පසුගිය පුවත්
නීතිවිරෝධී මෝර දඩයමක් නීතියේ රැහැනට
නීතිවිරෝධී ලෙස ලබාගන්නා ලද මෝර කොටස් කිලෝ 27 ක පමණ ප්‍රමාණයක් සහිත බහුදින ධීවර යාත්‍රාවක් සමග ධීවරයින් 5 දෙනෙක් යාපනය මයිලඩි ධීවර වරායේදී වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් මෑතකදී අත්අඩංගුවට ගෙන ඇත.
බස්නාහිර පළාත් ගුරුවරුන් එන්නත්කරණයට
යුද හමුදා වෛද්‍ය බලකාය විසින් අධ්‍යාපන අංශයේ කාර්ය මණ්ඩලයට එන්නත ලබා දීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදු කරමින් බස්නාහිර පළාතේ ගුරුවරුන්ටද කොළඹ යුද හමුදා රෝහලේදී එන්නත ලබා දීම ඊයේ (ජූලි 12) ආරම්භ කරන ලදි.
රුපියල් මිලියන 103 ක් වටිනා ගංජා තොගයක් නාවික හමුදා භාරයට
යාපනය අනලතිවු දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝ 344යි ග්‍රෑම් 550 ක් සමඟ සැකකරුවන් තිදෙනෙකු සහ ඩිංගි යාත්‍රාවක් අද (ජූලි 12) දින නාවික හමුදා භාරයට ගෙන තිබේ.
පාලම් තුළ සිරවූ අපද්‍රව්‍ය ඉවත් කිරීමට නාවික හමුදා මෙහෙයුම්
බද්දේගම ප්‍රදේශයේ ගිං ගඟ හරහා ඉදි කර ඇති අගලිය සහ දොඩන්ගොඩ යන පාලම් තුළ සිරවූ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුමක් නාවික හමුදාව විසින් පසුගිය දා ක්‍රියාත්මක කෙරිණි.
කහ කිලෝ 2360ක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ (ජූලි 11) මන්නාරම, වංකාලේ වෙරළ ප්‍රදේශයේ දී මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝග්‍රෑම් 2360 පමණ ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
යුද හමුදාව ගංජා හේනක් වටලයි
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් 18 වන ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් මොණරාගල කැබිලිත්ත ප්‍රදේශයේ ගංජා හේනක් වටලා එම වගාව විනාශ කර ඇත.
නාවික හා ධීවර ප්‍රජාවන් සැලකිලිමත් වන්න - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මීට මද වේලාවකට පෙර සමුද්‍ර කාලගුණ අනාවැකිය නිකුත් කරමින් කියා සිටියේ මන්නාරම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු වන බැවින් නාවික සහ ධීවර ප්‍රජාව මේ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙසයි.
යුද හමුදාව විසින් පොල් පැල 700 කට අධික ප්‍රමාණයක් යාපනයේ වගා කෙරේ
ශ්‍රී ලංකා යුද හමුදාවේ යාපනයේ ආරක්ෂක සේනා මූලස්ථානය විසින් ඊයේ (ජූලි 10) දින යාපනය අර්ධද්වීපයේ ආගමික හා රාජ්‍ය ස්ථානවල, යුද හමුදා කඳවුරු තුළ, නිසරු හා පෞද්ගලික ඉඩම්වල පොල් පැළ 700 කට අධික ප්‍රමාණයක් රෝපණය කරන ලදී.
මිලියන 4ක් වටිනා කහ තොගයක් යුද හමුදා භාරයට
මන්නාරම වෙරළතීරයේ පෙරියකඩේ ප්‍රදේශයෙන් මිලියන 4ක් පමණ වටිනාකමින් යුත් කහ කිලෝග්‍රෑම් 672ක් සොයාගැනීමට ශ්‍රී ලංකා යුද හමුදාව සමත්ව ඇත.
අයහපත් කාලගුණයට මුහුණ දීමට නාවික හමුදාව සීරුවෙන්
දිවයින පුරා පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවන්හිදී ජනතාවට සහන සැලසීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කළුතර, රත්නපුර සහ ගාල්ල යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක සහන කණ්ඩායම් 08 ක් යොදවා ඇත.
