පසුගිය පුවත්
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ජපාන සමුද්‍රීය ස්වයං ආරක්‍ෂක බලකාය වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් සඳහා දායක වෙයි
ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන යටතේ දිවයින වටා වෙරළ තීරය සහ සංචාරක ස්ථාන පවිත්‍ර කිරීමේ අරමුණෙන් රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන “පිරිසිදු වෙරළ තීරයක් - ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක්” ව්‍යාපෘතියට සමඟාමීව 2025 අප්‍රේල් මස 03 වැනි දින සිදු කෙරුණූ වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් සඳහා, නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ජපාන සමුද්‍රීය ස්වයං ආරක්‍ෂක බලකායට අයත් BUNGO (MST-464) සහ ETAJIMA (MSO-306) නෞකාවන්ගේ කාර්ය මණ්ඩලය දායක විය.
සංග්‍රාමික ඉංජිනේරු සම්මන්ත්‍රණය - 2025 හි ප්‍රධාන දේශනය ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් සිදුකරයි
වේගවත් තාක්‍ෂණික වෙනස්වීම්, පරිණාමය වෙමින් පවතින තර්ජන සහ සංකීර්ණ ගෝලීය අභියෝග මගින් අර්ථ දක්වා ඇති යුගයක, අනුවර්තනය වීමේ හැකියාව විකල්පයක් පමණක් නොව එය අවශ්‍යතාවයකි.’ නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) අද (අප්‍රේල් 3) දින කොළඹ ග්‍රෑන්ඩ් මේට්ලන්ඩ් හි පැවති ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ සම්මන්ත්‍රණය අමතමින් මෙසේ ප්‍රකාශ කරන ලදි.
ජපානය විසින් ශ්‍රී ලංකාවට ලබා දෙන අඛණ්ඩ සහාය ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ඇගයීමට
‘ඉන්දියානු සාගරයේ උපායමාර්ගීක පිහිටීම නිසා ශ්‍රී ලංකාව කලාපීය සමුද්‍රීය ආරක්‍ෂාව සම්බන්ධයෙන් තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. ජාතික ආරක්‍ෂාව සහ සමුද්‍රීය කලාපීය දැනුවත්භාවය තුල සමුද්‍රීය ආරක්‍ෂක උපාය මාර්ගය වැදගත්ම අංගය ලෙස සැලකේ.’
ජපාන සමුද්‍රීය ස්වයං ආරක්‍ෂක බලකායට අයත් නෞකා දෙකක්
සංචාරයක් සඳහා කොළඹට පැමිණෙයි
ජපාන සමුද්‍රීය ස්වයං ආරක්‍ෂක බලකායේ Bungo සහ Etajima යන නෞකාවන් නිල සංචාරයක් සඳහා ඊයේ(අප්‍රේල් 1)දින කොළඹ වරායට සේන්දු විය. මෙම නෞකාවන් නාවික සම්ප්‍රදායන්ට අනුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් උණුසුම් ලෙස පිළිගත් බව නාවික හමුදා මාධ්‍ය අංශය පවසයි.
''ඊද් මුබාරක්''
අපගේ සියලුම මුස්ලිම් සහෝදර සහෝදිරියන්ට ප්‍රීතිමත් 'ඊද් උල් ෆිතර්' වේවා යැයි අප ප්‍රාර්ථනා කරමු.
අයවැය තීරණ ක්‍රියාත්මක කිරීම පිළිබඳ සාකච්ඡාව නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයාගේ මුලිකත්වයෙන්
ආරක්‍ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පසුගියදා (මාර්තු 21) අනුමත කිරීමෙන් පසු එය ක්‍රියාත්මක කිරීම පිළිබඳ සාකච්ඡාවක් නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් පසුගිය බදාදා (මාර්තු 26) අමාත්‍යවරයාගේ කාර්යාලයේදී පැවැත්විණ. අතිගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයේ ඉදිරි දැක්ම සහ ජාතික ප්‍රතිපත්තිය සමඟ සමපාත වන අයුරින් අයවැය ක්‍රියාත්මක කිරීම පෙළගැස්වීම මෙම සාකච්ඡාවේ අරමුණ විය.
ජාතික ශිෂ්‍යභට බලකායේ නව අධ්‍යක්‍ෂවරයා නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයා හමුවෙයි
ජාතික ශිෂ්‍යභට බලකායේ නව අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් රාජිත ප්‍රේමතිලක පසුගියදා (මාර්තු 27) නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සිය කාර්යාලයේදී හමුවිය.
ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයා හමුවෙයි
නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික), ශ්‍රී ලංකාව සඳහා එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක Marc-André Franche සමඟ පසුගිය බ්‍රහස්පතින්දා (මාර්තු 27) කොළඹ පිහිටි ඔහුගේ කාර්යාලයේදී හමුවිය.
