධාන ආරාධිතයා ලෙස ආරක්‍ෂක ලේකම් එක්වෙයි

96 වැනි ජාතික බොක්සිං ශූරතාවලියේ සමාප්ති උත්සවය ඊයේ (ජනවාරි 17) කොළඹ රාජකීය විද්‍යාලයේ MAS Arena හිදී පැවැත්වූ අතර එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න සහභාගි විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඕස්ට්‍රේලියානු නව ආරක්‍ෂක උපදේශක වැඩබලන ආරක්‍ෂක අමාත්‍යවරයා හමුවෙයි

ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් ඇමැන්ඩා ජොන්ස්ටන් අද (ජන. 17) වැඩබලන ආරක්‍ෂක අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා කොළඹ පිහිටි ඔහුගේ කාර්යාලයේදී හමුවිය.

 


පසුගිය පුවත් | පසුගිය පුවත්

වැඩබලන ආරක්‍ෂක අමාත්‍යවරයා ලෙස රාජ්‍ය අමාත්‍ය
ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පත් කෙරේ

ලෝක ආර්ථික සමුළුවේ 54 වැනි වාර්ෂික සමුළුවට සහභාගිවීම සඳහා අති ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඊයේ (ජන.13) ස්විට්සර්ලන්තය බලා පිටත්ව ගිය අතර ජනාධිපතිවරයා එරට දින 12ක නිල සංචාරයක නිරත වනු ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන් බණ්ඩාරනායක ගුවන් තොටුපලේදී
ජපාන අමාත්‍යවරයා හට සමුදෙයි

ජපානයේ මුදල් අමාත්‍ය, මුල්‍ය සේවා රාජ්‍ය අමාත්‍ය සහ එරට මුල්‍ය අපහරණය භාර අමාත්‍ය ගරු සුසුකි ෂුනිචි මැතිතුමා සිය නිල සංචාරය නිම කර බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් නික්ම යන අවස්ථා‌වේදී ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා ජපාන අමාත්‍යවරයා හට සමුදෙන ලදි.