පසුගිය පුවත්
සඳහිරු සෑයේ 'චූඩා මාණික්‍ය' සහ 'කොත්වහන්සේ' බැතිමතුන් හට වැඳ පුදා ගැනීම සඳහා හෙට දින කොරතොට රජමහා විහාරය වෙත වැඩම කෙරේ
සඳහිරු සෑයේ පූජණීය කොත්වහන්සේ හා චූඩා මාණික්‍ය රැගත් පෙරහැර කොළඹ නගරයේ වීදි සංචාරය කිරීමෙන් අනතුරුව ඊයේ (08) සවස බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයට වැඩම කරවන ලදි.
නීති විරෝධී ලෙස රැගෙන එන ලද වියලි කහ කිලෝ 5300 කට අධික තොගයක් වෙරළාරක්ෂක භාරයට
හලාවත වෙරළ තීරයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කළ වියළි කහ කිලෝ 5372 ක් ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ සුරක්ෂා නෞකාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
සඳහිරු සෑයේ 'චූඩා මාණික්‍ය' සහ 'කොත්වහන්සේ' බැතිමතුන්ට වැඳ පුදා ගැනීම සඳහා බෙල්ලන්විල රාජමහා විහාරයේ තැන්පත් කෙරේ
සඳහිරු සෑයේ පූජණීය කොත්වහන්සේ හා චූඩා මාණික්‍ය රැගත් පෙරහැර කොළඹ නගරයේ වීදි සංචාරය කිරීමෙන් අනතුරුව අද (08) සවස වනවිට බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයට වැඩමවන ලදි.
සඳහිරු සෑයේ චූඩා මාණික්‍ය සහ කොත් වහන්සේ රැගත් පෙරහැර ගමන් අරඹයි
සඳහිරු සෑයේ චූඩා මාණික්‍ය සහ කොත් වහන්සේ රැගත් පෙරහැර දිවයින පුරා වීදි සංචාරය කිරීම අද (අගෝස්තු 8) දින උදෑසන සුභ මොහොතින් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයෙන් ආරම්භ විමට නියමිතයි.
හිටපු LTTE සාමාජිකයින්ට ස්වයං රැකියා සඳහා යුද හමුදාවෙන් මුල්‍යාධාර
ජනාධිපති සමාව ලැබූ හිටපු LTTE සාමාජිකයින් 15 දෙනෙකුට ස්වයං රැකියා ආරම්භ කර රටේ නීතිගරුක පුරවැසියන් ලෙස සාමකාමී ජීවිතයක් ගත කිරීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව විසින් මුදල් ත්‍යාග පිරිනැමීමක් ඊයේ (අගෝස්තු 07) දින යාපනය ජෙට්වින් හෝටලයේදී සිදුකරන ලදී.
නියමුවන් රහිත ගුවන් යානා සඳහා නව ගුවන් යානා අංගනයක්
නියමුවන් රහිත ගුවන් යානා පර්යේෂණ හා සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ප්‍රතිසංස්කරණය කරන ලද ගුවන්යානා අංගන සංකීරණය ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ විසින් කටුකුරුන්ද ගුවන් හමුදා කඳවුරේදී විවෘත කරන ලදී.
ආරක්ෂක අංශ වෙතින් ලේ දන්දීමේ වැඩසටහනක්
ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් රටේ පවතින වසංගත හේතුවෙන් ඇතිවන අධික රුධිර ඉල්ලුම සපුරාලීම සඳහා ජාතික රුධිර පාරවිලයන සේවාව සමඟ එක්ව ලේ දන්දීමේ ව්‍යාපාරයක් කටුනායක ගුවන් හමුදා කඳවුරේදී ඊයේ (4) පවත්වන ලදි.
සඳහිරු සෑයේ චූඩා මාණික්‍ය සහ කොත් වහන්සේ ප්‍රදර්ශණය ගංගාරාමය විහාරස්ථානයෙන් ඇරඹේ
සඳහිරු සෑයේ චූඩා මාණික්‍ය සහ කොත් වහන්සේ ප්‍රදර්ශණය කිරීම මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී අද (අගෝස්තු 5) දින ආරම්භ විය.
