පසුගිය පුවත්

පසුගිය පුවත් | පසුගිය පුවත්

නාවික හමුදාවේ ‘ජයසාගර’ නෞකාව නාවික හමුදා සේවය අවසන් කරයි

නාවික හමුදාවේ ‘ජයසාගර’ නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකූලව උත්තමාචාර පුදකර නාවික සේවයෙන් ඉවත් කිරීම, පසුගිය බ්‍රහස්පතින්දා (සැප්තැම්බර් 30) දින ත්‍රිකුණාමලය නාවික තඨාකාංගනයේදී පැවැත්විණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

සන්නාහ සන්නද්ධ බලකා භටපිරිස් 12 වසරකට පසු වෙඩි තැබීමේ පුහුණුවකට එක්වෙයි

වසර 12 කටත් අධික කාලයකට පසුව සන්නාහ සන්නද්ධ රථ යොදාගෙන වෙඩි තැබීමේ පුහුණුවක් සැප්තැම්බර් මස 21 සහ 22 දෙදින පුරා කල්පිටිය ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්ෂේත්‍ර වෙඩි පිටියේදී පැවැත්විණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

රණවිරු දරු දැරියන් 17000 කට රණවිරු සේවා අධිකාරියේ ශිෂ්‍යත්ව

ජාතියේ නිදහස උදෙසා කැපවුනු සමාජයේ අවධානයට ලක්විය යුතු අපේම දරු දැරියන් කොටසක් තම දෙමව්පියන් අහිමි ව ඔවුන්ගේ විඩාබර කඳුළු මැද ගෙවූ ජීවිත කතාවක් යථාර්ථයක් බවට පත් කරගන්නට උදව් උපකාර කරන රණවිරු සේවා අධිකාරියේ අධ්‍යාපන ශිෂ්‍යත්ව හා තරුණ කටයුතු අංශය විසින් 2021 ලෝක ළමා දිනය රණවිරු දුවා දරුවන් ඇතුළු සමස්ත දූ දරුවන්ට සුභ ලෝක ළමා දිනයක් වේවායි සුභ පැතුම් එක් කර සිටී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ජාතියේ අනාගතය අපේ දරු පරපුරයි - ජනාධිපති

වර්තමානයේ ලෝකය මුහුණ දී ඇති වසංගතය හමුවේ සමස්ත දරු පරපුරේ සිතුම්පැතුම්වලට ළමා ලෝකයට ඇති සීමා බොහෝය. පාසල් පන්ති කාමරය, ක්‍රීඩා පිටිය තවමත් අපේ දරුවන්ට දුරස්ථය. දැයේ දරුවන්ට අහිමි ව ගිය ඒ සියලු අපේක්ෂා වඩාත් සුරක්ෂිතව ළඟා කරදීම රජයේ ප්‍රමුඛ කාර්යයක් වී තිබේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

‘2021 දියකාවා යුද අභ්‍යාසය’ සාර්ථකව අවසන් වේ

ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සංවිධානය කරනු ලැබූ ‘දියකාවා ඒකාබද්ධ යුද අභ්‍යාසය’ පසුගිය බදාදා (සැප්තැම්බර් 29) දින ත්‍රිකුණාමලය, කුච්චවේලිහිදී සාර්ථකව නිමාවට පත් විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

බන්ධනාගාර නිලධාරීන් සඳහා වන වැඩමුළුවේ ආරාධිත දේශනය ආරක්‍ෂක ලේකම් විසින්

සිරගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ පාතාල කල්ලි  බන්ධනාගාර තුළ සිටම තම ජාල අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම ඇතුළු ඔවුන්ගේ සියලු නිතීවිරෝධි ක්‍රියාවල පැවැත්ම බන්ධනාගාර නිලධාරීන්ගේ හැසිරීම මත රදා පවති.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකා සහ ඉන්දීය නාවික හමුදා අතර අන්තර්ජාතික
මුහුදු සීමා රැස්වීම මාර්ගගත ක්‍රමයට

