පසුගිය පුවත්

පසුගිය පුවත් | පසුගිය පුවත්

‘Clean Sri Lanka’ ජාතික වැඩසටහන යටතේ ත්‍රිවිධ හමුදාව විසින් සිදුකරන පාසල් ප්‍රතිසංස්කරණ කටයුතු ආරක්‍ෂක අමාත්‍යාංශයේ පූර්ණ අධීක්‍ෂණයෙන් රටපුරා සාර්ථකව සිදුකෙරේ

රජය මගින් ක්‍රියාත්මක ‘Clean Sri Lanka’ ජාතික වැඩසටහනට සමගාමිව දීපව්‍යාප්තව තෝරාගත් පාසල් දහසක් පිරිසිදු කිරීමේ හා ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සහ ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා ( විශ්‍රාමික) ගේ උපදෙස් සහ මඟපෙන්වීම මත ත්‍රිවිධ හමුදාවේ සහයෙන් අඛණ්ඩව ඉදිරියට සිදුකෙරෙමින් පවතී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකය ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් විශේෂ කාන්තා දින වැඩසටහනක් පවත්වයි

මාර්තු මස 08 දිනට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව, නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී, අනූෂා බානගොඩ මැතිණියගේ උපදෙස් පරිදි කාන්තා නිලධාරීන්, කාන්තා නාවිකයින්, සහ නාවික හමුදා පුද්ගලයින්ගේ භාර්යාවන් උදෙසා විශේෂ කාන්තා දින වැඩසටහනක් 2025 මාර්තු මස 08 වැනි දින වැලිසර නාවික පරිශ්‍රයේ Wave N’ Lake උත්සව ශාලාවේ දී, ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිණී, වෛද්‍ය රුවිනි රසිකා පෙරේරා මැතිණියගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදාධිපති ගේ සහභාගීත්වයෙන් උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකාව සඳහා පරිපූර්ණ සමුද්‍රීය උපාය මාර්ගික ක්‍රියාවලියක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි

"ඉන්දියානු සාගර කලාපයේ පිහිටි ප්‍රධානතම දූපත් රාජ්‍යයක් වශයෙන්, ශ්‍රී ලංකාවට ආර්ථික, දේශපාලනික සහ පාරිසරික සලකා බැලීම් ඒකාබද්ධ වන්නා වූ මනාව නිර්වචනය කරන ලද සමුද්‍රීය උපාය මාර්ගික ක්‍රියාවලියක් අවශ්‍ය වේ. කලාපීය සහ ගෝලීය බලවේගයන් ශීඝ්‍රයෙන් විකාශනය වන යුගයක, නැගී එන අභියෝග සහ අවස්ථාවන්ට මුහුණ දීම සඳහා පවතින සමුද්‍රීය ප්‍රථිපත්ති නැවත තක්සේරු කිරීමේ අවශ්‍යතාව පෙරටත් වඩා ඉස්මතු වී තිබේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයා ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ සංචාරයක නිරත වේ

නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) අද (මාර්තු 7) දින කොළඹ ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ නිළ සංචාරයක නිරත විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයා රක්නා ආරක්‍ෂක ලංකා සමාගමේ
නිළ සංචාරයක නිරත වේ

නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) බ්‍රහස්පතින්දා (මාර්තු 6) දින රක්නා ආරක්‍ෂක ලංකා සමාගමේ නිළ සංචාරයක නිරත විය. රජය යටතේ ක්‍රියාත්මක ආරක්‍ෂක සේවා සමාගමක් වන 'රක්නා ආරක්‍ෂක ලංකා සමාගම', ආරක්‍ෂක අමාත්‍යාංශයට අනුබද්ධ ආයතනයක් වේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ජාත්‍යන්තර කාන්තා දිනය