මුහුදු කූඩැල්ලන් කිලෝ 820 ක් කල්පිටියේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව කල්පිටිය කීරිමූන්දලම වෙරළ තීරයේ ඊයේ (අගෝස්තු 04) දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මගින් රුපියල් මිලියන 16 ක් වටිනා මුහුදු කූඩැල්ලන් කිලෝ 820 ක් සමඟ සැකකරුවන් හත් දෙනෙකු සහ ඩිංගි යාත්‍රා දෙකක් අත්අඩංගුවට ගෙන තිබේ.
කලාපීය සමුද්‍ර ආරක්‍ෂාව ප්‍රවර්‍ධනය සඳහා කොළඹ ආරක්‍ෂක සමුළුව
සමුද්‍ර ආරක්‍ෂණ සහයෝගීතාව පිළිබඳ පස්වන ජාතික ආරක්‍ෂක නියෝජ්‍ය උපදේශක සමුළුව වන ‘කොළඹ ආරක්‍ෂක සමුළුව’ ඊයේ (අගෝස්තු 4) දින ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ මාලදිවයින නියෝජනය කරමින් ඉහළ පෙළේ ආරක්ෂක නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් යුද හමුදා මූලස්ථානයේදී පැවැත්විය.
ගුවන් හමුදාව නිෂ්පාදනය කරන ලද ඔක්සිජන් චිකිත්සා ඒකක සෞඛ්‍ය අංශයට
කොවිඩ් -19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් නිෂ්පාදනය කරන ලද තාප හියුම්කරණ ඔක්සිජන් චිකිත්සා ඒකක දෙකක් අද (අගොස්තු 4) දින ගුවන් හමුදා මූලස්ථානයේදී සෞඛ්‍ය බලධාරීන් වෙත භාර දෙන ලදී.
ගුවන් හමුදාවෙන් ඉදිකල මුල්ලේරියාව රෝහලේ නව වාට්ටු සංකීර්ණය විවෘත කෙරේ
ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ඉදිකරන ලද මුල්ලේරියාව මූලික රෝහලේ නව වාට්ටු සංකීර්ණය සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය වෙත ඊයේ (අගෝස්තු 3) දින භාර දෙන ලදී.
නව යුද හමුදා මූලස්ථානයේ ජනාධිපතිගේ පළමු සංචාරය
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඊයේ (අගෝස්තු 3) දින කෝට්ටේ, ශ්‍රී ජයවර්ධනපුර, ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ පිහිටි යුද හමුදා මූලස්ථානයට පැමිණෙන ලදී.
එන්නත්කරණ වැඩසටහන ජනපති නිරීක්ෂණයට…
කොළඹ, විහාරමහා දේවී එළිමහන් රංග පීඨ භූමියේ ක්‍රියාත්මක, එන්නත්කරණ මධ්‍යස්ථානය ඊයේ (02) රාත්‍රියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නිරීක්ෂණයට ලක් කෙරිණ.
'රණබිමෙන් ගොවිබිමට - සරුපසේ පෙරළිය' ගාල්ලට
වස විසෙන් තොර කාබනික පොහොර නිෂ්පාදනය සඳහා රණවිරු සේවා අධිකාරියේ ප්‍රතිලාභී පවුල් දැනුවත් කිරීමේ අරමුණින් ‘සරුපසේ පෙරළිය’ යන තේමාව යටතේ රණවිරු සේවා අධිකාරිය මෙහෙයවන වැඩමුළුව පසුගියදා ගාල්ල ලබුදූව රජයේ ගොවිපලේදී පවත්වන ලදි.
ශ්‍රී ලංකාවට සුනාමි බලපෑමක් නැහැ - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
අන්දමන් දූපත් ආශ්‍රිතව රිච්ටර් මාපක 6.5 ක් වන භූමිකම්පාවක් හටගෙන ඇති අතර දැනට ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසයි.
