පසුගිය පුවත්
යාපනය ශික්ෂණ රෝහල වෙත ගුවන් හමුදාවෙන් වෛද්‍ය උපකරණ
කොවිඩ් - 19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් යාපනය ශික්ෂණ රෝහල වෙත මෑතකදී භාර දෙන ලදී.
මාධ්‍ය නිවේදනය
ශ්‍රී ලංකාවේ දේවස්ථාන වලට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය හැකි බව සඳහන් කරමින් සමාජ මාධ්‍ය සහ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ සංසරණය වන පුවත අදාළ බලධාරීන් විසින් විශ්ලේෂණය හෝ තහවුරු නොකරන ලද තොරතුරක් පමණි.
බෞද්ධ සිද්ධස්ථාන ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා යුද හමුදා සහාය
ත්‍රිකුණාමලය, අම්පාර සහ පොලොන්නරුව දිස්ත්‍රික්ක වල කලක් තිස්සේ නිසි ලෙස නඩත්තු නොකරන ලද බෞද්ධ සිද්ධස්ථාන කිහිපයක් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදා භට පිරිස් සිය තාක්ෂණික හා ශ්‍රම දායකත්වය ලබා දී ඇත.
නව ගසක් - නැවුම් බලාපොරොත්තුවක්
ශ්‍රී ලංකා යුද හමුදාව වෙරළ සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව සමඟ එක්ව පසුගියදා මුතූර් නාදතිව් කලපුවේ කඩොලාන පැළ 200 කට අධික ප්‍රමාණයක් රෝපණය කරන ලදී.
58 වන ලෝක හමුදා බොක්සිං ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම් දෙකක්
රුසියාවේ මොස්කව්හිදී පසුගියදා පැවති 58 වන ලෝක හමුදා බොක්සිං ශූරතාවලියේදී ශ්‍රී ලංකා යුද හමුදාවේ ලාන්ස් කෝප්‍රල් සජීව නුවන් සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන් කාන්තා ගයානි කළුආරච්චි විසින් ලෝකඩ පදක්කම් දිනා ගන්නා ලදී.
ජාත්‍යන්තර සෙවීමේ හා ගලවා ගැනීමේ උපදේශක කණ්ඩායම වෙතින් පුහුණු පාඨමාලාවක්
සෙවීමේ හා ගලවා ගැනීමේ මූලික පුහුණු පාඨමාලාවක් මුලතිව් ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේ පිහිටි ආපදා කළමනාකරණ පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්වූ අතර එහි සහතික පත් ප්‍රදානය පසුගියදා මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවැත්විණි.
නාවික හමුදාව සහ වෙරලාරක්‍ෂක දෙපාර්තමේන්තුව අනතුරට පත් ධීවරයෙකු ගොඩබිමට රැගෙන එයි
ශ්‍රී ලංකා නාවික හමුදාව ජුලි මස 26 දින බහුදින ධීවර යාත්‍රාවක තුවාල ලබා සිටි ධීවරයෙකු ගොඩබිමට රැගෙන විත් වැඩිදුර ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහල වෙත යොමු කිරීමට කටයුතු කරන ලදී.
ගුවනේ දස්කම් පෑ හෙලිකොප්ටර් යානා බළඝණය වසර 27 සපුරයි
බාලවියේ සිටියද මහලු වියේ සිටියද මැදි වියේ සිටිය ද කියා වෙනසක් නැත ගුවනේ අහස් යානයක් යන විට කාගෙත් නෙත් මොහොකට හෝ එදෙසට යොමු වීම සුලභ දසුනකි.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රදේශ කිහිපයකට නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කරයි
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක පහක ප්‍රදේශ කිහිපයක් සඳහා අද (සැප්තැම්බර් 27) දින පස්වරු 7.00 දක්වා වලංගු වන පරිදි ‘අදියර 1’ නාය යාමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
රුපියල් මිලියන 27 ක් වටිනා ගංජා තොගයක් මන්නාරමේදී අත්අඩංගුවට
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සැප්තැම්බර් මස 24 දින මන්නාරම, වලෙයිපාඩු සහ ඒ ආසන්න මුහුදු තීරයේ සිදු කළ විශේෂ මෙහෙයුම් දෙකකදී ගංජා කිලෝග්‍රෑම් 91 කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇත.