අප ලෝකයේ සාමය ආරක්‍ෂා කරන නියෝජිතයන්, ගෝලීය සංවර්ධනයේ නියමුවන් සහ සමාජයේ සැබෑ ශක්තිය වනුයේ ඔබයි. ඔබ, අභියෝග හමුවේ පෙන්වූ නිර්භීතභාවය, අවිනිශ්චිතතාවය මැද දැක්වූ විශිෂ්ට නායකත්වය, සහ නොපසුබට වීර්යය, අප මතුපරම්පරාවන්ට මඟ පෙන්වන ආලෝකයක් වේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක අමාත්‍යාංශ සේවා වනිතා ඒකකය විසින් ‘කාන්තා සාමාජීය හා චිත්තවේගීය
බුද්ධි වර්ධනය’ පිළිබඳ දේශනයක් පවත්වයි

ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනී වෛද්‍ය රුවිනි රසිකා පෙරේරා මැතිනියගේ දැක්මට අනුව, ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් ‘කාන්තා සාමාජීය හා චිත්තවේගීය බුද්ධි වර්ධනය’ මැයෙන් දේශනයක් අද (මාර්තු 7) අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

යෝජිත ගුවන් හමුදා රෝහල් ඉදිකිරීම් පිළිබඳ සාකච්චාවක්
ආරක්‍ෂක ලේකම්ගේ ප්‍රධානත්වයෙන්

යෝජිත ශ්‍රී ලංකා ගුවන් හමුදා රෝහල ඉදිකිරීම් ව්‍යාපෘතිය පිළිබඳ විශේෂ රැස්වීමක් අද (මාර්තු 7) ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය වෙත නව අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයෙක්

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නව අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයා ලෙස මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ (විශ්‍රාමික) පත්කර ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

පාකිස්ථාන නාවික හමුදාවට අයත් PNS Aslat නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණේ

පාකිස්ථාන නාවික හමුදාවට අයත් PNS Aslat යුධ නෞකාව ඊයේ (මාර්තු 5) දින මෙරට නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු විය. ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික සම්ප්‍රදායන්ට අනුකූලව උණුසුම් අයුරින් පිළිගනු ලැබූ බව නාවික හමුදා මාධ්‍ය අංශය වාර්තා කරයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ගංවතුර හමුවේ ලාහුගල නීලගිරි රජමහා විහාරස්ථානයේ සර්වඥ ධාතුන් තැන්පත්
කිරීමේ අවස්ථාව සඳහා සහභාගී වන බැතිමතුන් හට නාවික හමුදාව සහන සලසයි

අයහපත් කාළගුණික තත්වය හමුවේ අම්පාර හැඩඔය පිටාර ගැලීමෙන් ඇතිවී ඇති ගංවතුර තත්වය හමුවේ, ලාහුගල නීලගිරි රජමහා විහාරස්ථානයේ සර්වඥ ධාතුන් තැන්පත් කිරීමේ පුණ්‍ය මහහෝත්සවය සඳහා සහභාගී වන බැතිමතුන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් නාවික හමුදාව 2025 මාර්තු මස 04 වැනි දින, ආපදා කළමණාකරන මධ්‍යස්ථානය, යුද හමුදාව, ගුවන් හමුදාව සහ පොලිසීය ඇතුළු පාර්ශවයන්ගේ දායකත්වයෙන් අවශ්‍ය සහන සැලසීමට කටයුතු කෙරිණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

පානම ප්‍රදේශයේ ගංවතුරෙන් පීඩාවටපත් ජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදාව අඛණ්ඩව දායක වෙයි

අධික වර්ෂාපතනය හේතුවෙන් පානම ප්‍රදේශයෙහි ඇතිවී ඇති ගංවතුර තත්වය හමුවේ, පිඩාවටපත් ජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදාව 2025 මාර්තු මස 03 වැනි දින, ආරම්භ කෙරුණු ආපදා සහන මෙහෙයුමට ආපදා කළමණාකරන මධ්‍යස්ථානය, යුද්ධ හමුදාව සහ පොලීසිය ඇතුළු පාර්ශවයන්ගේ දායකත්වයෙන් අඛණ්ඩව සිදු කරමින් සිටියි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නීලගිරි මහා සෑයේ සර්වඥ ධාතූන් වහන්සේලා සහ නිධන් වස්තු තැන්පත් කිරීමේ පුණ්‍ය මහෝත්සවය උත්සවශ්‍රීයෙන් සිදු කෙරේ

