පසුගිය පුවත්

පසුගිය පුවත් | පසුගිය පුවත්

උතුරේ වැසියන් වෙනුවෙන් ප්‍රජා සත්කාර තවදුරටත්

උතුරු ප්‍රදේශයේ ජිවත්වන ජනතාවගේ ජිවන තත්වය නංවාලීම සඳහා සහ සිවිල්-හමුදා සහයෝගීතාව සහ සහජීවනය ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් සමාජ සුබසාධන වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරනු ලබයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

මත්ද්‍රව්‍යවලට එරෙහි වැඩපිළිවෙළේ වඩා යහපත් තත්ත්වයක් මෙම වසර මැද භාගයේ දී අත්විඳීමට හැකි වනු ඇති බව ජනපති පවසයි.

මත්ද්‍රව්‍ය ජාවාරම මුලිනුපුටා දැමීමේ රජයේ ක්‍රියාන්විතයේ වඩා යහපත් තත්ත්වයක් මෙම වසර මැද භාගය වන විට රටටත්, ජනතාවටත් අත්විඳීමට හැකිවනු ඇති බව ජනාධිපතිතුමා පවසයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදා 68 වන සංවත්සරයට සමගාමිව ගුවන් හමුදා ප්‍රදර්ශනය හිඟුරක්ගොඩ දී

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සිය 68 වන සංවත්සරය ලබන මාර්තු මස අභිමානවත්ව සැමරීමට නියමිතව ඇති අතර, එය ගුවන් හමුදා ප්‍රදර්ශනයක් හා ගුවන් සංදර්ශනයක් ද ඇතුළුව සිදුවීම් රැසක් සමඟින් පැවැත්වීමට නියමිත බව ගුවන් හමුදා නිල වෙබ් අඩවිය පවසයි. ශ්‍රී ලංකා ගුවන් හමුදා දිනය මාර්තු 02 වන දිනට යෙදී ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

SInhala.


පසුගිය පුවත් | පසුගිය පුවත්

යුද්ධ හමුදා සුබසාධන වැඩසටහන් මගින් උතුරේ අඩු ආදායම්ලාභී පවුල් සහ ආබාධිත අයවලුන් සඳහා පහසුකම් සලසයි

යාපනය අර්ධද්වීපයේ ජීවත් වන අඩු ආදායම්ලාභී ජනතාවගේ ජීවන තත්ත්වය නඟා සිටුවීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් ආරම්භ කරනලද සුබසාධන වැඩසටහනක් තුලින් ඔවුන් සඳහා අවශ්‍ය වැසිකිළි පහසුකම් ඉදිකිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

සයුරළ නෞකාව ජාත්‍යන්තර ආරක්‍ෂක ප්‍රදර්ශනය සහ සමුළුව (IDEX 19) සඳහා සහභාගී වෙයි

ජාත්‍යන්තර ආරක්‍ෂක ප්‍රදර්ශනය සහ සමුළුව - 2019 (International Defence Exhibition & Conference) සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකා නාවික නෞකා සයුරළ නෞකාව පසුගිය සෙනසුරාදා (පෙබරවාරි 16) දින අබුඩාබිහි මින ෂයිඩ් ජැටිය (Mina Zayid) වෙත සේන්දු වන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

SInhala.


පසුගිය පුවත් | පසුගිය පුවත්

අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිලය (CISM) මගින් සංවිධානය කරන ලද මාර්ග ධාවනය 2019

අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිලය (CISM) මගින් සංවිධානය කරනු ලබන 2019 මාර්ග ධාවනය සඳුදා (පෙබරවාරි 18) දින කොළඹ ගාලු මුවදොර අසලින් ආරම්භ විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

‘සයුරළ’ නෞකාව අමාන් (AMAN 2019) නාවික අභ්‍යාසයට සහභාගී වේ

පකිස්ථානයේ කරච්චි නුවරදී රටවල් 44 කගේ නාවික නෞකාවල සහභාගිත්වයෙන් පැවතී ‘අමාන්’ (AMAN 2019) නාවික අභ්‍යාසය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා නාවික නෞකා සයුරළ නෞකාව සහභාගී විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආබාධිත රණවිරුවන් දෙදෙනෙකු හට නව නිවාස ඉදිකරදීම සඳහා විදෙස්ගත ද්‍රවිඩ යුවලක් සහාය වේ

