පසුගිය පුවත්
කේරල ගංජා සමග සැකකරුවෙකු මන්නාරමේ දී අත්අඩංගුවට
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් පසුගිය බ්‍රහස්පතින්දා (මැයි20) දින මන්නාරම ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මගින් කේරල ගංජා කිලෝ 1 ග්‍රෑම් 450ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
බහාලුම් නෞකාවක ගින්න මැඩපැවැත්වට නාවික හමුදා සහය
කොළඹ වරායට වයඹ දෙසින් නාවික සැතපුම් 9.5ක් දුර මුහුදේ නැංගුරම් ලා තිබූ X-PRESS PEARL නැමති බහාලුම් ප්‍රවාහන නෞකාවේ ඇතිවූ ගින්න නාවික හමුදාවේ නෞකා සහ යාත්‍රා යොදාගෙන මේ වනවිට පාලනය කිරිමට කටයුතු කර ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක අද (21) දින පැවසීය.
ධීවර ප්‍රජාවන්වෙත අනතුරු ඇගවේ
උතුරු අන්දමන් සහ ඊසාන දිග බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශය තුල (12N-20N, 85E-100E) ධිවර සහ නාවුක කටයුතුවල නොයෙදෙන ලෙස අවවාද කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (මැයි 21) කාලගුණ නිවේදනයක් නිකුත් කර ඇත.
අද රාත්‍රියේ සිට සංචරණ සීමා පැනවේ
අද රාත්‍රි 11.00 සිට රටපුරා සංචරණ සීමා පැනවෙන අතර එය අඟහරුවාදා (මැයි 25) අලුයම 4.00 ට ඉවත් කෙරේ.
ගඩොල් කැපීමේ යන්ත්‍රයක් මිලදී ගැනීම සඳහා ‘දීඝවාපිය අරුණ’ අරමුදලට පරිත්‍යාගයක්
'දීඝවාපිය අරුණ' අරමුදලට රු. 550,000 ක මුදලක් පරිත්‍යාගශීලියෙකු විසින් ලබා දීම අද (මැයි 21) ආරක්ෂක අමාත්‍යාංශයේ දී සිදුවිණි.
ඊසාන දිග බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශය රළුවන ලකුණු
උතුරු අන්දමන් සහ ඊසාන දිග බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ, මැයි මස 22 දින වන විට අඩු පීඩන තත්ත්වයක් වර්ධනය වීමේ හැකියාව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (මැයි 20) කාලගුණ නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටී.
නීති විරෝධී වැලි ගොඩදැමීමේ ස්ථාන කිහිපයක් ගුවන් හමුදාව සහ විශේෂ කාර්ය බලකාය එක්ව වටලයි
ශ්‍රී ලංකා ගුවන් හමුදා බුද්ධි අංශ ක්‍රියාකාරීන් හරහා ලබාගත් බුද්ධි තොරතුරු සහ බී -200 ගුවන් යානා යොදා ගනිමින් සිදු කළ වැඩිදුර නිරීක්ෂණ වලින් අනතුරුව ගුවන් හමුදා රෙජිමේන්තු විශේෂ බලකාය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ බුද්ධි අංශ විසින් ඊයේ ( මැයි 18) මුතූර් හි සිතාර් පාලම අසල සිදු කරන ලද නීති විරෝධී වැලි ගොඩදැමූ ස්ථාන කිහිපයක් වටලා තිබේ.
ජාතික රණවිරු සැමරුම
12 වන ජාතික රණවිරු සැමරුම් උත්සවය මිට සුළු මොහොතකට පෙර අද (මැයි 19) සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ජාතික රණවිරු ස්මාරකය අබියසදී පැවැත්විණි.
විජයග්‍රාහී දිනයේදී ත්‍රිවිධ හමුදාවේ 6744 කට උසස්වීම්
මැයි 18 දිනට යෙදී තිබෙන විජයග්‍රාහී දිනයට සමගාමීව 12 වන ජාතික රණවිරු සැමරුම සනිටුහන් කරමින් ආරක්ෂක අමාත්‍යාංශයේ නිර්දේශය මත, සන්නද්ධ හමුදා සේනාවිධායක සහ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් ත්‍රිවිධ හමුදාවේ 6744 දෙනෙකුට ඊලග නිළිය සඳහා උසස්වීම් ලබා දෙන ලදී.
සීදූව අතර මැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය ජනපතිගේ නිරීක්ෂණයට
යුධ හමුදාව විසින් සීදූවේ දී ඉදිකරණ ලද දිවයිනෙහි විශාලතම කොවිඩ් 19 අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය ඊයෙ (18) දින අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් නිරීක්ෂණය කරන ලදී.
නාවික හමුදා සහයෙන් කැළණි ගඟේ ගසාගෙන ගිය පාවෙන අප ද්‍රව්‍ය බාධකය යලි ස්ථාපිත කෙරේ
පසු ගිය දින කිහිපය පුරා පැවති අධික වර්ෂාව හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහල යාමත් සමඟ ජල පහරට හසුවී ගසාගෙන ගිය පාවෙන ජල බාධකය නැවත යතාතත්වයට පත් කිරීම සදහා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වෙත ඊයේ දින නාවික හමුදා සහය ලබා දෙන ලදි.