බෞද්ධ සංස්කෘතියේ  සුවිශේෂී ස්ථානයකට උරුමකම් කියන  ඓතිහාසික නීලගිරි මහා සෑයේ සර්වඥ ධාතූන් වහන්සේලා සහ නිධන් වස්තු තැන්පත් කිරීමේ පුණ්‍ය මහෝත්සවය පසුගියදා (මාර්තු 04 දින) උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ශිෂ්‍ය නිලධාරීන් ආරක්‍ෂක අමාත්‍යාංශයේ සංචාරයක

ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ පාඨමාලා අංක 19 හි ශිෂ්‍ය නිලධාරීන්ගෙන් සමන්විත නියෝජිත පිරිසක් පසුගිය සඳුදා (මාර්තු 3) දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශය වෙත පැමිණියහ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී පත් කෙරේ

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ලෙස එයාර් වයිස් මාර්ෂල් ලසිත සුමනවීර පත් කිරීම අනුමත කර ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ගැමුණු හේවා බලකායෙන් ගලවා ගැනීමේ මෙහෙයුමක් දියත් කරයි

යුද්ධ හමුදාවේ ධෛර්යය සහ කැපවීම විදහා දක්වමින්, නන්පේරියල් යුද්ධ හමුදා අනුකණ්ඩයේ ස්ථානගත කර ඇති ගැමුණු හේවා බලකායේ ආපදා සහන භටපිරිස් විසින් 2025 මාර්තු මස 01 දින හිරිකටු ඔයේ ජල මට්ටම හදිසියේ ඉහළ යාම හේතුවෙන් සිරවී සිටි සිවිල් වැසියන් 35 දෙනෙකු සාර්ථකව බේරා ගන්නා ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

බංග්ලාදේශයේ ඩකා හි පැවති කලාපීය සමුළුවේදී කර්නල් නලින් හේරත්
දේශගුණික ආරක්‍ෂාව පිළිබඳ දේශනයක් ඉදිරිපත් කරයි

බංග්ලාදේශයේ ඩකා හි "Renaissance" හෝටල් පරිශ්‍රයේ දී "Droughts, Floods and Fault Lines: Climate Security in South Asia" තේමාව ඔස්සේ පසුගියදා පැවති කලාපීය සමුළුවේදී ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනයේ වැඩබලන අධ්‍යක්‍ෂ ජනරාල් සහ අධ්‍යක්‍ෂ (පර්යේෂණ) මෙන්ම ආරක්‍ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්‍ෂ සහ මාධ්‍ය ප්‍රකාශක කර්නල් නලින් හේරත් විසින් විශේෂ දේශනයක් ඉදිරිපත් කළේය. යුරෝපා සංගමයේ ද සහයෝගයෙන්, බංග්ලාදේශයේ සාමය සහ ආරක්‍ෂක අධ්‍යයන ආයතනය විසින් පෙබරවාරි 24-25 යන දින වලදී මෙම සමුළුව පවත්වනු ලැබිණ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

දකුණු ආසියානු ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා තරඟාවලියේදී ජයග්‍රහණ ලබාගත්
සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු සාමාජිකයන් ඇගයීමට ලක් කෙරේ

ඉන්දියාවේ බැංගලෝර් හි පසුගිය ජනවාරි 10 වන දින සිට 12 වන දින දක්වා පැවති දකුණු ආසියානු ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා තරඟාවලියේදී ජයග්‍රහණ ලබාගත් සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ සාමාජිකයන් ඇගයීමේ උත්සවයක් පෙබරවාරි 18 වන දින සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරල් කේඑච්පීපී ප්‍රනාන්දු (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් එම මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ජනපති සහ ගුවන් හමුදාවේ උසස් නිලධාරීන් අතර හමුවක්

