පසුගිය පුවත්

පසුගිය පුවත් | පසුගිය පුවත්

අනාරක්‍ෂිත ගස් ඉවත් කිරීම පිළිබඳ සාකච්ජාවක්
කොළඹ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේදී

තදාසන්න ප්‍රදේශවල ගස් කඩා වැටීම වැළැක්වීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග හා ඇතිවිය හැකි අනතුරු අවම කරගැනීම සම්බන්ධයෙන් ගත හැකි පියවර පිළිබඳව සාකච්ජාවක් ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (ඔක්. 11) කොළඹ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දී පැවැත්විණ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

“ඉන්දියානු සාගර සංගමය තුළ ආපදා අවදානම් කළමනාකරණය කිරීමෙහිලා ජපානය සුවිශේෂී භූමිකාවක් උසුලයි” - ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය

ඉන්දියන් සාගර කලාපයේ කාර්ය බහුලම නාවික මාර්ගය ශ්‍රී ලංකාව ආශ්‍රිතව පිහිටා තිබීම හේතුවෙන් තෙල් කාන්දුවීම් නිසා ශ්‍රී ලංකාව සමුද්‍රීය විපත්වලට ගොදුරු වීමේ දැඩි අවදානමක් පවතින බවත්, මේ හේතුවෙන් විශේෂයෙන්ම සමුද්‍රීය පරිසරයට වන අවදානම් කළමනාකරණයට නාවික හමුදාවන් සහ වෙරළාරක්‍ෂක භටයන් අතර සහයෝගීතාවය අත්‍යවශ්‍ය සාධකයක් වන බවත්, ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා ඊයේ (ඔක්තෝබර් 10) සවස කොළඹ ලක්‍ෂ්මන් කදිර්ගාමර් ජාත්‍යන්තර සබඳතා සහ උපායමාර්ගික අධ්‍යයන ආයතනයේ පැවති ආපදා අවදානම් කළමනාකරණය සහ ඉන්දියානු සාගර වටද්දර සංගමයෙහි ජපානයේ කාර්යභාරය පිළිබඳ සම්මන්ත්‍රණයේ ආරම්භක දේශනය පවත්වමින් ප්‍රකාශ කළේය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

11 වැනි ‘ගාලු කථිකාව 2023’ හෙට ඇරඹේ

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ආරක්‍ෂක අමාත්‍යාංශය සහ Geopolitical Cartographer (GC) සමඟ එක්ව සංවිධානය කරන 11 වැනි ‘ගාලු කථිකාව’ ජාත්‍යන්තර සමුද්‍ර සමුළුව හෙට (ඔක්. 12) ගාල්ල Jetwing Lighthouse හෝටලයේදී ආරම්භ වේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ගංවතුරින් පීඩාවට පත් ජනතාවට රතු කුරුසයෙන් පානීය ජලය

පසුගිය කාලය පුරා පැවති අධික වර්ෂාව හේතුවෙන් හටගත් ගංවතුරින් පීඩාවට පත් ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල ජනතාවට බෙදාදීම සඳහා පානීය ජල බෝතල් ලීටර් පහළොස් දාහක් (15,000) ශ්‍රී ලංකා රතු කුරුස සමාජය විසින් ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ දී ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා හට අද (ඔක් 10) භාරදෙනු ලැබීය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

එක්සත් රාජධානියේ ඉන්දු-පැසිෆික් කලාපීය රාජ්‍ය අමාත්‍යවරිය
ශ්‍රී ලංකා ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා විසින් පිළිගනී

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා අද (ඔක්. 10) අලුයම මෙරටට පැමිණි එක්සත් රාජධානියේ ඉන්දු පැසිෆික් රාජ්‍ය අමාත්‍ය ගරු. ඈන්-මේරි ට්‍රේවෙල්යන් මැතිණිය, ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු. ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා විසින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී උණුසුම් ලෙස පිළිගනු ලැබීය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක රාජ්‍යය අමාත්‍යවරයා ආපදාවට පත් ප්‍රදේශ නිරීක්‍ෂණය කරයි

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ ආපදාවට පත් ප්‍රදේශවල නිරීක්‍ෂණ චාරිකාවක ආරක්‍ෂක රාජ්‍යය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා ඊයේ (ඔක්. 08) දින නිරත විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

දිස්ත්‍රික්ක කිහිපයකට රතු නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයාමේ 3 වන මට්ටමේ (රතු) අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ත්‍රිවිධ හමුදාව ආපදා සහන සැලසීමේ නිරන්තර මෙහෙයුම් දියත් කරයි