යුද හමුදා භට පිරිස් ලැව් ගින්නක් නිවා දමයි
පවත්නා වියළි කාලගුණය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ බඹරගල කන්ද ප්‍රදේශයේ හටගත් ලැව් ගින්නක් මෑතකදී යුද හමුදාව විසින් මැඩපවත්වන ලදී.
නාවික හමුදාවෙන් සංවර්ධනය කළ මණ්ඩතිව් රෝමානු කතෝලික විද්‍යාලයේ පහසුකම් සිසු අයිතියට
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් යාපනය මණ්ඩතිව් දූපතේ පිහිටි රෝමානු කතෝලික විද්‍යාලයේ පහසුකම් සංවර්ධනය කර පාසල් බලධාරීන් වෙත ඊයේ (අගෝස්තු 1) භාර දෙන ලදි.
යාපනයේදී ගංජා කිලෝ 109ක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් තොන්ඩමනාරු සිට මාමුණෙයි දක්වා වූ ගොඩබිම් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ සිදු කළ මෙහෙයුමකදී රුපියල් මිලියන 32ක් පමණ වටිනා ගංජා කිලෝ 109 හා ග්‍රෑම් 150ක් සැකකරුවන් දෙදෙනෙකු සහ ඩිංගි යාත්‍රාවක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
මෝර වරල් සහිත ධීවර යාත්‍රාවක් වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තු භාරයට
නීති විරෝධී ලෙස ලබාගන්නා ලද මෝර වරල් තොගයක් සමග ධීවරයින් හය දෙනෙකු සහ එක් දින ධීවර යාත්‍රාවක් ත්‍රිකුණාමලය කොඩ්බේ ධීවර වරායේ ස්ථානගතව සිටින ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
MCC වෙතින් මුහුණු ආවරණ පරිත්‍යාගක්
කොවිඩ් -19 ට එරෙහිව සටන් කිරීම සඳහා ශ්‍රී ලංකා ආරක්‍ෂක අමාත්‍යාංශය ගෙන යන වැඩපිළිවෙළට සහයෝගය දක්වමින් Metallurgical Corporation of China Limited (MCC) හි ශ්‍රී ලංකා ශාඛාව, මුහුණු ආවරණ තොගයක් ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මහතා වෙත පසුගියදා භාර දුන්නේය.
M2C ව්‍යවසායකත්ව වැඩසටහන ආරක්‍ෂක ලේකම්ගේ ඇගයීමට
සොල්දාදුවෙකු තමාට පැවරෙන ඕනෑම කාර්යයක් කිරීමට සූදානම් බැවින් ඔහුට කළ නොහැකි කිසිවක් නොමැති බව ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) අද (අගෝස්තු 1) දින පැවසීය.
ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව ලබාදීම ආරම්භ වේ
ඇස්ට්‍රාසෙෙනකා (කොවිෂීල්ඩ්) එන්නතෙහි දෙවන මාත්‍රාව ලබා දීම ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි යුද හමුදා වෛද්‍ය බලකාය විසින් කොළඹ විහාර මහා දේවී උද්‍යාන පරිශ්‍රයේදී අද (අගෝස්තු 1) දින ආරම්භ කරන ලදි.
කොතලාවල විශ්වවිද්‍යාලය තුළින් අධ්‍යාපනය මිලිටරිකරණය වේ යැයි සමාජය තුළ ඇති චිත්‍රය සම්පූර්ණයෙන්ම වැරදියි
ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය සුදුසුකම් ඇති සෑම කෙනෙකුටම විවෘත වීම තුලින් අපේ රටේ දහස් ගණන් ළමයින් හට කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයට ඇතුළු වී තම උසස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගැනීමට හැකි විය.
මෝර වරල් සහිත ධීවර යාත්‍රාවක් වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තු භාරයට
නීති විරෝධී ලෙස ලබාගන්නා ලද මෝර වරල් තොගයක් සමග ධීවරයින් හය දෙනෙකු සහ එක් දින ධීවර යාත්‍රාවක් ත්‍රිකුණාමලය කොඩ්බේ ධීවර වරායේ ස්ථානගතව සිටින ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.