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය ආරක්‍ෂක උපදේශක නියෝජ්‍ය
ආරක්‍ෂක අමාත්‍යවරයා හමුවෙයි
ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් Darren Woods පසුගිය අඟහරුවාදා (මාර්තු 25) කොළඹ දී ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) හමුවිය.
බංග්ලාදේශ ජනරජයේ 54 වන නිදහස් සංවත්සරය සහ
ජාතික දින සැමරුම් උත්සවය පැවැත්වේ
බංග්ලාදේශ ජනරජයේ 54 වන නිදහස් සංවත්සරය සහ ජාතික දින සැමරුම් උත්සවය ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් කාර්යාලයේ සංවිධායකත්වයෙන් පසුගිය බදාදා (මාර්තු 26) දින කොළඹ කිංග්ස්බරි හෝටල් පරිශ්‍රයේ දී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණ.
රුසියානු තානාපති ආරක්‍ෂක ලේකම් හමුවෙයි
කොළඹ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති අතිගරු Levan S. Dzhagaryan මැතිතුමා අද (මාර්තු 25) දින, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමුවිය.
ලෝක කාලගුණ විද්‍යා දිනය - 2025 සැමරුම නියෝජ්‍ය ආරක්‍ෂක
අමාත්‍යයවරයාගේ ප්‍රදානත්වයෙන්
"පූර්ව අනතුරු ඇඟවීමේ පරතර එක්ව වසා දමමු "යන තේමාව යටතේ මෙවර ලෝක කාලගුණ විද්‍යා දින සැමරීම කොළඹ කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තු පරිශ්‍රයේදී අද (මාර්තු 25) සිදු කෙරුණු අතර, සමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සහභාගි විය.
පාකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලය පාකිස්ථාන ජාතික දිනය සමරයි
මෙරට පිහිටි පාකිස්තාන ඉස්ලාමීය ජනරජ මහ කොමසාරිස් කාර්යාලය සඳුදා (මාර්තු 24) දින කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පකිස්ථාන ජාතික දිනය උත්කර්ෂවත් ලෙස සැමරීය.
Info - NDRSC එළිදක්වයි
ස්වාභාවික ආපදා හේතුවෙන් පීඩාවට පත්වන පවුල් හා හානියට පත්වන දේපළ පිළිබඳ සංඛ්‍යාත්මක දත්ත රැස්කිරීම හා නිකුත් කිරීමේ වර්තමාන සාමාන්‍ය ක්‍රියාවලිය ඩිජිටල් පරිවර්තනයකට ලක් කරමින් info - NDRSC ආපදා ආශ්‍රිත දත්ත පද්ධතිය ඊයේ (මාර්තු 24) වන දින නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් කොළඹ ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන පරිශ්‍රයේදී නිළ වශයෙන් එළි දක්වන ලදී.
ලෝක කාලගුණ විද්‍යා දිනය - 2025
"පූර්ව අනතුරු ඇඟවීමේ පරතර එක්ව වසා දමමු "
කාලගුණය ආශ්‍රිත ස්වාභාවික විපත්වලදී ජීවිත බේරා ගැනීමට පූර්ව සූදානම සහ ආපදා අවම කිරීම උපකාරී වේ.
ජාතික ශිෂ්‍යභට බලකායේ නව අධ්‍යක්‍ෂවරයා ආරක්‍ෂක ලේකම් හමුවෙයි
ජාතික ශිෂ්‍යභට බළකායේ වෙත නවතමයෙන් පත් කරන ලද අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් රජිත ප්‍රේමතිලක අද (මාර්තු 24) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමුවිය.
ආරක්‍ෂක පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයෙහි නව අධ්‍යක්‍ෂ ජනරාල්වරයා
ආරක්‍ෂක ලේකම් හමුවෙයි
ආරක්‍ෂක අමාත්‍යාංශයට අනුබද්ධිත ආරක්‍ෂක පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ (CDRD) 9 වන අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ලෙස කොමදෝරු ජනක ගුණසීල පත්කර තිබේ.
ජපාන සමුද්‍රීය ස්වයං ආරක්‍ෂක බලකායට අයත් ‘MURASAME’ නෞකාව
නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වෙයි
ජපාන සමුද්‍රීය ස්වයං ආරක්‍ෂක බලකායට අයත් MURASAME’ සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමේ සංචාරයක් සඳහා අද (2025 මාර්තු 22) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.
'Clean Sri Lanka' ව්‍යාපෘතියේ ප්‍රගති සමාලෝචන රැස්වීමක්
ආරක්‍ෂක අමාත්‍යාංශයේදී
ආරක්‍ෂක අමාත්‍යාංශ මට්ටමින් ක්‍රියාත්මක වෙමින් පවතින "Clean Sri Lanka" ව්‍යාපෘතියේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා විශේෂ සැසියක් ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික)ගේ උපදෙස් මත අද (මාර්තු 21) දින අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.