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් නිල්වලා ව්‍යාපෘතිය යටතේ මාතර නගරයට ගංවතුර තත්වයන් ඇති වීම වැලැක්වීම සඳහා මාතර අත්තුඩාව ප්‍රදේශයේ ඉදි කරන ලද ගල් බැම්ම බිඳී යාමේ අවදානමක් ඇති වූ බැවින් ශ්‍රී ලංකා යුද හමුදා 61 වන බල සේනාවේ සෙබළුන් 100කට අධික ප්‍රමාණයකගේ සහභාගිත්වයෙන් ඊයේ (ඔක් 06) දින රාත්‍රිය මුළුල්ලේ සිට අද පෙරවරුව දක්වාම අඛණ්ඩව එම බැම්ම ශක්තිමත් කිරීමේ මෙහෙයුමක් දියත් කරන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකා නාවික හමුදාව රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත වෛද්‍ය ශ්‍රේණියේ ප්‍රති ආශ්‍රැතිකරණ යන්ත්‍රයක් ලබා දෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ස්ථාපිත වෛද්‍ය ශ්‍රේණියේ ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු යන්ත්‍රය සිකුරාදා (ඔක් 06) නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් නිල වශයෙන් විවෘත කරන ලද බව නාවික හමුදා මාධ්‍ය අංශය පවසයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකා යුද හමුදා භට පිරිස් වර්ෂාව හමුවේ ගංවතුරින් විපතට පත්වූවන්ට
කඩිනම් සහන සලසයි

දකුණු පළාතේ ප්‍රදේශ කිහිපයක දැනට පවතින ගංවතුර හේතුවෙන් විපතට පත් වූවන් සඳහා හදිසි ගංවතුර සහනාධාර සැපයීම සඳහා 61 වන පාබල සේනාංකය යටතේ සිටින යුද හමුදා භට පිරිස් යුහුසුළුව ක්‍රියා කරමින් සිටී.



පසුගිය පුවත් | පසුගිය පුවත්

ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට නාවික හමුදාව සහන සලසයි

දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණික තත්වය හමුවේ පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීම සඳහා දකුණු පළාතේ මාතර, අකුරැස්ස, තිහගොඩ සහ කඹුරුපිටිය යන ප්‍රදේශයන් වෙත 2023 ඔක්තෝබර් මස 04 වන දින සිට නාවික හමුදා සහන කණ්ඩායම් අනුයුක්ත කිරීමට නාවික හමුදාව කටයුතු කල අතර, මේ වන විට එම සහන කණ්ඩායම් මහජනතාවට සහන සැලසීමේ මෙහෙයුම් සිදුකරනු ලබයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

කොල්ලුපිටියේදි බස් රථයක් මතට ගසක් කඩා වැටී සිදු වූ අනතුර සම්බන්ධයෙන් ආරක්‍ෂක ලේකම් සොයා බලයි

අද (06) පෙරවරුවේ කොල්ලුපිටියේදී බස් රථයක් මතට ගසක් කඩා වැටී සිදු වූ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න එම ස්ථනයේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

කටාන විශ්‍රාමික රණවිරු නිවාසයේ යුධ විරුවන්ගේ සුබසාධනය පිළිබඳ
රාජ්‍ය අමාත්‍යවරයා සොයා බලයි

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු. ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා ඊයේ (ඔක් 05) කටාන, බෝලගල විශ්‍රාමික යුධ ප්‍රවීණයන්ගේ නිවහන වෙත පැමිණියේය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

කර්නල් නලින් හේරත් RSP ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනයෙහි වැඩබලන අධ්‍යක්‍ෂ ජෙනරාල් ලෙස වැඩ භාර ගනී

ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න විසින් ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනයේ වැඩබලන අධ්‍යක්‍ෂ (පර්යේෂණ) කර්නල් නලින් හේරත්, එම ආයතනයේ වැඩබලන අධ්‍යක්‍ෂ ජෙනරාල් ලෙස පත්කිරීමෙන් අනතුරුව, ඊයේ (2023 ඔක්තෝම්බර් 5) දින නව ධූරයේ රාජකාරීන් භාරගන්නා ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

පාර දෙපස කඩා වැටීමේ අවදානමක් ඇති ගස් සම්බන්ධයෙන් කඩිනම් පියවර
ගන්නා ලෙස ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය වරයා අදාළ බලධාරීන්ට උපදෙස් දෙයි