ඕමානයේ පදිංචි ද්‍රවිඩ යුවලකගේ මුල්‍ය දායකත්වයෙන් ආබාධිත රණවිරුවන් දෙදෙනෙකු සඳහා නව නිවාස දෙකක් ඉදිකර දීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු බලකාය කටයුතු කර ඇති බැව් යුද්ධ හමුදා නිල වෙබ් අඩවිය පවසයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

අනතුරකට පත් ධීවරයකු ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදා සහය

නාවික හමුදාව විසින් ඊයේ (පෙබරවාරි 16) දින බහුදින ධීවර යාත්‍රාවක සිටි අනතුරකට පත් ධීවරයෙකු කඩිනමින් වෛද්‍ය ප්‍රථිකාර සඳහා ගොඩබිමට රැගෙන ඒමට කටයුතු කරන ලද බව නාවික හමුදා නිල වෙබ් අඩවිය පවසයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඉරාන නාවික හමුදාවට අයත් නෞකා 3 ක් දිවයිනට

පුහුණු සහ සුහද සංචාරයක් සඳහා ඉරාන නාවික හමුදාවට අයත් නෞකා තුනක් සිකුරාදා (පෙබරවාරි 15) දින දිවයිනට ලඟාවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඇමරිකානු තානාපතිනිය ආරක්‍ෂක රාජ්‍ය ඇමති හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනී ගරු ඇලිනා බී. ටෙප්ලිට්ස් (Alaina B. Teplitz) මැතිතුමිය අද (පෙබරවාරි 15) දින ගරු ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ජපාන ස්වයං ආරක්‍ෂක බළකාය අතර පළමු මාණ්ඩලික සාකච්ඡාව අරඹයි

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ජපාන ස්වයං ආරක්‍ෂක බළකාය අතර පැවති ප්‍රථම මාණ්ඩලික සාකච්ඡාව අද (පෙබරවාරි 15) දින සාර්ථකව අවසන් විය. කොළඹ ප්‍රදීපාගාර අවන්හල් පරිශ්‍රයේදී පැවතී මෙම සාකච්ඡාවේ සමාප්ති දිනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ගරු ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා සහාභාගී විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

සියලුම යාන්ත්‍රික කියත් සඳහා පෙබරවාරී 28 වැනිදාට පෙර ලියාපදිංචි සහතිකයක් ලබා ගත යුතුය

සියලුම යාන්ත්‍රික කියත් සඳහා පෙබරවාරී 28 වැනිදාට පෙර ලියාපදිංචි සහතිකයක් ලබා ගත යුතුය


පසුගිය පුවත් | පසුගිය පුවත්

KDU උප කුලපති ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ උප කුලපති, එයාර් වයිස් මාර්ෂල් සාගර කොටකදෙණිය මහතා ඊයේ (පෙබරවාරි 14) දින ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

උතුරේ හා දකුණේ සිසුන් සඳහා යාපනය ප්‍රදේශයේ සේවයේ නියුතු භට පිරිස් විසින් දින තුනක පුහුණු වැඩසටහනක් සංවිධානය කරයි

යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය විසින් සංවිධානය කරන ලද එම ප්‍රදේශයේ පාසල් 30 ක සිසුන් 750 දෙනෙකු සහ දකුණ නියෝජනය කරමින් පාසල් සිසුන් 200 කට වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් දින තුනක් පුරා යාපනය දොරේඅප්පා ක්‍රිඩාංගනයේදී පසුගියදා පුහුණු වැඩමුළුවක් පවත්වන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

කිලිනොච්චි හා මුලතිව් සිසුන් සඳහා අධ්‍යාපනික ආධාර

පසුගිය දිනවල කිලිනොච්චි හා මුලතිව් දිස්ත්‍රික්ක වල ඇතිවූ ගංවතුර හේතුවෙන් ආපදාවට පත්වූ පාසල් සිසුන් සඳහා පාසල් උපකරණ තොගයක් බෙදාදීම පසුගියදා සිදුකරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

මාධ්‍ය නිවේදනය අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිල් සැමරුම් මාර්ග ධාවනය

අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිලයේ (Council International Military Sports) සංවත්සරය නිමිත්තෙන් එහි සාමාජික රටවල සහභාගිත්වයෙන් වර්ෂිකව සංවිධානය කරනු ලබන අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිල සැමරුම් මාර්ග ධාවනය 2019 පෙබරවාරි 18 වන දින මෙවරත් ගාළු මුවදොරදී පැවැත්විමට කටයුතු සංවිධානය කර ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

තාරුණ්‍යයට යහපත් හෙටක් ගොඩනැඟීමේ දී මතුව ඇති සියලු අභියෝග ජය ගැනීමට ක‍්‍රමානුකූලව කටයුතු කරන බව ජනපති පවසයි.