ඇමරිකා එක්සත් ජනපද ඉන්දු-පැසිෆික් කලාපයේ අණදෙන නිලධාරි,
නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයා හමුවෙයි
ඇමරිකා එක්සත් ජනපද ඉන්දු-පැසිෆික් කලාපයේ අණදෙන නිලධාරි, අද්මිරාල් Samuel Paparo, මාර්තු 20 දින නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය කාර්යාලයේදී නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) හමුවිය.
ඇමරිකා එක්සත් ජනපද ඉන්දු - පැසිෆික් කලාපීය අණදෙන නිලධාරි
ආරක්‍ෂක ලේකම්වරයා හමුවෙයි
ඇමරිකා එක්සත් ජනපද ඉන්දු - පැසිෆික් කලාපීය අණදෙන නිලධාරි අද්මිරාල් Samuel Paparo, අද (මාර්තු 20) දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමුවිය.
ඉන්දියානු සාගරයේ ප්‍රංශ ඒකාබද්ධ හමුදා අණදෙන නිලධාරි
ආරක්‍ෂක ලේකම්වරයා හමුවෙයි
ඉන්දියානු සාගරයේ ස්ථාපිත ප්‍රංශ ඒකාබද්ධ හමුදා ඛණ්ඩ අණදෙන නිලධාරි රියර් අද්මිරාල් Hugues Laine පසුගියදා (මාර්තු 19) දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමුවිය.
ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ නව
නියෝජ්‍ය උපකුලපති (ආරක්‍ෂක සහ පරිපාලන) සිය ධුරයේ වැඩ භාර ගනී
ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති (ආරක්‍ෂක සහ පරිපාලන) ලෙස බ්‍රිගේඩියර් ප්‍රදීප් රත්නායක පසුගියදා (මාර්තු 14 දින) නිල වශයෙන් සිය ධුරයේ වැඩ භාර ගත්තේය.
ශ්‍රී ලංකාව තුළ ආහාර සුරක්‍ෂිතතාවය ඇතිකිරීම සඳහා සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ දායකත්වය
ශ්‍රී ලංකාව තුළ ආහාර සුරක්‍ෂිතතාවය ඇති කිරීම උදෙසා කෘෂි ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් රට තුළ ආර්ථික සංවර්ධනය නගා සිටුවීම සඳහා සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව සුවිශේෂී දායකත්වයක් දක්වනු ලබයි.
නාවික හමුදාවේ දායකත්වය ඉහලින් අගයමින් කච්චතිව් ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ
වාර්ෂික දේව මංගල්‍යය සාර්ථකව නිමාවට පත් වෙයි
නාවික හමුදාවේ දායකත්වය ඉහලින් අගයමින් කච්චතිව් ඓතිහාසික ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය, ශ්‍රී ලාංකික හා ඉන්දියානු බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් 2025 මාර්තු මස 14 සහ 15 දෙදින උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. ඉන්දියාවේ සිවගංගෙයි රදගුරු පදවියේ ගරු ලුර්දු ආනන්දන් පියතුමා (Rt. Revd. Dr. Lourdu Ananthan. Bishop of Sivagangai diocese, India) යාපනය රදගුරු පදවියේ ගරු පී. ජේ. ජෙබරත්නම් පියතුමා (Very Revd. Fr. P. J. Jebaratnam,Vicar General, Jaffna Diocese) කොළඹ අග රදගුරු පදවියේ ගරු සිස්වාන් ද කෲස් පියතුමා (Revd. Fr. Ciswan de Croos, Colombo Arch Diocese) ඉන්දියාවේ රාමේශ්වරම් පැරිෂ් පූජක ගරු අශෝක් පියතුමා (Revd. Fr. Ashok, Parish Priest, Rameswaram, India) සහ ඩෙල්ෆ්ට් පැරිෂ් පූජක ගරු පී. පතිනාදන් පියතුමා (Revd. Fr. P. Pathinathan. Parish Priest, Delft) යන පූජක ප්‍රසාදීන් වහන්සේ ගේ මෙහෙයවීමෙන්, යාපනය රදගුරු අති උතුම් ජස්ටින් බර්නාඩ් ඥානප්‍රකාසම් රදගුරු හිමිපානන්ගේ සහ යාපනය දිස්ත්‍රික් ලේකම් මරුදලිංගම් පිරතීපන් (Maruthalingam Piiratheepan) මහතාගේ සංවිධායකත්වයෙන් සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ පූර්ණ සම්පත්, තාක්‍ෂණික හා ප්‍රජා සත්කාරක දායකත්වයෙන් මෙම දේව මංගල්‍යය සාර්ථකව පැවැත්විණි.