පවතින වැසිබර කාලගුණය හේතුවෙන් මාර්ග දෙපස කඩා වැටීමේ අවදානමක් පවතින විශාල ගස් පිළිබඳව වහාම අධ්‍යයනයක් කර මහජනතාවට තර්ජනයක් විය හැකි සෑම දෙයක්ම ඉවත් කරන ලෙස ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා විසින් පරිසර අධිකාරියේ, මාර්ග සංවර්ධන අධිකාරියේ සහ අදාළ පළාත් පාලන ආයතනයන්හි නිලධාරීන් සමඟ සම්බන්ධීකරණයවී අවශ්‍ය පියවර ගන්නා ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරීන් හට උපදෙස් ලබාදෙන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

මාතර දිස්ත්‍රික්කයේ තැන්නපිටහේන කන්ද නාය යයි. ජීවිත හානි නොමැත

මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස දියලපේ ගම්මානයේ පිහිටි තැන්නපිටහේන කන්ද ඊයේ (ඔක්. 05) පස්වරු 5 ට පමණ නාය යෑමට ලක්විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

වර්තමාන ආර්ථික අභියෝග හමුවේ රට හැර යනවා ද? නැද්ද? යන්න බුද්ධිමත් මානව සම්පත තීරණය කළ යුතුයි

ජනපති ශ්‍රීමත් ජෙනරාල් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේ දී පවසයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිරීක්‍ෂණ චාරිකාවක

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා අද (ඔක්. 05) කොළඹ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මෙහෙයුම් මැදිරියේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

කොරියානු තානාපති ආරක්‍ෂක ලේකම් හමුවෙයි

කොරියානු ජනරජයේ තානාපති මියොන් ලී මැතිනිය අද (ඔක්. 5) කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර හි පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

අමාත්‍යාංශ කාර්ය මණ්ඩලය සඳහා වෛද්‍ය කඳවුරක්

ආරක්‍ෂක අමාත්‍යාංශයේ සුබසාධක සංගමය විසින් අද (ඔක් 05) අමාත්‍යාංශ කාර්ය මණ්ඩලය සඳහා වෛද්‍ය කඳවුරක් සංවිධානය කරන ලදී.  මෙම දෙදින වෛද්‍ය කඳවුර අද පෙරවරුවේ අමාත්‍යාංශ පරිශ්‍රයේදී ආරම්භ විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

යුද හමුදා භට පිරිස් තඹලගමුව ප්‍රාදේශීය රෝහලේ ගින්න මැඩපවත්වයි

තඹලගමුව ප්‍රාදේශීය රෝහලට අයත් ඖෂධ ගබඩාවේ සහ රසායනාගාර ගොඩනැගිල්ලේ හටගත් හදිසි ගින්නක් ශ්‍රී ලංකා යුද හමුදා භට පිරිස් මැදිහත් වීමෙන් මැඩ පවත්වන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වජ්‍ර ජයන්තිය සමරයි

ආර්ථික අංශ රැසකට දැඩි බලපෑමක් ඇති කරන රජයේ ප්‍රමුඛතම ආයතනයක් වන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ 75 වන වර්ෂ පුර්ණ සැමරුම් උත්සවය අද (ඔක් 04) දින ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් එම දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක ලේකම්ගේ ජන්ම දිනය නිමිති කොටගෙන කමාන්ඩෝ විරුවෙකුට
කෘතීම පාදයක් ලබා දෙයි

වැලිඹය ප්‍රදේශයේ අකුණු පහර ක්‍රියාන්විතයේදි ත්‍රස්තවාදී බිම් බෝම්බ ප්‍රහාරයක් හේතුවෙන් දකුණු පාදය අහිමි වී රණක්‍ෂිතයට පත් රණවිරුවෙකු වන සැරයන් මේජර් ආර්.පී.සී. ධර්මප්‍රිය වෙත කෘතීම පාදයක් ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න විසින් රණවිරු සේවා අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේදී අද (ඔක් 04) පරිත්‍යාග කරන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආසියානු ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ රිදී පදක්කම
ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩකාවට

ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බළකායේ  සැරයන් නදීෂා ලේකම්ගේ නව ශ්‍රී ලංකා වාර්තාවක් සමඟින් චීනයේ පැවති ‘ආසියානු ක්‍රීඩා උළෙලේ’ හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් රිදී පදක්කම දිනා ගත්තාය.