තාරුණ්‍යයට යහපත් හෙටක් ගොඩනැඟීමේ දී මතුව ඇති සියලු අභියෝග ජය ගැනීමට ක‍්‍රමානුකූලව කටයුතු කරන බව ජනාධිපතිතුමා පවසයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරියේ නිරතව සිටියදි දිවිපිදු රණවිරුවන්ගේ අවසන් කටයුතු පූර්ණ හමුදා ගෞරව සහිතව සිදු කෙරේ

එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරියේ නිරතව සිටියදි දිවිපිදු ශ්‍රී ලංකා යුද්ධ හමුදා රණවිරුවන් දෙදෙනාගේ අවසන් කටයුතු පූර්ණ හමුදා ගෞරව මධ්‍යයේ බ්‍රහස්පතින්දා (පෙබරවාරි 07) දින සිදුකරන ලද බැව් යුද්ධ හමුදා නිල වෙබ් අඩවිය පවසයි


පසුගිය පුවත් | පසුගිය පුවත්

"පියවර" ව්‍යාපෘතිය යටතේ 50 වන පෙර පාසල ජනතා අයිතියට

"පියවර" ව්‍යාපෘතිය යටතේ ඉදිකරන ලද 50 වන පෙර පාසල අනුරාධපුරයේ සියඹලාව ප්‍රදේශයේ මෑතක දී ඉදිකරන ලද බව යුද්ධ හමුදා නිල වෙබ් අඩවිය පවසයි. වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය විසින් හේමාස් අවුට්රීච් පදනමේ සහයෝගය ඇතිව වන්නි ප්‍රදේශයේ දරුවන් සඳහා පෙර පාසල් 50 ක් ඉදි කිරීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ගංවතුරෙන් හානියටපත් ළමා උද්‍යානය යුද්ධ හමුදාව විසින් ප්‍රතිසංස්කරණය කෙරේ

පසුගිය දිනවල උතුරු ප්‍රදේශයට ඇතිවූ ගංවතුර හේතුවෙන් අවතැන් වූ ජනතාවට යුද්ධ හමුදා භටපිරිස් විසින් සහන සැලසීමේ කටයුතු දිගටම සිදුකල අතර එහි තවත් එක් ප්‍රජා සත්කාරයක් ලෙස ජලගැලීම්වලින් හානියට පත්වූ කාකතිවු අනාකෝට්ටායි පෙර පාසල් පරිශ්‍රයේ ඇති ළමා උද්‍යානය සම්පුර්ණයෙන්ම අලුත්වැඩියා කිරීමට පියවර ගන්නා ලද බව යුද්ධ හමුදා නිල වෙබ් අඩවිය පවසයි.‍


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඉන්දියානු සමීක්ෂණ නෞකාව කොළඹින් පිටත් වෙයි

මෙරට මුහුදු සීමාව සිතියම් ගත කිරීමේ එකාබද්ධ වැඩසටහනට සහභාගී වූ ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘ජමුනා’ නෞකාව අද (පෙබරවාරි 06) දින දිවයිනෙන් පිටත්ව ගිය බව නාවික හමුදා නිල වෙබ් අඩවිය පවසයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

කිලිනොච්චියේ සිසුන් සඳහා තවදුරටත් අධ්‍යාපනික ආධාර

ආරක්‍ෂක අමාත්‍යංශය, ආපදා කළමණාකරන අමාත්‍යාංශය සහ ඩයලොග් ආසියාටා පීඑල්සී සමාගම සමග එක්ව දියත් කළ 'සෙනෙහෙ සියපත' සුභසාධන ව්‍යාපෘතිය යටතේ උතුරු පළාතේ පාසල් සිසුන් 3900 කට අධික පිරිසකට විශාල පාසල් උපකරණ තොගයක් බෙදාදීම පසුගියදා සිදුවිය. ඒ අනුව පසුගියදා ඇති වූ ගංවතුරින් ආපදාවට ලක්වූ කිලිනොච්චි ප්‍රදේශයේ පාසල් සිසුන් 3934 දෙනෙකු සඳහා මෙම වැඩසටහන යටතේ පාසල් උපකරණ ලබාදෙන ලදී.