ශ්‍රී ලංකා සහ ඉන්දීය නාවික හමුදාවන් අතර 31 වන අන්තර්ජාතික මුහුදු සීමා රැස්වීම අද (2021 සැප්තැම්බර් 29) මාර්ග ගත ක්‍රමය ඔස්සේ කොළඹ නාවික හමුදා මුලස්ථානයේ ප්‍රදීපාගාර අවන්හල් පරිශ්‍රයේදී පැවැත්විණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

යාපනය ශික්ෂණ රෝහල වෙත ගුවන් හමුදාවෙන් වෛද්‍ය උපකරණ

කොවිඩ් - 19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය  වෛද්‍ය උපකරණ තොගයක් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් යාපනය ශික්ෂණ රෝහල වෙත මෑතකදී භාර දෙන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

මාධ්‍ය නිවේදනය

ශ්‍රී ලංකාවේ දේවස්ථාන වලට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය හැකි බව සඳහන් කරමින් සමාජ මාධ්‍ය සහ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ සංසරණය වන පුවත අදාළ බලධාරීන් විසින් විශ්ලේෂණය හෝ තහවුරු නොකරන ලද තොරතුරක් පමණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

බෞද්ධ සිද්ධස්ථාන ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා යුද හමුදා සහාය

ත්‍රිකුණාමලය, අම්පාර සහ පොලොන්නරුව දිස්ත්‍රික්ක වල කලක් තිස්සේ නිසි ලෙස නඩත්තු නොකරන ලද බෞද්ධ සිද්ධස්ථාන කිහිපයක් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදා භට පිරිස් සිය තාක්ෂණික හා ශ්‍රම දායකත්වය ලබා දී ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නව ගසක් - නැවුම් බලාපොරොත්තුවක්

ශ්‍රී ලංකා යුද හමුදාව වෙරළ සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව සමඟ එක්ව පසුගියදා මුතූර් නාදතිව් කලපුවේ කඩොලාන පැළ 200 කට අධික ප්‍රමාණයක් රෝපණය කරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

58 වන ලෝක හමුදා බොක්සිං ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම් දෙකක්

රුසියාවේ මොස්කව්හිදී පසුගියදා පැවති 58 වන ලෝක හමුදා බොක්සිං ශූරතාවලියේදී ශ්‍රී ලංකා යුද හමුදාවේ ලාන්ස් කෝප්‍රල් සජීව නුවන් සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන් කාන්තා ගයානි කළුආරච්චි විසින් ලෝකඩ පදක්කම් දිනා ගන්නා ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ජාත්‍යන්තර සෙවීමේ හා ගලවා ගැනීමේ උපදේශක කණ්ඩායම වෙතින් පුහුණු පාඨමාලාවක්

සෙවීමේ හා ගලවා ගැනීමේ මූලික පුහුණු පාඨමාලාවක් මුලතිව් ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේ පිහිටි ආපදා කළමනාකරණ පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්වූ අතර එහි සහතික පත් ප්‍රදානය පසුගියදා මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවැත්විණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නාවික හමුදාව සහ වෙරලාරක්‍ෂක දෙපාර්තමේන්තුව අනතුරට පත් ධීවරයෙකු ගොඩබිමට රැගෙන එයි

ශ්‍රී ලංකා නාවික හමුදාව ජුලි මස 26 දින බහුදින ධීවර යාත්‍රාවක තුවාල ලබා සිටි ධීවරයෙකු ගොඩබිමට රැගෙන විත් වැඩිදුර ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහල වෙත යොමු කිරීමට කටයුතු කරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ගුවනේ දස්කම් පෑ හෙලිකොප්ටර් යානා බළඝණය වසර 27 සපුරයි

බාලවියේ සිටියද මහලු වියේ සිටියද මැදි වියේ සිටිය ද කියා වෙනසක් නැත ගුවනේ අහස් යානයක් යන විට කාගෙත් නෙත් මොහොකට හෝ එදෙසට යොමු වීම සුලභ දසුනකි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රදේශ කිහිපයකට නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කරයි

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක පහක ප්‍රදේශ කිහිපයක් සඳහා අද (සැප්තැම්බර් 27) දින පස්වරු 7.00 දක්වා වලංගු වන පරිදි ‘අදියර 1’ නාය යාමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