සඳහිරු සෑය 2021 නොවැම්බර් මාසයේදී බැතිමතුන්ගේ වන්දනාවට - ආරක්‍ෂක ලේකම්
සඳහිරු සෑය ඉදි කිරීමේ ක්‍රියාවලියේ අවසන් අදියරෙහි කටයුතු සම්බන්ධ කරුණු ගෙනහැර දක්වමින් ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) පැවසුයේ, මෙම පූජනීය ස්ථූපය මේ වසරේ නොවැම්බර් මාසයේදී ජනතා අයිතියට පැවරෙන බවයි.
ජාවාරම් කළ කහ කිලෝ 2350 ක් යුද හමුදා අත්අඩංගුවට
යුද හමුදාව විසින් වෙට්ටකාඩු ප්‍රදේශයේ මෑතකදී සිදු කළ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස ගෙන ආ කහ කිලෝග්‍රෑම් 2350 ක් සහ එනසාල් කිලෝග්‍රෑම් 50 ක් අත්අඩංගුවට ගෙන තිබේ.
යුද හමුදාව ආපදා ප්‍රතික්‍රියා පුහුණුවීම් සිදු කරයි
ශ්‍රී ලංකා යුද හමුදා ආපදා ප්‍රතික්‍රියා පුහුණු මධ්‍යස්ථානය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව ‘ජාත්‍යන්තර සෙවුම් සහ මුදාගැනීමේ උපදේශක කණ්ඩායම’ සඳහා පුහුණුකරුවන් පුහුණුකිරීමේ පාඨමාලාවක් මෑතකදී ගම්පොලදී පැවැත්විය.
ශ්‍රි ලංකා - ඕස්ට්‍රේලියා ආරක්‍ෂක සබඳතා තවදුරටත් ශක්තිමත් වේ
ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු වැඩබලන මහ කොමසාරිස්, අතිගරු ඇමැන්ඩා ජෙවෙල් අද (සැප්තැම්බර් 23) දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ හි පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) හමුවූහ.
මෙරට මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙල එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරකගේ පැසසුමට
ශ්‍රී ලංකාවට පමණක් නොව සමස්ථ කලාපයටම යහපත් ප්‍රතිඵල අත්කර දෙන නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් ආරක්‍ෂක අමාත්‍යාංශය හරහා ආරම්භ කරන ලද වැඩපිළිවෙල එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරක හනා සිංගර් මහත්මියගේ ඇගයීමට ලක්විය.
නික්මයන පකිස්තාන මහකොමසාරිස් ආරක්‍ෂක ලේකම් හමුවෙයි
ශ්‍රී ලංකාවේ පකිස්තාන මහකොමසාරිස් මේජර් ජෙනරල් මුහම්මද් සාද් කතක් (විශ්‍රාමික) සිය ධූර කාලය සම්පූර්ණ කර නික්ම යාමට ප්‍රථම ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) අද (සැප්තැම්බර් 23 ) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී හමුවිය.
ලොව සියලුම ස්වෛරී රාජ්‍යයන්හි ප්‍රමාණය හෝ ශක්තිය නොසලකා සාධාරණ ලෙස පහසුකම් සැලසිය යුතුයි – ජනපති ජගත් සමුළුව අමතමින් කියයි
ලොව සියලුම ස්වෛරී රාජ්‍යයන්හි ප්‍රමාණය හෝ ශක්තිය නොසලකා සාධාරණ ලෙස පහසුකම් සැලසිය යුතුයි – ජනපති ජගත් සමුළුව අමතමින් කියයි
කාබනික පොහොර නිෂ්පාදනය පිලිබඳව යුද හමුදාවෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක්
ශ්‍රී ලංකා යුද හමුදාව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සමඟ එක්ව කාබනික පොහොර නිෂ්පාදනය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා වැලිඔය හිදී පැවැත්වීය.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ උපරිම සහාය ශ්‍රී ලංකාවට ධනාත්මකව ලබා දෙනවා
ජාතීන් අතර සමගිය වර්ධනය කර ගනිමින් ඉදිරියට ගමන් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ උපරිම සහාය ඉතා ධනාත්මකව ශ්‍රී ලංකාවට ලබාදෙන බව එහි මහලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් (Antonio Guterres) මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමග පවසයි.
