පසුගිය පුවත්

පසුගිය පුවත් | පසුගිය පුවත්

සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට වසර 17ක් සපිරේ

සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් රොෂාන් සේනක බියන්විල ගේ ප්‍රධානත්වයෙන් සැප්තැම්බර් 13 වන දින සිය 17 වන සංවත්සරය සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු මූලස්ථාන පරිශ්‍රයේදී අභිමානවත් ලෙස සමරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා
වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස පත් කෙරේ

අද (13) සිට ක්‍රියාත්මක වන පරිදි වැඩබලන අමාත්‍යවරුන් ලෙස රාජ්‍ය අමාත්‍යවරුන් සිව් දෙනෙකු පත් කර ඇති අතර වැඩබලන ආරක්ෂක අමාත්‍ය ධුරයද ඊට ඇතුලත් වේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

යුද්ධයේදී මියගිය හා ආබාධිත රණවිරුවන්ගේ යැපෙන්නන් හට
වැටුප් හා දීමනා ලබාදීම සබැඳිව

පසුගිය යුධ සමයේ පැවති ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් ආබාධිත තත්වයට පත්ව වෛද්‍ය හේතුන් මත, ත්‍රිවිධ හමුදා සේවයෙන් ඉවත් වන හමුදා සාමාජිකයින් වෙත ඔවුන්ගේ වයස 55 දක්වා සහ ඔහුට සහ ඔහුගේ වැන්දඹු බිරිදට ජිවිතාන්තය දක්වා එම දීමනා එලෙසම හිමිගැන්වීම සඳහා මෙම අමාත්‍යාංශය දැනටමත් අවශ්‍ය විධිවිධාන සලසා ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානය යටතේ සේවයේ නියුතු ශ්‍රී ලංකා භටපිරිස්හි සේවය ඇගයේ

ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානය (UNIFIL) යටතේ සේවයේ නියුතු 14 වන ශ්‍රී ලංකා මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායමේ (SLFPC) හමුදා සම්ප්‍රදායානුකූල පදක්කම් ප්‍රධානෝත්සවය පසුගිය බදාදා (සැප්තැම්බර් මස 06) දින ලෙබනනයේ, නකෝරා හි පිහිටි ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානයේ ග්‍රීන්හිල් ‘Soedirman’ කඳවුරු පරිශ්‍රයේදී පැවැත්විණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිවරයාට
ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයාගෙන් සුභ පැතුම්

ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයට අභිනවයෙන් පත්වූ උපකුලපති රියර් අද්මිරාල් ධම්මික කුමාර ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමාව අද (සැප්තැම්බර් 11) කොළඹ ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යාංශයේ දී හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

පවතින වැසි සහිත කාලගුණික තත්වය තවදුරටත් අපේක්ෂා කෙරේ

දිවයිනට බල පා ඇති වැසි සහිත කාලගුණය තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම කාලගුණ අනාවැකියට අනුව අද දින (සැප් 11) බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක අමාත්‍යාංශය: පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් Channel 4 හි
අසත්‍ය චෝදනා නිල වශයෙන් ප්‍රතික්ෂේප කිරීම

ළමුන් සහ විදේශිකයන් ඇතුළු අහිංසක ජීවිත 270 කට ආසන්න පිරිසකගේ ජීවිත බිලිගත් ලොවම කම්පා කළ 2019 පාස්කු ඉරිදා ප්‍රහාරය, ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර ප්‍රජාව භීතියෙන් බලා සිටියහ. මෙම ව්‍යසනයෙන් පසුව, ශ්‍රී ලංකා රජය, නීතිය ක්‍රියාත්මක කරන ආයතන, ආරක්‍ෂක අංශ සහ ජාත්‍යන්තර විමර්ශන ආයතන පුළුල් පරීක්ෂණ දියත් කළේය. වසර ගණනාවක් දේශීය හා ජාත්‍යන්තර වශයෙන් කරන ලද මෙම පරික්‍ෂණ තුලින් නිරන්තරයෙන් පෙන්වා දී ඇත්තේ මෙම භයංකර ඛේදවාචකයේ නිර්මාපකයින් සහරාන් හෂීම්ගේ නායකත්වයෙන් යුත් අයිඑස්අයිඑස් හා සම්බන්ධ කණ්ඩායම්වල සාමාජිකයින් බවයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