රුපියල් මිලියන 27 ක් වටිනා ගංජා තොගයක් මන්නාරමේදී අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සැප්තැම්බර් මස 24 දින මන්නාරම, වලෙයිපාඩු සහ ඒ ආසන්න මුහුදු තීරයේ සිදු කළ විශේෂ මෙහෙයුම් දෙකකදී ගංජා කිලෝග්‍රෑම් 91 කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

සඳහිරු සෑය 2021 නොවැම්බර් මාසයේදී බැතිමතුන්ගේ වන්දනාවට - ආරක්‍ෂක ලේකම්

සඳහිරු සෑය ඉදි කිරීමේ ක්‍රියාවලියේ අවසන් අදියරෙහි කටයුතු සම්බන්ධ කරුණු ගෙනහැර දක්වමින් ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) පැවසුයේ, මෙම පූජනීය ස්ථූපය මේ වසරේ නොවැම්බර් මාසයේදී ජනතා අයිතියට පැවරෙන බවයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ජාවාරම් කළ කහ කිලෝ 2350 ක් යුද හමුදා අත්අඩංගුවට

යුද හමුදාව විසින් වෙට්ටකාඩු ප්‍රදේශයේ මෑතකදී සිදු කළ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස ගෙන ආ කහ කිලෝග්‍රෑම් 2350 ක් සහ එනසාල් කිලෝග්‍රෑම් 50 ක් අත්අඩංගුවට ගෙන තිබේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

යුද හමුදාව ආපදා ප්‍රතික්‍රියා පුහුණුවීම් සිදු කරයි

ශ්‍රී ලංකා යුද හමුදා ආපදා ප්‍රතික්‍රියා පුහුණු මධ්‍යස්ථානය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව ‘ජාත්‍යන්තර සෙවුම් සහ මුදාගැනීමේ උපදේශක කණ්ඩායම’ සඳහා පුහුණුකරුවන් පුහුණුකිරීමේ පාඨමාලාවක් මෑතකදී ගම්පොලදී පැවැත්විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රි ලංකා - ඕස්ට්‍රේලියා ආරක්‍ෂක සබඳතා තවදුරටත් ශක්තිමත් වේ

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු වැඩබලන මහ කොමසාරිස්, අතිගරු ඇමැන්ඩා ජෙවෙල් අද (සැප්තැම්බර් 23) දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ හි පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) හමුවූහ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

මෙරට මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙල එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරකගේ පැසසුමට

ශ්‍රී ලංකාවට පමණක් නොව සමස්ථ කලාපයටම යහපත් ප්‍රතිඵල අත්කර දෙන නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් ආරක්‍ෂක අමාත්‍යාංශය හරහා ආරම්භ කරන ලද වැඩපිළිවෙල එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරක හනා සිංගර් මහත්මියගේ ඇගයීමට ලක්විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නික්මයන පකිස්තාන මහකොමසාරිස් ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ශ්‍රී ලංකාවේ පකිස්තාන මහකොමසාරිස් මේජර් ජෙනරල් මුහම්මද් සාද් කතක් (විශ්‍රාමික) සිය ධූර කාලය සම්පූර්ණ කර නික්ම යාමට ප්‍රථම ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) අද (සැප්තැම්බර් 23 ) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ලොව සියලුම ස්වෛරී රාජ්‍යයන්හි ප්‍රමාණය හෝ ශක්තිය නොසලකා සාධාරණ ලෙස පහසුකම් සැලසිය යුතුයි – ජනපති ජගත් සමුළුව අමතමින් කියයි

ලොව සියලුම ස්වෛරී රාජ්‍යයන්හි ප්‍රමාණය හෝ ශක්තිය  නොසලකා සාධාරණ ලෙස පහසුකම් සැලසිය යුතුයි – ජනපති ජගත් සමුළුව අමතමින් කියයි 


පසුගිය පුවත් | පසුගිය පුවත්

කාබනික පොහොර නිෂ්පාදනය පිලිබඳව යුද හමුදාවෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා යුද හමුදාව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සමඟ එක්ව කාබනික පොහොර නිෂ්පාදනය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා වැලිඔය හිදී පැවැත්වීය.