සඳහිරු සෑ කෞතුකාගාරය සඳහා මුල්ගල තැබේ
අනුරාධපුර සඳහිරුසෑයට යාබදව ඉදිකිරීමට යෝජිත කෞතුකාගාරය සඳහා මුල්ගල තැබීම, ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) විසින් අද (ජූලි 10) දින සිදු කරන ලදී.
තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීම
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉදිරි පැය 24 සඳහා කාලගුණ අනාවැකිය නිකුත් කරමින් අද දින (ජූලි 10) සඳහන් කලේ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. 60 දක්වා වන තද සුළං සහ උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සහ බස්නාහිර වෙරළබඩ ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. 50 දක්වා වන තද සුළං ඇතිවිය හැකි බවයි.
ක්‍රිෂ්ණපුරම්හි දිළිඳු පවුලක් සඳහා නව නිවසක්
කිලිනොච්චිය ආරක්ෂක සේනාවට අයත් යුද හමුදා භට පිරිස්ගේ මූල්‍ය, ශ්‍රම හා තාක්ෂණික සහායෙන් කිලිනොච්චිය ක්‍රිෂ්ණපුරම් හි දිළිඳු පවුලක් වෙත නව නිවසක් ඉදිකර ඔවුන් වෙත භාර දෙන ලදී.
යාපනයේ ඩෙංගු මර්දනය සඳහා යුද හමුදාව ආගමික ස්ථාන පිරිසිදු කරයි
යාපනය අර්ධද්වීපය ඩෙංගු මදුරුවන්ගෙන් තොර ප්‍රදේශයක් කිරීමේ අරමුණින් යුද හමුදා භට පිරිස් විසින් ආගමික ස්ථාන පිරිසිදු කිරීමේ ශ්‍රමදාන මාලාවක් පසුගියදා සිදු කරන ලදී.
සැප්තැම්බර් මාසයට පෙර ජනගහණයෙන් වැඩි ප්‍රතිශයකට එන්නත දීමට ජනපතිගෙන් පුළුල් වැඩපිළිවෙළක්
සැප්තැම්බර් මාසයට පෙර සමස්ත ජනගහණයෙන් වැඩි ප්‍රතිශයකට කොවිඩ් එන්නත ලබාදීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පුළුල් වැඩපිළිවෙළක් ඉදිරිපත් කරයි.
අධ්‍යාපන නිලධාරීන්ට සහ ගුරුවරුන්ට යුද හමුදාව එන්නත ලබාදෙයි
ගුරුවරුන් සඳහා එන්නත ලබා දීමට ප්‍රමුඛතාවය ලබා දෙන ලෙස ජනාධිපතිතුමා ලබාදුන් උපදෙස් අනුව එම වැඩසටහන අරම්භ කරමින් ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය කණ්ඩායම විසින් මහරගම ජාතික අධ්‍යාපන ආයතන කාර්ය මණ්ඩලයේ පුද්ගලයින් 350 කට පමණ මෑතකදී එන්නත ලබා දෙන ලදී.
ගුවන් හමුදාවෙන් සුරතල් සතුන් සඳහා රෝහලක්
ගුවන් හමුදාව විසින් සුරතල් සතුන් වෙනුවෙන් අළුතින් ඉදිකරන ලද සත්ව රෝහල, ජනාධිපති ආර්යා අයෝමා රාජපක්ෂ මැතිනිය විසින් කොළඹ 8 ගුවන් පුරයේදී විවෘත කරන ලදී.
නාවික හමුදා විශේෂ පුහුණුවීම් සඳහා සමුද්‍රීය පුහුණු අකෘතියක්
නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේ ඉදිකරන ලද මෙරට ප්‍රථම ජාත්‍යන්තර මට්ටමේ පහසුකම් වලින් සම්පූර්ණ සමුද්‍රීය පුහුණු ආකෘතිය (ship - In - a- Box - SIAB) නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් ඊයේ විවෘත කරන ලදී.