ලේ දන්දීම තුලින් සහජීවනය
රුධිරය පරිත්‍යාග කිරීම ඒ සදහා අවශ්‍යතාවය ඇති අයට උපකාර කිරීමට ඇති හොඳම ක්‍රමයකි. එය වේදනා රහිත කරදරයකින් තොරව ඕනෑම සෞඛ්‍ය සම්පන්න පුද්ගලයෙකුට කළ හැකි නිදහස් උදාර ක්‍රියාවක්. එපමණක් නොව රුධිර අවශ්‍යතාවය සපුරාලීම කුලය, ආගම සහ ජාතිය නොසලකා ලෝකයේ ඕනෑම තැනක කාරුණික හදවතක් ඇති මනුෂ්‍යත්වය පිළිබිබු කිරීමකි.
වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවෙන් සන්නද්ධ හමුදා සදහා ජීවිතාරක්‍ෂක පුහුණු පාඨමාලාවක්
ජල ආරක්‍ෂක දැනුම වැඩි දියුණු කිරීම සහ ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සදහා ජල අනතුරුවලදී ප්‍රතිචාර දැක්වීමේ කුසලතා වැඩිදියුණු කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සහ ගුවන් හමුදාව සඳහා බලපිටිය, ජීවිතාරක්‍ෂක පුහුණු පාසලේදී පසුගියදා මූලික මට්ටමේ ජීවිතාරක්‍ෂක පුහුණු පාඨමාලාව පැවැත්වීය.
නාවික හමුදාව තුවාල ලැබූ ධීවරයින් දෙදෙනෙකු ගොඩබිමට ගෙන එයි
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පසුගියදා ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ සහය ඇතිව බහුදින ධීවර යාත්‍රාවක බරපතල තුවාල ලැබූ ධීවරයින් දෙදෙනෙකු ගොඩබිමට ගෙන එන ලදි.
වියලි කහ කිලෝ 3704 කට අධික තොගයක් නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් මන්නාරම, සවුත්බාර් හා ඉරුක්කලම්පිඩ්ඩි වෙරළ ප්‍රදේශයන්හි සහ මන්නාරම දකුණු මුහුදේ පසුගියදා සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීතී විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ තවත් වියලි කහ කිලෝ 3704කට අධික තොගයක් අත්අඩංගුවට ගෙන ඇත.
කන්තලේ ජල පවිත්‍රාගාරයට ජලය ලබාදීම සදහා වැලි කොට්ට ඇතුරූ ජලමාර්ගයක්
කන්තලේ ජල පවිත්‍රාගාරයේ ජල මට්ටම පහල ගොස් ඇති බැවින් කන්තලේ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ඉල්ලීමකට අනුව මහවැලි ගඟේ සිට කන්තලේ ජල පවිත්‍රාගාරය දක්වා ජලය රැගෙන යාම සදහා ජලාප්‍රවාහන මාර්ගයක් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් වැලි කොට්ට අතුරා සකස් කරන ලදී.
ගුවන් හමුදා ‘කැලෑබද සටන් සහ ගුවන් සංග්‍රාමික මෙහෙයුම්’ පාඨමාලාව විදේශීය පුහුණුලාභීන් විසින් සාර්ථකව නිම කෙරේ
බංග්ලාදේශය, මාලදිවයින සහ පාකිස්තානය යන රටවලින් පැමිණි විදේශීය පුහුණුලාභීන් හය දෙනෙකු සඳහා වූ අංක 02 ‘කැලෑබද සටන් සහ ගුවන් සංග්‍රාමික මෙහෙයුම්’ පාඨමාලාව පසුගියදා මොරවැව පිහිටි ගුවන් හමුදා රෙජිමේන්තු විශේෂ බලකා පුහුණු පාසලේදී සාර්ථකව නිමාවන ලදී.