ආරක්ෂක අමාත්‍යාංශය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සිට වැඩ අරඹයි
ආරක්‍ෂක අමාත්‍යංශය, අකුරේගොඩ ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ ස්ථාපිත කිරීම අද (මැයි 18) දින සුබ මොහොතින් සිදුකෙරෙණි.
සීදුව අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය සඳහා දැඩිසත්කාර ඒකක ඇඳන් 10 ක්
යුද හමුදාව විසින් ස්ථාපනය කරන ලද සීදුව අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ භාවිතා කිරීම සඳහා අප්ෆීල්ඩ් ශ්‍රී ලංකා පුද්ගලික සමාගම (Upfield Sri Lanka Pvt Ltd) විසින් නව දැඩි සත්කාර ඒකක ඇඳන් 10 ක් පරිත්‍යාග කරන ලදි.
යුද හමුදා භටපිරිස් යාපනය අච්චුවේලි නගරය විෂබීජහරණය කරයි
කොවිඩ් 19 වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා හමුදාව මෑතකදී අච්චුවේලි නගරයේ පොදු ස්ථාන විෂබීජහරණය කළේය.
කිලෝ 55 කට අධික ගංජා තොගයක් යුද හමුදා අත්අඩංගුවට
යුද හමුදාවේ 16 වන ගැමුණු හේවා බළඇණියේ භටපිරිස් විසින් යාපනය පුලියන්තුරෙයි ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී ඇසුරුම් 26 ක තැන්පත් කර වෙරළබඩ ප්‍රදේශයේ සඟවා තිබු කේරළ ගංජා කිලෝග්‍රෑම් 55.4 ක් අත්අඩංගුවට ගන්නා ලදි.
“ටවුටේ” සුළි කුණාටුව තවත් චණ්ඩ වේ
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (මැයි 17) දින නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, නැගෙනහිර-මධ්‍යම අරාබි මුහුද ආශ්‍රිතව පැවති ඉතා චණ්ඩ “ටවුටේ” සුළි කුණාටුව, අද දින උදෑසන 08.30 පමණ වන විට අතිශයින් චණ්ඩ සුළි කුණාටුවක් බවට පත්ව, උතුරු අක්ෂාංශ 18.8 ත් නැගෙනහිර දේශාංශ 71.5 ත් ආසන්නව ස්ථානගතව පැවති අතර මෙය උතුරට බරව වයඹ දිශාවට ගමන් කරමින්, අද දින සවස් කාලයේදී ඉන්දියාවේ ගුජරාටි වෙරළ තීරය හරහා ගමන් කරනු ඇතැයි අපේක්‍ෂාෂා කරන බවයි.
වෙරළාරක්‍ෂක නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් නීති විරෝධී සංක්‍රමණික උත්සාහයන් ව්‍යර්ථ වේ
ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව සහ පොලීසිය විසින් නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සාහ කල පුද්ගලයින් 30 දෙනෙකු හලාවත සමිඳුගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
මෝර වරල් සහිත ධීවර යාත්‍රාවක් වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට
නීති විරෝධී ලෙස ලබාගන්නා ලද මෝර වරල් (කි.ග්‍රෑ. 55) ළඟ තබාගත් එක් දින ධීවර යාත්‍රාවක් සහ ධීවරයින් හය දෙනෙකු බේරුවල ධීවර වරායේ ස්ථානගතව සිටින ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
බස්නාහිර සහ දකුණු පළාත්වල ගංවතුරෙන් පීඩාවට පත්වූවන්ට යුද හමුදාවෙන් සහන
බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ අධීක්‍ෂණය යටතේ යුද හමුදා භටපිරිස් විසින් පවතින අයහපත් කාලගුණික තත්වය සහ ගංගා පිටාර ගැලීමෙන් පීඩාවට පත්වූ ජනතාවට සහන සැලසීම සඳහා සහය දක්වන ලදි.
නායයාමේ අනතුරු ඇඟවීම්
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දිස්ත්‍රික්ක හයක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීම් ඊයේ (මැයි 15) සවස නිකුත් කර තිබේ.
'ටවුටේ' සුළි කුණාටුව ගැන අවධානයෙන්
ගිණිකොණ දින අරාබි මුහුද ආශ්‍රිතව පැවති ගැඹුරු පීඩන අවපාතය, සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඊයේ (14) දින සිට ප.ව. 11.30 ට උතුරු අක්ෂාංශ 12න් නැගෙනහිර දේශාංශ 72.6 න් ආසන්නව ස්ථානගතව පැවති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේත්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත.
උතුරට තවත් අතරමැදි ප්‍රථිකාර මධ්‍යස්ථාන
යුධ හමුදාවේ යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් වඩුක්කෝඩෙයි කාර්මික ගොඩනැගිල්ල රෝගීන් 200 කු සඳහා නේවාසිකව ප්‍රථිකාර කළ හැකි අතරමැදි ප්‍රථිකාර මධ්‍යස්ථානයක් බවට වැඩිදියුණු කරන ලදි.