පාකිස්ථානයේ සහයෝගය ආරක්‍ෂක ලේකම්ගේ පැසසුමට

58 වැනි පාකිස්ථාන ආරක්‍ෂක සහ දිවිපිදුවන් සැමරුම් දින උත්සවය ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහකොමසාරිස් මේජර් ජෙනරල් (විශ්‍රාමික) උමාර් ෆාරුක් බුර්කි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (සැප් 07) කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවැත්විණි. මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න සහභාගි විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ 16 වැනි ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව ඇරඹේ

කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ 16 වැනි ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව අද (සැප්තැම්බර් 07) විශ්වවිද්‍යාලිය ශ්‍රවණාගාරයේ දී ආරම්භ විය. ජාතික ආරක්‍ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මැතිතුමා ප්‍රධාන ආරාධිතයා ලෙස මෙම අවස්ථාවට සහභාගි විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අංක 2 ප්‍රවාහන ගුවන් යානා බලඝනය
66 වැනි සංවත්සරය සමරයි

ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙනුවෙන් අද්විතීය මෙහෙවරක් ඉටු කරන අංක 2 බර ප්‍රවාහන බලඝනයේ අභිමානවත් 66 වන සංවත්සරය 2023 සැප්තැම්බර් 01 වන දිනට යෙදී තිබිණ. මෙම බලඝනය 1957 සැප්තැම්බර් 01 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේදී ස්ථාපිත කර ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයාගේ අනුග්‍රහය යටතේ
ජාතික ශිෂ්‍යභට බළකාය පුළුල් වේ

ජාතික ශිෂ්‍යභට බළකායේ පුහුණු මධ්‍යස්ථානයක් පිහිටුවීම සදහා මුලතිව් හි ශ්‍රී ලංකා යුද හමුදාව අයත්ව තිබු පුහුණු මධ්‍යස්ථානයක් ‍ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා විසින් සැප්තැම්බර් 04 වැනි දින නිළ වශයෙන් භාරගන්නා ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

2023 වසරේදී රණවිරුවන් වෙත ලක්‍ෂ 600ක සහනදායි නිවාස ණය

රණවිරු සේවා අධිකාරිය මගින් ක්‍රියාත්මක විශේෂ සහන නිවාස ණය යෝජනා ක්‍රමය යටතේ දිවයින පුරා දිස්ත්‍රික්ක 20 ක විසිරී සිටින රණවිරු පවුල් 85 ක් සඳහා රුපියල් ලක්‍ෂ 600 ක් වටිනා නිවාස ණය 2023 වසර තුළදී ප්‍රදානය කිරීමට නියමිතව ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඇහැලියගොඩට නායයෑමේ රතු අනතුරු ඇඟවීමක් නිකුත් කරයි

රත්නපුර හා ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ප්‍රදේශවලට 3 වන මට්ටමේ (රතු) නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතන‍යෙහි අධ්‍යක්‍ෂ (පර්යේෂණ) ලෙස
කර්නල් නලින් හේරත් වැඩ භාර ගනී

ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනයේ අභිනවයෙන් පත්වූ අධ්‍යක්‍ෂ (පර්යේෂණ) ලෙස කර්නල් නලින් හේරත් අද (සැප්. 04) බත්තරමුල්ල සුහුරුපාය හි පිහිටි ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතන කාර්යාලයේ පැවති චාම් උත්සවයකදී සිය ධූරයේ වැඩ භාරගන්නා ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිවරයාට ආරක්‍ෂක ලේකම්ගෙන් සුභ පැතුම්

ජෙනරල් සර් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලට අභිනවයෙන් පත් වූ උපකුලපති රියර් අද්මිරාල් ධම්මික කුමාර අද (සැප් 04) බත්තරමුල්ලේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

යුද හමුදා භටපිරිස් යාපනයේ සක්කෝට්ටේ වෙරළ තීරය පිරිසිදු කරයි

යාපනය ආරක්‍ෂක සේනාව යටතේ රාජකාරි නියුතු යුද හමුදා භටපිරිස් වෙරළ සංරක්ෂණය කිරීමේ අරමුණින් යාපනයේ සක්කොටේ වෙරළ තීරය පසුගියදා පිරිසිදු කරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයට වසර 79 ක් සපිරේ