අද (27) ජනාධිපති කාර්යාලයේදී මෙරට වත්මන් ආරක්‍ෂක තත්ත්වය පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ගුවන් හමුදාවේ උසස් නිලධාරීන් අතර පැවැත්විණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආපදාවන්ට ඔරොත්තුදීමේ හැකියාවන් ඉහළ නැංවීම සඳහා
ස්ථිරසාර විසඳුම් අත්‍යවශ්‍ය වේ - නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය

ආපදාවන්ට ඔරොත්තුදීමේ හැකියාව ඉහළ නැංවීම සඳහා අවශ්‍ය කෙරෙන ස්ථිරසාර උපාය මාර්ගික විසඳුම් සහ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට රජය කැපවී සිටින බව නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) අවධාරණය කළේය. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ 14 වන වාර්ෂික පර්යේෂණ සම්මන්ත්‍රණය පෙබරවාරි 25 දින තලවතුගොඩ Grand Monarch හෝටල් පරිශ්‍රයේ දී පැවැත්වුණු අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමින් ඔහු එම අදහස් පළ කලේය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ජනපති සහ නාවික හමුදාවේ උසස් නිලධාරීන් අතර හමුවක්

මෙරට වත්මන් ආරක්‍ෂක තත්ත්වය පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (26)  පැවැත්විණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ජනපති සහ යුද හමුදාවේ උසස් නිලධාරීන් අතර හමුවක්

ශ්‍රී ලංකාවේ වත්මන් ආරක්‍ෂක තත්ත්වය පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (25) පැවැත්විණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

රණවිරුවන්ගේ සුබසාධනය ගැන සොයා බැලීමට පත්කල කමිටුවේ ප්‍රගතිය සමාලෝචනය කෙරේ

මව්බිමේ නිදහස වෙනුවෙන් දිවිපිදු රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ හා රණක්‍ෂිතයට පත් මෙන්ම, විශ්‍රාමික රණවිරුවන්ගේ සුබසාධනය සහ ප්‍රතිලාභ සම්බන්ධව පවතින ගැටලු නිරාකරණය කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පත්කරන ලද කමිටුවේ ප්‍රගතිය සමාලෝචනය කිරීමේ තවත් සාකච්ඡාවක් ඊයේ (පෙබ 24) දින නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් නියෝජ්‍ය අමාත්‍යවරයාගේ කාර්යාලයේදී පැවැත්විණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ගුවන් හමුදා සහායෙන් නල්ලතන්නි රක්‍ෂිතයේ ඇති වූ
ගින්න සාර්ථකව මැඩපවත්වයි

නුවරඑළිය දිස්ත්‍රික්කයේ මස්කෙලිය නල්ලතන්නිය වාලමලේ ඉහල ප්‍රදේශ රක්‍ෂිතයේ ඊයේ දින (පෙබ 24) ඇති වු හදිසි ගින්නක් මැඩ පැවැත්විම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදා අංක 04 බළඝණයට අයත් බෙල් 412 වර්ගයේ හෙළිකොප්ටර් යානාවක් ගිණි නිවීම සඳහා විශේෂයෙන් භාවිතා කරනු ලබන බම්බි බකට් උපාංගය සමඟ යොදවා ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට ආරක්‍ෂක අමාත්‍යංශයේ පුර්ණ සහයෝගය - ආරක්‍ෂක ලේකම්

පසුගිය දිනවල දිවයින පුරා සිදු වූ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන්ගේ ක්‍රියාකාරකම්වලට එරෙහිව රජය විසින් ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල පිලිබඳ දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය සාකච්ජාවක් ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ගේ සහභාගිත්වයේ අද (පෙබ. 22) දින පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැත්විණ.