කාබනික පොහොර නිෂ්පාදනය ශක්තිමත් කිරීමට සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්‍ෂ ජෙනරාල්ගේ අවධානය
සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්‍ෂ ජනරාල් ලෙස පත්වූ මේජර් ජෙනරල් රන්ජන් ළමාහේවගේ විසින් (විශ්‍රාමික) සිය නිලයේ වැඩ භාරගත් අවස්ථාවේදී කියා සිටියේ, ජනාධිපතිතුමන්ගේ දැක්මට අනුව කාබනික පොහොර නිෂ්පාදනය ශක්තිමත් කිරීම සඳහා සිය පූර්ණ සහයෝගය ලබා දෙන බවය.
2021 ජූලි මස 06 වන දින, එක්සත් ජනපදය ශ්‍රී ලංකාව සඳහා පැනවූ සංචාරක සීමාවන් සබැඳිව මාධ්‍ය නිවේදනය
එක්සත් ජනපදය විසින් 2021 මැයි මස 24 වන දින, ශ්‍රී ලංකාව සඳහා නිකුත් කර තිබූ 4 වන මට්ටමේ සංචාරක සීමාවන්, 2021 ජූලි මස 6 වන දින, 3 වන මට්ටම දක්වා යාවත්කාලීන කර ඇත.
දිවයිනේ කහ වගා කිරීමට යුද හමුදාව දායක වේ
ශ්‍රී ලංකා යුද හමුදා පොදු සේවා බලකායේ කුට්ටිගල කඳවුරේ භට පිරිස් විසින් එම කඳවුරු භූමියේ අක්කර පහක පමණ භූමි ප්‍රමාණයක කහ බීජ රෝපණය කරන ලදී.
පහළොස් හැවිදිරි දැරියක් අපයෝජනය කළේ යැයි යන සිද්ධිය සම්බන්දයෙන් සැකපිට අත්අඩංගුවට ගත් නාවික හමුදා වෛද්‍යවරයාගේ සේවය අත්හිටුවීමට පියවර
පහළොස් හැවිදිරි දැරියක් අපයෝජනය කළේ යැයි චෝදනාව මත මෑතකදී අත්අඩංගුවට ගත් නාවික හමුදා ශල්‍ය වෛද්‍යවරයාගේ සේවය ආරක්ෂක අමාත්‍යංශයේ උපදෙස් මත වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් පියවර ගන්නා ලදි.
යුද හමුදාව ස්වයංක්‍රීය දෑත් විෂබීජහරණය කිරීමේ යන්ත්‍රයක් නිපදවයි
ශ්‍රී ලංකා යුද හමුදා පර්යේෂණ, විශ්ලේෂණ හා සංවර්ධන ඒකකය විසින් නිෂ්පාදනය කරන ලද දෑත් විෂබීජහරණය කිරීමේ ස්වයංක්‍රීය යන්ත්‍රයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත ඊයේ (ජූලි 06) දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී හඳුන්වා දෙන ලදී.
හමුදා සහයෙන් විශාල ජන පිරිසකට එන්නත් ලබාදේ
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් අනුව ජාතික එන්නත්කරණ ක්‍රියාවලිය වැඩි දියුණු කරමින් විශාල ජනකායකට එන්නත් ලබාදීම සඳහා ආරම්භ වූ හමුදාව විසින් මෙහෙයවන එන්නත් ලබා දීමේ ක්‍රියාවලිය ඊයේ දින ආරම්භ විය.
රුපියල් මිලියන 29 ක් වටිනා ගංජා තොගයක් නාවික හමුදා භාරයට
යාපනය කෝවිලම් ප්‍රදේශයට උතුරින් වූ මුහුදේදී රුපියල් මිලියන 29 ක් වටිනා කිලෝ 98 ග්‍රෑම් 500 ක් පමණ වන ගංජා තොගයක් සමග සැකකරුවන් තිදෙනෙකු සහ ඩිංගි යාත්‍රාවක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද (ජූලි 6) දින අත්අඩංගුවට ගෙන ඇත.