 ශ්‍රී ලංකා සේවාමුක්ත භට සංගමයේ 79 වන සංවත්සර දින සැමරුම ඊයේ (සැප් 03) දින ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න ගේ ප්‍රධානත්වයෙන්, අත්තිඩිය ඊගල්ස් ලේක්සයිඩ් සම්මන්ත්‍රණ ශාලාවේදී අභිමානවත් අයුරින් පැවැත්විය.ජෙනරල් ගුණරත්න එම ස්ථානයට පැමිණි අවස්ථාවේදී සේවාමුක්ත භට සංගමයේ සභාපති මේජර් ජෙනරල් උපුල් පෙරේරා විසින් (විශ්‍රාමික) ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කරයි

ගාල්ල, කළුතර, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවලට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම්...


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Delhi’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වෙයි

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Delhi’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2023 සැප්තැම්බර් 01) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ නව උපකුලපති
රියර් අද්මිරාල් ධම්මික කුමාර

ජෙනරල් සර් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිවරයා ලෙස රියර් අද්මිරාල් ධම්මික කුමාර අද (සැප් 01) වැඩ භාර ගන්නා ලදි.



පසුගිය පුවත් | පසුගිය පුවත්

ඉන්දීය ජාතික ආරක්‍ෂක විද්‍යායතන නියෝජිත පිරිසක්
ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා හමුවෙයි

රියර් අද්මිරාල් සංජය සච්දේවා ප්‍රමුඛ ඉන්දීය ජාතික ආරක්‍ෂක විද්‍යායතනයේ නියෝජිත පිරිසක් අද (අගෝස්තු 28) උදෑසන ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා ඔහුගේ කොළඹ පිහිටි කාර්යාල පරිශ්‍රයේදි හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක ලේකම්වරයා ඉන්දීය ජාතික ආරක්‍ෂක විද්‍යායතන
නියෝජිත පිරිසට සිය සුබ පැතුම් පිරිනමයි

රියර් අද්මිරාල් සංජය සච්දේවා ප්‍රමුඛ ඉන්දීය ජාතික ආරක්‍ෂක විද්‍යායතනයේ නියෝජිත පිරිසක් අද (අගෝස්තු 28) උදෑසන ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක ලේකම්වරයා විසින් ‘ARFRO Masterminds’ ජයග්‍රාහකයන්ට
සම්මාන ප්‍රදානය කරයි

ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න සෙනසුරාදා (අගෝස්තු 26) බොරලැස්ගමුව ගෝල්ඩන් රෝස් හෝටලයේදී ‘විශ්‍රාමික ධජ ශ්‍රේණියේ නිලධාරීන්ගේ සංගමය’ (ARFRO) විසින් සංවිධානය කරන ලද ‘Masterminds Competition - 2023’ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

කොළඹ යුද්ධ හමුදා රෝහලේ මෞත්‍ර රෝග විශේෂඥ වෛද්‍ය ලුතිනන් කර්නල් (වෛද්‍ය) කූගදාස් සුතාර්ෂන්ට
‘American’s Inspiring Urologist of the Year’ සම්මානය

වකුගඩු ආශ්‍රීත හටගත් ලොව විශාලතම සහ දිගම ගල (Calculus) ඉවත් ඉවත් කරමින් ගිනස් වාර්ථා පොතට ඇතුළත් වූ කොළඹ යුද්ධ හමුදා රෝහලේ කොළඹ යුද්ධ හමුදා රෝහලේ මෞත්‍ර රෝග විශේෂඥ වෛද්‍ය ලුතිනන් කර්නල් (වෛද්‍ය) කූගදාස් සුතාර්ෂන් ‘American’s Inspiring Urologist of the Year’ සම්මානය සඳහා නිර්දේශ කර ඇති බව ඇමරිකා එක්සත් ජනපදයේ එක්සත් පර්යේෂණ කවුන්සිලය විසින් ඉකුත් බදාදා දින (අගෝස්තු 23) නිවේදනය කරන ලදී.